කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    "ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන"

    කව්රුහරි මට කියපන්කො A\L වලට A9 ගන්නහැටි !
    :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කොස්තාපල්;10309991 said:
    . ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒ
    මොන ඒ ලෙවල් වලටද බොල ඒ 9ක් දෙන්නේ:eek:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    a
    බෞද්ධයන්ට අනුව දෙවියන් යනු තවත් සත්ත්ව කොට්ඨාශයකි. බෞද්ධ සාහිත්‍යයේ විවිධ වර්ගයේ දෙවි වරුන් ගැන සඳහන් වේ. විශේෂයෙන් මනුෂ්‍ය ලෝකයේ සිට පිළිවෙලින් ඈත්වන පරිදි පිහිටි චාතුර්මහාරාජිකය,තව්තිසාව, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවර්තිය ආදි වශයෙන් පිහිටි දිව්‍යලෝක හයක් ගැන සඳහන් වේ. ඊට අමතරව අප ජීවත් වන භූමිය ආශ්‍රිතව ජීවත් වන වෘක්ෂ දේවතාවන්, භූමාටු දේවතාවන්, ප්‍රේතයන්, යක්ෂයන් ආදීන් සම්බන්ධ කතා බොහොමයක් බෞද්ධ පොත පතේ සඳහන් වී ඇත. මෙකල බොහෝමයක් දෙනා උසස් යැයි සම්මතයෙන් සලකන බටහිර විද්‍යාවට සහ සංස්කෘතියට ඇති ගරුත්වය නිසා හෝ බිය නිසා හෝ බුදුදහමේ දැක්වෙන මෙවැනි දේව සහ අමනුෂ්‍ය කතාන්තර පහසුවෙන් බැහැර කරනු අප දැක ඇත. එනමුත් අපට නම් බුදුදහම පිළිබඳ ඇත්තේ ශ්‍රද්ධාවකි. එබැවින් බුදුදහමේ සඳහන් වී ඇති දෙවියන් ගැන කරුණු තහවුරු කර ගැනීම උදෙසා ඒ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ගැන සොයා බැලීමේ උනන්දුවක් අපට කලකට පෙර ඇති වූ බව කිව හැකිය. මිට වසර 10කට පමණ පෙර මාගේ මිතුරකුගේ මාර්ගයෙන් දේව ආරූඩයෙන් ශාස්ත්‍ර කියන කාන්තාවක් හඳුනාගැනීමට අපට හැකියාව ලැබිණ. එතෙක් මෙතෙක් ඇයගේ දේව ආරූඩය මාර්ගයෙන් දෙවියන් හරහා සම්බන්ධ වී ලබා ගත් තොරතුරු වලින් බුද්ධාගමේ සඳහන් දේව සංකල්පය ගැන අපගේ විශ්වාසය පසුගිය කාලයේදී තව තවත් වර්ධනය වූ බවද කිව යුතුය.
    දේවාරූඩයෙන් මනුෂ්‍ය ශරීරයක් හරහා අප සමඟ කතාබහට සම්බන්ධ වූ දේවතාවා සමඟ කරනලද එම විශේෂ සාකච්ඡාව ලංකාසීනිවුස් පාඨකයන්ගේ ලෝකය පිළිබඳ දැනට ඇති විද්‍යා ඥාණය තවදුරටත් පුළුල් කරගැනීම උදෙසා දෙබසක ආකාරයෙන් පහත දක්වනු ලැබේ.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍ය ශරීරයකට ආරූඩ වෙනවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
    දේවතාවාගේ පිළිතුරඃ මා මනුෂ්‍ය ශරීරයට පැමිණි පසු මාගේ මිණිපිරිය(දේවතාවා ආරූඬවන තැනැත්තියගේ මිය ගිය සීයා බව කිව යුතුය) සිහි නැති වූ මනුෂ්‍යයකුගේ ආකාරයට පත්වේ. තවද ඇයගේ ශරීරයේ අවයව මා හට හැසිරවීමට හැකියාව ලැබේ.
    අපගේ ප්‍රශ්ණයඃ මනුෂ්‍ය ශරීර වලට ආරුඬවන හැම සත්වයෙකුටම පහසුවෙන් එය කළ හැකිද?
    දේවතාවාගේ පිළිතුරඃ මා කුසල් සහිත දේවාතාත්මයක් ඇත්තෙක් නිසා මට අපහසුවක් නැතිව කැමති ආකාරයකට මනුෂ්‍ය ශරීරය හසුරවමින් පහසුවෙන් එහි රැඳී සිටීමට හැකියාව හැකිවක් ඇත. නමුත් ඇතැම් විටෙක අකුසල් අධික මළයකුන් වැනි සත්වයන් ආරූඬ වූ පසු එක ඉරියව්වකින් සිටීමට නොහැකි කම නිසා අත පය ඔබ මොබ විසිකරමින්, වෙව්ලමින් ආදි වශයෙන් අපහසුවකින් මෙන් ආරූඬ වූ පසුව හැසිරෙනු දැක ගැනීමට පිළිවන. (අප සාකච්ඡා කරන ලද පැය 2ක පමණ කාලය තුලදීම ආරූඬ වූ දේවතාවා අපහසුවකින් තොරව පුටුවක ඉඳගෙන සිටි බව කිව යුතුය)
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ කුමන ආත්ම භවයක සිටින කෙනෙක්ද?
    දේවතාවාගේ පිළිතුරඃ මා මනුෂ්‍යයකුව සිට මිය ගිය පසු මුලින්ම මළයකෙක් බවට පත් උනා. ඉන්පසුව මට පිංඅනුමෝදන් වීම ආදි වශයෙන් කාලයක් තිස්සේ විවිධාකාර පිංකම් කිරීම මාර්ගයෙන් වෘක්ෂ දේවතාවෙකුගේ තත්වයට පත්වීමට හැකියාව ලැබුණා. දැන් මා දැඩිමුණ්ඩ නම් දෙවියන් ලඟ ආවතේවකරුවෙක් වශයෙන් කැප වී සේවය කරනවා. මා දැන් අයත් වෙන්නේ දැඩිමුණ්ඩ දෙවියන් ප්‍රමුඛ දේවසමූහයා යනුවෙන් හඳුන්වන දේව කොට්ඨාශයටයි.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍යයකුව සිට මරණයට පත් වූ බවක් කීවා. ඔබවහන්සේ ඉපදුනේ සහ ජීවත්ව සිටියේ කුමන කාල වකවානුවකද? කොයි පළතෙද?
    දේවතාවාගේ පිළිතුරඃ මම මනුස්සයෙක් වෙලා ඉඳිද්දි ඉපදුන අවුරුද්ද මොකක්ද කියලා හරියටම කියන්න දන්නෙ නෑ. නමුත් මම ලංකාවට කාපිරියො ඇවිත් හිටපු ලෝක යුද්ධ කාලෙ (1940 දශකයේ පමණ බව අපට සිතාගත හැක) ජීවත්ව හිටියා. මගේ ගම් පළාත තිබුනෙ ගාල්ල කිට්ටුව. අපේ කාලෙ අපි හරකා බාන එහෙම තියාගෙන ගොවිතැන් බත් කරලා තමයි ජීවත් උනේ. මැරෙනවා කියන එක මට හොඳට මතකයි. ඒක ලොකු වේදනාවක්. මැරෙන්න කිට්ටුව අන්තිම මොහොතේ මගේ පණ ශරීරයේ එක තැනකට එකතු උනා. ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු වේදනාවක්. මැරෙන වෙලාවෙ මනුෂ්‍ය ශරීරය දාලා යන්න බෑ කියලා හිතෙනවා.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ කලින් කිව්වා, ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන්ගෙ පිරිවරේ කෙනෙක්ය කියලා. ඔබවහන්සේ දැඩිමුණ්ඩ දෙවියන් දැක තිබෙනවාද? එතුමා කොහෙද වැඩ ඉන්නෙ?
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    දේවතාවාගේ පිළිතුරඃ මම දැඩිමුණඩ දෙවියන්ව දැකලා තියෙනවා. එතුමා වැඩ ඉන්නෙ අළුත්නුවර (මාවනැල්ල නරගරයට ආසන්න ප්‍රදේශයක්) දේවාලයෙ. අළුත්නුවර තමයි දැඩිමුණ්ඩ දෙවියන්ගෙ මූලස්ථානය තිබෙන්නෙ. මාගේ කාර්යය වන්නේ දූතයෙක් වශයෙන් එතුමාගේ පණිවිඩ ගෙනයාම සහ කිරිවෙහෙර අසබඩ තිබෙන දැඩිමුණ්ඩ දේවාලයේ රැඳී සිටිමින් දැඩිමුණ්ඩ දෙවියන්ට මිනිසුන් විසින් දෙන පිං අනුමෝදන් වීම. මම උදේම කිරිවෙහෙර, දළදා මාළිගාව, දළදා මාලිගා භුමියේ පිහිටි වැල්බෝධිය, අනුරාධපුරේ ජය ශ්‍රීමහා බෝධිය, මිරිසවැටිය ආදිය වැඳලා තමයි වැඩ පටන් ගන්නෙ.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේට කොපමණ වෙලා යනවාද උදේට ඔය ස්ථානයන් වන්දනා කර ගන්න?
    දේවතාවාගේ පිළිතුරඃ ඒක හරියටම කියන්න බෑ වඳින්න ගන්න වෙලාව අනුව ඒක වෙනස් වෙනවා. නමුත් මට ඒ තැන් අතර ගමන් කරන්න ගත වන කාලය පොඩි කාලයක්. අපට හිතින් හිතපු ගමන්ම වගේ පොඩි වෙලාවකින් ඒ ඒ තැන් වලට යන්න පුළුවන්.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේගේ ශරීර ප්‍රමාණය ගැන කියන්න පුළුවන් ද?
    දේවතාවාගේ පිළිතුරඃ ඒක නිශ්චිතව එකම ප්‍රමාණයක් කියලා හරියට කියන්න බෑ. අපිට ඕන ප්‍රමාණයකට උස්, මිටි වෙන්න පුළුවන්.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේට ඝනවස්තු වගේ දෙවල් චලනය කරන්න පුළුවන් ද?
    දේවතාවාගේ පිළිතුරඃ මට ඒක කරන්න තරමක් අමාරුයි. නමුත් අපේ ලෝකෙ එහෙම කරන්න පුළුවන් අයත් ඉන්නවා. මේ ළඟදි මට හම්බවුනා එක්තරා ගෙදරක මිනිස්සුන්ට අසූචි, වැලි වාගේ දේවල් විසිකරමින් කරදර කරන ගෙවල ප්‍රේතයෙක්. ඒ ගෙදර මිනිස්සු මෙහෙ දේවාලෙට ඇවිල්ලා මට බේරලා දෙන්න කියලා ඉල්ලපු නිසා මා ඒ ගෙවලයාව ඇදගෙන ගිහිල්ලා බෝධියකට (බෝධියක සිටින දෙවිවරුන්ට) භාර කරා ඌව හොඳ මාර්ගයට ගන්න කියලා.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ ආහාර ගන්නවාද?
    දේවතාවාගේ පිළිතුරඃ අපි කෑම කනවා කියලා එකක් කරන්නෙ නෑ. නමුත් අපිට සුවඳ උරාගන්න පුළුවනි. අපිට ඔය පූජාවලට තියන පළතුරුවල සුවඳ එහෙම උරාගන්න පුළුවන් කමක් තියෙනවා. අපේ ලෝකෙ ඉන්න සමහර ප්‍රේතයන්ටත් ඒක පුළුවන්. සමහර ප්‍රේතයො ගෙවල්වල පුළුටු (මස්, මාංශ, කරවල ආදිය) පිළියෙල කරන විට ඒවාට ආශාවෙන් ඇදිලා ඇවිල්ලා ඒ පුළුටු ගඳ උරාගත්තම ඒ කෑම කන සමහර මිනිස්සුන්ව ලෙඩ වෙනවා.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ දිව්‍යලෝකයක දෙවියෙක්ද?
    දේවාතාවාගේ පිළිතුරඃ නැහැ, මට දිව්‍යලෝකයක උපදින්න තරම් පිං නෑ. දිව්‍යලෝකයක උපදින්න නම් ගොඩක් පිං කරලා තියෙන්න ඕන. දිව්‍යලෝක මොනවගේද කියලා හරියට කියන්න දන්නෙ නෑ. මා ජීවත් වෙන්නෙ මේ භූමිය (මහපොළොව) ආශ්‍රීතවයි.
    අපගේ ප්‍රශ්ණයඃ දැඩිමුණ්ඩ දෙවියන් හැර වෙනත් ප්‍රධාන දෙවිවරු දැක තිබේද?
    දේවතාවාගේ පිළිතුරඃ කතරගම දෙවියන් වැඩහිටි කන්දෙ වැඩ ඉන්නවා, කතරගම මහා දේවාලේ ගිනිපාගන උත්සවේට එතුමා අනිවාර්්‍යයෙන්ම එනවා.
    අපගේ ප්‍රශ්ණයඃ ඔය දේවතාවා ඇරෙන්න වෙනත් දේවතාවරුන්ට මේ මනුෂ්‍ය වාහකයාගේ (කාන්තාවගේ) ශරීරයට ආරූඬ විය හැකිද?
    දේවතාවාගේ පිළිතුරඃ ඔව්. මාගේ මිණිබිරීගෙ මිය ගිය තාත්තා ඇයට ඇතැම් අවස්ථාවලදි ආරූඬ වෙනවා. ඔහු දේවතාවෙක් නම් නෙමෙයි ඊට වඩා පහත් තත්වයක කෙනෙක්. ඔහුට මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත්ව සිටියදී රථවාහන පැදවීමට හැකියාව තිබුණා. ඔහු ඇතැම් වෙලාවට ඇවිත් මගේ මිණිබිරියට ආරූඬ වී රථවාහන පවා පදවනවා. තව මෙතන තියෙන දේවාලයේ දිවාකාලයේදී ශ්‍රාස්ත්‍ර කියන මාගේ හිතවත් අනෙක් දේවාතාවුන්වහන්සේ මටත් වඩා උසස් තත්වයක කෙනෙක්. එතුමාත් මාගේ මිණිබිරියගේ ශරීරයට ආරූඬ වෙලා තමයි දේවාලේ වැඩ කටයුතු කරන්නේ.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මේ විධියට ආරූඬ වෙලා මනුෂ්‍යයන් සමඟ සම්බන්ධ වීමෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද?
    දේවතාවාගේ පිළිතුරඃ මම මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා මිනිස්සුන්ට කියලා පුණ්‍ය කටයුතු කරවනවා. ඒ පින් දෙවියන්ටත් අනුමෝදන් කරවනවා. තව මාගේ මිණිබිරියට ගෙවිය යුතු පෙර ණයක් වගේ කර්මයක් හින්දා මා මෙහෙට ඇවිල්ලා දේවාලෙ වැඩ කටයුතු කරලා දීලා කැඹූරුමක් (සේවයට සාධාරණ ගාස්තුවක් – රුපියල් 127ක්) අරගෙන දෙනවා. මට ඕන ඕන විධියට එම ගාස්තුව ගන්නත් බෑ. ඒක මට අවසර දීලා තියෙන විධියට තමයි ගන්න පුළුවන් කම තියෙන්නෙ. වෙනත් සමහර හොරු වගේ මම රත්තරන් මාල ආදිය ගන්නෙත් නෑ. මට ඇඳුම් පැළඳුම්, වස්තුව වැඩක් නෑ. මට ඕන කරන්නෙ පිං. මම කියන නිසා කවදාවත් පිනක් නොකරන මිනිස්සුත් පිං කරගන්නවා. මම මෙහෙට එන මිනිස්සුන්ට වෙදකම් කරන්නෙ නම් නොමිලේ. ඒක මම කරගන්න තවත් පිනක්.
    අපගේ ප්‍රශ්ණයඃ ඔබවහන්සේ මනුෂ්‍යයකුව ඉන්නකොට වෙදකම් දැනගෙන හිටියෙ නැත්නම් දැන් දේවතාවෙක් උනාට පස්සෙ වෙදකම් කරන්න දැනුමක් කොහෙන්ද ලැබුනෙ?
    දේවාතාවාගේ පිළිතුරඃ මේක දැඩිමුණ්ඩ දෙවියන්ගෙන ලැබුණ වරමක්.
    අපගේ ප්‍රශ්ණයඃ වරමක් ලැබෙනවා කියන්නෙ මොකක්ද?
    දේවතාවාගේ පිළිතුරඃ අපි දැඩිමුණ්ඩ දෙවියන් වෙනුවෙන් සෑහෙන්න කැපවෙලා වැඩකරනවා. කාලයක් එහෙම වැඩ කරනකොට දෙවියන්ගෙන් වරමක් ඉල්ලුවාම අපට නොදී ඉන්නෙ නෑ. අපට මනුෂ්‍යයො ලඟට ඇවිල්ලා වෙදකම් කරන්න, ශාස්ත්‍ර කියන්න එහෙම දෙවියො වරම් දීලා තියෙනවා. (අපට අවබෝධ වූ පරිදි, බලගතු දෙවිකෙනෙකුට වරමක් ලබා දීම මඟින් වෙදකම, ශාස්ත්‍ර කීම වැනි කර්තව්‍යයක් කිරීමට අවශ්‍ය දැනුම තවත් දේවතාවෙකුට පුහුණු කාලයකින් තොරවම, කෂ්ණයකින්ම පැවරීමේ හැකියාවක් දේවතාවුන් අතර තිබේ)
    අපගේ ප්‍රශ්ණයඃ අපට පැරණි වෙදකම, ගොවිතැන් ක්‍රම ගැන දැනුම ලබාගැනීමට ඔබවහන්සේට උදව් කළ හැකිද?
    දේවතාවාගේ පිළිතුරඃ පුළුවනි. ඒත් අපේ ජීවත් වෙලා ඉන්න කාලෙ නම් ගොවිතැන් කළේ දැන් වාගෙ මැහිතෙල් (කෘමිනාශක) ගහලා නෙමෙයි. කෙම් ක්‍රම වලින් තමයි අපි ඒ කාලෙ ගොවිතැන් කලේ. ඒ වාගේ දේවල් සහ වෙදකම ගැන ඔය දරුවන්ට කියලා දෙන්න පුළුවන්.
    අප එම දේවතාවා සමඟ පැය දෙකක පමණ කාලයක් තුල කරන ලද පිළිසඳරෙන් විවිධාකාර වූ ප්‍රශ්ණ රාශියකට පිළිතුරු ලබාගත් අතර මෙම ලිපියේ දක්වන ලද්දේ ඉන් වඩාත් වැදගත් යැයි හැඟුණ ප්‍රශ්ණ සහ පිළිතුරු කිහිපයක් පමණි. මේ අනුව බුදුදහමේ සඳහන් වන දේවසංකල්පය දෙවියන් (සහ අමනුෂ්‍යයන්) අපට නොපෙනෙන නිසා පහසුවෙන් ඉවත දැමිය නොහැකි බවට මෙවැනි ප්‍රායෝගික අත්දැකීම් මඟින් තව දුරටත් තහවුරු කිරීමට අපට හැකියාව ඇත. බුදුදහමේ දැක්වෙන දේව සංකල්පය තහවුරු කිරීමෙන් ඒ ගැන ශ්‍රද්ධාවක් නැත්තන්ට ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීමට සහ තවදුරටත් ඒ ගැන සෙවීමට මෙම සම්මුඛ සාකච්ඡාවේ කරුණු උපකාර කර ගත හැක.
    තෙරුවන් සරණයි!
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    බොරු නේ බං අපි කරා.... බුතයෙක් තියා හුලගක් වත් අවේ නෑ. අනික ජපන් බුතයෙක් ආවානම් ඉතිං සොරි තමයි. උගෙ අකුරු ගලපන්ඩ ගිහාම කොරවෙනවනේ......
    :lol::lol::lol::lol::lol::lol:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    Insidious-2010-1.jpg


    insidious-2010-movie-poster-01.jpg
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    බොරු නේ බං අපි කරා.... බුතයෙක් තියා හුලගක් වත් අවේ නෑ. අනික ජපන් බුතයෙක් ආවානම් ඉතිං සොරි තමයි. උගෙ අකුරු ගලපන්ඩ ගිහාම කොරවෙනවනේ......
    :lol::lol::lol::lol::lol::lol:

    එකට කරන්න තියෙන්නේ google search addons එක මෙව්වා කරලා Pages from Sri Lanka කියන එකට ටික් එක දාලා වැඩේ කරන එක :rofl: