කියවපල්ලා

(හෝව් හෝව්,මේක දැක්ක ගමන් දුවන්න හදන්න එපා,ටිකක් කියවලා බලන්න):frown:.ඇත්තටම ඔයාලගේ ආකල්ප වෙනස් වෙයි.:yes:ත්‍රෙඩ් එක ටිකක් දිගයි.ඒ උනාට එපා වෙන එකක් නැහැ.:)

****************************

මේ අබුද්ධස්ස කාලේ හින්දා කට්ටියට අපි කවුරුත් ප්‍රාර්ථනා කරන "නිවන" ගැන නොදන්න කරුණු කාරණා ටිකක් කියලා දෙන්න හිතුව.
ත්‍රෙඩ් එකේ නමට "නිවන" කියලා දැම්මේ නැත්තේත් අපේ අයියලා බණ අහන්න කැමති නැති නිසා සහ මේවා කියවන්න අකමැති නිසා.:D

**********
මේක ටිකක් වෙනස්.ඒ කියන්නෙ බලන ඔබතුමන්ලාට එපා නොවෙන විදියටයි ලිව්වේ.
**********
නිවන කියන වචනයේ තේරුම මම මෙතන කථා කරන්නේ නැහැ.මොකද අපි හැමෝම දන්න දෙයක් නිසා.
මේක ඇත්තටම නිවන ලබාගැනීමේ වටිනාකම සහ ලබාගන්න කොයිතරම් අමාරුද කියන එක ගැන බොහොම සරලව කියන්නයි යන්නේ.(මේවා සරලව පෙනුනට බොහොම ගැබුරුයි.ඒ නිසා මතුපිටින් බලලා හිනා වෙන්නෙ නැතුව සිහිබුද්ධියෙන් කල්පනා කරලා බලන්න)
ඕන්න අහගන්න.

********
********

"ඔබේ හැදි වත හෝ හිස ගිනිගත් විට ඔබ මොකක්ද කරන්නේ?"
.
බොහොම සරලයි,ඒක නිවාගන්න උත්සාහ කරනවා.:)
.
නමුත් ඔබ වැරදියි.:no:
.
"ගිනිගන්නා වූ හැදි වත හෝ හිස ගැන හෝ කල්පනා නොකොට අවසාන මොහොතේදී පවා 'චතුරාර්ය සත්‍යය' අවබෝධ කරගන්න උත්සාහ කළ යුතුයි."
ඒ මොකද,ඔබට සිදුවිය හැකි ලොකුම නපුර නම් එක්වරක් මරණයට පත්වීම පමණි.ඒ අවස්ථාවේදී හෝ ඔබ උතුම් ආර්ය සත්‍යය අවබෝධ කරගත්තේ නම් ඔබට නැවත මරණයක් නැත.

********
********

වරක් බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේක.
.
"වසර 100ක් ආයු ඇති පුරුෂයෙක් හමුවට පැමිණෙන කෙනෙකු,'මම ඔබට දිනපතා හෙලි පහරවල් 100 බැගින් උදේ,දවල්,රාත්‍රී යන තුන් වරුව පුරාම ලබා දෙමි.මෙසේ වසර 100ක් අවසානයේ මම නුබට නිර්වාණය ලබා දෙමි.'" යයි පැවසුවහොත් එයට කැමති වීම සැපකි.මන්ද ඔබට ඉපදෙන ඉපදෙන සෑම ආත්මයකම දුක් විද මරණයට පත් වනවාට වඩා එක ජීවිතයකින්ම නිවන අවබෝධ කරගැනීම කල හැකි බැවිනි.
නමුත් බුදුරජාණන් වහන්සේ මෙසේත් දේශනා කරනවා.
"එහෙත් මම මෙසේ දුකින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට නොකියමි.සුඛයෙන් සොම්නසින්ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට කියමි."
.
.
මෙන්න නිර්වාණය ලබාගැනීම ගැන තියෙන හොදම හැදින්වීම.මේක ආනන්ද තෙර සහ බුදුරජාණන් වහන්සේ අතර ඇති වුණ දෙබසක්.
.
දිනක් විශාලා මහනුවර පිඩු සිගා වඩින ආනන්ද තෙරණුවෝ,දුනු ශිල්පය ඉගෙනගන්නා ලිච්චවි කුමාරවරුන් විසින් එකක්වත් නොවැරදී යතුරු සිදුරකින් නික්මී යන සේ හී විදිනු දැක විහාරයට පැමිණි කල ඒ බව බුදුරජාණන් වහන්සේට සැල කළහ.
.
එවිට බුදුරජාණන් වහන්සේ,"ආනන්දය,දුර සිට ඔබ කියූ පරිදි හීයක් විදීමද,අශ්වයෙකුගේ ලොමක් 7කට පලා,ඉන් එක් පලුවක් බඹ ලෝක 500කින් එහා තබා එහි කොණට වැදෙන සේ 7කට පලාගත් අශ්ව ලොමකින්ම විදීමය යන දෙකින් කවරක් දුෂ්කර වන්නේ ද?"
.
"ස්වාමීනී!7කට පලාගත් අශ්ව ලොමකින් බඹ ලොව 500ක් එහා ඇති අශ්ව ලොමට විදීම අපහසු වන්නේය."
.
"ආනන්දය,යමෙක් චතුරාර්ය සත්‍යය අවබෝධ කරයිද,එය දුර තිබෙන අශ්ව ලොම කොණට අශ්ව ලොම පලුවකින් නොවරදවාම විදීමටද වඩා දුෂ්කර වන්නේය."
.
.
දැන්වත් අයියලාට තේරුණාද නිවන් ලබාගන්න එක කොයිතරම් අමාරු දෙයක්ද කියලා.:)ඒක නිසා පින් කරන්න අතපසු කරන්න එපා.
බුදු සරණයි.:)
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඇත්ත කතාව මචෝ,එත් මම නම් කියන්නේ මිනිස්සුන්ව නිවන් දක්කන්න කලින් හරියට සමාජයේ ජීවත් කරවන්න උගන්නන්න ඕනේ.:frown:
    මේ දවස් වල වෙන දේවල් හැටියට මේ සමාජයේ ඉන්නේ මිනිසුන්ද නත්නම් මිනිස් වෙසින් ඉන්න යක්කුද කියල හිතෙනවා බන්:no:
    බලපන් අර බික්ෂු ගාතනය,යකෝ නිදන් ගන්න මේ උදේ හවස පන්සලේ හිටපු හාමුදුරුවන්ව මරල තියෙන හැටි:dull::(
    +rep
     
    ඇත්ත කතාව මචෝ,එත් මම නම් කියන්නේ මිනිස්සුන්ව නිවන් දක්කන්න කලින් හරියට සමාජයේ ජීවත් කරවන්න උගන්නන්න ඕනේ.:frown:
    මේ දවස් වල වෙන දේවල් හැටියට මේ සමාජයේ ඉන්නේ මිනිසුන්ද නත්නම් මිනිස් වෙසින් ඉන්න යක්කුද කියල හිතෙනවා බන්:no:
    බලපන් අර බික්ෂු ගාතනය,යකෝ නිදන් ගන්න මේ උදේ හවස පන්සලේ හිටපු හාමුදුරුවන්ව මරල තියෙන හැටි:dull::(
    +rep

    ඒක ඇත්ත මචන්.ඒත් අපි හැමෝටම දැන් මේ දේවල් අමතක වෙලා ගිහින්.ඒක නිසා පුලුවන් විදියට හොදින් ජීවත් වෙන්න ඕනේ.ඔය මොන සෙල්ලම් දැම්මත් අපි හැමෝම අන්තිමේදි ප්‍රාර්ථනා කරන්නේ මේ දේනෙ.:)..Thanks.රෙප්+