කෑම මාර ලාබයි අප්පා මාර රසයි

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෑම මාර ලාබයි අප්පා මාර රසයි

    තෙඩ් එකක් දාන වෙලාවක් නොවුනත්
    මේක නොදාම බෑ
    පොඩ්ඩක් පරක්කු වලා පන්ති යනවා මේක දාලා

    මම සාමාන්‍යයෙන් උදේට ව්‍යායාම පිනිස ඇවිදින්න යනවා
    මේ යනඑන ගමන් තමයි උදේ ආහාරයට කෑම පාර්සලයක්
    පත්තරයක්
    දහවල් ආහාරයට උයන්න දේවල් ගේන්නේ
    හැමදාම දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා වගේ
    හැමදාම එකම පාරේ ගිහින් එපා වෙලා හිටියේ
    අද පොඩ්ඩක් ටැක් එක වෙනස් කලා
    වෙනදා යන්නේ නැති පාරක අද ගියා

    අවුලක් නෑ සුදෝ සුදු පාසල් ඇදුමෙන් සැරසුනු මානවිකාවියන් පාරෙ දෙපස
    දිව්‍යාංගනාවෝ වැඩලා වගේ පාරේ දෙපස ඔපිස් යන අක්කලා වාහන එනකන් ඉන්නවා
    මල්වත්තක් මැදින් යනවා වගේ සුවදයි

    (වෙලාවට යටට ඇඳ ගෙන ගියේ)

    කොහොමින් කොහොම හරි ගමානාන්තය ලගා වුනා
    කෑම එකක් ගන්න කඩයක් වට පිට බැලුවා
    එකම එක කඩයක් ඇරලා
    ටිකක් පිරිසුදවට තියනවා වගේ
    කිට්ටු කරලා බැලුවා
    කෑමත් තියනවා
    සෙනගත් අඩුයි

    "මාලු කෑම එකක් පාර්සල් දෙන්න"

    "කොලුවෝ මේ මාත්තයට මාලු කෑම එකක් පාර්සල් දෙන්න"

    ටික‍ වේලාවකින් ‍කොල්ලා ගෙනාවා කෑම එක

    "කීයද මුදලාලි ගාන"

    "රුපියල් 180යි"



    මගේ ඇස් උඩ ගියා

    ඒක්ටා ෆිෂ් කරි මහත්තයා ඒකයි ටිකක් ගාන වැඩි


    මම මුදල් ගෙවලා කෑම එකත් අරන් බෝඩිමට ආවා

    වොෂ් එකක් දාලා

    කෑම එක දිග ඇරලා බැලුවා

    ඒකේ තිබ්බේ

    පොල්සම්බෝලයක්

    ලීක්ස් කැරට් යෙදූ බැදුමක් (ඊයේ කොත්තු ගහන්න කපලා ඉතුරු උන ඒවද මන්දා)

    පරිප්පු යැයි කිව හැකි හොද්දක්

    මාලු හොදි ටිකක්

    වම්බොටු මාලුවක

    පොඩි මාලු කෑල්ලක්
    (මිරිසට හදලා)
    ඔන්න ඔච්චරයි කෑම එක


    මම වෙනදා කන්නෙත් මේ වගේ කෑම එකක්
    රුපියල් 60යි
    හැබැයි ඒකේ
    පොල් සම්බෝල
    බැදුමක්
    පරිප්පු මාලුවක්
    ඇඹුල් තියල් මාලු කෑල්ලක්
    කට්ලට් එකක්
    තියනවා

    බඩ පිරෙන්න බතුත් තියනවා හැටේ කෑම එකේ


    මුන් පුදුම ගසා කෑමක් කන්නේ

    උදේ කෑම එකට 180 ක්

    මුන්ට මේවායින් මාර ලාබ තියෙන්නේ


    මේ ලගදි දවසක් මං පිටකොටුව ගිය වෙලාවේ

    බඩගිනි වැඩි කමට කන්න
    සිංහල හොටලයකට රිංගුවා (ජාතිවාදය නෙවෙයි බන් ඒවා මෙතෙන් ට ගාව ගන්න එපා)

    ෆයිඩ් රයිස් එකක් ගේන්න කිවම

    කෙසෙල් කෝලේ ඔතපු කෑම එකක් ගෙනවිත් දුන්නා

    කෙසෙල් කොලේ කෑම එකක් කාපු කාලයක් මතක නැති නිසා මාත් ආසාවෙන් ලෑස්ති වෙලා කෑම එක දිග ඇරියා

    එලවලු බත් එකක් (ඒකට ෆයිඩ් රයිස් කියන්න බෑ බිත්තර දාලා තෙල් දාලා නෑ)
    චිකන් කෑල්ලක්
    බිත්තරයක්
    චිලී පේස්ට් ටිකක් (උම්බලකඩයි+ලූණූ+කෑලි මිරිස් විතරි තිබ්බේ ඉස්සෝ නෑ)

    කන්න පටන් ගත්තා

    විශේෂ රසක් නෑ කෙසෙල් කෝලේ එතුවා කියලා
    මං හිතන්නේ මේවා පරණ කෙසෙල් කොල
    කොළඹ කොහෙන්ද අලුත් කෙසෙල් කොල කපාගන්න කෙසෙල් ගස්



    කොල්ලා බිල් එක ගෙනාවා
    කීයද දන්නවද 320

    මං ජින්ජර් බියර් එකකුත් ගත්තා ඒකට 40ක් අඩු කලොත්
    කෑම එකට රුපියල් 280 ක් වෙනවා


    ඊට වැඩිය හොඳ ෆයිඩ් රයිස් තියනවා රුපියල් 180 ට
    කෙසෙල් කොලේට වැඩිපුර 100ක් අරන්
    මට ඒක කන්න අමතක වුනා

    මේ කඩ කාරයෝ ගසා කනවා
    කෑම වලින් පුදුම ලාබ තියා ගන්නේ
    උන් හිතන් ඉන්නවා ඇත්තේ මිනිස්සු කෑම කන්නේ ආතල් එකට වෙන්න ඇති කියලා


    මේ ගොඩක් තැන් වල රසකාරය අමරෙට යොදනවා (දැන දැන කනවා වෙන කරන්න දෙයක් නැති නිසා)

    හැබැයි

    තව පොඩි අත්දැකීමක් ආවා

    දැන් ගොඩක් හංදි වල තියනවා සීවලි රතු කැකුලු බත් කඩ
    මාතර රතු කැකුලු බත් කඩ

    අනිත් කඩ වගේ ලස්සන නෑ

    බිත්තිය වටේට ලැලි ගහලා පොඩි පොඩි බංකු තියලා තියෙන්නේ වාඩි වෙන්න

    මේ කැම වලට රසකාරක දාන්නේ නැහැල්ලු

    හැබැයි කෑම හොඳ ස්වාභාවික රසයක් තියෙනවා

    මේක කරන්නේ සිංහල කොල්ලෝ සෙට් එකක්

    උදේ කෑම එකක් 50යි
    දවල් කෑම එකක් රුපියල් 70යි
    රෑ කෑම එකක් රුපියල් 70යි

    කෑම පුලු එකකට තව වැඩිපුර දහයක් ගන්නවා
    කෑම පුල් එකක් දෙන්නෙකුට කන්න පුලුවන්

    කඩේ ලස්සන නවීන පන්නෙට නෑ
    හැබැයි පර්ස් එකට ලාබයි

    මම නම් ආයේ කොච්චර බඩගිනි උනත් යන්නේ මේ වගේ කඩ වලට තමා

    අර ලොකු ලොකු කඩවලට ගියහම අපිව සූරන් කාලා උන් බෙන්ස් ප්‍රාඩෝ ගන්නවා

    දුප්පත් කමින් අත් මිදිලා ජීවිතේ ජයගන්න
    හොරමැරකම් නැතුව මේ කොල්ලෝ ගන්න උත්සහයට උදව් වෙන්න ඕනි නිසා

    මම නම් ආයේ කෑම කන්නේ රතු කැකුලු බත් කඩ වලින්
    මනුස්සකම් දන්න කොල්ලෝ ටිකක් ඉන්නේ කඩේ

    ලූණු ගෙඩියක් කෑලි කපල ඉල්ලුවම සල්ලි ගන්නේ නැතුව ඒකත් දෙනවා
    සමහර කොල්ලන්ට ගෙදරින් සල්ලි දානකන් කැම කන්න සල්ලි නැති වුනහම මුන් නිකන් කෑම දෙනවා පස්සේ සල්ලි දෙන්න කියලා
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1


    (වෙලාවට යටට ඇඳ ගෙන ගියේ)

    කොල්ලා බිල් එක ගෙනාවා
    කීයද දන්නවද 320

    මං ජින්ජර් බියර් එකකුත් ගත්තා ඒකට 40ක් අඩු කලොත්
    කෑම එකට රුපියල් 280 ක් වෙනවා


    (වෙලාවට යටට ඇඳ ගෙන ගියේ)
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අම්මේ බ්න් ඔය 280ක් දීල එහෙම කනවට වඩා හොදයි MC ගිහින් කන එක
    :shocked::shocked::shocked::yes::yes::yes:
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අයියෝ සල්ලි කියලා තමයි කියන්න වෙන්නේ

    නෑ මචන් "කාල හමාරයි" කියන්න වෙන්නෙ 280ට බත් කන්න ගියොත්!" :D
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    "උදේ කෑම එකක් 50යි
    දවල් කෑම එකක් රුපියල් 70යි
    රෑ කෑම එකක් රුපියල් 70යි" watinawa ne
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    "උදේ කෑම එකක් 50යි
    දවල් කෑම එකක් රුපියල් 70යි
    රෑ කෑම එකක් රුපියල් 70යි" watinawa ne

    ඔව් බන් දවසම රුපියල් එකසියඅනූවට ෂේප් කර ගන්න පුලුවන්
    අනික මේක මාලු කෑම එකක්
    කෑම එකත් රසයි
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ඔව් සමහර ඒවා තියෙනවා ගාන විතරයි..ගොඩක් මාතර බත් කඩ වල කෑමත් හොදයි මිලත් පහසුයි මම නම් නුගේ ගොඩ කෑම ගනන්වනම් පොඩි පාලම කියල තැනක් තියෙනව ගමේ සෙට් එකක් කරන්නේ couple 2 ක් එතනින් හරි සෝලාගේ class එක ඉස්සරහ තියෙනවා පට්ට කඩයක් එතනින් හරි තමයි කන්නේ...town hall නම් 90 කඩේ...බම්බා නම් බිලාල් තමයි...බොරැල්ලේ උදයගිරි එකෙන් නම් කන්න එපා ගාණත් වැඩි කෑමත් chater මට බඩේ අමාරුවකුත් සෙට් වුනා :D බොරෙල්ලේ පට්ට place එකක් තියෙනව මාතර බත් කදෙටම ඉස්සරහ ඒ තැන් දෙකම හොදයි...තලාහෙනේ නම් 70 කඩයක් තියෙනව curries දෙකක් එක්ක fried rice එකක් 70යි..දැන්නම් ඉතින් ඔහම එක එක තැන වලින් කන්න වෙන්නේ නෑ අසා වකට වත් අම්ම හදල දෙන දෙයක් තමයි :)

    මාතර බත් කඩ වල වෙනස මේකයි උන් වේලට සැහෙන්න උයන්නේ....අනිත් ගොඩක් ඒවගේ කොත්තු වුනත් කපල ශීතකරණයේ දාල තියෙන්නේ බත් වුනත්...හවසට අරන් fried rice වලට දෙන්නේ ඒවා හොදට රත් වුනාම හොයන්න බෑ ...මගේ යාලුවෙක් ඉන්නවා හොටෙල් එකක වැඩ කරන dial එකක් උඕ නිසා ඉතින් මට හොටෙල් වල උයන place වලට යන්න සෙට් වෙලා තියෙනව..

     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රත්තරං;14000863 said:
    අහල පහල කැම්පස් එකක් තියෙනවනම් ඒ ලග කඩ අල්ලපන්කෝ.. මාර අඩුයි ගනන්.

    මම දවසක් මොරටුව කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ආපු වෙලාවේ
    ඒකේ හිටිය ලයිකා කියන අයියයි වලා කියන අයියයි සෙට් වුනා අහම්බෙන්
    කලින් අදුරන් හිටියේ නෑ
    ඇතුලෙදි සේට්වුනේ
    ඊට පස්සේ කැංටිමට ගිහින් කෑවා

    ගාන පට්ටෙට අඩුයි නේ බන්