කැසිනෝ එපා - පාපයට බර වූ පාලකයින් හමුවේ රට අ&#

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    කැසිනෝ එපා - පාපයට බර වූ පාලකයින් හමුවේ රට අ&#

    casino.jpg
    මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ සුමංගල මහ හිමි, අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත හිමි, අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක දවුල්දෙන ඤාණිස්සර හිමි සහ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි හිමිවරුන්ගේ අත්සන් සහිතව රට තුළ කැසිනෝහල් ඇති කිරිමට විරෝධය දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පසුගිය වසරේ (2013) දෙසැම්බර් 05වනදා යොමු කළ නිවේදනය බොහෝ පාඨක ඉල්ලීම් මත නැවත සම්පූර්ණයෙන් මෙසේ පළ කර සිටිමු.
    [FONT=&quot]"[/FONT][FONT=&quot]ශ‍්‍රී ලංකාද්වීපය අනාදිමත් කාලයක් තිස්සේ පිනෙන් පිරුණු දහම් දිවයිනක්ව පැවතිණ. අපේ පාලකයෝ හා රටවැසියෝ ප‍්‍රාණඝාතය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදත්තාදානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාමමිථ්‍යාචාරය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මුසාවාදය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුරාමේරය යන පංචවිධ පුද්ගල දුෂ්චරිතයන්ගෙන් හා දසඅකුසලින් වැළකුණෝය. මෙකී ගුණදහම් නිසා කිසිම සචේතෙනික[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අච්තෙනික සත්වයෙකුට හෝ වස්තුවකට හානියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විපතක් සිදු නොවීය. එදා අද මෙන් දරුණු ලෙඩක් දුකක් පිළිබඳව ආරංචියක්වත් නොතිබුණු තරම්ය. මිනිසුන් තුළ ද කරුණාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෛත‍්‍රිය පැවැති අතර බස රට සෞභාග්‍යමත්ව පැවතියේය එහෙත් විදේශ ආක‍්‍රමණත් සමග අප රටේ ධර්මය වැනසී අධර්මය රජ විය. ගිහි පැවිදි සම්බන්ධය දුර්වල වූයෙන් මුළු රටේම ගුණධර්මයන්හි වූ ඇල්ම නැති විය. පාපයට බර වූ පාලකයින් ධර්ම මාර්ගයේ නොයන විට සෙසු සියලූ දෙනාම අධර්මයට බර වූහ.[/FONT]
    [FONT=&quot]අතීතයේ දී අප රජදරුවෝ චක්කවත්තිසීහනාද සූත‍්‍රය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපරිහාණි ධර්ම ඇතුළු ධර්මයන් තුළින් සිල්වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගුණවත් පාලකයෝ වූහ. දානය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශීලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිත්‍යාග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෘජු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෘදු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවුස් ගුණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අක්‍රෝධී බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවිහිංසාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්ෂාන්තිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවිරෝධීතාව (ජනතා හැඟීම් විමසා බලා විරුද්ධව නොයෑම) ආදී දස රාජ ධර්ම ප‍්‍රතිපත්තිවලින් රට පාලනය කළහ. මෛත‍්‍රිය වැඞීමෙන් කරුණාව උපේක්ෂාව දියුණු කිරීමෙන් මව්පියන්ට උපස්ථාන කිරීමෙන් දස කුසලයන්හි යෙදීමෙන් ධර්මකාමීව කටයුතු කළහ. මෙම දහම් දිවයිනේ බෞද්ධ රාජ්‍ය ප‍්‍රතිපත්තියේ පදනම ධර්මය උල්ලංඝනය නොකිරීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහජන මතයට ගරුකිරීමත් මත ගොඩනැගී තිබිණ.[/FONT]
    [FONT=&quot]එදා රජවරුන් උපදෙස් ගත්තේ ගුණධර්මයන්ගෙන් සමන්විත ප‍්‍රඥාවන්තයන්ගෙනි. එනිසා රජුගේ ආර්ථීක හා වෙනත් ප‍්‍රතිපත්තීන්ගෙන් රටට අවැඩක් වූයේ නැත. ප‍්‍රඥාව හා ගුණධර්ම නොමැති උපදේශකයන්ගෙන් සිදුවන්නේ බලවත් හානියකි. බෞද්ධ ආර්ථික ප‍්‍රතිපත්තියේ මූලික ලක්ෂණයන්ගෙන් [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]සම්මා ආජීවය හා සම්මා කම්මන්තය[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වැදගත් තැනක් ගනී. එම ආර්ථික ප‍්‍රතිපත්තියේ සුවිශේෂී ලක්ෂණය වූයේ රට වැසියාට ආහාර ලබාදීම අරමුණුකොට ගත් කෘෂි ජීවන චක‍්‍රය නගාලීමය. ඒ සැබෑ උරුමයට සිදුවූ හානිය නිදහසින් පසු අද දක්වාම නිවැරදි නොකරගැනීම අද පවත්නා පරිහානියට මුලයි.[/FONT]
    [FONT=&quot]බුදුරජාණන් වහන්සේ දෙසූ දහම ලෝකෝත්තර සැපය පමණක් නොව ලෞකික සැපයද ලබාගන්නා ආකාරය දැක්වූ දහමකි. ලිච්ඡුවී රජ දරුවන්ට දෙසූ අපරිහාණි ධර්ම තුළින් ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පංචශීල ප‍්‍රතිපත්ති තුළින්ද අවශේෂ ධර්මකොටස් වලින්ද බොහෝ කරුණු උකහා ගෙන වර්තමාන පාලන හා ආර්ථීක ක‍්‍රමය මැනවින් සකසා ගත හැකිය. අප රට වඩා උතුම්කොට සැලකුවේ දිළිඳු වුවත් නුවණැත්තාය. අනුවණ ධනවතා නොවේය. කොතෙක් ධනසම්පත් තිබුණත් ප‍්‍රඥාව තරම් ධනයක් නොමැති බව උම්මග්ග ජාතිකයෙන්ද හෙළි වේ. ප‍්‍රඥාව සාර්ථක වන්නේ ගුණධර්ම එක් වූ විටය. ගුණධර්ම නැතිව ප‍්‍රඥාව බබළන්නේ නැත.[/FONT]
    [FONT=&quot]ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සාරධර්ම පිරිහීමට පත්කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අනාගතය උකසට තබන හාරදහසක් පමණ රැකියා අවස්ථාවන්ගෙන් හා ධනයෙන් ලැබෙන ඵලය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සූදුව වැනි අධර්මයෙන් ලබාගන්නා මුදලින් කළ හැකි රටක අංගසම්පූර්ණ සංවර්ධනය කුමක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]යනාදී ප‍්‍රශ්න පිළිබඳව නුවණැසින් විමසා බැලිය යුතුව ඇත. විදේශ සංචාරක ව්‍යාපාරය ඉලක්කකොට අප රට සංවර්ධනය කිරීමට යෑමෙන් මේ රටේ සෑම ආගමිකයෙකුගේම ආධ්‍යාත්මික ජීවයට එල්ල වන තර්ජනය සුළුපටු නොවන්නේය. එබැවින් අතීතය තුළින් පාඩම් උගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප රටටම ආවේණික වූ භෞතික හා ආධ්‍යාත්මික දෙඅංශයේම සංවර්ධනයක් වන පරිදි ආර්ථීක ප‍්‍රතිපත්තියක් සකසා ගැනීමට කාලය එළැඹ ඇති අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැන් අප ගමන් කරන්නේ කුමන දිශාවකට දැයි ආපසු හැරී බලා නිවැරදි මග තෝරාගත යුතුව ඇත.[/FONT]
    [FONT=&quot]ඇස් කන් නාසාදිය පිනවීමට පමණක් ජනතාව යොමුකොට රට සංවර්ධනය කිරීමට යෑමෙන් දැනටමත් පැතිර යන මිනිස් ඝාතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මංකොල්ලකෑම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ත‍්‍රී දූෂණ අල්ලස ආදිය තව තවත් ව්‍යාප්ත වීමට ඇති දොරටු විවෘත වනු නොඅනුමානය. සමාජ ව්‍යසනයකට දොරටු විවෘත කරමින් රටේ ඇති කෙරෙන සංවර්ධනයෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්දැයි යළි සලකා බැලිය යුතුව ඇත. විදෙස් රටවලින් ගලාගෙන එතැයි උපකල්පනය කරනු ලබන ධනය කෙරෙහි ලෝභය උපදවා ගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අප රටේ ජනතාවගේ කාලය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධනය සාරධර්ම පිරිහීමට ඉඩ සැලසීම ඒවායේ යෙදෙන්නන්ට පමණක් නොව සමස්ත රටේම අඹුදරුවන් ඇතුළු පවුල්වල විනාශයට පාර කැපීමක් බඳුය. විදේශිකයන් මෙරට ආක‍්‍රමණය කිරීමත් සමග මේ රටට ඇබ්බැහි කරන ලද මත්පැන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මත්ද්‍රව්‍ය වැරදි කාමසේවනය ආදී දුසිරිත් නිසා රට තුළ ඇති වෙමින් පවත්නා විනාශයට නොදවෛනි විනාශයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහා පරිමාණ කැසිනෝ වැනි සුදු ව්‍යාපාරවලට දොරටු විවෘත කිරීමෙන් ඇති විය හැකි සමාජ සාරධර්ම විනාශය කෙබඳුදැයි නුවණින් වටහා ගත යුතුව පවතී. එමගින් මුළු පංචශීල ප‍්‍රතිපත්තිමය වැනසී ගොස් රට මහත් අඳුරු අගාධයකට වැටෙනු ඇතැයි අපට හැඟේ.[/FONT]
    [FONT=&quot]දූ කෙළියෙන් රටක් සංවර්ධනය කළ හැකි වේ යැයි සිතන්නේ නම් එය මුලාවෙකි. අඩුම තරමින් විදුර ජාතකයෙන් හෙළි වන්නා වූ සූදු ක‍්‍රීඩාවේ විපාක ගැන නුවණැසින් සලකා විමසා බලා රැස් කිරීම නොව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ධාර්මිකව උපයාගන්නා දේ අරපරෙස්සමින් සකසුර වමින් වියපැහැදම් කිරීමට යොමුවීමෙන් ලැබෙන නිරාමිෂ පී‍්‍රතියයි."[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]Source : Lankatruth
    [/FONT]
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    දැන් කැසිනෝ ගැන සද්දයක් නැ නේද..:rolleyes:පැකර්ට මොනවා වෙලාද දන්නේ නැ..