කිරිපිටි බොන අය එන්නකෝ!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ තියෙන්නේ Government Medical Officers' Association (GMOA) එකේ official videos.
    මේ videos ටික හොයලා දාන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න!
    මම මේවා 2019 මුල වගේ බලලා තමයි කිරිපිටි බිම නතර කරලා දැම්මේ.
    2020 මුල් කලේ වගේ වෙද්දී, කිරි පිටි බොන්න එපා කියලා GMOA එකෙන් ලොකු කැම්පේන් එකක් කළා.
    වැඩමුළු පවා තිබ්බා ඒවා GMOA official Facebook page එකේ පවා ගියා.
    හදිසියේම කොරෝනා ආවා, ඒක එහෙමම නතරවෙලා ගියා මම දැක්ක විදිහට.

    මේවා බලන්න. මේ GMOA official channel එකේ තව videos ඇති මේ සම්බන්දව. ඒවා දැක්කොත් මෙතන දාන්න.

    https://www.youtube.com/watch?v=kEedfxv9dgQ

    ----------------

    දැන් මේක කියවන "මම ආණ්ඩුවට කඩේ යන්න මේවා දාන්නේ" කියාගෙන දුවගෙන එන මෝඩයට කියන්නේ, උඹ පිටි බීපන්. ඒ නිසා තමයි උඹ මොඩයෙක්ව ජිවත් වෙන්නේ. උඹේ ළමයින්ටත් දීපන්. දීලා උනුත් මෝඩයෝ කරපං. මට නං කිසිම ගැටළුවක් නෑ. :)

    ------------------

    අනිත් අය හිතනවා නං මේක වැදගත් කියලා bump එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ දන්නා වෙන විස්තර share කරන්න.

    PS 👇
    ------------------------------------

    How much milk is required to produce 1 kilogram of powdered milk?
    https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk

    this guy has said,
    theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk!

    අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු..

    1kg (milkpowder) => 8.5 L (fresh milk)
    400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk)

    දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා.

    මෙන්න කීල්ස් එකේ ගණන්.
    https://keellssuper.com/product?cat=2&s=2~126

    උදාහරණයට ඇන්කර් ගමු.
    ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/=
    ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /=

    දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න!
    අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී?

    දැන් තමයි ශෝක් කැල්ල!

    නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 380 !

    දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා!

    මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න... :)
    මම වැරදි වෙන්න පුළුවන්, මේවා 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. ඕගොල්ලන්ට පුළුවන් හරිම විස්තර දාන්න! :)
     
    Last edited:

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    දැන් මේක කියවන මම ආණ්ඩුවට කඩේ යන්න මේවා දාන්නේ කියාගෙන දුවගෙන එන මෝඩයට කියන්නේ, උඹ පිටි බීපන්. උඹේ ළමයින්ටත් දීපන්. ඒ නිසා තමයි උඹ මොඩයෙක්ව ජිවත් වෙන්නේ. මට නං කිසිම ගැටළුවක් නෑ. දීලා උනුත් මෝඩයෝ කරපං.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    උදේට කිරි එක ගැහුවෙ නැත්තං උදේට හරියට බොක යන්නෑ බං 😥 ඇබ්බැහිවෙලා දැන් 😔
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    උදේට කිරි එක ගැහුවෙ නැත්තං උදේට හරියට බොක යන්නෑ බං 😥 ඇබ්බැහිවෙලා දැන් 😔
    හොඳ බ්‍රෑන්ඩ් ඒකක බ්ලැක් ටී එකක් හරි ග්‍රින් ති එකක් ගනින් ඇගටත් හොදයි
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උදේට කිරි එක ගැහුවෙ නැත්තං උදේට හරියට බොක යන්නෑ බං 😥 ඇබ්බැහිවෙලා දැන් 😔
    මචං මමත් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්.
    මම දවසට අඩුම ගානේ කිරි මග් 4ක් බිවුවා. 2019 වෙද්දී අඩුම ගානේ 3ක් බිවුවා.
    මයිලෝ හෝ නෙස්ටමෝල්ට් හෝ කොපි mix කරලා.
    6 AM, 10AM, 5 PM, 9 PM
    මුලින් නවත්තලා කොපි බිලා ඉද්දි නිකං මරන්න වගේ. පුදුම ඇබ්බැහිවිමක් ඒක. මොනවා හරි දාලා ද දන්නෙත් නෑ.

    මාස 1ක් වගේ යද්දී නිකම්ම ඒ අමාරුව ඇරිලා ගියා.
    දැන් 2021, මට කිරි පිටි බොන්න අප්පිරියයි.
    දවසක් වෙනසකට එක්ක කියලා එකක් බොන්න බැලුවා. ගිලින්න අප්පිරියා හිතුනා. එක උගුරක් බිලා විසි කරා. පිටි කිරි බොන පුරුද්ද ගියා මගෙන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    දශක දෙකකින් බිලා නෑ කිරිපිටි . පිටි වල තියන සුවද, රස එදිම අප්පිරියයි. මොකට අපේ උන් පෝලිම් වල පොරකාල බොනවද මන්ද. කොහේ හරි ගෙදරකට ගියාම අවුල් ඉතින්. උන් හොදට කියලා කිරි තේ අල්ලනවා . බොන්නේ නම් නෑ .
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    දශක දෙකකින් බිලා නෑ කිරිපිටි . පිටි වල තියන සුවද, රස එදිම අප්පිරියයි. මොකට අපේ උන් පෝලිම් වල පොරකාල බොනවද මන්ද. කොහේ හරි ගෙදරකට ගියාම අවුල් ඉතින්. උන් හොදට කියලා කිරි තේ අල්ලනවා . බොන්නේ නම් නෑ .
    උබ ලොකු සීන් කියලා හිතනවා ඇති නොද්දන්න ඒවුන්😂😂
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    උබ ලොකු සීන් කියලා හිතනවා ඇති නොද්දන්න ඒවුන්😂😂
    අනිත් උන් සතුටු කරන්න ඔය ජරාව බිල වමනේ දාන්න බෑ බන්. සමහර උන් නම් අහල තේ හදල දෙනවා. ඉස්සර class කරා . පලවෙනි දවසේ ගෙදරකට ගියාම ඕක වෙන්ව.
     
    • Like
    Reactions: UB9002

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    හොඳ බ්‍රෑන්ඩ් ඒකක බ්ලැක් ටී එකක් හරි ග්‍රින් ති එකක් ගනින් ඇගටත් හොදයි

    මචං මමත් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්.
    මම දවසට අඩුම ගානේ කිරි මග් 4ක් බිවුවා. 2019 වෙද්දී අඩුම ගානේ 3ක් බිවුවා.
    මයිලෝ හෝ නෙස්ටමෝල්ට් හෝ කොපි mix කරලා.
    6 AM, 10AM, 5 PM, 9 PM
    මුලින් නවත්තලා කොපි බිලා ඉද්දි නිකං මරන්න වගේ. පුදුම ඇබ්බැහිවිමක් ඒක. මොනවා හරි දාලා ද දන්නෙත් නෑ.

    මාස 1ක් වගේ යද්දී නිකම්ම ඒ අමාරුව ඇරිලා ගියා.
    දැන් 2021, මට කිරි පිටි බොන්න අප්පිරියයි.
    දවසක් වෙනසකට එක්ක කියලා එකක් බොන්න බැලුවා. ගිලින්න අප්පිරියා හිතුනා. එක උගුරක් බිලා විසි කරා. පිටි කිරි බොන පුරුද්ද ගියා මගෙන්.

    එල ට්‍රයි කරලා බලන්නම්
     
    • Like
    Reactions: shenic88

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැමෝම addict වෙලා තමයි බන් ඉන්නෙ. මම නවත්තල ටික දවසකින් gastritis වගේ ආව. උදේට කාලත් එක්ක.
    ඊට පස්සෙ fresh milk වලට මාරු උනා. ඊට පස්සෙ fresh milk බොන එකත් ටික ටික අඩු උනා. දැන් ඉදල හිටල බොනව.
    දැන් එහෙම කිරි එකක් බොන්න ඕන කියල අමාරුවක් නෑ.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හැමෝම addict වෙලා තමයි බන් ඉන්නෙ. මම නවත්තල ටික දවසකින් gastritis වගේ ආව. උදේට කාලත් එක්ක.
    ඊට පස්සෙ fresh milk වලට මාරු උනා. ඊට පස්සෙ fresh milk බොන එකත් ටික ටික අඩු උනා. දැන් ඉදල හිටල බොනව.
    දැන් එහෙම කිරි එකක් බොන්න ඕන කියල අමාරුවක් නෑ.
    මම උනත් අතාරින්න සැහෙන්න පරක්කුයි. අනික සාමාන්‍ය කෙනෙක්ට වඩා තේ ගොඩක් බොන කෙනෙක් මම.
    2017 වෙනකං highland බිවුවේ. එකේ අනිත් ඒවගේ තරං ජරාවක් නැතුව ඇති කියලා හිතනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ දැන්.. 😔
    අවුරුදු 2යි ඇන්කර් බිවුවේ. ☹️
    ඇබ්බැහි වෙලා තියෙන්නේ. :yes: අවුරුදු 20ක් 30ක් කරන දෙයක් අතාරිනවා කියන්නේ ලේසි නෑ..
    හැබැයි, ලංකාවේ මිනිසුන්ට මේකෙන් මිදෙන්න මිට වඩා හොඳ අවස්ථාවක් නෑ.
    GMOA එක ඒ කැම්පේන් ඒක දැන් ආපහු කරන්න ඕන හරි නං..
     
    • Like
    Reactions: sachith19920726

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මීඩියා හැතිකරේ උන්ට business නැතිවෙන හින්ද ඇඩ් වලින් ඉතින් හැමදාම mic එකක් අරන් වටේ යනවා පැය කියක් හිහිටියද කියල අහ අහ.නැතුව අපේ ආදරේට නෙවෙයි .
     
    • Like
    Reactions: shenic88

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    TLDR එකක් දෙන්න පුලුවන්ද? විඩියෝස් ගොඩක් බලන්න තියනවනෙ.

    දැනට නං මාසෙට කිරිපිටි පැකට් 10කට වඩා යනවා. නෙස්ටමෝල්ට්, ඇන්කර් සහ ෆ්‍රෙශ් මිල්ක්. ඇබ්බැහි වෙලා නැහැ කියන්න බැහැ නමුත් ඒ වෙනුවට ගොටුකොල කැඳ, කොල්ලු කැඳ, ලුනුකැඳ වගේ සෙට් උනාම ගානක් නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මමත් මව් කිරි වලින් පස්සෙ නොකඩවා පිටි කිරි බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒත් පහුගිය ජානාදිපතිවරන කාලෙදි මගෙ පෙර පිනකට වියත් මග සමුළු වලට සහභාගී වෙන්න ලැබුනා. අපි ඒ සැසි වල දූෂණ වංචාවලින් තොර එක රටක් එක නීතියක් ඇති දේශීය නිශ්පාදන වලින් ස්වයංපෝශිත රටක් නිර්මාණය කරන හැටි තමයි ගොඩක්ම කතා කරේ. ඊට අමතරව ගෝටා වටේ එකතුවෙලා හිටිය අපිරිසිඳු චරිත ටිකට හිමීට ශොට් එක දෙන හැටිත් නිරෝගිමත් දරු පරපුරක් හා වැඩිහිටි පරම්පරාවක් ඇති කරලා නිරෝගිමත් සිංහල ජාතියක් බිහි කරන්න දීර්ඝ වශයෙන් සාකඡ්චා උනා.

    එදා ඉඳන් මමත් මගේ වයිෆුත් දරුවොත් බොන්නෙ ලුණුයි කැඳයි. ඔව්, ලුණුයි කැන්ඳයි තමයි. මුහුදට කිට්ටුව ඉන්න යාළුවෙක් ඉන්නවා, එයාට කියලා මෙගා බොතල් 5කට විතර මුහුදු වතුර ගෙන්නගෙන ලොකු ට්‍රේ වලට දාලා ගෙදරදිම ලුණු හදාගන්නවා. රෑ බත් මුට්ටියෙ අඩියට ලුණු ටිකක් දාලා කකාරවලා අපි හැමෝම බෙදාගෙන බොනවා. ඒ නිසා අපේ ආර්ථිකයත් යහපත් සෞඛ්‍ය පැත්තත් හිතාගන්න බැරි විදියට වර්ධනය වෙලා තියෙනවා. අනවශ්‍ය තෙල් තට්ටු සේරම ටික මාසයක් යනකොට නැති වෙලා ගියා. අපේ බරත් අඩු උනා. අපේ ඇඟවල් දැන් වෙනදට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා අපිට දැන් දැනෙනවා. ඒකෙන් ලැබෙන මානසික සුවය තමයි මිළ කරන්න බැරිම වස්තුව. සීතා අරඹෙපොල වැනි දැයේ වීර මාතාවන් මේ රටට වාසනාවක්.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    TLDR එකක් දෙන්න පුලුවන්ද? විඩියෝස් ගොඩක් බලන්න තියනවනෙ.

    දැනට නං මාසෙට කිරිපිටි පැකට් 10කට වඩා යනවා. නෙස්ටමෝල්ට්, ඇන්කර් සහ ෆ්‍රෙශ් මිල්ක්. ඇබ්බැහි වෙලා නැහැ කියන්න බැහැ නමුත් ඒ වෙනුවට ගොටුකොල කැඳ, කොල්ලු කැඳ, ලුනුකැඳ වගේ සෙට් උනාම ගානක් නැහැ.

    අමාරුයි බන් මටත් ඕවා හොයන්න. :( දැක්කොත් දාන්නම්. :yes:

    -------------------------

    මම මේකත් original පොස්ට් එකට දාන්නම්.

    How much milk is required to produce 1 kilogram of powdered milk?
    https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk

    this guy has said,
    theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk!

    අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු..

    1kg (milkpowder) => 8.5 L (fresh milk)
    400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk)

    දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා.

    මෙන්න කීල්ස් එකේ ගණන්.
    https://keellssuper.com/product?cat=2&s=2~126

    ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/=
    ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /=

    දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න!
    අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී?

    දැන් තමයි ශෝක් කැල්ල!

    නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 380 !

    දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා!

    මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න... :)
     
    Last edited:
    • Love
    Reactions: greenthunder

    මෙතන නිශ්පාදන වියදම, ඇසිරීමේ වියදම, ප්‍රවාහන වියදම් සහ ගබඩා කිරීමේ වියදම් වගේ කරුණු සලකලා නැහැ නේද. එහෙම කිව්වෙ, එකක් දියරයක් අනික කුඩු එකක් නිසා.

    මම ඕක ගැන වැඩිය දන්නෙ නැහැ, ඒ හින්දා ඒ ගැන වැඩිය කතා කරන්න බැහැ.

    කොහොමත් කිරිපිටි කියන්නෙ අත්‍යවශ්‍ය ආහාරයක් කියන මතයට නම් මමත් එකඟ නැහැ.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මමත් පොඩි කාලෙ ඉදල කිරි බීව එකෙක්.. කැම්පස් ගියාට පස්සේ තමා නැති උනේ... ඒකත් උදේම ඇහැරිලා හොස්ටල් එකේ උඩම තට්ටුවේ ඉදල කැන්ටිමට බැහැල යන්න තියෙන කම්මැලිකමට:D
     
    • Like
    Reactions: shenic88