කාලය මැව් වෙනසක අරුමේ

buddhikakgsl

Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    1360_990802574350835_2412575494247356374_n.png

    ice packet. good old days :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    2004 මම මුලින්ම ගත්තු 6600 ෆෝන් එක තාම තියනවා. දැන් නම් පාවිච්චි කරන්නෙ නෑ. නමුත් පට්ට ගැහුවා.
    no6600.gif

    ඒ දවස්වල මේක යාලුවෝ ඔක්කොම වට වෙලා බලන්නේ.

    2004 da koheda meka ape ayya kenek gatta 45000/=
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක සාමාන්‍ය දෙයක් බං.. ෆෝන් විතරක් නෙමෙයි හැමදේම එහෙම තමයි.. ඔය ෆෝන් ඔක්කොම දෙදාහට පස්සෙ ආපුවනේ..

    තව ටික දවසකින් උඹලා පාවිච්චි කරන ස්මාට් ෆෝන් වලටත් ඔය ටිකම වෙනවා.. මොකද ඊට වඩා තාක්ෂණයෙන් දියුණු ෆෝන් එයි ඒපාර..

    තාක්ෂණය දියුණු වෙන එක කෙලවරක් නැතුව වෙනවා..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තවම තියෙනවා ඕවා නම්..:rofl:
    ඕවයේ සැකරින් බන්... මම නම් අඩුවෙන් කෑවේ.. සමූපකාරේ තිබ්බා කිරි අස්යිස් පැකට් එකක්... ඒක නම් සිරා.. තව තිබ්බා චොකෝ අයිස් පලම් එක.. රුපියල් 5ද කොහෙද 96දි...

    පොඩි කාලෙත් මතක් වෙනවා බන් ඕවා කාපු හැටි පංති යන කාලේ... උඹට මතකද ලා කොල පාට මින්ටි කියලා චුයින්ගම් එකක් ආවා?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවයේ සැකරින් බන්... මම නම් අඩුවෙන් කෑවේ.. සමූපකාරේ තිබ්බා කිරි අස්යිස් පැකට් එකක්... ඒක නම් සිරා.. තව තිබ්බා චොකෝ අයිස් පලම් එක.. රුපියල් 5ද කොහෙද 96දි...

    පොඩි කාලෙත් මතක් වෙනවා බන් ඕවා කාපු හැටි පංති යන කාලේ... උඹට මතකද ලා කොල පාට මින්ටි කියලා චුයින්ගම් එකක් ආවා?
    ඔව්.. බීලා ඉවර උනාම දිවත් පාට වෙනවා..:lol:
    මම කිරි එක නම් බීලා තියෙනවා.. ඒක රසයි..:)
    හැබැයි සමහර උන් හදනවා අයිස් කුට්ටි තනිකර..:growl:

    ඒ චුයින්ගම් එකත් තවම තියෙනවා මචං.. උඹ ඔය කියන්නෙ බෝල චුයින්ගම් එක නේද..? :baffled:

    තව විවිධාකාර චුයින්ගම් හම්බානෙක තිබ්බනේ.. සමහර චුයින්ගම් යකඩ කනව වගේ.. හපන්නත් බෑ..:(

    ඉස්සර රුපියල් දහයට දිග චුයින්ගම් එකත් තිබ්බා.. පළතුරු ෆ්ලේවර්.. චුයින්ගම් පහක්ද කොහෙද තියෙනවා එකක.. මතකද..? :D

    උඹට මතකද බන්ටි ටොෆි.. තව ඩේන්ටි එකෙන්ද කොහෙද ගැහුවෙ ටොෆිය මැද ග්ලූකෝස් දාපු ටොෆියක්..? හැබැයි මං ඉස්සර ආසම ඩෙල්ටා එකට.. එයින් එකක් දැන් රුපියල් පහද කොහෙද බං..:lol:

    ඉස්සරම තිබ්බා මරු බිස්කට් වර්ගයක්.. නමක් නම් මං දන්නෙ නැහැ.. විස්කිරිඤ්ඤා දාපු තඩි බෝතල් වල දාලා තියෙන්නෙ.. පට්ට රසයි ඒ බිස්කට් එක.. කිරි වලින්ද කොහෙද හදන්නෙ.. ඒවා දැන් හොයන්නවත් නෑ බං..:(

    ---

    ඒ කාලෙ සුපිරියි බං.. දැන් වගේ නෙමෙයි ක්ලාස් වල කෙල්ලො හිටං අපිත් එක්ක මාර ෆිට්.. සමහර උන් උඹ බං කියලත් කතා කරනවා ෆිට් වැඩි කමට.. දැන් කාලෙ එකෙක් එක්ක කෙල්ලෙක් කතා කලොත් පහුවදා ඉඳන් ඒකිගෙ පස්සෙන් යනවා.. උන් හිතන්නෙ ඒ කෙල්ල ඌට ලයින් කියලා..:lol:

    ඒ කාලෙ අපිට ෆේස්බුක් තියා මොන ලබ්බක්වත් තිබ්බෙ නෑනේ බං.. වල බැස්සා, සෙල්ලම් කලා, කානිවල් බලන්න ගියා, සංගීත බලන්න ගියා.. ගන්න පුළුවන් හැම ෆන් එකක්ම ගත්තා.. ඒකට දැන් ඉන්න උන්.. සමහර ගෙවල්වල ළමයි ඉන්නවද කියලවත් දන්නෑ.. උන් එළියට බහින්නෙ නෑනේ ලේසියට.. උන්ට බෝලෙට බැට් එකෙන් ගහගන්න බෑ.. තවත් මොන කතාද..:rofl:

    ලංකාවෙ ගොඩක් උන් සයිබර් එක පාවිච්චි කරන්න ගත්තෙ 2008 දි වගේ.. ෆේස්බුක් ජනප්‍රිය උනේ 2009 දි වගේ.. ඒ මුල් කාලෙ හිටපු කොල්ලො කෙල්ලො පට්ටයි.. පිංතූරයක්, ස්ටේටස් එකක් දැම්මත් ඒක වැඩකට ඇති දෙයක්.. ඔය දේ වෙනස් උනා 2011න් පස්සෙ.. තනිකරම මණ්ඩලේ කචල් සොන්නයො ටිකක් දැන් ඉන්නෙ.. සංසාරෙ එපා වෙනවා බුකිය පැත්තට ගියාම.. එළකිරියටත් උනේ ඔය සීන් එකම තමයි..:growl:

    දාන්නෙත් මෙලෝ තේරුමක් නැති දේවල්.. ආප්පයක් දාලා කියනවා කාලා තියේ නම් ලයික් කරන්න.. කාලා නැත්තං කොමෙන්ට් කරන්න කියලා.. ඔයිට වඩා පට්ටම ආතල් සීන් එකක් මං දැක්ක මෑතක.. පිංතූරෙට යටින් 155 වගේ මොකක් හරි දාලා කොමෙන්ට් කරල බලන්න මොකද වෙන්නෙ කියලා.. පුදුම හිතෙයි කියලා.. හැම එකාම කොමෙන්ට් කරනවා පුක විකාගෙන.. උන්ට මොලයක් නැහැ තේරුම් ගන්න අංකයක් ගැහුවා කියලා පිංතූරෙ වෙනස් වෙන්නෙ නෑ කියලා.. හැබැයි ඒ පිංතූර දාන්නෙ උන් වෙන අරමුණකින්.. සයිඩ් එකේ තියෙනවා ඔබේ දුරකථනයෙන් දිනපතා SMS මාර්ගයෙන් ඉංශ්‍රීසි ඉගෙනගන්න කැමතිද, ලව් ඇඩ්වයිස් ගන්න කැමතිද, ආදර වදන් දිනපතා ගන්න කැමතිද.. කැමති නම් ඉක්මනට 7070 ගහලා රෙජිස්ටර් වෙන්න කියලා.. ගොඩක් උන් ඒවට රෙජිස්ටර් වෙනවනේ.. බුකියෙ උන් පොන්සියො කරලා උන් උන්ගෙ බිස්නස් එක කරගන්නවා..:lol:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    තව අවුරුදු දහයකින් අපේ ෆොන් වලටත් ඕකම තමා වෙන්නෙ.

    අවුරුදු 10 කින් මෙහෙම ෆෝන් එකක් තිබ්බද mකියලවත් අතක නැති වෙලා යයි බං. ඒ හින්දා පරණ එකක් හරි තියාගෙන හිටපල්ලා. Museum එකකට දීලා කීයක් හරි හොයා ගන්න පුලුවන් :)