කීපර්ස්_බයික් නොහොත් බඩු වලත් බඩු
අද මාතෘකාව වෙන්නේ ලංකාවේ හොඳම කීපර්ස් බයික් ගැන
ඉස්සලම බලමු මොකක්ද මේ කිපර්ස් බයික් එකක් කියන්නේ කියල - දීර්ග කාලයක් එකම හිමිකරුවෙක් යටතේ පවතින බයික් මොඩල් වලට තමයි කීපර්ස් බයික් කියල කියන්නේ
ලංකාවේ තත්වය -
ලංකාවේ එන්ගින් ධාරිතාවේ පවතින සිමා නිසා ගොඩක් හොඳ මොඩල් කිපර්ස් බයික් කොටසට මගහැරිලා තියෙනවා. දැනට පවතින තත්වය අනුව ඉන්දියන් බයික් එකක් වත් අඩංගු වන්නේ නැහැ කියලා නම් දුකෙන් හරි කියන්න වෙනවා. දැනට පවතින හොඳම කීපර්ස් බයික් ගොඩක් ජපන් හොන්ඩා ජුලෝනා වීම විශේෂත්වයක්
විශේෂත්වය -
1) පහත දැක්වෙන බයික් අතුරින් ඕනෑම ඔරිගීනල් තත්වයේ පවතින කිසිදු එකක් හිමිකරු විකිනීමට අදහස් නොකරයි (ආර්ථික අවශ්‍යතාවයක් හැරුණු කොට). බොහෝ රෝඩ් මාස්ටර්, බෙන්ලි හෝ AX1 පාරේ දැක විකුනනවා දැයි ඇසීමේදී කියන්නේ "දෙන්නේ නැහැ මල්ලි/මචං කියාය"
2) එන්ගිමේ කල්පැවැත්ම ඉතා වැඩියි (කිමි ලක්ෂ ගණනක්)
3) අමතර කොටස් සොයාගැනීම පහසුයි එනමුත් මිල අධිකයි. (උදා යතුරු කටක් - ඉන්දියන් කොටසක් රුපියල් 250ක් පමණ වෙන කොට මෙහි ජපන් ඩුබ්ලිකෙට් කොටසක් 4500ක් පමණ වේ )
4) නඩත්තුව අවමයි (තෙල් මාරු කලා ඇරියා පමණි)
5) නිතරම මිලදී ගැනීමට සිදුවන ගෙවෙන කොටස් වන්නේ (රේසර්, ටයර්, ස්පොකට්, චෙන් පමණි - මෙම දේවල් වලින් ටයර් හැර සියලුම දේ ඔරිගීනල් ජපන් දැම්මොත් සහ නිසි ලෙස නඩත්තු කරොත් අවුරදු 7ක් පමණ භාවිතා කලහැක)
6) එන්ගින් රෙපෙයාර් ඉන්දියන් ඒවාට සාපේක්ෂව ඉතා අල්පයි.
7) මහ මගදී ලෙඩ දීම - ටයර් හිල්විම හැර නිසි කලට නඩත්තු කලේ නම් කිසි දිනක දැක නොමැත, ඔරිගීනල් ජපන් ටයර් සාමාන්‍ය ටයර් මෙන් නිතරම ඇන ඔබාගෙන හිල් වන්නේද නැත
8) සැප - නතාෂා පෙරේරා සහ සනි ලියොන් දෙපැත්තේ තියාගෙන යහන් ගතවීම වැනිය

මිලදී ගැනීමට සිතන්නේ නම්
* ඔබ ගන්නට තෝරා ගත් කාණ්ඩයේ (මොඩලයේ) වාහන 10ක් වත් අවම තරමින් බලන්න
* මින්පෙර භාවිතා කර ඇති අයෙකු සමග යන්න
*මිලදී ගැනීමට පෙර එකෝ ටෙස්ට් එකක් අනිවාර්යෙන් ගන්න.
* රෙපෙයාර් කිරීමට ඇති යතුරු පැදි මිලදී ගැනීමෙන් වලකින්න (මීටර්, වයරින් සම්බන්ධ, චැසි දිරපු සහ නහුට ලෙඩ)
* මඩ කවර වැනි දෑ වල එළියේ නිකල් නොව ඇතුලත දිරා කැටලෝ කර ඇතිදැයි බලන්න (නිකල් කරන්නට යන්නේ 1200කි), නිකල් හොඳ ටත්වයේ දැයි බලන්න
* අනතුරට ලක්වී විශාල ලෙස හානිවූ යතුරුපැදි මිලදී ගැනීමට අදහස් නොකරන්න
*මොඩිෆයි කරපු සහ වෙනස් කරනලද ඒවා මිලදී නොගන්න
* පළමු, දෙවන හිමිකරු නම් වඩාත් විශ්වසනීය වාහනයක් වේ
හිමිකරුවෙක් නම්
* ඔබගේ තේරීම නිවැරදි තේරීමකි - ඔබ සාඩම්බර හිමිකරුවෙකි
*ඔබගේ වාහනය වැඩිම මිල පරාසයක් ඇති නිසා ඕනෑම වෙලාවක සුටුස් ගා විකිනීමට හැකිය
*වාහනයේ නිෂ්පාදිත දිනය කිලෝමීටර ගණන කියක් උවත් ඔරිගීනල් තත්වයේ ඇත්නම් මාර්කට් එක බොහෝ වැඩිය
*පෙම්වතිය මෙන් වාහනයට සලකන්න
*හැකිනම් ඔබගෙ පියාගෙන් ඔබට ලබුනාක් මෙන් ඔබගේ පුතුටුද ලබාදෙන්න
* කිසි දිනක අඩුවට විකුනන්න එපා. නියමිත මිල පරාසයේ ඉස්තිරව රැදෙන්න
*ඔරිගීනල් අමතර ජපන් කොටස් වල සිටින්න (ස්පාර්ක් ප්ලග් පවා)
හොන්ඩා CD200 රෝඩ් මාස්ටර් - පට්ටම එකකි
හොන්ඩා හෝක් මොඩල් (නයිට් හෝක්, Hawk Mk I, සුපර් හෝක්, හොර්ක් 2)
හොන්ඩා CD 185
හොන්ඩා CB125 - පට්ටම එකකි
හොන්ඩා CM125
හොණ්ඩා CG125 - සියා ගෙන් මුණුපුරාට

හොන්ඩා AX1 - පට්ටම එකකි
හොන්ඩා VTR - සුම්මා
හොන්ඩා MD70, 90, Honda Little Cub, Super Cub, යමහා mate ( ගෑනිගේ දෑවැද්ද ඇදීමට

)
සුසුකි GN125
සුසුකි GN250 - සුපිරි
යමහා DT125
යමහා SR125
මග හැරුණු ඒවා තිබේ නම් එක්කරන ලෙස කාරුණිකව ඉල්ලමි

)සුසුකි GN125
සුසුකි GN250 - සුපිරි
යමහා DT125
යමහා SR125
මග හැරුණු ඒවා තිබේ නම් එක්කරන ලෙස කාරුණිකව ඉල්ලමි
kandyan සහෝ විසින් එවන ලදී
Honda Chaly CF50 CF70
Honda Supercub
Honda CD 90 Benly
Honda CB250N
Honda Hawk CB400T
Honda තැපැල් 90 (ලොවෙත් බයික් එකක් )
Last edited:

ටික කාලෙකට කලින් ගත්ත ජපන් GN125 එකක්.
නියම කන්ඩිෂන් තියනවා.
ගාන නම් ටිකක් සැර වුනා ඒත් පාඩු නෑ.