කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ

    වර්තමානයේ පාද හතරක් උපයෝගී කරගෙන පැන පැන යන කැන්ගරුවාගේ අතීත මුතුන් මිත්තෝ දෙපයින් ඇවිද ගිය යෝධයන් පිරිසක් බව පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
    මේ කැන්ගරුවන් අදින් වසර 30,000ට පමණ පෙර මෙළොවින් සමුගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ අද සිටින කැන්ගරුවන්ට වඩා විශාල මේ යෝද කැන්ගරුවන්ට පැන පැන යාමේ කිසිදු හැකියාවක් නොතිබූ බවයි.
    බරින් කිලෝ ග්‍රෑම් 240ක් පමණ විය හැකියැයි අනුමාන කරන මේ කැනගරුවකු හොඳින් වැඩුණු සිංහයකුට වඩා විශාල ඉතා ශක්තිමත් සතුන් විශේෂයක් බවත් පර්යේෂකයෝ කියති.
    ස්තිනුරිනස් ලෙස නම්කැර ඇති මේ කැන්ගරු විශේෂය කෙටි හොම්බක් සහිත විශේෂයකි. ඔවුන්ගේ පාද ඇඟිලි හොඳින් විකසනය වී තිබූ බවත් වත්මන් කැන්ගරුවන් මෙන් තණ උලාකෑමට අනුවර්තනය නොවී ගස් පොතු සහ පඳුරු උලා කෑමට සුදුසු පරිදි සිරුර හැඩගැසී තිබූ බවත් පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් මේ මතය සනාථ කිරීමට උපයෝගී කරගෙන ඇත්තේ යෝද කැන්ගරුවාගේ ඉදිරි පාද දෙක සැකසී තිබූ ආකාරයයි.
    මෙම අධ්‍යනයේ ප්‍රධානි ඇමරිකාවේ බ්‍රවුන්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටින් ජැනිස් පවසන්නේ ආදි කැන්ගරුවන්ගේ භෝජන ලීලාව වෙනස් වු එකක් බවයි.
    ‘‘ ඔවුන්ට ශක්තිමත් පිටකොන්දක් හා කොට සිරුරක් තිබුණා. ඒ නිසා පාද හතරෙන් ඇවිද යා නොහැකියි. වත්මන් කැන්ගරුවන් කෙටි දුරක් දෙපයින් ගියත් අතීත යෝද කැන්ගරුවා සම්පූර්ණ ගමන ගොස් ඇත්තේ දෙපයින්. ඒ වගේම මේ සත්වයාගේ බාහු සමග දිගැති ඇඟිලි කොළ අතු ආහාරයට ගැනීමට මනා ලෙස හැඩගැසී තිබෙන බව පෙනෙනවා. “


    Giant-3.jpg


    Ginat-1-Copy.jpg