උඹේ වැඩේ මම නං දැක්කෙ නෑ මචන්. ඇඩ් සෙක්ෂන් එකේ යන්නෙම නැති තරම් මචන්. මගෙ විදිය කියන්නන් මචන්.
පෙයාස්, කිවි, ඇපල්ස්, දොඩම්, මිදි ඔය කිසිම දෙයක් මම නම් මෙහෙන් ගන්නෙ නෑ මචන්. මොකද මම CFC ඛීල්ස් වලට පවා බඩු එන විදිය හොයල බැලුව. ගොඩාක්ම අයියල එද්දි නෑදෑයො එද්දි වගේ ගෙන්නගන්නවා. ඒවත් ගෙනාව දවසෙම බෙදා ගන්නවා. ඒ අයටත් කියන්නෙම දවසින් කෑමට ගන්න කියල. පාරෙ තියෙන ඒව නං ගන්නෙ නෑ මචන්. හදිසිම කියල ලෙඩෙක්ටවත් දෙන්නෙ නෑ. නැත්තන් ගියාම කනවා මම.
උඹ ගේන්න කලින්ම අවෙයානස් එක හදල තියාගත්ත නං, ගෙනාව ගමන් උඹට ෆ්‍රෙශ්ම පිට ඔක්කොම දෙන්න පුළුවන් කියලයි මගෙ නම් අදහස මචන්. මොකද, උඹ කිව්ව වගේ ඔය කොලිටි එක හොයන සෑහෙන මනුෂ්‍යයො ප්‍රමාණයක් ඉන්නවා මචන් අර ක්‍රමේට එන කෙනෙක් අතේ ගෙන්නගෙන ආහාරයට ගන්න. සල්ලි දීල සත්ව ආහාර පරිභෝජනය කරන්න ඕනෙ නෑනෙ මචන්.
උඹ හොඳ ස්ට්‍රැටජියක් ගහපන් මචන්. හරියට අර ලගඳි උඩට ආව ටූත්පේස්ට් එකක් තියෙන්නෙ මොකක්ද ඩයින් කියල. ඩිජිටල් මාකෙටින් ස්ට්‍රැටජි මොඩියුල් එකේ අපිට විශේෂෙන්ම ඉගෙන ගන්න කිව්ව බ්‍රෑන්ඩ් එකක් ඒක මචන්. උන් දන්ත සංවේදීතාව කියල මේ ලෝකෙ නැති ටොපික් එකක් හදනව එකටම විකි එකේ. ඉන්ටනෙට් එකේ. එතකොට උන්ගෙ ප්‍රඩක්ට් එක දැම්මට පස්සෙ ඒක එන්නෙ ටූත් සෙන්සිටිවිටි වලට මෙන්න උත්තරේ කියාගෙන. එතකොට මිනිස්සු හොයද්දි මෙන්න එහෙම එකක් ඇත්තටම තියෙනව. බැලින් නං මේ ලෙඩෙත් උන්ගෙ, බෙහෙතත් උන්ගෙ. නැත්තන් උන්ගෙ ස්පෙශලිටි එක මිනිස්සු හොයද්දි ඒ ගැන මොකුත් සඳහනක් නැත්තන්, මිනිස්සු දාල යනව.
උඹ ෆ්‍රෙශ් කියල කිව්වට මිනිස්සුන්ට ඒක යවන්න ක්‍රමයක් හිතපන්. ඉන්ස්ට වල වගේ එකටම පොඩි කැම්පේන් එකක් කරපන්. එතකොට හරියටම කොලිටි එක අඳුනන ම්නිස්සු, ගාන ගැන නෙමේ, කොලිටි එක මාර්ක එක ගැන හිතන මිනිස්සු කඩාගෙන එන්නෙ මචන්.
ටිප් එක මචන්. එහෙම මිනිස්සු ඔය වගේ දේවල් ගන්නෙ ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි මචන්. වෙන රටවල මිනිස්සු පින් කරන්න පුරුදු වෙලා ඉවරයි මචන්. ගිෆ්ට් කරන්න කැමති විසික් කරන දේවල් නෙමෙයි, උන්ට වටිනම දේ. එතකොට අනිත් මනුස්සය ලබන සතුට සල්ලි වලට ගන්න බෑ මචන්.
උඹට ජය වෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්