කාලෙකට කලින් රනිල්ලගේ ආණ්ඩු

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1677456769597.png


    1677456796383.png


    ලෙෆ්ටිනට් කර්නල් සුනිල් පීරිස් ලංකා ඉතිහාසයේ හමුවෙන අවංකම හමුදා නිලධාරියා. එවිට ඔහු “මම කොල්ලො 26 දෙනෙක්ව දැන් බස් එකකට දාලා කඳවුරට එව්වා. දැන් ඔතනට ඇවිත් ඇති. දන්නවනේ උන්ට මොනවද කරන්න ඕන කියලා ?” යනුවෙන් පැවසී ය. “සොරි... මම දන්නෙ නෑ මොනවද කරන්න ඕනේ?” මම ඇසුවෙමි. “ මොකක්! දන්නෙ නෑ..? හැම එකාම දන්නවා මේ වගේ එවුන් යැව්වහම කරන්න ඕනේ දේ... තමන් විතරයි නොදන්නේ...? දන්නේ නැත්නම් තමුසේ මොකද ඔතන වාඩිවෙලා ඉන්නේ...?” ඔහු පරුෂ ලෙස පැවසීය. මේ මොන විකාරයක්දැයි මට සිතිණි. සම්පූර්ණයෙන්ම ප්‍රහේලිකාවක් විය. හිතට තරහක්ද නැගුණි. මෙලෙස කිසිවකු මීට පෙර මා හට කතාකර නැත. උදැසන සුභ නොවී ය. උරණ වූ මා සර් නොකියමින් “ මොනවද කරන්න ඕනේ කඳවුරේ රස්සාවල් දෙන්න ද...? නැතිනම් ගාඩෲම් එක ළඟ එක ළඟ රඳවාගෙන ප්‍රශ්න කරන්න ද ?” මා ඇසීය. මෙම සංවාදය ඉතා උණුසුම් විය. මේ මිනිසාගෙන් නිකරුණේ දොස් නොඅසන බව මා තරයේ සිතා ගත්තෙමි. කලක් වතු අධිකාරීවරයෙකු වු ඔහු වතුකරයේ භාෂාවෙන්ම මට බැණ වැදුණි. “අයිසේ තමන් දන්නවද... මමත් ලුතිනන් කර්නල් කෙනෙක්. ඔයිට වඩා හොඳ විදිහට මට අවශ්‍ය දේ කරන්න පුළුවන්.” “ඔව් තමන් රයිෆල් බලකායේ කෙනෙක්. ඒ වගේම යුද හමුදාව හා එහි සම්ප්‍රදායන් හා ආචාරධර්ම නොදන්නා කෙනෙක්”මා ද ආපසු ප්‍රති උත්තර දුන්නෙමි. ලංකා ඉතිහාසයේ හමුවෙන එකම නිහඬ “යුධ විරුවා” ලෙෆ්ටිනට් කර්නල් සුනිල් පිරීස් ය. ඔහු මිනිමරු රන්ජන් විජේරත්නගේ නියෝගවලට පිටු පෑ එකම අවංක හා නිර්භීත හමුදා නිලධාරියාය. ඉහත දෙබස් එන්නේ ඔහුගේ ‘කොමාන්ඩෝ පියසටහන්” කෘතියේය. බටලන්දේ වධකාගාර දෙකට අමතරව තවත් වධකාරයක් ගනේමුල්ලේ කොමාන්ඩෝ බලකායේ මුලස්ථානයේ තනා ගැනීමට රනිල් වික්‍රමසිංහට තිබූ වුවමනාව එලියට එන්නේ ආරක්ෂක අමාත්‍යාංහයේ ලේකම්වරයා වු රන්ජන් විජේරත්න හරහාය. ගම්පහ දිස්ත්‍රික්කය ලෙයින් නැහැවූ මේ අපරාධකාරයාගේ තවත් උත්සාහයක් පරාජය කරමින් ලුතිනන් කර්නල් පීරිස් ගෙදර ගියේය. ඔහු ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ බලකායේ නිර්මාතෲවරයාය. ඔහුගේ බාල සොහොයුරා ගුවන් හමුදාවේ කොමාන්ඩෝ බලකායේ නිර්මාතෘවරයා විය. මේ නිර්භීත සොහොයුරෝ දේශපාලකයන්ගේ නියෝග තුට්ටුවකට නොතැකූහ. රැකියා තබා ගෙදරයාමට සුදානම්ව සිටියහ. ලංකා ඉතිහාසයේ දී නීති විරෝධී නියෝග ක්‍රියාවේ නොනැඟු එකම හමුදා නිලධාරියා හැටියට අපි ලෙෆ්ටිනට් කර්නල් පීරිස් නම් කරන්නේ ඒ නිසාය. [බටලන්දේ වධලන්ද, රනිල් වික්‍රමසිංහගේ පාතාල දේශපාලනයේ ඉතිහාසය 1977 -1997 කෘතියෙන් උපුටා ගැනුණි]
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    රනිලට ඕනි ලේ ඒ කාලෙත් කොල්ලො මැරුවා දැනුත් ඕනි මිනිස්සු පීඩාවට පත් කරලා කැරැල්ලකට ගිහින් ආයෙම කොල්ලො මරන්න.හූ ම්පියේ තරුන මන්ත්‍රී ලගේ පුකවල් පලනවට අමතරව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    රනිලට ඕනි ලේ ඒ කාලෙත් කොල්ලො මැරුවා දැනුත් ඕනි මිනිස්සු පීඩාවට පත් කරලා කැරැල්ලකට ගිහින් ආයෙම කොල්ලො මරන්න.හූ ම්පියේ තරුන මන්ත්‍රී ලගේ පුකවල් පලනවට අමතරව
    JVP ටත් ඕනේ ලේ 71 කාලෙත් 60 000 ක් විතර කැරළි ගහලා මැරුවා නේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අසාධාරණ විදියට මර්දනයෙන් රට පාලනය කරද්දි අසාධාරණය නොයිවසන පිරිසක්, හැම රටකම ඉන්නවා.... මර්දනය සිමාව ඉක්මවා ගියාම මේ පිරිස බාධක බිදගෙන යන්න උත්සහ කරද්දි රටක ව්‍යාකූල තත්වයක් ඇතිවෙනවා. මේ තත්වය තේරුම් ගන්න ඹ්න පාලකයෝ.......රෝයල් පාලක පැලැන්තියට මෙ තාක් ජනතාවගේ වේදනාව තේරිලා නෑ... ඉතිරි ටික කාලෙදි තේරෙන්නෙත් නෑ.....