'කැසිනෝ හොඳයි මාත් ගැහුවා' - එස්‌.බී.

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
'කැසිනෝ හොඳයි මාත් ගැහුවා' - එස්‌.බී.

කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් තැනක්‌ දෙන්න ඕනෑ.

නෝමන් පලිහවඩන

කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.

"අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ."
"හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ."

"කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.

කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ.
"ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ."

source from divainacom/2013/10/24/news01.html
 

maxxa@elakiri

Active member
  • Oct 22, 2013
    439
    48
    28
    මමනම් sporting times එකට ගිහින් තියෙනවා.එකත් මාර ඇබ්බැහිවිමක් තමා .ඒකෙ bet දාන්නේ රුපියල් 20 ඉදලා .computer racing එක තමා කට්ටිය වැඩිපුර දාන්නේ .හැම විනාඩි 2 කට සැරයක් race එකක් තියෙනවා.මමනම් place තමා දාන්නේ .ඒකෙ ටිකක් දිනන ගාන අඩුයි.නමුත් දිනුම sure ගොඩක් වෙලාවට.අපේ බුවාලා ඉතින් ඕකට ගිහින් WIN system එකට ගහලා අතේ සතේ නැතුව තමා එලියට එන්නේ. race පත්තරේ වෙනම තියෙනවා.ඒවාට වෙනම TV channel තියෙනවා,SKY RACING වගේ ඒවා.ඒවානම් දාන බුවාලා අඩුයි දැන් . :oo:

    නවත්වනවානම් මේවා තමා මුලින්ම නවත්වන්න ඕන.sporting times ගොඩක් ඒවා අතුල AC කරලා සුපිරියටම තියෙනවා.එත කොට තිලංග සුමතිපාලට මොකද වෙන්නේ ???:P



    මේවත් නවත්වන්න ඕනි ,crown එකට විතරක් තහනම් දාලා වැඩක් තියෙනවද?

    http://www.bellagiocolombo.com/

    http://www.yamu.lk/si/place/%E0%B6%B...io-casino.html

    www.mgmcolombo.com/‎


    http://stardustcasino.lk/


    http://www.ballyscolombo.com/pages/casino.php


    http://www.casinocolombo.com/


    මේවට අමතරව night club කීයක්නම් තියෙනවද?:yes:

    www.kamacolombo.com/‎

    https://www.facebook.com/SKKYBARCOLOMBO

    සමහරුනම් බොරුවට කියවනවා මෙතන,, මටනම් වටින්නේ මේකෙන් පවුල් 2500ක් ජීවත් වෙන එක සහ ලංකාවේ tourism වලට හොද කලක් යන එක ගැන.මේක දැම්මට මම යන්නෙත් නැහැ,මට යන්න සල්ලිත් නැහැ.:confused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙව්වො ඉතින් ගහල නැත්තෙ මොනවද?පගා ගහල,කොමිස් ගහල,යටි මඩි ගහල....දැන් කැසිනෝත් ගහල තියෙලු....:angry: