කාලය ඇදිල ඇදිල ?
හිච්චි පුරස්නයක් තියෙනව බං... හිච්චි කිව්වට හිච්චිමත් නෑ.. හිතල හිතල හිරවුනු තැනක්..
සාපේක්ෂතාවාදෙ ගැනයි අරක ගැනයි මේක ගැනයි පහුගිය දිහේ ත්‍රෙඩ් පේළියක්ම පල වෙච්චි එකේ ඒව ලියාපු අය උදව් කරනවනං ලොකු දෙයක්..
ප්‍රශ්නෙ නං පොඩ්ඩක් විතර දිගයි :/ දිගයි කියල නොබල යන්න එපා.. මෙතන ඇරෙන්න වෙන අහන්න තැනක් නෑ..
මේකයි ප්‍රශ්නෙ.. දැන් නිව්ටන් කියන කෙනා හෙන භෞතික විද්‍යා නියම ටිකක් හොයාගත්තනෙ.. උන්දැ කියාපු ඒවට අනුව කාලය හා අවකාශය කියන්නෙ මොන හෙනේ ගැහුවත් මොකුත් නොවෙන නිරපේක්ෂ දෙයක්.. උන්දැගෙ දේශනා ආදේශ කරල විශ්වය දිහා නිව්ටෝනීය විශ්වයක් කියල හිතාගෙන බැලුවොත්, විශ්වයේ වයස අවුරුදු බිලියන 13යි තව ටිහිකුයිද කොහෙද.. 14ක්දත් මන්ද.. කොහොම හරි ඒ අවට ගානක් මතක විදිහට.. ඉතිං ඒ වයස සහ ආලෝකයේ වේගය ගැන සැලකුවහම අවුරුදු බිලියන 13යි වයස කියල ගත්තොත් අපිට පේන්න පුළුවන් දුරින්ම තියෙන වස්තුව තියෙන්න ඕනෙ ආලෝක වර්ශ බිලියන 13ක් ඈතින්. එතනිං එහාට කිසිම ස්කන්ධයක් සහිත වස්තුවක් තියෙන්න බෑ... එතනිං එහාට හිස්.. හිස් කියන්නෙ (මට හිතෙන විදිහට) ස්කන්ධයන් සහිත කිසිම වස්තුවක් නෑ.. එහෙම් පිටිංම හිස් කියන්නෙ නිව්ටන්ගෙ දේශනා වලට අනුවනං එතනිං එහාට නිකංම නිකං හිස් අවකාශයක් විතරයි තියෙන්න ඕනෙ.. ඕන්නං කාලෙත් යයි..
ඒත් නිව්ටන් ගෙ දේශනා වල බග්ස් ගොඩයි කියල ඒ බග්ස් ටික ෆික්ස් කල්ල පස්සෙ අයින්ස්ටයින් කියල කෙනෙක් වෙනම බණක් දේශනා කලානෙ කාලය සහ අවකාශය කියන්නෙ නිව්ටන් දේශනා කලා වගේ නිරපේක්ෂ දෙයක් නෙමේ.. ඒකත් සාපේක්ෂ දෙයක්. ස්කන්ධයන් වගේ කියල.. නිව්ටන්ගෙ දේශනා වලිං පැහැදිලි කරන්න බැරුව ගිය ගොඩක් දේවල් අයින්ස්ටයින්ගෙ දේශනා වලිං සාර්ථකව පැහැදිලි කලාලු. ඒ නිසා දැන් පිළිගන්නෙ ඒ අයින්ස්ටයින් විසින් දේශනා කරන්නට යෙදුනු ධර්මය ලුනෙ..
එතකොට අයින්ස්ටයින්ට අනුව කාලය හා අවකාශය (මට හිතෙන විදිහට) කියන දේත් සාපේක්ෂයි.. ඒවත් ආරම්භ වෙන්න ඕනෙ විශ්වය ආරම්භ වෙනවත් එක්කමයි.. විශ්වය ආරම්භ වෙලා අවුරුදු බිලියන 13යි කියමුකො.. ඒ කියන්නෙ කාලය හා අවකාශය ආරම්භ වෙලත් අවුරුදු බිලියන 13යි වෙන්න ඕනෙ.. ඊට වඩා අඩු වෙන්න වැඩිවෙන්න විදිහක් නෑනෙ.. එතකොට අයින්ස්ටයිනීය විශ්වය ගැන හිතුවොත් ඒත් වයස අවුරුදු බිලියන 13යි නිසා ආලෝක වර්ශ බිලියන 13කට එහායින් මෙලෝම මඟුලක් තියෙන්න විදිහක් නෑ..
නිව්ටන් කිව්වෙ කාලය අවකාශය නිරපේක්ෂ දෙයක් කියල නිසා ආලෝක වර්ශ බිලියන 13කට එහායින් කිසිම ග්‍රහවස්තුවක් කිසිම ස්කන්ධයක් සහිත වස්තුවක් නොමැති හිස් අවකාශය තියෙනව වෙන්න පුළුවන්.. ඒත් අයින්ස්ටයින් කාලය සහ අවකාශය නිරපේක්ෂ නෑ කියල කියපු නිසා සහ ඒව ආරම්භ වුනෙත් විශ්වය ආරම්භ වීමත් එක්ක නිසා (බිග් බෑන්ග් කියමුකො) ආලෝක වර්ශ බිලියන 13කට එහායින් කිසිම ස්කන්ධයක්වත්, කිසිම හිස් අවකාශයක්වත්, කිසිම කාලයක් වත් තියෙන්න විදිහක් නෑ.
අවකාශයක් නෑ කියන්නෙ මොකක් හරි දේකින් පිරිල තියෙනව වෙන්නත් බෑනෙ.. පිරිල තිබ්බොත් ස්කන්ධයක් තියෙනව.. කිසිම දේකින් පිරිලත් නැති, හිස් අවකාශෙකුත් නැති ද්වීකෝටිකයෙන් පැහැදිලි නොවෙන දෙයක් වගෙයි මට නං හිතෙන්නෙ...
මේ ටික නං ලිව්වෙ අහන්න ඉන්න ප්‍රශ්නෙ පැහැදිලි වෙන්න..
ඔය එක්කම තව දෙයක් නිරීක්ෂණය වෙනවනෙ.. අපි හැමෝමත් එක්ක මේ විශ්වය ප්‍රසාරණය වෙනව.. ඒ කියන්නෙ එන්න එන්න ලොකු වෙනව.. හරියට බැලුමක් පුම්බනව වගේ.. එන්න එන්න ලොකු වෙනව කියන්නෙ විශ්වයේ තියෙන සියළූම ග්‍රහවස්තු අතර තියෙන පරතරේ එන්න එන්න වැඩිවෙමින් යනව.. හරියට බැලුමක් පුම්බද්දි ඒකෙ ඇඳල තියෙන තිත් අතර දුර වැඩිවෙනව වගේ..
එහෙම පිම්බෙන එකටත් නිව්ටන් විසින් දේශනා කරන්නට යෙදුනු ධර්මය ආදේශ කලොත්, පිම්බෙනව කියල කියන්නෙ සියළූම ග්‍රහවස්තූන් එකිනෙකාගෙන් එන්න එන්න ඈත්වෙමින් යනව කියන එක.. නිව්ටන්ගෙ ධර්ම දේශනා වලට අනුව කාලය සහ අවකාශය මෙතනදි කිසිම විදිහකින් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.. මොකද ඒ දෙක නිකංම නිකං නිරපේක්ෂයි.. කාලය සහ අවකාශය ඔහේ තියෙනව.. ස්කන්ධ තිබෙන සීමාව එන්න එන්න පිම්බෙනව.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ස්කන්ධ (ග්‍රහවස්තු) අතර දුර එන්න එන්නම වැඩිවෙනව... ග්‍රහවස්තු තිබෙන සීමාවෙන් එහා නිකංම නිකං නිරපේක්ෂ කාලය හා අවකාශය නිසා කොච්චර පිම්බුනත් ගානක් නෑ අවුලක් නෑ..
ඒත් අයින්ස්ටයින් දේශනා කරපු ධර්මයට අනුව ගත්තාම කාලය සහ අවකාශය සාපේක්ෂ නිසා ඔය පිම්බිල්ලට කාලය සහ අවකාශයත් ඇතුලත්...
ඒ කියන්නෙ සියළූම ස්කන්ධයක් එක්ක කාලය සහ අවකාශයක් එන්න එන්නම පිම්බෙනව.. පිම්බි පිම්බි අර කාලය සහ අවකාශයත් නැති, ඒ වුනාට කිසිම ස්කන්ධයකින් පිරිලත් නැති සීමාව එන්න එන්න ඈතට යනව...
තාමත් අහන්න ඕනෙ ප්‍රශ්නෙට ආවෙ නෑනෙ :/
දැන් මේකයි ප්‍රශ්නෙ.. සිරාවටම උනේ බිග් බෑන්ග් එකක්නං, ඒ කියන්නෙ හෙන පිපිරීමක් නං (මට හිතෙන හැටියට) මේ පිම්බෙන පිම්බිල්ල පිම්බෙන්න පුළුවන් ඒකාකාර වේගෙන්නෙ ? හරිනං ඒකාකාර වේගෙනුත් නෙමේ එන්න එන්න පිම්බෙන වේගෙ, ඒ කියන්නෙ අපෙයි අනෙක් වස්තු අතරයි තියෙන පරතරය වැඩිවෙන වේගෙ එන්න එන්න අඩුවෙන්න ඕනෙ.. මොකද ස්කන්ධයන් අතර ආකර්ශණ බල හටගන්න නිසා... ඒත් ඇත්තටම වෙන්නෙ ඒක නෙමේනෙ.. එන්න එන්න විශ්වය ත්වරණය වෙනව.. ඒ කියන්නෙ අපි පිම්බෙන වේගෙ එන්න එන්න වැඩිවෙමිනුයි පවතින්නෙ...
නිකමට බැලුවොත් අපි ලඟ තියෙන මොකක් හරි මන්ධාකිණියක් සැලකුවොත් ඒක අපෙන් ඈත් වෙන වේගෙට වඩා, ඊට වඩා අලෝක වර්ශ බර ගානක් ඈතින් තියෙන වෙන මන්ධාකිණියක් අපෙන් ඈත් වෙන වේගෙ වැඩියි.. ඒ කියන්නෙ ඈත තියෙන ඒව ක්‍රම ක්‍රමයෙන් ත්වරණය වෙලා වැඩි වේගයක් ලබාගෙන තියෙනව... පිපිරීමකදි කිසිම විදිහකින් එන්න එන්න වේගෙ වැඩිවීමක් ලැබෙන්නෙ නෑනෙ... පිපිරීමකදි ස්කන්ධෙකට ලැබෙන්නෙ ආවේගයක්.. හරියට මිටියකින් ගැහුව වගේ.. පටං ගත්තෙ පැයට කිලෝමීටර් එකක වේගෙන් නං කිසිම බාධකයක් නැත්තං ඒ වේගෙ කිසිම වෙනසක් නොවී ප්‍රසාරණය වෙනව මිසක් එන්න එන්න වැඩිවෙන්න හේතුවක් නෑ..
ඉතිං බිග් බෑන්ග් එකත් මහා පිපිරුමක්නෙ.. (මට හිතෙන විදිහට) බිග් බෑන්ග් එකෙන් එක එක වස්තූන් වලට යෙදුනු ආවේගය නිසා ලැබිච්චි වේගයට වඩා වේගය වැඩිවෙන්න විදිහක් නෑ.. ඒත් ඒක එන්න එන්න වැඩිවෙනව... ඉතිං (මට හිතෙන විදිහට) ඒක වෙනව ඇත්තෙ අපි ඉන්න විශ්වයේ, ආලෝක වර්ශ බිලියන 13ක ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන විශ්වයේ, ආලෝක වර්ශ බිලියන 13 ප්‍රදේශයක් පුරා කාලය හා අවකාශය පිරිල තියෙන මේ විශ්වයේ, අවකාශය (වෙන් කරන්න බැරි නම් කෙලින්ම කාල අවකාශය කියලම ගමුකො) එන්න එන්න වේගය වැඩිවෙමින් ප්‍රසාරණය වෙන්නෙ, (මට හිතෙන විදිහට) ඒ විශ්වය ඇතුලෙන් මොකක් හරි පීඩනයක් එල්ල කරනව වෙන්න ඕනෙනෙ ?
ඉතිං එහෙම හිතාගෙන යනකොට හිතිච්චි දේ තමා අපේ විශ්වයට, කොහෙන් හරි කාලය හා අවකාශය පොම්ප කරනව.. ඒ පොම්ප කිරීම නිසා ඇතිවෙන පීඩනයට කාලය හා අවකාශය එන්න එන්න ප්‍රසාරණය වෙනව.. එකදිගට බලයක් ලැබෙන නිසා තමා ත්වරණයක් සහිතව ප්‍රසාරණය වෙන්නෙ... මේ ත්වරණය නම් ඒකාකාරද, අඩු වැඩි වෙනවද කියන්න නම් දන්නෙ නෑ.. කොහොම හරි ත්වරණය වෙනවනෙ...
ඒත් එහෙම කාලය හා අවකාශය අපේ විශ්වයට පොම්ප කරනවනං ඒ කොහෙන්ද ? කාලය හා අවකාශය මැවෙන්න බෑනෙ.. කොහෙන් හරි එන්න ඕනෙ.. ඉතිං (මට හිතෙන විදිහට) එහෙම එන්න තියෙන එකම ක්‍රමේ තමා තව කොහෙ හරි තියෙන වෙනත් විශ්වයකින්... අපේ විශ්වයෙන් එලියෙ තියෙන, ඒ කියන්නෙ අර ආලෝක වර්ශ බිලියන 13කින් එහා ස්කන්ධයකින් පිරිලත් නැති, හිස් අවකාශයකුත් නැති ප්‍රදේශයේ තවත් කොහෙ හරි තැනක කාලයෙන් හා අවකාශයෙන් පිරුණු වෙනත් විශ්වයකින් අපේ විශ්වයට කාලය හා අවකාශය පොම්ප කරනව... ඒත් ඒක ඉබේ වෙන්න බෑනෙ.. අපේ විශ්වයට පොම්ප කරද්දි එන්න එන්න ප්‍රසාරණය වෙනවනං,
ඒ අපේ විශ්වයට කාලය හා අවකාශය පොම්ප කරන අනික් විශ්වය ඒව පොම්ප කරන්නෙ, ඒ විශ්වය කාලය හා අවකාශය එන්න එන්න හකුළුවමින් කුඩා වෙමින් යනව වෙන්න ඕනෙ ඇති..
සිරාවටම ඒක වෙන්න පුළුවන් දෙයක්ද බං ?
වෙන විශ්වෙකින් අපේ විශ්වෙට කාලය හා අවකාශය පොම්ප කරනව වෙන්න පුළුවන්ද ?
නැත්තං අර කියන බිග්බෑන්ග් එක වුනු තැන ලොකු කාලය හා අවකාශය පිරුණු බෝලයක් වගේ එකක් තියෙනව වෙන්න බැරිද ? විශ්වය නිර්මාණය වෙන පිපිරීමත් එක්ක කාලය හා අවකාශය විසිරිලා ගියා.. ඒ පිපිරීම වුනු තැන තවත් විශාල පීඩනයක් යටතේ කාලය හා අවකාශය එකතුවෙලා තියෙනව.. ඒ ටිකෙන් අපේ විශ්වෙට හෙන ප්‍රෙශර් එකක් දෙනව.. ඒ ප්‍රෙශර් එක නිසා අපේ විශ්වය එන්න එන්න ප්‍රසාරණය වෙනව.. හරියට බැලුමකට කටින් හුලං ගහන්න ගහන්න පිම්බෙනව වගේ ? එහෙම තියෙනවනං ඒ ගුලිය ඉවරවුනොත් මක් වෙයිද :O එන්න එන්න ත්වරණය වෙලා ලබාගත්තු ප්‍රවේගයෙන් දිගටම ප්‍රසාරණය වෙයිද ?
එහෙම වෙනව කියල නිකමට හිතුවොත්,
එතකොට එන්න එන්න කාලය හා අවකාශය ප්‍රසාරණය වෙනව.. කාලය හා අවකාශය එන්න එන්න ඇදෙන්න ගන්නව.. එහෙම ඇදිල ඇදිල මක් වෙයිද ? පොලොවෙ ඉන්න මිනිහෙක්ට එහෙම ඇදෙන්න පටං ගන්න කලින් ඔරලෝසුවෙ වෙලාව ගිය වේගෙයි ඇදෙන්න පටං ගත්තට පස්සෙ ඔරලෝසුවෙ වෙලාව ගිය වේගෙයි වෙනස් වෙයිද ? එහෙම වුනෝතින් වෙලාව යන වේගෙ වෙනස් වෙනව ඒ මිනිහට නිරීක්ෂණය කරන්න බැරි බව ඇත්ත.. නිකමට හිතපං අපි සර්වබලධාරී ඩයල් එකක් වෙලා නිරපේක්ෂ රාමුවක ඉඳගෙන අරූගෙ ඔරලෝසුව දිහා බලාගෙන ඉන්නව.. එතකොට විශ්වය ඇදෙන්න පටං ගන්න කලින් උගෙ ඔරලෝසුවෙ වෙලාව ගිය වේගෙයි, ඇදෙන්න පටං ගත්තට පස්සෙ උගෙ ඔරලෝසුවෙ වෙලාව යන වේගෙ එන්න එන්න වැඩිවෙනව හෝ අඩුවෙනව අපිට පෙනෙයිද ? එහෙම වෙයිද ?
අහක බලාගෙන නම් යන්න එපා :/ දන්න කෙනෙක් වැරදුනු තැන් පැහැදිලි කරල දෙන්න... බම්ප් එකක්වත් දාන්න...