පළමුවන දෙවන තෙවන වසරවල හා තවත් පීඨ කිහිපයක සිසුන් පිරිසක් එක්වී නවකයන් පිරිසකට මානසික හා ශාරිරික පීඩාවන් සිදුවන අයුරින් නවකවදය ලබාදීම නිසා ඔවුන් විසින් සිදුකළ ක්රියාවන් නිලධාරීන් විසින් පාලනාධිකාරියට පෙන්වීම සඳහා ජංගම දුරකථනයට පටිගත කිරීමට කටයුතු කර තිබේ. ඒ අවස්ථාවේ ඉන් කුපිත වූ සිසුන් පිරිසක් ඔවුන්ට පහරදී ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන හය පැහැරගෙන පලාගිය බවට පොලීසියට පැමිණිලි ලැබී තිබේ.