කීයක් විතර දඩ ගෙවල තියනවද?

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    කීයක් විතර දඩ ගෙවල තියනවද?

    උඹලට මතක විදිහට රථ වාහන වැරදි වලට ගෙවල තියන දඩ කොලවල වටිනාකම කියක් විතරද? :sorry:
    වැරදි කරන්නෙම නැද්ද? නැත්නම් අල්ලන්නේ නැද්ද?
    දඩ ගෙවන්න ගිහින් කාපු කටු, අමතක නොවන දඩේ මොකක්ද?......



    "මම එක්තරා දවසක සුද්ද විදපු ගලෙන් ඇවිත් ඇල්ලුවා. යකෝ ONE WAY ලු. මන් කිව්වා ගහල නැනේ කියල,
    එතකොට උන් කියනවා බලල එන්නලු. අදට සමාවක් දෙන්න දැක්කේ නෑ කියල කිව්වා....
    දඩයක් ගැහුවේ නැත්නම් මතක හිටින්නේ නෑලු....යකුනේ දඩ කොලේ ගෙවන්න අයේ දවසක් පලයන්කෝ...
    කොහොමහරි දඩ කොලේ එතනදීම ලියල දුන්න... මමත් ගෙවල එනකොට කෝකටත් කියල බැලුව,
    වන් වේ බෝඩ් එකක් ලයිට් කණුවක ගහල තියනවා....:growl:
    උන්ට ඕව කියන්න ගියේ නෑ ලයිසන් එකත් අරන් අවා... "​

     
    • Like
    Reactions: DangerMan119

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Eka parak issarahin policiyen innawa kiyala danne nathuwa anith wahana okkoma pahu karagena yanna gihin nathara kara mawa. E para mam Rs500 deela maru una

    Thawa parak eka side ekaka light eka weda nathuwa alluwa. Eta passe light eka hadala policiyata genalla pennanna kiwwa, ewata dada na.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    Eka parak issarahin policiyen innawa kiyala danne nathuwa anith wahana okkoma pahu karagena yanna gihin nathara kara mawa. E para mam Rs500 deela maru una

    Thawa parak eka side ekaka light eka weda nathuwa alluwa. Eta passe light eka hadala policiyata genalla pennanna kiwwa, ewata dada na.

    ඉස්සරහින් එන උන් හෙඩ් එකක් වත් ගැහුවේ නැද්ද?
    උඹ එහෙනම් 500.:cool: පාරේ ඉඩ තියෙද්දීත් එක වාහනයක් විතරක් ඉස්සර කරපංකෝ, මටත් ලියල තියනවා.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දැන් අවුරුදු 15 ක් වෙනවා ඩ්‍රයිවින් ලයිසන් අරං.

    හය පාරක් ලියලා තියෙනවා

    ඉස්සෙල්ලම නං උනේ මෙහෙම දෙයක්. මම පාරේ අයිනේ වාහනේ නවත්තලා තිබ්බා. එතනම තිබ්බ කඩේ මිනිහා කිව්වා මෙතන නවත්තන්න එපා කියලා. මම ඇහැව්වා ඇයි කියලා. ගේම ඉල්ලුවා. ඇත්තෙන්ම මම නවත්තලා තිබ්බේ උගේ ඉඩමේ නෙමේ. පළාත් සභාවට අයිති පාර අයිනේ. මිනිහා එහෙම එතන නවත්තන්න එපා කිව්වේ මම ඒ හරියේ වාහනේ නවත්තලා උගේ කඩේට එන්නේ නැතිව ඊට එහා තිබ්බ කඩෙන් බඩු වගයක් ගත්තු නිසා.

    කොහොම හරි ඒ හරියෙම ඉස්සරහ පොලිසියෙන් ඉදලා. අර කඩේ මිනිහා පොලිසියත් එක්ක ෆිට්. ඌ උන්ට කියලා මම එද්දී මොකක් හරි දෙයක් අල්ලං ලියන්න කියලා. ඊට පස්සේ පොලිසියේ කෙනා මම එතනින් යද්දී වාහනේ නවත්තලා බලලා බලලා අනිසි අංක තහඩු කියලා මාව ලිව්වා.

    මම ඒ පොලිස්කාරයා ටක් ගලා අදුර ගත්තා. ඌ අපේ කොල්ලෙක්ගේ තාත්තා කෙනෙක්. ඒත් මම ඒ වෙලේ කරබාගෙන දඩකොලේ අරං ආවා. එතනින් ඇවිත් මගේ යාළුවාට කෝල් කරලා සීන් එක කිව්වා.

    කොහොමහරි යාළුවා මගේ ලයිසන් එක උන්ගේ තාත්තාගෙන් උස්සලා මට අයේ දුන්නා.
    :lol:

    ආයේ ඩබල් ඉරි කපලා ලිව්වා. 550 ක් දඩය. (ලෙඩෙක් අරං යද්දී උනේ. මම කිව්වා ලියන්න කමක් නෑ කියලා. පොඩි වැරැද්දක් දාලා අඩු වරදකට ලිව්වා.)

    ඊළගට ඩබල් ඉරි කපලා ආයේ මාට්ටු උනා නුවරඑළියේ යද්දී. දඩ මුදල පොලිස්කාරයට ගෙවලා ආව එතනදීම. 500 ක්

    ආයේ කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙද්දී ගිහින් මාට්ටු උනා. 550 ක් දඩය. (මෙතන කලර් ලයිට් තුනක් තියෙනවා එක පෙලට. පලවෙනි එක කොළ උනාම මම ඉස්සරහට ගියා. දෙවැනි එකත දැක්කේ නැහැ. ඒත් මගෙනි වැරැද්ද. මම වැරැද්ද පිළිඅරන් කතාකළා.
    මම කිව්වා ලියන්න කමක් නෑ කියලා. පොඩි වැරැද්දක් දාලා අඩු වරදකට ලිව්වා)

    ආයේ කහා ඉරේ මිනිස්සු මාරු වෙද්දී අනික් පැත්තෙන් දාලා ගිහින් 550 දඩය. (ළමයෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් අරං යද්දී උනේ. ඒත් වැරැද්දක් නොව.
    මම කිව්වා ලියන්න කමක් නෑ කියලා. පොඩි වැරැද්දක් දාලා අඩු වරදකට ලිව්වා)

    ආයේ පාර හරස් කරලා නවත්තලා 550 දඩය.

    ප.ලි

    මිනිස්සු කොච්චර පොලිස් නිලධාරීන්ට බැන්නත් ඒ මිනිස්සු එක්ක කතාබහ කරලා ඕනි දෙයක් කරගන්න පුළුවන්. වැරද්දක් උනාම ලෝඩ් වගේ ලොකු කතා කියන්නේ නැතිව වැරැද්ද පිලිඅරං කතා කරන්න. අනික දැන් ඉන්නා තරුණ පොලිස් නිලධාරීන් ගොඩක් දෙනෙක් පාගාගහන්නේ නැහැ. නිල ඇදුමට ගරුකරනවා. අපිත් ඒකට ගරු කරන්න ඕනා. මං නං අපේ පොලිසියේ ප්‍රජා ඒකකයටත් බැදිලා උදව් කරනවා ස්වේච්ඡාවෙන්. ඒක අපේ වගකීමක් වගේම යුතුකමක්.

     
    Last edited:
    • Like
    Reactions: Identity

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලොකුම 5000.බීල අහුවෙලා මාස තුනකට ලයිසන් කැන්සල්:sorry:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,965
    113
    ලයිසන් අරන් අවුරුදු 11යි
    ස්ථානීය දඩ රුපියල් 100යි
    උසාවි දඩ රුපියල් 2000යි
    අවවාද කරලා යවපු අවස්ථා නම් සෑහෙන්න තියෙනවා
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :cool: තාමනම් කීයක්වත් ලියල නෑ, දෙතුන් පාරම නැවැත්තුවේ මට වඩා අවුරුදු 5ක් 6ක් වැඩිමල් අයියලා වගේ කොල්ලො ;) උන් පට්ට හොදයි බන්, ශේප් ටෝක දාගෙන වැරැද්දක් වුනා කියල පිලිගත්තම යන්න දෙනව :yes: මමත් ඉතින් අහින්සක චරිතෙ නිසා හැමතිස්සෙම ශේප් වෙලා යවනවා :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ජීවිත කාලෙටම දඩ කොල කාල නෑ. රුපියල් 500 ක ජරාවක් දීල සේප් වෙලා ඇවිත් තියෙනව.. ඒකත් සුදු ඉරක් කැපිල.. එච්චරයි.. :nerd:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පලවෙනි පාර තාත්තගේ බයික් එකේ අදායම් බලපත්‍රය නැතුව ගිහින්. තාත්තා එක්ක පැලියගොඩ ට්‍රැෆික් ලොක්කා ලගට ගියා .... ඉතාමත් රසවත් සිද්දියක්. කතාව පසුවට ..... දඩය 500 රජයේ ටැක්ස් නැතුව




    දෙවෙනි පාර මගේ පල්සර් එක ගත්ත අලුත ෆුල් ටෑන්ක් කරන්න යනකොට ..... නම්බර් ප්ලේට් නැති නිසා පොලිසියට ඇවිල්ලා ලියකියවිලි දීලා අරන් යන්න කිව්වා ... දඩයක් නැතුව ලයිසන් එක දුන්නත් එක උන් දෙවෙනි පොතේ ලියලා නැ . අවුරුද්දකට පස්සේ සිතාසි ආවා .... ගියා උසාවි ලෝයර් ට 1500/- යි උසාවි දඩය 2000/- යි . විනිසුරුතුමා සැහෙන මන් දිහා බලලා ආයිත් එහෙම නොකරන්න වැරැද්දේ බරපතලකම , සාමාන්‍ය දඩුවම , සහ තවත් දේවල් කියලා දීලා තමා යැව්වේ.




    තුන්වෙනි පාර යාලුවෙක් එක්ක බිලා මළගෙදර යන ගමන් .... පොලිසියේ බුවාට තේරුම් කරා මළගෙදර ගිහිල්ලා හරියට බොන්න ලැබෙන්නේ නැති නිසා බිලා යන්නේ කියලා .... එකෙක් අපිව පොලිසියට අරන් යන්න හැදුවත් තවත් එක්කෙනෙක් හිටියා අපි කියපු දේ මනුස්සකමෙන් අහගෙන හිටිය .... පොර අපිට යන්න කිව්වා ..... පොරට 1000/- මම දුන්නම එකත් ගන්න බැහැ කිව්වා. ගත්තම ආයිත් මේ පැත්තේ මොනවා හරි උනොත් කෝල් එකක් දෙන්න කිව්වා.




    හතරවෙනි පාර වාහන 4ක් ඉස්සරහ කරලා ඇල්ලුවා . ලොරි දෙකයි , ඩිමෝ බට්ටයි , රෝසා බස් එකයි ...... ඉස්සරහ කරලා ඉවර උනේ හරියට වංගුවේ .... පාරට පැනලා නැවැත්තුව .... මිනිත්තු 20ක් වගේ තියාගෙන හිටියා යන්න දුන්නේ නැ.... ආපු විදිය එච්චරටම හොද නිසා ..... පොලිසියේ දෙන්නත් එක්ක කතාවක් දාගෙන හිටියා .... පොර කිව්වා මචන් උබට ලියන්නේ නැ වැරැද්ද පිළිගත්ත නිසා ඒවගේම කරන ජොබ් එක නිසා ... එත් ඒ වෙලාවේ අල්ලපු අනිත් සෙට් එක කෙස් දානවා උබට ලිව්වේ නැත්නම්. එක නිසා 500/- දඩයක් ලිව්වා උබට කිව්වා ..... මම කිව්වා අවුලක් නැ කියලා




    2000 ඉදන් වාහන පදිනවා ..... ලයිසන් එක ගත්තේ 2008 .... එදා ඉදන් ඔච්චර තමා දඩ ... නවත්තලා ලියපු නැති ඒවත් තියෙනවා මම අහිංසක විදියට කතා කරලා :lol::lol:
     

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ලයිසන් නැහැ ලංකාවේ එලවන්න.. දඩ ගහලා නැහැ. එත් වාහන එළවලා තියනවා අවුරුදු 7-8ක්. පගාව දීලා තියනවා 5000 දෙකක්.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    aurudu 20k wenawa liecen eka aragena... wiswasa karapan me wenakota eka parai dada kolayak liya gatte. 550 me wenakota dadayak geewe.. mama marga neethi kadanne ne. ekama eka serayak keduwe dambulle gihilla enakota, eda liyuwa
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ලයිස් අරන් අවුරුදු 10 සේරම ස්පොට් ෆයින්
    පස් හය පාරක් අල්ලලා ඇති.
    උපරිම 5000ක් ගෙවල ඇති
    පගා දීපු ගාන මතක නෑ
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    ලංකාවෙ නම් එච්චර drive කරලා නෑ බන්. uk වල නම් 3 years විතර drive කලා. දඩ කාල නම් නෑ. හැබැයි accident එකක් වෙලා නොමැරී මරුන. තාම නම් සල්ලි ගෙවලා නෑ.

    දැන් New Zealand. වල studies ඉවර උනා විතරයි. තව සති 2කින් විතර car එකක් ගන්න ඉන්නේ
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    dada kola den nathuwa eka policiyata gihilla ganna kiana police ballo inawane ... ethakota tama mala paninne
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    ලගදි උනේ මේ වැඩේ.
    බයික් පැදිනකොට නම් අල්ලපු අවස්තා තිබුන ගොඩක් ඒත් ලගදි කතරගම ගිහින් එනකොට ඇල්ලුව කෙලින්ම උසාවි දැන්ම අපරික්ශාකාරී රිය දාවනය කියල..
    ඇහැලියගොඩ ටවුම ලග හරියෙ ත්‍රීවීල් එකකට ඉස්සර කලා, කරුමෙට පොලිස් බයික් එකක් ඉස්සරහින් මූනටම ආව.. ෆාආආඅක් කරන්න දෙයක් නෑ පුලුවන් තරම් අයින් කලා අයින් කරද්දිම ඉස්සර කරපු ත්‍රීවීල් එකේ වැදුන... ත්‍රීවීල් එකට මොකුත් වෙලා තිබුනෙ නෑ වෙලාවට. ඉස්සරහින් ආපු පොලිස් කාරයො හරෝගෙන ආවා උන් දෙන්න ශේප් කරගන්නම බැරි උනා. උසාවි ලිව්ව අවිස්සාවෙලට.. හරි සන්තෝසයි..
    දැන් හෙමින් යන්න කියල කොලේ දුන්න උන් දෙන්න....

    බයික් පදිනකොටත් වෙච්ච තියෙනව ලයිසන් නැතිව ගිහින්.. දැන්නම් ලයිසන් ඉන්ශුවරන්ස් නැතිව කොහෙවත් යන්නෙම නෑ...

    ලයිසන් ගත්තෙනම් 2014. ඊට පස්සෙ කාපු ලොකුම කට්ට තමා මේක.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    Rs 500 2 parak withara kewa. jarawa deela ne. loku talks, law, rights katha karalath ne. shape eke weradda pili gannawa. keepa sarayak ma warning witharaka aran beruna ae hinda.