කිටී බී ගෙ කතා (**part2**)
සාලයෝ හොද්ද ලිපේය.වෙනදාට දවල් ආහාරයට උඩගු බවින් යුක්තව හිස කෙලින් තබාගෙන එන කිටී.බී පේන්නට නැත.අම්මා ගේ මුහුණ ද ශෝකයෙන් බර වී ය.බැරිම තැන අම්මා ද අහර නොගෙන නිදන්නට විය.වැහි බීරුමත් ,සුළඟත් නිසා අම්මා ගේ නින්ද අධික විය.හැන්දෑවේ අවසන් අවු රැල්ල ගෙවී යන්නට පෙර අම්මා අවධි විය.
කිටී බී මුණු මුණු ගාමින් මොනවාදෝ දොඩවනු පෙනෙයි.වේවැල් පුටුවකට නැගි හෙතෙම විටින් විට කිවිසුම් හරියි.කොට්ටා සහිත අත්වලින් නාසය පිසියි.බිම බැලූ විට නාසයෙන් හොටු ගලන හෙයින් කොට්ටා සහිත අතින් නාසය පිසියි.අමතකව යලිත් බිම බලයි.දෑසේ තිබූ කාන්තිය රෙදි සේදුම් කුඩු දමා අතුල්ලා ඉවත් කළාක් මෙනි.
කිටී.බී ලෙඩ වීලාය.
‘මට ලේන්සුවක් හොයල දෙන්නකෝ’
එවර ආයාචනයකි.ඇහිල්ලක්,බැලිල්ලක්,සිතුවිල්ලක් නොමැතිව අම්මා මගේ ලේන්සුවක් කිටී.බී ට පරිත්‍යාග කළේ හිඟන්නෙකුට දානයක් දෙන්නාක් මෙනි.එතරම්ම අනුකම්පාවෙනි.කොට්ටා සහිත අත්වලට ලේන්සුව හිර කර අල්ලා ගත් කිටී බී දිය ඇල්ලක් මෙන් වැගිරෙන හොටු පිසියි.කිවිසුම් අරියි.දොඩවයි.වැළැපෙයි.කාගෙදෝ නමක් කියමින් සාප කරයි.
රාත්රිිය උදා වන විට තත්ත්වය වඩාත් දරුණු අතට පෙරලුනි.හෙම්බිරිස්සාව මදිවාට දැන් ඔහුට උණ ගැනී ඇතුවාය.
‘අයියෝ මාව මැරෙනකන්ද ඔහේල බලන් ඉන්නෙ?’
‘මාව ඛේමා ඩොක්ට ළඟට ගෙනියන්නෝ….’
‘මට නම් තව ඉන්න බැරියෝ…’
කිටී බී මුළු ගමටම ඇසෙන තරම් හයියෙන් හඬා වැළැපෙමින් කෑ ගසන්නේ මරණයේ දූතයෝ ගෙයි උලුවස්ස ළඟ ඈන තියාගෙන ඉන්නවා දුටුවාක් මෙනි.
යමු කීවාට කිටී බී හෙලවෙන පාටක්වත් නැත.
‘මාව පයින් එක්ක යන්නද හදන්නෙ?අනිල් අයියට ත්‍රීවීල් එක අරන් එන්න කියන්න’
‘මාව මරා ගන්නද ඔහේලා හදන්නෙ?’
ඔහුගේ අරමුණ ත්‍රීවීලයේ නැගී බහෙත් ගෙන ඒමට යාමය.දොඩම් ගෙඩි 6 ක් එකට තැබුවත් කිටී බී ගේ උස ගණනය කිරීමට වැඩිය.ත්‍රීවීලය දොඩම් ගෙඩි 100 පමණ උසය.මේවා කිටී බී ට කීමට බැරි තරමට අපි නෝංජල්ය.අසරණය.
ඛේමා බෙහෙත් දුන්නේ පෙතිත්,කරලුත් ස්වල්පයකි.බීමට රස පැණියකි.කොරෙක්ස් ඩී මේස් හැදි 2 බැගින් දවසට තෙවරක් .වෙන්ටලින් ද,පැරසිටමෝල් සමඟ කහ පාට කුඩා පෙත්තකි.
කිටී බී බෙහෙත් ගැන ද දනී.
‘මම කොරෙක්ස් ඩී බොන්න නම් ආසයි.’
‘පැනඩෝල් 2 ක් මට වැඩිත් එක්ක’
බෙහෙත් බිව් පසු ඔහුගේ නොනවතින කියවිල්ල නතර විය.මාළු සමඟ බත් ඉල්ලා පොළොවේ හැපෙන්නට විය.කැලෙන් මොනවාදෝ කොළ වර්ගයක් ගෙනවිත් මැල්ලුම් හදා දෙන්නයි අම්මාගෙන් ඉල්ලා සිටියි.ඒ මදිවාට බීමට කොළ කැද ද ඉල්ලයි.කැද බීමට කිතුල් හකුරුද තිබිය යුතුය.දැන් ඔහුට ඇත්තේ පුදුමාකාර බඩගින්නකි.නිතර කේන්ති යයි.උඩගුකමෙන් තෝරා බේරාගෙන කෑම කෑ බළල් තඩියා දැන් ඕනෑම දෙයක් ආහාර පිණිස ගනී.මොබයිල් ෆෝන් චාජර්,හෑන්ඩ් ෆ්‍රී ආදී ඕනෑම කුඩා වයර සැනින් කා දමයි.දැන් නිවසේ කිසිදු ෆෝන් චාජරයක් නැත.හේ සියල්ල අහරට ගෙන අවසානය.
කාංචනා අමිලානි

Last edited: