හායි මචන්, උඹට ඕන සම්පූර්ණ off grid එකක්ද? (solar) එහෙම නම් ලක්ෂ තුනෙන් අමාරුයි. මොකද උඹ ඔය කියලා තියෙන දේවල් (fan 75W, bulb 20W, Lap 65W) වල එකතුව 300W වගේ. එතකොට දවසකට සේරම එකම වෙලාවේ දාලා, lap එකෙනුත් උපරිමයෙන්ම වැඩ ගනිමින් හිටියොත් ඕන වෙනවා 300x24 = 7200Wh. ඒ කියන්නෙ units 7 ක් දෙන්න පුළුවන් වෙන්න ඕන. ඒත් ප්‍රයෝගිකව පාවිච්චි කරන විදිහ බැලුවාම unit 3 ක් විතර ඇති වෙයි. ඉතින් AGM battery දානවා නම් 400Ah විතර (200Ah දෙකක්) විතර ඕන වෙනවා. එතනම ලක්ෂ 3 පනිනවා.
හැබැයි උඹට ඕන දැන් යන විදිහට පැය කීපයක් කපනකොට නිකන්ම charge discharge වෙන්න නම් සාමාන්‍යයෙන් පුළුවන්. එක දිගට කරන්ට් කපන කාලය පැය 8 ක් නම්, කරන්ට් තියෙන අඩුම වෙලාව පැය 2 නම් ඒ ටිකට උඹට unit දෙකකින් අවශ්‍යතාව shape කරගන්න පුළුවන් වේවි. ඉතින් 200ah බැටරියයි (ලක්ෂ 1.5-2.4 ක් විතර වෙයි), ඉන්වර්ටර් චාජර් දෙකයි ඔය ගාණෙන් කරගන්න පුළුවන්. උඹට ශේප් එකේ අටවගන්න විතරක් අවශ්‍ය නම් බැටරිය බැහැලා ගිය 1.2KVA UPS එකක් හොයාගෙන ඒකට 200Ah බැටරිය ගහලත් වැඩක් ගන්න පුළුවන්. එතකොට ගාණ සෑහෙන අඩුයි.
UPS වැඩේ තමයි ලාබම ලේසිම වැඩේ.
සෝලා වලින්ම කරගන්නවා නං
දවල්ට පැනල් වල ජෙනරේශන් එක තියන නිසා, පැනල් එක්ක සාමාන්‍ය තරමේ බැටරියක් යූස් කරත් ඇති එතකොට, පැනල් වලින් අරගෙන මදි ප්‍රමානෙ විතරක් බැටරියෙන් ගන්න නිසා බැටරිය බහින එකක් නැහැ. බැටරිය රෑට ලයිට් කපපු වෙලාවට ලයිට් වලට විතරක් යූස් කරනවා නං පොඩි බැටරියක් අවුලක් නැතිව යූස් කරන්න පුලුවන් නේ
ජොබ් එක කරන්නෙ දවල්ට විතරක් නිසා දවල්ට සෝලා ජෙනරේශන් එකත් තියන නිසා ලොකු අවුලක් වෙන එකක් නැහැ.
12v/100Ah lead acid බැටරියක් ගත්තොතින්, 600wh වගේ යූස් කරන්න පුලුවන්, එතකොට ෆෑන්,ලයිට්,ලැප් එකට වොට් 150 වගේ නං පැය 4ක් වගේ පුලුවන්, ෆෑන් සහ ලැප් එක නැතුව ලයිට් ටික විතරක් නං දවසම පුලුවන් වෙයි.
මේ වැඩේ 3ට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.
චාජින් කන්ට්‍රෝල් එක සහ ඉන්වර්ටර් එක අර fb group එකට කියලා ගෙන්න ගන්න, බැටරියත් ඒකට කියලා පුලුවන් හැබැයි ඒකෙන් ගෙනත් දෙන්නෙ LiFePO4 බැටරි ඒව නං ගනං.
පැනල් එක වහලෙ හයි කරගන්න එකේ අවුලක් නැත්නම් වයර් ටික අමුනගන්න පුලුවන් නම් තනියම වැඩේ කරගන්න පුලුවන්
ඕන උදවුවක් කරන්න පුලුවන් හයි කරන එක ගැන නං
ගෙදර ලයින් එකට කෙලින්ම දෙනවා නං වැඩේ ටිකක් කම්ප්ලෙක්ස් වෙනවා protection එහෙම හරියට දාන්න වෙනවා SPD එහෙම ඒව ගනන් දැන්. සිස්ටම් එක වෙනම තියාගෙන මැනුවලි change කරන්න හදා ගන්නවා නං ඒව නැතුව කර ගන්න පුලුවන්.