කාලකන්නි දේශපාලනය

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කාලකන්නි දේශපාලනය

    vg09.jpg


    අද මේ රට කරන කාලකන්නි අනාගත දේශපාලනයට පිවිසෙන තාරුණ්‍යට පමණක් නොවෙයි, අහිංසක දුප්පත් ජනතාවට ත් මේ දේශපාලනය එපා කරවන්න හදන කාලකන්නි රටක් වෙලා මේ රට! දැන්වත් හිතන්න, සල්ලි වලට අග විකුණගෙන කාලා , දැන් මේ රට හදන්න එන්න කියන්නේ මේ ආණ්ඩුව මේ වැස්සියන්ට නොවේද ? ඔබව එදා තුට්ටු දෙකට මායිම් නොකර අද හිනාව දාලා එන මේ වැස්සියන්ට ඔබේ මානාපය ලබා දුන්නොත් මුන් පළාත් සභාවත් තවත් නිදි යහනක් , නිදන කාමරයක් බවට පත් නොකර ගනීද ?

    නගර සෝබනියන්.....සටකපටි මාධ්‍ය කාරයන්......කුප්‍රකට පාතාල ජාවාරම් කාරයන්........ස්ත්‍රී දූෂකයන්........නමගිය මැරයන්.........තුච්ච පාවාදෙන්නන්......කුප්‍රකට සොරුන්......අවස්ථාවාදී කලාකරුවන් හා මිත්‍යා දෘෂ්ටික චීවරධාරීන් ආදී මෙකී නොකී විවිධ විෂම බොරුකාරයන්ගෙන් දේශපාලන භූමිය බලවත් ලෙස අපවිත්‍ර වූ තවත් දේශයක් මේ මිහිපිට ඇත්දැයි මම නොදනිමි......මොවුනට තම අනාගතය බාර කොට ඔවුන් වීරයන්, විමුක්තිදායකයන් සේ බෞතිස්ම කරන්නට පේ වුණ ජනතාවක් ද ලොවෙ වෙනත් රටක ඇද්දැයි මා දන්නේ ද නැත.....මේ පිළිකුල් සහගත දේශපාලන සංස්කෘතිය කවදා,කවර ලෙස කොතැනින් කෙළවර වනු ඇද්ද...?


    මේ ආශ්චර්යද ?
    මේ ලංකාවේ 68% ක මනාපයක් ගත්ත කියන නායකයෙක්, සිංහල කම හිතට ගත්ත කියල හිතන් ඉන්න , අනාගත පරම්පරාව නලවන නායකයෙකු කල යුතු වැඩද? දැන්වත් හිතන්න... මේ යන්නේ අනාගතය විනාසය කරා යන ගමනක්... මේ අහිංසක , පොඩි දේටත් හිත වෙනස් වන තාරුණ්‍යට ගහන පුංචි එන්නතක් නොවේද ?
    තාරුණ්‍ය ගොනාට අන්දවල තමන්ගේ පක්ෂය දිනවගන්න හදන වෙලාවක් නොවේද මේ ? හිතන්න...

    මහින්ද රාජපක්ශට දෑන් ඔනේ ජන බලයක් නොවෙ දෑන් ඔහුට තිබෙන්නේ බලයට තිබෙන විශාල කෑදරමකි.....උඩින් පෙන්නන හිනාවෙ අතුලෙන් තිබෙන්නේ බයානක සිතුවිල්ලකි. එය අපි හෑම කෙනෙක්ටම ලගදිම බලාගන්න පුලුවන් වේයි. මහින්ද රජපක්ශ මේ ලෑස්තිවෙන්නෙ ජනාදිපතිවරනයට තුරුම්පු එකතුකිරිමකි. ඔහුට අදාල නෑ කවුරු දෙශපාලනය කරත් අදාල වන්නේ ඔවුන් තමාගෙ පක්ශයෙන් තරග වෑදිමයි එවිට වෑඩිවන්නේ තමාගේ ලකුනුය. මෙය හුදෙක් ආත්මාර්තකාමි දෙශපාලන ගමනකට මග පෙන්විමකී අද ලන්කාව යන්නෙ එකාදිපති පාලනයකට මිස ජනතාවගේ සුබ්සිද්දිය තකා නොවෙ.

    මෙය වෙනස් කිරිමට පුලුවන් ලන්කාවෙ ජනතාවට පමනකි නමුත් ප්‍රශ්නේ ලන්කාවෙ ජනතාව උඩින් පෙන්නන් දේ පමනක් කා එහි රසය නොදන්නා හෙයිනි.

    තීරණය අප සතුයි.........



    apnq.jpg
     
    Last edited:
    • Like
    Reactions: hector@troy