කැළණි_ගඟේ ජල මට්ටම ඉහළට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,359
    113
    කැළණි_ගඟේ ජල මට්ටම ඉහළට

    කැළණි ගඟේ ජල මට්ටම ඉහළට

    පවතින වැසි සහිත කාලගුණයත් සමග කැළණි ගඟේ ජල මට්ටම ඉහළයාමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් කැළණි ගඟ භාවිත කරන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.

    දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, වයඹ, උතුරුමැද, නැගෙනහිර, දකුණ, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වලට විටින් විට තද සුළං ඇති විය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ.

    මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. නායයෑම සකී‍්‍රය වී ඇත්තේ හැටන්, ස්ටැඩන් වත්ත ප‍්‍රදේශයෙන්. මාර්ගයට පස්කදු කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එහි ගමනා ගමන කටයුතුවලට අද (17) උදැසන පැය දෙකක පමණ බාධාවක් සිදුවුණා.

    මාර්ගය යථාතත්ත්වයට පත්වන තෙක් විකල්ප මාර්ග ලෙස පැරණි කොළඹ මාර්ගය භාවිත කරන්නැයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

    neth
     
    • Like
    Reactions: ChoraKolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ අයෙ ගලයිද මන්ද,මේ තිරිසන්නු දෙන්න ආව දවසෙ ඉදන් රටම විනාශ වෙනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වහිනකොට ඉහල යනව ඊට පස්සෙ කුණු එනව පායපු ගමං වතුර නැතුව යනව ඊට පස්සෙ ලුණු එනව :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ අයෙ ගලයිද මන්ද,මේ තිරිසන්නු දෙන්න ආව දවසෙ ඉදන් රටම විනාශ වෙනව..

    හම්බෝ ඉරෝසන්ට කැලණි ගඟ දෙපැත්තෙ ඉන්න මිනිස්සු ගැන තියෙන අනුකම්පාව :baffled: ඇත්තමයි මේ වගේ උණු වෙන හිතක් තියෙන ඔයා වගේ අය රටටම වාසනාවන්. හැමෝම ඉරෝසන් වගේ වුනා නං මේ සමාජය කොච්චර ලස්සන තැනක් වෙයිද. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හම්බෝ ඉරෝසන්ට කැලණි ගඟ දෙපැත්තෙ ඉන්න මිනිස්සු ගැන තියෙන අනුකම්පාව :baffled: ඇත්තමයි මේ වගේ උණු වෙන හිතක් තියෙන ඔයා වගේ අය රටටම වාසනාවන්. හැමෝම ඉරෝසන් වගේ වුනා නං මේ සමාජය කොච්චර ලස්සන තැනක් වෙයිද. :)

    පව් ඒ අහිසක මිනිස්සු , මේ කාලකන්නි රනිලගෙයි සිරිසේනයගෙයි තියෙන සාපෙට වන්දි ගෙවන්ඩ වෙන්නෙ ඒ මිනිස්සුන්ටනෙ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පව් ඒ අහිසක මිනිස්සු , මේ කාලකන්නි රනිලගෙයි සිරිසේනයගෙයි තියෙන සාපෙට වන්දි ගෙවන්ඩ වෙන්නෙ ඒ මිනිස්සුන්ටනෙ...

    :baffled: :baffled:
    අම්මප සහතික ඇත්ත. මේ එතකොට මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලෙ ආපු ගංවතුරවල් ආවෙ කාගෙ කාලකන්නි කමටද බං ? නිකං දැනගන්න අහන්නෙ දන්නැති හින්ද :baffled:
     
    Aug 17, 2018
    75
    5
    0
    පව් ඒ අහිසක මිනිස්සු , මේ කාලකන්නි රනිලගෙයි සිරිසේනයගෙයි තියෙන සාපෙට වන්දි ගෙවන්ඩ වෙන්නෙ ඒ මිනිස්සුන්ටනෙ...
    මෝඩ යකෙක් මූ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif