Mey mokakda???
මාධ්‍ය නිවේදනය
Cnews
මෙතෙක් පැවති බදු අනුප්‍රමාණයන්ගේ වලංගු කාලය දීර්ඝ කරමින් 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙනි.
වඩාත් සරල සහ විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් පවත්වා ගැනිමේ අරමුණින්, 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක් ආනයනය කිරීමේ දී මෙතෙක් පවත්වා ගෙන යමින් සිටින විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පැවති බදු අනුප්‍රමාණයන් යටතේම, එකී භාණ්ඩ මත සංශෝධනය කිරීමකින් තොරව, 2025 ජනවාරි මස 01 දින සිට ඉදිරියටන් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා 2024 දෙසැම්බර් මස 31 දිනැති අංක 2417/20 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.