කැසිනෝ හල් 810 ක්‌ රට පුරා

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    කැසිනෝ හල් 810 ක්‌ රට පුරා

    කැසිනෝ ශාලා නියාමනය කිරීමේ පනත් කෙටුම්පත පසුගිය නොවැම්බර් මසයේ මැතිසබය තුළ වැඩි ඡන්දයෙන් සම්මත වුනේ සංවර්ධනය අරමුණු කරගෙන රජය යන ගමනේ සංචාරක කර්මාන්තයට ප්‍රධාන තැනක් හිමිවන නිසා.

    පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එයට පක්‍ෂව ඡන්ද 114 ක් ලැබුණු අතර, විරුද්ධව ලැබුණේ ඡන්ද 33 ක් පමණි. එම පනත සම්මත කරගැනීමේදී හෙළ උරුමය හෝ ප්‍රබල හඬක් නැඟුවේ නැහැ.

    සූදු, ඔට්‌ටු සහ කැසිනෝ මධ්‍යස්‌ථාන 810 ක්‌ රට පුරා ක්‍රියාත්මක වන බව මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඒ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින්.

    කැසිනෝ පනත යටතේ කැසිනෝ ශාලා ලියාපදිංචි කිරීම මෙම වසරේ සිට ක්‍රියාත්මක කරන බව කී ඇමතිවරයා, රජය 2009 වසරේදී රුපියල් මිලියන 269ක් හා 2010 වසරේදී රුපියල් මිලියන 295ක සූදු ආදායමක්‌ උපයා ඇතැයි ද පැවසුවා.

    සක්විති රණසිංහ රු. කෝටි 600ක් නැතිකරගත්තේ කැසිනෝ නිසාය. තවත් පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවකු රු. කෝටි 240ක් නැති කරගත් පුවතක් පසුගියදා වාර්තා වුනේද කැසිනෝ නිසාය. මේ වනවිට ඔහු සතුව ඇත්තේ බිරිඳගේ කරාබු උකස් කර ගත් මුදල පමණකි.


    :eek::eek::eek:
    ආසියවේ ආශ්චර්ය
     
    Last edited: