තවත් වලි ත්‍රෙඩ් එකක් sure එකටම.. මේකේ මේ ගැන ත්‍රෙඩ් කියක් නම් ගියා ද? නිකන් රණ්ඩු වෙලා කුණුහරප කියාගන්න එක විතරයි වෙන්නේ.. මම නම් campus ගියේ නෑ.. මාත් එක්ක එකටම ඉන්න, එකට sch ගිය උන් ඔක්කොමල වගේ ගියා.. මුල් කාලේ උන්ට rag වදිනකොට උන් අව්ලෙන් කතා කරේ.. තෙල බෙදිල්ල නම් ආතල් කියල කීවා.. දැන් උන් 2nd, 3rd year ඉන්නේ.. දැන් උන් තමයි ඕව කරන්නේ.. දැන් හැබැයි අර උන්ට දැනුන අවුල මතක නෑ වගේ.. කොල්ලෝ කෙල්ලෝ බයිට් කරලා fun ගන්නවා දැන් කිසි අවුලක් නැතුව.. හිතන විදිය, හැසිරෙන විදිය සැහෙන්න වෙනස්.. උන් ටික sch කලේ ආතල් අරන් නැති උනුත් නෙවෙයි.. පොත් ගුල්ලොත් නෙවෙයි.. එත් උනුත් දැන් නිකන් brain wash වෙලා වගේ.. පොත් ගුල්ලෝ ගිය උන් නම් ගන්න දෙයක් නෑ උන්ට වෙන දෙයක් නෑ උද්ගෝෂණ, rag, බේබදුකම ඕව මේවා.. එකෙක් මේ ලදී private campus එපා කියන්න ගිහින් කඳුළු ගෑස් කාල ටින් එකක් අතේ තියාගෙන fb දාලත් තිබ්බා.. උන්ගේ මල විහිලු.. උන්ට නම් ඕක වෙනවා කියල හැමෝම දන්නවනේ..
මම පිට ඉදන් බලන නිසා මට උන්ගේ වෙනස තේරෙනවා හොඳට.. මාත් එක්ක හිටපු, A/L ඉවර වෙනකන් අරක්කු සිගරට් කටේ තියන්න තියා ළඟින්වත් ගිය නැති උන් දැන් campus එකේ කරටි කැඩෙන්න ගහනවා.. අපිට බොන්නේ නැති එකට lectures දෙනවා.. කව්රු මොනා කීවත් මම ගියේ නැති එක ගැන අද මට සතුටුයි.. මොකද මම ආස නෑ මම ඉන්න විදිය වෙනස් කරගන්න.. campus ගිය අය තරහ වෙන්න එපා.. නමුත් ඕකට යන බහුතරය හිතන්නේ උන් සමාජේ ඉන්න අනිත් උන්ට වඩා ගොඩක් ඉහලින් ඉන්නේ කියල.. මම ඒක අත්දැකීමෙන් දන්නවා.. ඒකයි උබල අලුතින් එන උන්ට rag කරන්නේ.. උබල උන්ට වඩා ඉහලින් ඉන්න නිසා.. ඔන්න ඔය ගොන් පොර මානසිකත්වය තමයි හෙනේ.. මම නම් මගේ නංගියෙක් මල්ලියෙක් එවන්නේ නෑ එක එකාගෙන් rag කන්න.. rag කරන සෙට් එකේ මුලින්ම ඉන්නේ ඉස්කෝලේ යද්දී පන්තියෙන් එලියටවත් බැහැපු නැති උන්.. අන්න ඒක තමයි ඇත්ත කතාව.. කාටවත් කරදර කරලා සතුටු වෙන එක පහත්ම ගතියක්.. එහෙම කරන උන් උගත් බුද්ධිමත් කියන්නේ කොහොමද? ඔහොම උන් තමයි රජයේ කාර්යාල වල එහෙම අපිට හම්බවෙන්නේ..