කැත නැතුව කොටන්න මෙන්න බඩු

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    කැත නැතුව කොටන්න මෙන්න බඩු

    මොනවද එබෙන්නේ එන්න ඇතුලට...
    ....
    ...
    ...
    ...
    ...
    ..
    ..
    ..
    .
    .
    .


    images%5Ccontext_splash_trial.png


    කට්ටියට මතකයි නේද අපිට ඉස්සර තිබ්බ හෙලබස නොහොත් කීමෑන් Software එක තමයි ඉතිං ඒ කාලේ සිංහල ටයිප් කරන උන්ට තිබ්බ එකම ආධාරකය..විකල්ප තිබ්බෙත් නැහැ මං දන්න විදිහට ඒ කාලේ...(තිබ්බද දන්නෙත් නැහැ.) මෙවැනි මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ලැබෙන වෙනස දන්නේ නැති කෙනෙක් ඉන්නවානම් පහත රෑප දෙක උදව්වක් වෙයි.

    Harsha%2Bsoft%2BKey%2Bshepherd%2Bsinhala%2Btyping%2Bsoftware.png



    අද වෙන කොට වින්ඩෝස් 07 / 08 / 10 වගේ අලුත් සංස්කරණ එද්දී අපිට කී මෑන් සුපුරුදු පරිදි පාවිච්චි කරන්න බැරි උනා.. තිබ්බ අන්තිම Crack එක (මතක විදිහට 6.0 ද කොහෙද) අලුත් වින්ඩෝස් ඒවට සපෝර්ට් කලේ නැහැ... සල්ලී දීලා ගත්ත අය ගාව නම් තාමත් ඇති අලුත් versions

    ඉතිං මාර්කට් එකට අලුත් අලුත් විකල්ප එන්න ගත්තා...නමුත් අලුත් මෘදුකාංගයක දකින්න පුළුවන් මූලික අඩුපාඩුව වෙන Errors මේ හැම එකකම දකින්න පුළුවන් වුනා...

    1. KEY REP

    KeyRip%2BSinhala%2Btyping%2Bsoftware%2Bby%2Bwww.aluth.com.png


    මෙයා තමයි වින්ඩෝස් 07 වලට ආපු මූලිකම විකල්ප මෘදුකාංගය වුනේ...මට පාවිච්චි කරද්දි දකින්න
    පුළුවන් වුනු මූලික අඩුපාඩු විදිහට මෙන්න මේවා තමයි මතක...
    • ඇක්ටිව් කරපු Software එකට පමණක් නොව මුළු මෙහෙයුම් පද්ධතියටම එකවර ON වීම.
    Ai වලට KeyRep ON කලොත් ඒක Ps, Word, Corel, Chrome වගේ අපි ටයිප් කරන ඕනිම තැනක ඇක්ටිව් (අනවශ්‍ය තැන් වලදී ඇක්ටිව් වීම වදයක් උනා..)

    • සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..
    කීමෑන් වල අපි ටයිප් කරන්න පුරුදු වෙලා හිටිය විදිහක් තිබ්බා ඒත් ඒ සමහර තැන් වලදි KeyRep එක වැඩ කලේ නැහැ. මට හොදටම මතක එක තමයි ''ළු" අකුර ටයිප් නොවීම..අපි ඒ කාලේ ඕක ටයිප් කලේ Alt+0191 ගහලා

    • HOTKEY එකක් මගින් පහසුවෙන් ON/OFF කළ නොහැකිවීම.


    පාවිච්චි කරලා ගොඩක් කල් නිසා ඔය ටික තමා තාම මතක...දැකපු ‍ලොකුම හොද තමයි KeyRep Software එක portable ලෙස නිකුත් කර තිබීම සහ ඕනිම කෙනෙක්ට භාවිතා කළ හැකි පරිදි නොමිලේ නිකුත් කළ මෘදුකාංගයක් වීම.. ඒ සදහා පහත දක්වා ඇති නිර්මාපකයන්ට අපගේ හදපිරි ස්තූතිය හිමිවිය යුතුමයි...

    Technical Details
    Software Name : KeyRep
    File size : 213 KB
    Requirements : Windows All
    License : Free
    Developer : CITS Computers


    2. Kishan Easy Key

    kishan%2BEasy%2Bkey%2Bsinhala%2Bfont%2Btype%2Bsoftware.png


    සාගර ඉන්ද්‍රජිත් මහාතා විසින් නිර්මාණය කල මෙම මෘදුකාංගය තමයි මට අද වෙනකන් තිබ්බ එකම සහ හොදම විකල්පය උනේ වින්ඩෝස් 10 පරිගණක සදහා මෙහි මා දුටු මූලික අඩුපාඩු කිහිපයක් මෙසේයි...

    • සමහර අකුරු නිසි පරිදි ස්ථානගත වෙලා තිබ්බේ නැහැ..
    මට අහුවුණු එකම අකුර තමයි ''ථි" අකුර.

    • සමහර වෙලාවට මෘදුකාංගයට ස්ටක් වෙනවා කිසිම දැනුම්දීමකින් තොරව
    ඒ හැම වෙලාවෙම ක්ලෝස් කරලා Open කලහම හරියනවා...හැබැයි ටිකක් වෙලා ගන්නවා Open වෙන්න...හදිසි වෙලාවට යකා නගිනවා ඉතිං:angry::angry::angry:

    දැකපු හොද ටික තමයි....

    :love: ඇක්ටිව් මෘදුකාංගයට පමණයි ඇක්ටිව් වෙන්නේ
    :love: portable සහ setup වශයෙන් මෘදුකාංග වර්ග දෙකම පැමිණීම
    :love: Scroll Lock Button එක මගින් පහසුවෙන් ON/OFF කළ හැකිවීම.
    :love: නොමිලේ නිකුත් කිරීම. (සාගර ඉන්ද්‍රජිත් මහාතාට හදපිරි මෙව්වා එක..:love::love:)

    Technical Details
    Software Name : Kishan Eazy Key
    File size : 254 KB / Setup 396 KB
    Requirements : Windows All
    License : Free
    Publisher Mail : [email protected]

    තව දෙකක් හම්බවුනා අද මේ ලිපියට තොරතුරු හොයද්දි..එවායේ ගුණ අගුණ කියන්න තරම් තවම දන්නේ නැහැ...මෙන්න විස්තරේ...

    1. Harsha soft Key shepherd

    Technical Details
    Software Name : Harsha soft Key shepherd
    File size : 5.47 Mb
    Requirements : Windows XP / Vista / Windows 7 & 8
    License : Free
    Publisher : Harsha soft

    2. Sinhala Key Help

    Technical Details

    Software Name : Sinhala Key Help
    File size : 703 KB
    Requirements : Windows All
    License : Free
    Publisher By : Harsha Indunil

    මෙන්න මේක නම් Ai වලට සපෝර්ට් කලේ නැහැ...මගේ අවුලක් ද දන්නේ නැහැ..


    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාලා දන්න මේ මෘදුකාංග වල විස්තර වගේම මෙතන නැති වෙනත් මෘදුකාංග ගැනත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම අනිත් අයටත් බලන්න බම්පියක් වත් දාගෙන යන්න..ස්තූතියි.
     
    Last edited:

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    පැන්සලත් පට්ට
    singlish වලින් ඔෆීස් fonts [ යුනිකෝඩ් නොවන සිංහල ෆොන්ට්ස් ] එක්කත් ලේසියෙන්ම සිංහල ටයිප් කරතෑකි.