මාත්_ගැහුවා..කැසිනෝ – SB

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,163
    12,148
    113
    Ohio, USA
    CBfo3b1.jpg


    oc69P8r.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    man nam casino apee ratata ena ekata pudgalikwa waradak dakin na..casino club tibbta oowata kohomath dupath api wagee minissu yan nahane :) yanne salli walata karanna deyak nathuwa inna posath aya saha sanchrakayoo.. Un oowa dupathektawath denwa kiyalada ??? nahane .. samharunta tiyana salli lankawenuth hangagena inne .. adayam badu tiya mokakin wath kawadawath ewa allanawa boru :p ethin ehema ekee mee wagee dewal wala hodata wiyadam karala..eeken ratatah sethak wenwanm kamathi.. Linde hitiyoth lindee ma thmayi .. :)

    Umba kohomada kiyanne duppath aya yanne nethi wey kiyala? Casino kiyanne ikmanatama addict wena deyak ban. Crown ekak danawa kiyanne, aduma gaane casino floors 3 k wath enawa, oowage pokie machines 2000k wath wetey, kohomada Rs 5 coins walata pokie gahanna thibboth, kattiya noya indiyda?
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Umba kohomada kiyanne duppath aya yanne nethi wey kiyala? Casino kiyanne ikmanatama addict wena deyak ban. Crown ekak danawa kiyanne, aduma gaane casino floors 3 k wath enawa, oowage pokie machines 2000k wath wetey, kohomada Rs 5 coins walata pokie gahanna thibboth, kattiya noya indiyda?

    man kiwe mage suwadeena adahasa macahn .. eeth owa wala mila ganan wadi handa dupath aya yanwa adu weyi kiyala man hithnwa macahn :)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Umba kohomada kiyanne duppath aya yanne nethi wey kiyala? Casino kiyanne ikmanatama addict wena deyak ban. Crown ekak danawa kiyanne, aduma gaane casino floors 3 k wath enawa, oowage pokie machines 2000k wath wetey, kohomada Rs 5 coins walata pokie gahanna thibboth, kattiya noya indiyda?
    ගොඩක් උන්ට කැසිනඔ කිව්වම හිතන්නේ මතක් වෙන්නේ කොටි ගානක සල්ලි බ්‍රිෆ් කෙස් එකකුයි, කාඩ් කුට්ටමකුයි කරත්ත රොදෙ කැරකෙන දාදු කැට දෙකකුයි..

    ඔකනේ බන් අවුල..

    කිව්වත් වගේ 5-10 කාසි වලට පොකී මැශින් ආවොත් ලොවෙත් කාසියක් හොයාගන්න හම්බවෙන්නේ නැ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol:බලන් හිටපන් කට ඇරගෙන..යකෝ ආසියාවේ ලාස් වේගාස් macau.කැසිනෝ වැහි වැහැලා Macau වල..ලාස් වේගාස් වල තියෙන කැසිනෝ වලම branch තියෙනවා MGM වගේ කැසිනෝ වල පතාක යෝදයෝ..චීන්නු macau අත ලග තියාගෙන මේ ඔස්ට්‍රලියන් කාරයෙක්ගේ කැසිනෝ එකකට ලංකාවට එයි කියලද උබ කියන්නේ?නිකන් ගොන් කතා කියවන්නේ නැතුව හිටපන් බන්.:lol::lol:
    කැසිනො වානිජ මට්ටමට ලාබ ලබන්න කරන හැම රටකම කරන්නේ ඒවා හුදකලා කරලා, ලාස් වේගාස් ගත්තත් කාන්තාරයක්, සාමාන්ය ජන ජිවිතයෙන් ඇතක, මකාවු ගත්තත් දූපතක්.. ඔක තියන තැනක ජිවිතයක් නැ, සල්ලි වලට විකිනෙන්නේ නැති දෙයක් නැ. මොලේ කොලොප්පන් නායකයෙකුට හැර රටේ අග නගරේ හදවත මැද්දේ කැසිනො අටවන්න හිතෙන්නේ නැ.. රටේ අවසානය ඒකාන්තයි..

    සමහර මොඩ ගොන් මූසලයො සමාන කරන්න යනවා sporting star පොට් එකයි කැසිනො එකයි.. ගමේ හො නගරයක හන්දි ගානේ තියන turf accountants වගේ නෙමෙයි ජයට නැගලා යන කැසිනො, ඔක එකම වහලක් යට ඔනම කරන තුන හතරම තියනවා.

    බඩු ගැසීම, සූදු කෙලීම, බීම හා ඩ්‍රග්ස්..

    පට්ටා ආතල් මාලක වගේ උන්ට..
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කැසිනො වානිජ මට්ටමට ලාබ ලබන්න කරන හැම රටකම කරන්නේ ඒවා හුදකලා කරලා, ලාස් වේගාස් ගත්තත් කාන්තාරයක්, සාමාන්ය ජන ජිවිතයෙන් ඇතක, මකාවු ගත්තත් දූපතක්.. ඔක තියන තැනක ජිවිතයක් නැ, සල්ලි වලට විකිනෙන්නේ නැති දෙයක් නැ. මොලේ කොලොප්පන් නායකයෙකුට හැර රටේ අග නගරේ හදවත මැද්දේ කැසිනො අටවන්න හිතෙන්නේ නැ.. රටේ අවසානය ඒකාන්තයි..

    :yes:macau කියන්නේ පිස්සන් කොටුවක්..කිසිම පිළිවෙලක් නැහැ..අඩුම ගානේ හුජ්ජ කරන්න ටොයිලට් එකක් හොයාගන්න නැහැ..බීපු සූදු කෙලින උනුයි ,ගොන් බඩුයි,බඩු ගහන උනුයි තමා වැඩියෙන්ම ඉන්නේ..
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes:macau කියන්නේ පිස්සන් කොටුවක්..කිසිම පිළිවෙලක් නැහැ..අඩුම ගානේ හුජ්ජ කරන්න ටොයිලට් එකක් හොයාගන්න නැහැ..බීපු සූදු කෙලින උනුයි ,ගොන් බඩුයි,බඩු ගහන උනුයි තමා වැඩියෙන්ම ඉන්නේ..
    දැන් ලන්කාවේ උන්ට යන්න බැ කියලා නීති ගෙනාවට, ඔකට යන්න නම් පිට රට උන් එන්නේ නැ.. ඔක මත්තලට එහා විගඩමක්.. මොන හරකද කැසිනො ගහන්න තකහනියා මෙහෙ බඩ ගානේ.. ඔස්ට්‍රිලියාවේ තියනවා පලෙහා උන්ට, උඩ උන්ට, මකාවු, තියනවා ලොකුම උන් වේගාස් යනවා.. කීයටවත් වේගාස් ගිය එකෙක් ලන්කාවට එනවද කැසිනො ගහන්න.. මුන්ට පිස්සු.. ඔකෙන් අන්තිමට වෙන්නේ බිස්නස් නැති උන ගමන්, සහනදායි ක්‍රමේට ලන්කාවේ උන්වත් නිකන්ම ඇතුලට ගනියි.. ඔන්න බලපන්, මේ මොඩ ආන්ඩුව ලගදිම කැසිනො ගහන උන්ට කියලා වෙනම ලන්කා බැන්කුව, ඉතිරිකිරීමේ බැන්කුව වගේ එවලින් නයත් දෙයි.. එහෙව් පිස්සො ඉන්නේ මේකේ..
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ai adyapana amathi unahama boru kiyannama onida



    කැසිනෝ පුවත ගැන එස්‌බී මෙසේ කියයි




    "කැසිනෝ හොඳයි මමත් ගැසුවා" යන මැයෙන් තමන් ප්‍රකාශ නොකළ බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින" පත්‍රයේ ඊයේ මුල් පිටුවේ පළවූ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමක දැක්‌වේ.

    ඇමෙරිකාවේ ලාස්‌ වේගාස්‌වලට ගිය අවස්‌ථාවක තමාට කැසිනෝ මේසයක වාඩි වී සෙල්ලම් කිරීමට අවස්‌ථාව ලැබුණු නමුත් ඔට්‌ටු තැබීමක්‌ නොකළ බවද එහි දැක්‌වේ.

    බාර් එකක්‌, රේස්‌ ඔට්‌ටු පළක්‌ විවෘත කරනවාට වඩා දුප්පත් ජනතාවට වඩා මධ්‍යම පන්තික ජනතාවටත් යා නොහැකි තරු පහේ හයේ කැසිනෝ හෝටලයක්‌ දැමීම ජනතාවට හානි නොවන දෙයක්‌ බවද එහි දැක්‌වේ.

    දිසානායක මහතා අප වෙත එවා ඇති කරුණු පැහැදිලි කිරීමේ මෙසේ ද දැක්‌වේ.

    කැසිනෝ ලංකාවට ගෙනාවේත්, එය පටන් ගත්තේත් ඒක කිරි දීලා හැදුවේත් එක්‌සත් ජාතික පක්‍ෂයයි. කැසිනෝ රජා - ජෝසිම් ලංකාවට ගෙනාවේත් එක්‌සත් ජාතික පක්‍ෂයයි. ඒ කාලයේ මම කුඩා පොත් පිංචක්‌ මුද්‍රණය කළා. ඒකෙ නම "ජෝසිම් සහ ප්‍රේමදාස නඩය" මේ පොත පසු කාලයක ගාමිණි දිසානායක ඇමැතිවරයා ලක්‍ෂ ගණනක්‌ මුද්‍රණය කළා. ඒකේ ප්‍රේමදාස පවුලේ අයගේ ඡායාරූපයක්‌ තියෙනවා. ඒ වගේම ජෝසිම් සමඟ ඩී. බී. විඡේතුංග මහතාගේ ඡායාරූපයකුත් තියෙනවා.

    අපි ලංකාවේ සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු කරමින් තියෙන රටක්‌. ඒක නිවැරැදි තීන්දුවක්‌. ශ්‍රී ලංකාව වගේ රටකට කෘෂිකාර්මික පැත්තෙන් හෝ කාර්මික පැත්තෙන් සංවර්ධිත පොහොසත් රටක්‌ වෙන්න අමාරුයි. අපි සංචාරක ව්‍යාපාරය පැත්තෙන්, වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ පැත්තෙන් හා සේවා පැත්තෙන් ඉහළ ආර්ථිකයක්‌ හදාගන්න ඕන.

    මෙහිදී විදේශීය බලවත් ධනවත් ව්‍යාපාරිකයන් අපේ රටට ගෙන්වා ගන්න අවශ්‍ය නම් කැසිනෝ වගේ ක්‍රීඩා පහසුකම් සහිත ඉහළ මට්‌ටමේ හෝටල් ලංකාවට අවශ්‍යයි. ලෝකයේ ලොකු ව්‍යාපාරිකයන්, ධනපතියන් හවසට රුපියල් ලක්‍ෂ පහක දහයක ඔට්‌ටු අල්ලන්න හා ඒකෙන් සතුටු වෙන්න, ඒ වගේම මනසට සහනයක්‌ ලබාගන්න කැමතියි. ඒ වගේ අයට ලක්‍ෂ පහක්‌ දහයක්‌ කියන එක ලොකු ගණනක්‌ නෙවෙයි.

    අපේ රටේ ඉතා ලොකු ව්‍යාපාරිකයන්ගෙන් ඇතැමුන් හැමදාම කිසියම් ස්‌ථාවර මුදලක්‌ ර. 50,000 ක්‌ පමණ රේස්‌ ඔට්‌ටු අල්ලනවා මම දන්නවා. ඔට්‌ටු සැල් පවත්වාගෙන යන අයත් මම දන්නවා. ඒ අය ලංකාවේ හොඳ සිංහල බෞද්ධයෝ. ඒ වගේම අපේ රටේ දිනපතා රුපියල් හාර පන් දහසක ස්‌වීප් ටිකට්‌ ගන්න අයත් එම ස්‌වීප් හැමදාම උදේ පාන්දර ඇදිලද නැද්ද කියලා බලන බවත් මම දන්නවා. කැසිනෝ වගේම මේ ස්‌වීප් මිලදී ගැනීමත්, රේස්‌ දැමීමත් මිනිසුන් විනාශ වෙන්න පුළුවන් සූදු බව අපි හොඳින්ම මතක තියාගන්න ඕන.

    පසුගිය සිංහල අලුත් අවුරුද්දට අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා අපි රු. 50/- ට 100/- ට පංච දැම්මා. අපේ ගෙදර සහෝaදරියන්, ඒ අයගේ ස්‌වාමිවරු සහ බිරින්දැවරු වගේම ඒ අයගේ දරු මුනුබුරන් සේරම වටවෙලා පංච දැම්මා. අපි ඒකෙන් ලොකු සතුටක්‌ ලැබුවා.

    මම මේ අවුරුද්ද මුල ඇමරිකාවේ ලාස්‌ වේගාස්‌වලට ගියා. ලාස්‌වේගාස්‌වල හැම හෝටලයක්‌ම අතිවිශාල වශයෙන් කැසිනෝ ක්‍රීඩාව තියෙන හෝටල්. අපි එහේ ගියේ මිස්‌ යුනිවර්ස්‌ තරගයට අපේ ළමයෙකුත් සහභාගි වූ නිසයි. එහිදී මම කැසිනෝ ක්‍රීඩාව දැක්‌කා. මම ඒ කැසිනෝ මේසයක ඉඳගත්තා. ඒ මේසේ එකට එකක්‌, එකට දෙකක්‌, එකට පනහක්‌, සීයක්‌ වැනි තෑගි හම්බවෙන කොටු තියෙනවා. එකට එකක්‌ ලැබෙන ඔට්‌ටු තිබ්බොත් ඒවා දිනන්න තියෙන සම්භාවිතාවය 60% ක්‌ 70% ක්‌ වෙනවා. ඉතින් මම එකට එක දිනුම් ලැබෙන කොටුවල ඩොලර් එකක්‌ ගණනේ තිබ්බා. ඒ මේසය මෙහෙයවන ළමයි මට එකට සීයක්‌ පනහක්‌ හම්බවෙන කොටුවල ඔට්‌ටු තියන්න බල කළා. මම එහෙම කළේ නැහැ. එකට එක තියලා දිනලා මම ලොකු සතුටක්‌ ලැබුවා.

    විනාශ වෙන මිනිහට ස්‌වීප් අරගෙන, රේස්‌ දමලා, ගංජා ගහල, කසිප්පු බීල, විනාශ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැති මිනිස්‌සු කැසිනෝ ගැහුවත් විනාශ වෙන්නේ නෑ. අපි ලෝකයේ ධනවත් බලවත් ව්‍යාපාරිකයන්, සංචාරකයන් ලංකාවට ගෙන්න ගන්න හිතනවා නම්, සංචාරක ව්‍යාපාරය අපේ ප්‍රධාන ආදායම් මාර්ගයක්‌ කරගන්න හිතනවා නම්, කැසිනෝ වැනි ක්‍රීඩා පහසුකම් සහිත හෝටල් ලංකාවට අවශ්‍යයි. එක බාර් එකක්‌ විවෘත කරනවාට වඩා, රේස්‌ ඔට්‌ටු පොළක්‌ විවෘත කරනවාට වඩා තරු හයේ හතේ කැසිනෝ හෝටලයක්‌ දැමීම ජනතාවට හානියෙන් අඩු දෙයක්‌ බව පැහැදිලියි. මොකද ඔය තරු හයේ හතේ හෝටල්වලට දුප්පත් මිනිහෙකුට තබා ඉහළ මධ්‍යම පාංතිකයෙකුටවත් යන්න බැහැ.

    ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා එතුමා කවදාවත් කැසිනෝ ලයිසන්, බාර් ලයිසන් අලුතින් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා බය වෙන්න දෙයක්‌ නැහැ. යෝජිත මේ හෝටලේ ඉදිවෙන්නේ ලෝකයේ මහා ධානපතියන් සඳහායි. ඒ තුළින් අපේ හාරදහසකට පන්දහසකට අලුතෙන් රැකියා ලැබෙනවා. අපට බලවත් ධනවත් සංචාරකයන්ගේ පැමිණීම හරහා අලුත් ආයෝජන ඉඩ ප්‍රස්‌ථා ඇති වෙනවා. ඒ තුළින් අපේ සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා.

    දිවයින වාර්තාකරුගේ සටහන (

    මා විසින් ලියන ලද ප්‍රවෘත්තියේ සඳහන් කරුණු සියල්ලම පාහේ ඇමැතිතුමා මා සමග දුරකථනයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී ප්‍රකාශ කළ නමුත් "කැසිනෝ ක්‍රීඩාව හොඳයි" යන වචනය වෙනුවට ඔහු වෙනත් වචනයක්‌ යොදන්නට ඇතැයි යන්න මගේ හැඟීමයි.





    divaina





    :lol::lol::lol::lol::lol::lol:




    දැන්වත් අට පාස් නැති ඇමතියොන්ට කඩේ නොයා හිටපන්..උන් මේ කියන දේ මේ වෙනස් කරනවා..:lol::lol::lol::lol:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :lol:
    ඕකයි අර පොන්න බන්දුලයයි දෙන්නම එකයි බන් ..

    අපො මතක් කරන්න එපා ඔය ගූ සූඩයියා බන්දුලයට හරකෙකුට තරම් වත් මොලයක් නැ :lol:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ඊයේ සිරස සටනට ආව අරුන්දික කිව්වා එයත් ඕස්ට්‍රේලියා ගිය වෙලාවේ කැසිනෝ එකකට ගියා කියල. :baffled: