ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගලන බියකරු මහමෙව්නා සුනාමිය – අනතුරු ඇඟවීම
මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව, එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?
ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්රතික්ෂේපය තුලින් වැනසීමට මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.
ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.
අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.
""
අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.""