මම ටවුන් එකට ගියා ගෙදරට බඩු ටිකක් අරන් එන්ඩ.ටවුන් එකේ ගොඩක් කඩ මම අඳුරනවා.මේක ඇවිල්ලා මිනි සුපර්මාර්කට් එකක්.ඒක ඇතුලේ අල ලූණු පරිප්පු විකුණන පෙට්ටිවල දාලා තියෙන තැන පොඩි කාමරයක් තියෙනවා උන්ගේ ස්ටොර් රූම් එකක් .එතන මුදලාලියා ටිකක් ඇතුලට වෙන්ඩ හැංගිලා කිරිපිටි පෙට්ටි ටිකක් කඩාගෙන ඒවගේ පිටි පොඩි ශොපින් බෑග් වලට ග්‍රෑම් 100 කිර කිර වෙන් කරනවා.
මට ටිකක් කේන්තිගිහින් ඇහුවා ඔය මොකක්ද ඔය කරන්නේ? මොකද ඒක සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නොවෙන හින්ද.
අනේ මල්ලි මිනිස්සු ඇවිත් කිරිපිටි ග්‍රෑම් 100 ඉල්ලනවා ළමයි අඬනවා කියලා කිරි නැතුව.මට කොච්චරවත් ඇවිත් මේවා කඩ කඩ බෑග් වලට දාලා කිරන්ඩ බැරි හින්ද එක පාර පැකට් ටිකක් මැනලා තියාගන්නවා කියපි.
මම ඇහුවා ඒත් ඔච්චර ගොඩක්?
මොන ගොඩද ? හවස් වෙනකොට මේ ටික ඉවරයි මූ කියපි.
පීඑචයි ආවොත් කේස් හින්ද මූ ඒක හන්ගන්නේ ඇතුලේ ෆියුස් බෝඩ් එක අස්සේ.
ඔන්න පුතෝ රටේ තත්වේ.
දැන් මිනිස්සුන්ට පහිගිය මාස වලට වඩා දැන් තවත් අමාරුයි.
උඩ පැන පැන කිරිබත් හදලා දන්සල් දීපු උන් දැන් එනවා අසරණ ළමයින්ට උදව් කරන්ඩ කියලා සම්මාදම් පත්‍රිකා අරගෙන.
මම අහන්නේ මුන්ට කතා කරන්ඩ ඕනේ මොන භාෂාවෙන්ද කියපන්?