කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    reputation_neg.gif
    කුංකුණාවේ හාමුදුරුවෝ සහ... 05-13-2013 03:20 PM Ubage pake kindi dapan tope nabiyata.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අදට ඇති...ත්‍රෙඩ් එක උඩම තියා ගන්න ගොඩක් මහන්සි වෙච්ච මෙන්න මගෙන් ගයියාට අද අන්තිම කතාව


    ---------
    පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට.
    ..............
    පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරි වෙනවා''
    ඉතින් ශේන්යා වීදියට බැහැලා කල්පනා කර කර යනවා.
    .
    ශේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පෙති මල අරගත්තා.
    බොහොම පරිස්සමින් මලේ අවසාන නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්ත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න ගත්තා.

    ''මල් පෙත්තේ මල් පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් නැගෙනහිරටත්
    ඉගිල ඉගිල මෙහැම දෙසට
    කැරකිලා ඇවිත් බිමට
    මා කියන දේ කරදෙන්
    මට වීත්යා සනීප කරන්න ඕනෑ''

    එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොපමණ හොඳට දිව්වාද කියතොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.

    දන්නවද ගයාන්, මේ හත්පෙති මල කියන පොත (රූපත් එක්ක ) පුංචි කාලේ මගේ ගාව තිබ්බා..ඒ කතාව කියවන හැම වාරයක් ගාණේ ඒ පොත මවෙ හරිම අපූරු ලෝකෙකට අරන් ගියා....මම හැමදාමත් හිතුවේ ඒ අපූරු මල මගේ ගාව තිබ්බා නම්...මම අන්තිම පෙත්ත අරගෙන ප්‍රාර්ථනා කරන්නේ...අනේ තව මේ වගේම හත්පෙති මලක් ලැබේවා කියලා..:rofl:..එතකොට වර ගොඩයිනේ..:rofl:... පුංචි කලේ නිකමට වගේ මලක් අරන් පෙති කඩ කඩ ප්‍රාරථනා කරා මේ වගේම ලැබෙන්න කියලා..:dull: එහෙම තමයි අපි පුංචි කලේ අපේ ජීවිතේ රස වින්දේ...;)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක ජනප්‍රවාදයේ එන කතාවක්. මේක අල වර්ගයකට නම හැදිච්ච හැටි කියන්න යන්නේ. එහෙනම් හොදින් අහගන්නකෝ.
    මේ අල වර්ගය නම් කෑම ගන්නේ නෑ. මේ අල වල යම්කිසි විශ ගතියක් තියෙනවලු. ( මං ලු කියල කියන්නේ මන් මේ අල වර්ගය උපන්තේකට දැකලා නෑ . කතාව විතරයි දන්නේ. ) ඔන්න දවසක් අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි (කුමාරයෙකුයි එයාගේ නංගියි කියලා කතාවකුත් තියෙනවා ) එයාලගේ දෙමවුපියන් නැති උනාට පස්සේ එයාලගේ නෑදෑයන්ගේ ගෙදර යන්න පිටත් උනාලු. මොකද නංගිට ආරක්ෂාවත් නැහැනේ දෙමව්පියන් නැති උනාම.
    මේ ගමන වැටිලා තිබුනේ කැලෑවක් මැදින්ලූ. ගමන බොහෝම දුශ්කර එකක් ලු. ඉතින් මේ අය ගමනේ ටික දුරක් ගියාට පස්සේ ගිමන් හරින්න ඕනේ උනාලු. කොහොමහරි ගහක් යටට ආවට පස්සෙ අයියා තමාගෙ ඉනේ තිබ්බ පිහිය බිමට අත ඇරියලු. ඒ පිහියේ තුඩ පොලවේ ඇනිලා තිබ්බලු. ( කුමාරයා ඉන්න කතාවේ කුමාරයාගේ කඩුව පොලවේ ඇන්නලු කියලයි තියෙන්නේ ) ඊට පස්සේ අයියා ගහ යටින් ඇල උනාම අයියට දන්නෙම නැතිව නින්ද ගියාලු.

    නංගි බුලත් විටක් කන්න කියලා මල්ලෙන් බුලතුයි පුවකුයි ගත්තලු. ඉතින් මෙ පුවක් ගෙඩිය සුද්ද කරන්න අර පොලවේ ඇනිලා තිබ්බ පිහිය ගත්තලු. ඒ පිහියෙන් පුවක් ගෙඩිය සුද්ද කරලා බුලත් විට කෑවලු. කෑවට පස්සේ නංගිට ලොකූ මත් ගතියක් දැනුනලු.

    ඒ වගේම නංගිට අයියා ගැන ආදරයක් ඇති උනාලු (සහෝදරකමක් නෙමෙයි . ස්වාමිපුරුශයයි බිරිදයි අතරේ තියෙන ආදරයක්. ) ඒ කියන්නේ නංගිට අර අයියත් එක්ක එකතු වෙන්න ඕනේ කියල හිතුනලු. ඉතින් මේ නංගි, අය්යට පෙම් බස් කියවනවලු. ඒ වගෙම මේ යෝජනාවත් අයියට කිව්වලු. අයියට මේක අහපු ගමන් කේන්ති ගියාලු. අර පිහියෙන්ම නංගිට ඇනලා මැරුවලු. ඊට පස්සේ මේ අයියා අහල පහල ගමකින් මිනිස්සු ටිකක් එක්ක ඇවිත් නංගිගේ මිනිය පෙන්නුවලු. පෙන්නලා මේ සිද්ධියත් කිව්වලු. ඊට පස්සෙ එතන හිටිය ගැමියෙක් කිව්වලු. නංගි ඔහොම හැසිරුන එක සාධාරනයි. ඕක සිද්ද උනේ පිහිය ඇනිල තිබ්බ තැන පොලොව යට තිබ්බ අල වර්ගයක් හින්දයි කියලා.

    ඉතින් මේ අයියටත් කාරනාව තේරුන. එතකොට වෙන්න තිබ්බ සේරම වෙලා ඉවරයි. ඊට පස්සෙ ඔය අල වර්ගයට ”නගා මැරූ අල ” කියල කිව්වලු.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේක නම් අපේ කතාවක් රැප් කරලා නූතන කතාවක් විදියට ලියලා තියෙන්නේ...කියවන්න බලන්න..අපේ රටට නම් 100%ක්ම ගැලපෙනවා...

    “අන්න මහ රජතුමා හෙළුවෙන්!!“ කිව්ව කතාව හැමෝම දන්නවනෙ.

    හැබැයි පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. කතාව එතනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට ‘හෙළුව‘ පෙන්නපු ගමන් හැමෝම ඒ දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබැද්දිය කවුරුත් දැක්කෙ නැහැ.
    ඒ වුණත් කතාවෙ ඉතිරි හරිය පස්සෙ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණු නිසා ඒක නූතන ජන කතාවක් විදියටයි එන්නෙ. මෙන්න මේකයි කතාව.

    මහ උජාරුවෙන් සෙනඟ අතරින් සීතාම්බර පට ඇඳගෙන ගිය රජතුමා ‘හෙළුවෙන්‘ යන බව කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ටත් වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. මෙච්චර දුර තමන් ආවෙ ඇඳුමක් නැතිව බව තමන්ට නොකිව්වෙ ඇයි කියල රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. කිහිප දෙනෙක්ගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා දඬුවමක් හැටියට. භාණ්ඩාගාර භාර ඇමති, අශ්ව ඉස්තාල භාර ඇමති වුණා. විදේශ ඇමති, සංදේශ ඇමති වුණා. මඟුල් බෙර ඇමති, අණ බෙර ඇමති වුණා.

    රජ්ජුරුවන්ගෙ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමැත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භීරෙට හිටපු මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගෙ පුත් කුමාරයෙක් පත් කළා. කුමාරයට වයස අවුරුදු තුනයි! වැඩ භාර ගත්ත ගමන්ම කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මුත්‍රා කළා.

    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව‘ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයාගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමන් අභියසට එනව දැකලත් පොඩ්ඩ කලබල වුණේ නැහැ.

    “මම හෙළුව පෙන්නපු නිසා හැමෝම අමාරුවෙ වැටුණ නේද?“ පොඩ්ඩ ඇහුවා.

    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහ ඇමති කතා කළා.

    “ දරුවා... මේ දරුවා හරි ඥාණවන්තයි නෙ. කොහොමද එක පාරටම දැනගත්තෙ මහ රජතුමා හෙළුවෙන් කියල? අපි ඒක දැනගන්නයි ආවෙ“

    “අයියෝ ඒක සුළු දෙයක්. කෙනෙකුගේ ඇඳුමෙන් වැහිල තියෙන්න ඕන අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ ඒ තැනැත්තා හෙළුවෙන් කියල තමා, මම පාඨශාලාවට ගිය පළවෙනිම දවසෙනෙ ගුරුතුමා ඕක කියල දුන්නෙ!“

    ඇමති මණ්ඩලේම තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේටම මුල ගුරුතුමන්ලා බව සියල්ලෝම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමටම තමන්ගෙ රාජකාරි අමාරු වෙන බව හැමෝටම පෙණුනා. හැමෝම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාට. ඒත් හිටපු කෙනා වෙනුවට රජතුමා කෝප වෙලා ඒ තනතුරට දාලා තිබුණෙ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

    “මේ සිද්ධිය වෙනකොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් භාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරිම වැදගත්!“
    බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.

    “අපේ ගව පට්ටි වල හරකුන්ගේ මස් අඩු වෙනකොට අපි අලුතෙන් තණකොල, පුන්නක්කු දෙනවා. ඒ වගේමයි උන් වැඩිල තෙල් පිරිල මස්වල ගුණය පහළ යද්දි අපි හරකුන්ගේ කෑම පාලනය කරනවා. ඒ වගේම ගැලපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දිත් කරන්න ඕන ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕන...“

    පාඨශාලා ඇමති සිය තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින්ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුන්ගේ දීමනා අඩු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්නන්න යෙදුවා. වෙණ වයන අය කෘෂි කර්මාන්තෙ, වාරි කර්මාන්තෙ ඉගැන්නුවා. ඒත් එක්කම පාඨමාලාවල හෙළුව පිළිබඳ ලියැවුණු පතපොත අයින් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැනගන්න නිසා ඉතිහාසය උගන්නන එකත් නතර කරලම දැම්මා.

    කාලය මෙහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවට පත් ඇතැම් ගුරුතුමන්ලා පාඨමාලා හැරදමා ගිහින් වාණිජ කටයුතු, ගොවිතැන් කටයුතු ආදිය තෝරාගත්තා. තවත් අය කලකිරීමෙන් වෙනත් දේස දේශාන්තරවලට ගියා. ඒත් එක් දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

    “උඹලාගේ දරුවන්ට හොඳ ඥාණයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්නන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා“

    ඔවුන් ගම් බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියා කලබල වුණා. අනුවණ පිරිස් ගුරුවරුන්ට උසුළු විසුළු කළා. කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා.

    “කුමක්ද මේ සිදුවන්නේ... වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!“ රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.

    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බව ඇමති මණ්ඩලය වටහාගත්තා. පසුදා උදේම ඔවුන් සියල්ලෝම සීතාම්බර පටවලින් සැරසී රාජ සභාවට ගියා

    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින මෙම වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව අභියසට යද්දී මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියාත් ඒ කොලුවාගේ වචන පිළිගෙන ඔබට සිනාසුණා. එහෙත් ඒ වරද අපි නිවැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!“

    මෝඩයාට නොපෙනෙන සළුව වහා හැඳගත් රජු ජනතාව අභියසට ගියේ ඇමති මණ්ඩලයත් සමගයි.

    “මොකක්ද මේ කලබගෑණිය?“

    හෙළුව යන්න නොදන්නා අලුත්ම කුඩා දරුවන් පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව පෙන්නන්න හැදුවත් ඉතිහාසයක් නූගන්නන නිසා රටවැසියාගෙන් වැඩි දෙනෙකුටත් එය අමතකව ගොසින් තිබුණා.

    “හෙළුව?? ඒ මොකක්ද?“

    රජතුමා හෙළුවෙන් බව පෙන්නන්න හැදූ ගුරුතුමන්ලාගෙන් අනුවණ පිරිස් ඇහුවා.

    “ප්‍රීතියි... ඇමතිවරුනි...ප්‍රීතියි!!“

    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට ඇඳගෙන යන්න ගියා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ලාගෙන ඉන්නවා. ගුරුතුමන්ලා සුසුම් හෙළනවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක්තරා තරුණයෙක්, ගොවියකුගෙන් පවුම් සියයකට බූරුවෙක් මිලදී ගැනීමට කතාකර ගත්තේය.

    ”මම හෙට බූරුවා ගෙදරටම ගෙනත් දෙන්නං”

    ගොවියා එසේ පොරොන්දු විය. එහෙත් ඔහු පසුදින පැමිණියේ තනිවමය.

    ”කෝ මගෙ බූරුවා?”

    තරුණයා පුදුමයෙන් ඇසීය.

    ”නරක ආරංචියක් තියෙනවා. ඊයෙ රෑ බූරුවා මළා.”

    ”එහෙනං මගෙ සල්ලි ටික ආපහු දෙන්න.”

    ”එතන තමයි ප්‍රශ්නෙ. මට ඊයෙම ඒ සල්ලි වියදම් වුණානෙ.”

    ”එහෙමද? හොඳයි එහෙනං මට මගෙ මැරුණු බූරුවා ගෙනත් දෙනවා.”

    එවිට, ගොවියා තරුණයා දෙස උපහාසාත්මක සිනාවක් පෑවේය.

    ”මැරුණු බූරුවා මොකටද?”

    ”මං ඌට ලොතරැයියක් දානවා. දිනපු කෙනාට බූරුවා.”

    ”මැරුණු බූරුවකුට කවුද කැමැති වෙන්නෙ?”

    ”ඌ මළ එකෙක් කියල මං කාටවත් කියන්න යන්නෙ නෑ. තමුසෙ මට බූරුවා ගෙනත් දෙනවකො”

    පසුදිනම ගොවියා, බූරු මළ කඳ ගෙනැවිත් තරුණයාට බාර දුන්නේය.

    මාසයකට පසු නගරයේදී ගොවියාට තරුණයා මුණගැසුණි.

    ”අර බූරුවට මොකද කර ගත්තෙ?” ගොවියා ඇසුවේය.

    ”ලොතරැයිය සාර්ථකයි. මං ටිකට් 500ක් ගහලා එකක් පවුම් 2 ගාණේ වික්කා. මට පවුම් 898ක් ලාබයි.”

    ”දිනපු මිනිහ මළ බූරුවට කැමැති වුණැයි?”

    ”නෑ, මං මිනිහට එයාගෙ පවුම් දෙක ආපහු දුන්නා.”

    ගොවියාගේ ඇස් උඩ ගියේය.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොහොම ඉස්සර රජ කාලේ රජකුට පුත්තු තුන් දෙනෙක් හිටිය. රජ්ජුරුවො කිව්වා, තමන් මහළු වෙන්ට කලින් මුණුපුරන් දකින්නට ආසයි. ඉක්මණට විවාහ වෙන්නයි කියලා.
    සරණ පාවා ගත යුතු තරුණිය හොයා ගන්නෙ මෙහෙමයි. එක එක්කෙනා, එක එක ඊයක් බැගින් අරගෙන එළිමහන් පිට්ටනියකට ගිහිල්ලා විදිනවා. ඊය වැටෙන්නෙ කොතනද, එතන තමා ඔවුන්ගේ හිමිකාරිය ඉන්නේ.

    ඉතින් තුන් දෙනාම ඔය විදිහට කලා. ලොකු පුතාගේ ඊය සිටු ගෙදරකටත්, මද්දුම පුතාගේ ඊය ලොකු වෙළෙන්දෙකුගේ ගෙදරකටත් වැටුණා.
    බාල පුතා ඉවාන්. ඉවාන් විද්ද ඊය ගිහිල්ල වැටිලා තිබුණෙ මඩ ගොඩකට. මඩ ගොඩේ හිටපු ගෙම්බි‍යක් ඒ ඊය ඇහිද ගත්තා.
    ඉවාන් කුමාරයා ඈට කතා කළා.
    "ගෙම්ඹියේ, ගෙම්ඹියේ ඊය මට දෙන්න"
    "මාව සරණ පාව ගනින් !" ගෙම්ඹිය කීවා.
    "එහෙම කොහොමද, ගෙම්ඹියක්ව මම සරණ පාව ගන්නේ කොහොමද?"
    "මාව ගනින්. ඒ තමා නුඹගෙ ඉරණම"

    ඉවාන් කුමරයා කණගාටුවෙන් නමුත් ගෙම්බිව අරගෙන මාලිගාවට ආවා. කසාදත් බැන්දා.
    දැන් ඔන්න පිය රජතුමා තමන්ගේ ලේලිලාගේ දක්සකම් මනින කාලය.

    රජු කිව්වා, බිරියන් තුන් දෙනාගෙන් මහන්න දක්ස කවුද කියලා දැන ගන්න, කමිසයක් බැගින් මස්සවලා ගෙනල්ලා දෙන්න කියල.
    පුතුන් තුන් දෙනා හිස නමා ආචාර කරලා ගියා.
    ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා.
    ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන ඇවිත් අහනවා මොකද කියල.
    ඉවාන් කුමාරයා විස්තරේ කියනවා.
    "ඉවාන් කුමාරයා, නුඹ කණගාටු වෙන්ට එපා, ගිහින් නිදා ගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" ගෙම්බිය පිළිතුරු දුන්නා.

    ඉවාන් කුමාරයා නිදා ගන්ට ගියා. ගෙම්බිය එළිපත්තට ගිහිල්ල ගෙඹි හම වීසි කරලා ලස්සන වසීලිස්සා උණා. එතරම් ලස්සන කෙනෙකු ගැන කියලා ඉවර කරන්නට බැහැ.
    නුවණති වසීලිස්සා අත්පුඩි ගහලා මෙහෙම කිව්ව:
    "අම්මලා නැන්දලා, එක්කසු වෙයල්ල ලැහැස්ති වෙයල්ල! මගේ තාත්තා ළග තියන කමිසය වගේ ලස්සන කමිසයක් හෙට උදේ වෙන කොට මහල දියල්ල !"
    ඉවාන් කුමාරය උදේ නැගිටිනකොට ලස්සන කමිසයක් මේසෙ උඩ තියනවා. ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන යනවා.

    ඔන්න ඉතින් පුත්තු තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරු මහපු කමිස පිය රජ තුමාට පිළිගැන්නුවා.
    "මේ කමිසය වැඩ කරන කොට අදිනව" - ඒ ලොකු පුතා ගෙනා එක
    "නාන්ට යනකොට අදින්නට මේ කමිසය හොදා" - ඒ මද්දුම පුතා ගෙනා කමිසෙ
    "මෙන්න මේ තමා කමිසය. උත්සවයට අදින්න හොදයි" - ඉවාන් ගෙනා කමිසෙ උඩින්ම තේරුණා.

    අයියලා දෙන්නට ගෙම්බිය ගැන සැක හිතුනා. රජ්ජුරුවො ඊලගට පැවරුවෙ, රසම පාන් හදන් එන්න.
    අයියල දෙන්න ඔත්තු බලන්න ආච්චි කෙනෙක් යැව්ව.
    ඔන්න ඉවාන් ආයිමත් හිස බදා ගෙන කල්පනා කරනවා. ගෙම්බිය යළිත් වගකීම බාර ගත්තා.
    අයියලා දෙන්න ඔත්තු කාරියක් එවූ බවත් ගෙම්බියට දැනුණ. ඈ ඔත්තු කාරියට පේන්න, පිටි අනලා ලිපේ ගිනි අගුරු තියන තැන වළක් හාරලා,
    අනපු පිටි ගුලිය එය ඇතුලට දැම්ම. ඔත්තු කාරි කියපු විස්තරේ අහලා අයියලාගේ බිරියන් දෙන්නත් මේකම කලා.

    රෑ උනාම ආයිත් ගෙම්බි නුවණති වසිලිස්සා උනා. මොලොක් පාන් ගෙඩියක් හැදෙව්වා.
    ඉවාන් කුමාරයා පිය රජු ලගට අරන් ගියේ සීනි වලින් ලස්සන මල් වැඩ දාපු පාන් ගෙඩියක්.
    අයියල අරන් ආවෙ ලිපේ අගුරු වලට කර වෙච්ච කළු පාට පාන්. රජු ඒවා වැඩකාරයින්ගේ කෑමට යවලා, ඉවාන් ගෙනා පාන් ගෙඩිය අගේ කලා.

    හෙට උදේට තමන්ගේ බිරියන් එක්ක පෙනී හිටින්න ඕනෙයි කියලා රජතුමා පුතුන්ට අණ කලා.
    ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා. කොහොමද ගෙම්බියක් මිනිස්සුන්ට පෙන්නන්නේ?
    ගෙම්බිය කිව්වා;
    "නුඹ කණගාටු වෙන්න එපා, ඉවාන් කුමරයා, නුඹ සාදයට පලයන්. මම නුඹේ පිටුපසින් එන්නම්.
    ලොකු හඩකුයි, ශබ්දයකුයි ඇහෙන්නට පුලුවන්. ඒකට බය වෙන්ට එපා. නුඹ මෙහෙම කියපන්. 'ඒ මගේ ගෙම්බිය රියකින් එනවා'"

    ඉවාන් කුමාරයා උත්සවයට තනියම ගියා. අයියල බිරින්දෑවරු එක්ක ආව. ඒගොල්ලො ඉවාන් ට ගෙම්බි ගැන කියල හිනා උනා.
    ටික වෙලාවකින් මාලිගාවම හෙලවෙන තරමේ ලොකු හඩක් ඇහුණා. ඉවාන් ගෙම්බිය කියන්න කිව්ව වගේම කිව්වා.
    මෙන්න, සුදු පාට අශ්වයො හය දෙනෙක් ඇදගෙන ආපු රත්තරන් පාට රියකින් වසීලිස්සා බිමට බහිනවා. ඈ හරිම හරිම හරිම ලස්සන්යි.
    ඇවිත් ඉවාන් කුමාරයා ලගින් වාඩි උනා.
    රාත්‍රි සාදයේ ආහාර සඳහා සකසා තිබූ පිළිස්සු හංස මස් වලින් ස්වල්පයක් කෑ වසිලීසා ඉන් කටු කිහිපයක් ගෙන තමන්ගේ හැට්ට අත අස්සේ සඟවා ගත්තා. ඊළඟට වයින් එයිනුත් ස්වල්පයක් පමණක් පානය කල ඈ ඉතිරි වයින් සියල්ල හැට්ටයේ අනෙක් අතට වක්කරගත්තා. මේ බව දැක්ක අනෙක් කුමාරව‍රුන් ගේ බිරින්දෑ වරු වසීලීසා කළ දේම කරන්ට පටන් ගත්තා. ඔන්න ආහාර ගැනීමෙන් පසු සියල්ලෝම නටන්ට පටන් ගත්තා. ඉවාන් කුමාරයාගේ අතින් අල්ලා ගෙන නටන අතරේ වසිලීසා එයාගෙ එක් අතක් ගසා දැමුවා. ඒ එක්කම ලස්සනම ලස්සන පොකුණක් මතු වුණා. ඊලඟට එයාගෙ අනෙක් අතත් ගැසුවා. එතකොට පොකුණේ පීනන සුදුම සුදු හංසයෝ කීපදෙනෙක් මැවුණා. උත්සවයට පැමිණි සිටි සියල්ලෝත් පිය රජතුමාත් බොහෝම ප්‍රීතියට පත්වුණා නුවණක්කාර වසිලීසාගෙ හැකියාව න් දැකලා. මේක බලාගෙන හිටපු වැඩිමහල් කුමාරවරුන්ගේ බිරින්දෑවරුත් ඒ විදියටම තමන් ගේ අත් ගසා දැමුවා. පොකුණක් සහ හංසයින් මැවෙනවා වෙනුවට නටමින් සිටින බිම මත වයින් සහ මස් කටු සියල්ල විසිරී ගියා.

    මේ තරම් ලස්සන නුවණක්කාර බිරිඳක් තමාට ලැබුණු එක ගැන ඉවාන් කුමාරයා හුඟක් සතුටු වුණා. හැමෝම සාදයේ ඉන්න අතරේ කුමාරයා දුවලා ගියා එයාගෙ ගෙදරට. ගිහින් ගලවලා දමලා තිබුනු ගෙඹි හම හොයාගෙන ඒ ක ගින්දරට විසී කලා පිච්චෙන්න. එතකොට ඇය හැම දාම ලස්සනට ඉඳීවි කියල ඉවාන් කුමාරයා හිතුවා. සාදය නිමා වෙලා ගෙදර ආපු වසිලීසා එයාගෙ ගෙඹි හැව සොයන්ට පටන් ගත්තා. ඒ ක ඉවාන් කුමාරයා ගින්නට විසී කල බව දැන ගත්තු වසීලීසා දුකෙන් මෙහෙම කිවුවා.

    "අනේ ඉවාන් කුමාරයා, නුඹ මොනවා කලාද! තව දවස් තුනක් ඉවසා හිටියා නම්, මම සදහටම නුඹේ බිරිද වීමට ඉඩ තිබුණා.
    දැන් ඉතින් නුඹට ආයුබෝවන්. මාව නුඹට ඕනෙ නම් නුඹ රටවල් තිස් නවයක් පහු කරගෙන හතලිස් වෙනි රටට එන්ට ඕනෙ.
    නොමැරෙන කසේයි රාක්සයා ළග මාව හොයපන් "

    නුවණැති වසිලීස්සා අළු පාට කොකෙකු වෙලා ජනේලයෙන් එළියට පියාඹා ගියා.
    ඉවාන් කුමාරය අඩලා, අඩලා වසිලීස්සා හොයන්ට පිටත් උනා.
    ඔහොම බොහොම දුරක් ගියාට පස්සෙ ඉවාන් කුමාරයට මහළු සීයා කෙනෙක් මුණ ගැහුණා. ඉවාන් කුමාරයා තමන්ගේ කතාව සීයට කිව්ව.
    "අනේ ඉවාන් කුමාරය, නුඹ ගෙඹි හම පුච්ච දැම්මේ මොකටද? ඒ හම එයාට ඇන්දෙව්වේ නුඹ නොවෙයි, ගලවන්නට නුඹට අයිතියක් නැහැ.
    නුවණැති වසීලිස්සා එයාගේ තාත්තාට වඩා කපටියි. නුවණක්කාරයි, ඒ නිසා තාත්තා තරහා වෙලා, අවුරුදු තුනක් තිස්සේ ගෙඹි හමක් අදින්නටත් ගෙම්බියක් වෙලා ඉන්නටත් ඇයට නියම කළා.
    දැන් ඉතින් මේ නූල් බෝලේ අරගෙන වීසිකරලා ඒක යන දිහාවට නුඹත් බයනැතුව පලයන්." සීයා මෙහෙම කියලා ඉවාන් කුමාරයාට නූල් බෝලයක් දුන්න.

    මහළු සීයාට ඉවාන් කුමාරය ස්තුති කරලා නූල් බෝලය වීසි කරලා යන්ට ගියා. නූල් බෝලය පෙරලි පෙරලී යනවා.
    ඉවාන් කුමාරය ඒ පස්සෙ යනව. මෙහෙම යනකොට ඉවාන් කුමරයාට කිහිප වතාවකදී සතුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.
    ඔහු උන්ව මරන්නට ලෑස්ති උනාම, ඔවුන් අභය දානය ඉල්ලූ නිසා ඉවාන් කුමාරයා උන් මැරුවේ නෑ.
    පසුව උදවු වෙනවයි මේ සත්තු කියා හිටියා.

    ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඔහුගේ නූල් බෝලය කැලෑවකට ආව. එතන බබායිගා යකින්නගේ ගේ. බබායිගා යකින්නගෙන් ඉවාන් කුමාරයා, කිසිදා නොමැරෙන කසේයි රාක්සයාගේ විස්තර අහ ගත්තා.
    "මම දන්නව, දන්නව. නුඹේ බිරිද දැන් නොමැරෙන කසේයි රාක්සයා ළග ඉන්නවා. නුඹට ඒ රාක්සයා පරද්දන්ට බැහැ. ඔහුගෙ පණ තියෙන්නෙ ඉදිකටු තුඩක.
    ඒ ඉදිකටු තුඩ තියෙන්නෙ බිත්තරයක, බිත්තරය තියෙන්නෙ තාරාවකුගේ බඩේ, තාරාවා ඉන්නේ හාවෙකුගේ බඩ ඇතුලේ, ඒ හාවා ඉන්නේ ගල් පෙට්ටගමක් ඇතුළේ,
    ඒ ගල් පෙට්ටගම බොහොම උස ඕක් ගහක් උඩ තියනවා. නොමැරෙන කසේයි රාක්සයා ඕක් ගහ එයාගෙ ඇහැක් වගේ ආරක්සා කරනවා "

    කොහොම හරි, අර උදවු කරන්නන් කියපු සත්තුන්ගේ උදවුවෙන් ඉවාන් කුමාරයට, ඉදිකටු තුඩ තියන බිත්තරය හම්බ උනා.
    ඉවාන් කුමාරය බිත්තරය බිදලා අරගෙන ඉදිකටු තුඩ කැඩුවා. කසේයි මළා.

    ඉවාන් කුමාරයා කසේයි යක්සයාගේ කිරි ගරුඬ මාළිගාවට ගියා. නුවණැති වසීලිස්සා දුවගෙන ඇවිල්ලා ඉවාන් කුමාරයාව සිප ගත්තා.
    ඉවාන් කුමාරයා නුවණැති වසිලීස්සා සමඟ ගෙදර ඇවිල්ල බොහෝ කලක් සැපෙන් හා සතුටින් ජීවත් උණා.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    elazzzz
    kalin dunnalu



    ඔන්න ඉතින් ඔය යකා දුවගෙන ගිහින් වෙන ගොවියෙක්ව අල්ලගත්තලු .. දැන් ගොවියගේ ගෙදරදොරේ වැඩ ඔක්කොම කරාලු.. දැන් ගොවියව කන්නයි ලෑස්තිය ඒ වලාවෙම ගම මහගේ කෑමත් අරං ආවලු.. ඉතින් කට්ටිය බෙල්ල ලගට හිර උනාම ලග ඉන්න කෙනාගේ පිහිට පතනවනේ.. ගමයා මහගෙට කීවලු
    මේයකාට මොකක්හරි වැඩක් දෙනවකො වැඩක් කියලා.. ගෑනි ටිකක් කල්පනා කරල අස්සෙන් අත දාලා ගලෝලා ගත්තකු ඇබරුන මයිල් ගහක්:baffled: දීලා කීවලු මෙන්න මේක කෙලින් කරලා දියන් කීවලු.. දැන් යකා ට්‍රයි කලාලු කලාලු බැරිලු.. බැරිම තැන යකා එතනිනුත් පැනලා ගියාලු

    patta onna rep dunnaaaa 5++++++


    දිගටම සෙට් වෙමු ...ඉස්සරහට අප්ඩේට් තියෙනවද
    11.gif


    Keep it Up.........

    දඩබ්බරයා;14970401 said:
    patta okkama kiyeuwe na passe kiyawannam thanx...



    පොඩිකාලේ මතක් වෙලා, ඇඬුනා බන් !!


    macho digata karagena yanna 12+++

    hugakalekin katha tikak kiyewwe niyamai machan. rep+

    good post...+8

    api podi kale kiyawapu katha neda ban... elaz...

    tnx guys :love:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උයන් වතුවල රත්තරන් පාට සූරියකාන්තා මල් පිපෙන්නට ගොඩක් ඉස්සර කොළම කොළපාට රටක් පාලනය කරපු රජතුමෙක් හිටියා. ඉතින් මේ රජතුමාට හිටියෙ එකම එක දියණියයි. වසන්ත කාලයට පිපෙන ලස්සනම ලස්සන මලක් වගේ මේ කුමාරිකාවත් බොහෝම ලස්සනයි. ඒත් මේ කුමාරිකාව කවමදාවත් කා එක්කවත් විවාහ වෙන්නට අකමැති නිසා පියරජතුමා හිටියෙ ගොඩක් දුකෙන්.

    කුමාරිකාවට ගැලපෙන කුමාරයින් කොච්චර හිටියත් ඒ එක්කෙනෙක්ටවත් කැමති වුණෙ නෑ. ඒ විතරක් නෙමෙයි සුදු කළු දුප්පත් පොහොසත් වෙන කිසිම කෙනෙක්ට ඇය කැමති වුණෙ නෑ. පියරජතුමා ඇය එක්ක ඒ ගැන කතා කරන හැම වෙලේම ඇය කීවෙ, ”මම ආදරේ හිරුට විතරමයි” කියලා.

    ඔන්න දවසක් පියරජතුමාට කුමාරිකාව එක්ක හොඳටම තරහ ගියා. තරහ ගිහින් කීවා ”එහෙනම් ගිහින් හිරුත් එක්කම විවාහ වෙන්න. හැබැයි මින් පස්සෙ මට පේන්න එන්න එපා ” කියලා.

    ඉතින් පියරජතුමාගේ කතාවට දුක හිතුණ කුමාරිකාව, හිරු හොයන්න යන්න පටන් ගත්තා. කුමාරිකාව හිරුව හොයාගෙන හැම වෙලේම ගියේ හිරු නැගෙන පැත්තටමයි. වනාන්තර කාන්තාර දියඇලි කඳු පහුකරගෙන කුමාරිකාව ඉදිරියටම ගියා.

    ඉතින් ඔන්න මෙහෙම ගොඩක් දුර ආව කුමාරිකාව අන්තිමට,උස කන්දක් මුදුනෙ හදල තිබුණ හිරුගෙ මාලිගාවට ආවා. ඒත් ඒ වෙලාවෙ මාලිගාවේ හිටියෙ හිරුගෙ අම්මා විතරයි.

    කුමාරිකාව දැක්ක හිරුගෙ අම්මා ඇගෙන් මෙහෙම ඇහුවා ”දුවේ ඔයා මොනවද මෙහෙ කරන්නෙ” කියලා.
    ”මම හොයන්නෙ හිරුකුමාරයාව” කුමාරිකාව හෙමිහිට උත්තර දුන්නා.

    ”දුව එන්නෙ කොහෙ ඉඳලද” ආයෙමත් හිරුගෙ අම්මා කුමාරිකාවගෙන් ඇහුවා.

    එතකොටම දුකින් බිම බලාගත්ත කුමාරිකාව පියරජතුමා ඇයව මාලිගාවෙන් පිටමං කරපු හැටි විස්තර කළා.
    ඉතින් ඒ කතාව ඇහුව හිරුමව ට කුමාරිකාව ගැන ගොඩක් දුක හිතිලා මෙහෙම කීවා.

    ”දුවේ මම ඔයාට හිරුකුමාරයා එක්ක විවාහ වෙන්න අවසර දෙන්නම්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනි. හිරුකුමාරයා එක්ක සදහටම ජීවත් වෙන්න ඕනි නම් කවදාවත්ම හිරුකුමාරයා දිහා බලන්න එපා. එහෙම බැලූවොතින් දුවට නපුරක් වෙන්න ඉඩ තියෙනවා. ”

    කුමාරිකාවත් හිරුගෙ අම්මා ට පොරොන්දු වුණා කවමදාවත් හිරු දිහා බලන්නෙ නෑ කියලා.

    ඉතින් ඔන්න ටික කාලයක් කුමාරිකාව ගොඩක් සතුටින් හිරුත් එක්ක ජීවත් වුණා. හැබැයි කවමදාවත් හිරු දිහා බැලූවෙ නම් නෑ. ඒත් හිමීට හිමීට දවස් ගෙවෙනකොට කුමාරිකාවට එයා ගැනම දුක හිතුනා.

    කුමාරිකාවගේ මේ වෙනස තේරුම් ගත්ත හිරුගෙ අම්මටත් ඇය ගැන ගොඩක් දුක හිතිලා දවසක් මෙහෙම කීවා.

    ”මම දන්නවා දුව ඉන්නෙ ගොඩාක් දුකින් කියලා. දුවට හිරුව බලන්නම ඕනි නම් වතුර වීදුරුවක් හොරෙන් ඔහු ඉදිරියෙන් තියලා ඒක ඇතුළෙන් ඔහුව බලාගන්න. හැබැයි දුවේ වැඩි වෙලා බලන් ඉන්න ගියොත් ඒ බව මගේ පුතාට දැනේවි. ඊට පස්සෙ දුවට නපුරක් වෙන්න බැරි නෑ. ”

    ඉතින් ඔන්න කුමාරිකාව හිරුගෙ අම්මා කීව විදිහට සියල්ල කරන්න සුදානම් වුණා. ? වෙලා ගෙදර ආව හිරු ඉදිරියෙන් වතුර වීදුරුවක් තිබ්බ කුමාරිකාව ඔහු දෙස හොරෙන් බැලූවා.

    හිරුගෙ ලස්සන මූණ දිහා බලන් හිටපු කුමාරිකාවට හිරුගෙ අම්ම දුන් අවවාදය අමතක වුණා. ඒ නිසා දිගින් දිගටම ඔහු දෙස බලාගෙනම හිටියා.
    තමන් දිහා කුමාරිකාව හොරෙන් බලන් ඉන්න විදිහ දුටු හිරුට හොඳටම කේන්ති ගියා. හිරුට කොච්චර කේන්ති ගියාද කියනවනම් එයා කුමාරිකාවට කෑ ගහල බැන්නා.

    ”ඔයාට කීකරු වෙන්න බැරිනම් මම තවත් ඔයාව මේ ගෙදර තියාගන්න කැමති නෑ. ”

    එහෙම කියපු හිරු කුමාරිකාව ගෙදරින් පිටමං කළා.

    ඉතින් කුමාරිකාව ගොඩක් දුකින් හිරු මාලිගාවෙන් එන්න ආවා. ගස් ගල් පහු කරන් යන ඇගේ රෝසපාට කම්මුල් දිගේ කඳුළු පේළි ගලාගෙන ගියා.

    හැබැයි ඔන්න කුමාරිකාවට වැඩිය දුර යන්න ලැබුණෙ නෑ. හිරුටත් කුමාරිකාව ගැන දුක හිතුණා. ඊටපස්සෙ හිරු කුමාරිකාව, ඇය හිටිය තැනම උස ගහක පිපුණු ලොකු කහපාට මලක් බවට පත්කළා.

    ඉතින් එදා ඉඳල මේ ලොකු කහපාට මල හිරු පායනකොට ඔහු දිහා බලනවා. හිරු නිවෙනකොට ඇගේ මූණත් සඟව ගන්නවා. ඒක නිසා හැමෝම ඒ කහපාට මලට කීවෙ සූරියකාන්තා’ කියලයි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න එකෝමත් එක රටක හිටියලු රජ්ජුරු කෙනෙක්. ඉතිං මේ රජ්ජුරුවන්ට හිටියලු ලස්සන දූ කුමාරියක්. ඉතිං මේ දූ කුමාරි හරිම ආසයි ලු මල් වත්තෙ ඇවිදින්න. ඔන්න දවසක්දා මේ කුමාරි එයාගේ සේවිකාවනුත් එක්ක මල්වත්තෙ ඇවිදින්න යන ගමන් ලස්සන මලක් දැක්කා ලු. ඉතිං පුංචි කුමාරිකාවෝ හරි ආසයි නෙ මල් වලට. දූ කුමාරිත් අර ලස්සන මල ලඟට ගිහින් ඒක ඉම්බා. අනේ ! එතකොට මලේ තිබුණු එක මල් ඇටයක් ගිහින් දූ කුමාරි ගේ නහයේ හිර වුනා.

    හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා. රජ්ජුරුවන්ටත් හරිම දුකයි. ඔන්න රාජකීය වෙදනා ඇවිත් බෙහෙත් කළා. ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

    ඔන්න ඉතිං ඒ පාර රජ්ජුරුවෝ දන්න කියන ඔක්කොම වෙද්දු ගෙන්නවලා බෙහෙත් කරන්න නියම කළා.

    ම්හ්..! මල් ඇටේ එළියට ආවේ නෑ.

    හරි වැඩේ! කුමාරිකාවට අඬන්නත් බෑ, හිනාවෙන්නත් බෑ, කතා කරන්නත් බෑ. එයා හරිම දුකෙන් අමාරුවෙන් ඇස් දෙක ටීක් බෝල වගේ කරගෙන කඳුලු පුරවගෙන ඉන්නවා.

    ඉතිං ඔන්න රජ්ජුරුවෝ රට පුරාම අණ බෙරයක් යැවුවා දූ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දාන්න පුළුවන් කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. අණ බෙර කාරයත් රාජ පුරුෂයින් එක්ක නගර, දනවු, ගම්, නියම් ගම්, ඔලගම් පහු කරගෙන යනවා යනවා යනවා. කිසිම කෙනෙක් අණබෙරය නවත්තන්න ඉදිරිපත් වුනේ නෑ.

    මේ අතරේ එක ගමක ඉන්නවා කම්මැලි ගමයෙක්. මේ ගමයා අනිත් ගමයො කුඹුරු අස්සද්දලා, බින්නැගුම් හාලා, දෙ හී හාලා, නියර බැඳලා, වැලි මඩ පෝරුගාලා, වී වපුරලා, වල් නෙලලා, මැස්සෝ එනකොට ගොයම කොකු ගාලා, වතුරබැඳලා, වක්කඩවල් රැකලා, කක්කුටු ගුල් මකලා, කලට අස්වැන්න නෙලලා, ගොයම් පාගලා, අටුවට දාලා, අග්ගස්ස දානේ දීලා එනකොටත් සෝමාරි කමට පිලේ කුදහ ගෙන ඉන්නවා. මහගෙ කාගේ හරි කුලී කුරක්කමක් කරලා ඇවිත් උයලා දෙන බත් ගිලලා පිලේ කුදහගෙන ඉන්නවා. ඒ මදිවට හැමදාම උදේට බත් හැලිය පල්ලේ තියෙන දංකුඩ මහගේටත් නොතියා කොටා බානවා.

    ඉතිං ගම මහගෙත් හරි හිතේ අමාරුවෙන් ඉන්නකොට ඔන්න ඒ ගමටත් අර රජ්ජුරුවෝ යවපු අඬබෙරේ ආවා. අණ බෙරකාරයා කිව්වා රාජ කුමාරිගේ නහයේ හිරවුන මල් ඇටේ අරන් දුන්න කෙනෙකුට ඇතෙක් බරට වස්තුව දෙනවා කියලා. එත කොට කෙනෙක් ඇහුවා ඉදිරිපත් වෙලා බැරිවුනොත් මොකද කරන්න්නේ කියලා. අණබෙරකාරයා කිව්වා ආයේ මොකද හිස ගසා දානවා කියලා. මේක අහගෙන උන්න ගම මහගේට හිතුනා ගමයට හොඳ වැඩක් කරන්න. ඈ ගිහින් අණ බෙරේ නැවැත්තුවා. රාජපුරුෂයන්ට කිව්වා , තමන්ගෙ ගමයා හොඳ වෙදෙක්, ඕනෑම ලෙඩකට දුකකට විසාදියකට රහස් බෙහෙත් දන්නවා කියලා. අනේ! රාජ පුරුෂයොත් ගමයව අල්ලගෙන රජ ගෙදරට අරං ගියා. මේ යන ගමන් ගමයා දෙය්යන්ට කිය කියා ගියා අනේ දෙය්යනේ මේ මරණෙන් ගැලවුනොත් ආයේ නම් බත් දංකුඩ කන්නේ නෑ කියලා.

    ඔහොම යනකොට යනකොට මේ කට්ටිය විලක් අයිනෙන් ගියා. විලේ උන්න ගෙම්බෙක් 'චොක්' ගාලා දියට පැන්නා.

    ගමයා ඒක මතක තියා ගත්තා ‘ඇටිකිචි චොක්’ කියලා.

    ඔන්න ඔහොම යනකොට යනකොට එක රාජ පුරුෂයෙකුගේ කකුලට කක්කුට්ටෙක් පෑගුණා ‘ඤරස්’ ගාලා.

    ගමයා එකත් මතක තියා ගත්තා. ‘කකුළු ඤරස්’ කියලා.

    ඔහොම යනකොට යනකොට හාවෙක් පඳුරකින් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. ආයෙමත් ඒපැත්තට පනිනවා මේ පැත්තට පනිනවා.

    ගමයා මේකත් මතක තියා ගත්තා ‘හාවා කළ අකල විකල’ කියලා.

    ඔන්න ඔහොම රජ ගෙදරට ම ආවාම රජ්ජුරුවෝ අණ කළා ඉතා ඉකමනින් දූ කුමරියගේ නහයේ මල් ඇටේ අරන් දාන්න, බැරි වුනොත් ගමයාගේ හිස ගසා දාන්නත් අණ කළා. මදැයි කොළා, ගමයා බයේ බයේ දන්න වෙදකමකුත් නැති නිසා පොල් කෙන්දකුත් ගෙන්නගෙන දූ කුමාරිගේ නහයේ ගාලා මෙහෙම මැතිරුවා,

    ඇටිකිචි චොක්- කකුළු ඤරස්
    හාවා කළ අකල විකල
    මේ මරණින් ගැලවුනි නම්
    ආයේ නොකං බත් දංකුඩ

    අර පොල් කෙන්දට නහය කිචිකැවිලා මදිවට ගමයගෙ බොරු මන්තරේට හිනා යන්න ආව නිසාත් එක පාරටම දූ කුමාරිගේ නහයේ තිබුණ මල් ඇටේ ‘හකීස්’ ගාලා හච්චිමක් එක්ක එළියට ආවා. කුමාරි බිම පෙරළි පෙරළි හිනා වුනා.

    රජ්ජුරුවෝ ගමයාට ඇතෙක් බරට වස්තුව දුන්නා. ගමයා ගමට ගියායින් පස්සේ කම්මැලි නොවී කුඹුරක් බතක් කරගෙන මහගේ එක්ක සතුටින් උන්නා.
     
    • Like
    Reactions: gayankuwait

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න එකමත් එක රටක උකුණෙකුයි ඉකිණියෙකුයි හිටියලු. උකුණයි ඉකිණියි හේනක් කොටාගෙන ඉන්ට හිතලා ගියාලු හේනක් කොටන්ට. හොඳටෝම මහන්සි වෙලා හිටපු උකුණා ට කහට ටිකක් වක්කරන්ට කියලා හිතාගෙන ඉකිණි ගියා ලිප පත්තු කරන්ට. අනේ! ඉකිණි ලිපට වැටිලා මැරුණලු. උකුණා හොඳටෝම අඬනවලු. මෙතනින් යන්ට ආපු කාක්කෙක් ඇහුවලු ඇයි උකුණෝ අඬන්නේ කියලා. උකුණා කිව්වලු.

    ඉකිණියි මමයි හේනට ආවා ඉකිණි ලිපට වැටුනා මම අඬනවා කියලා.

    කාක්කා තට්ට කඩා ගත්තා ලු.

    තට්ට කඩා ගත්ත කාක්කා සොට්ටි ගහ ගහ ඉගිළිලා ගිහින් වාඩිවුනා ලු බෝ ගහක අත්තක. බෝ ගහ ඇහුවලු ඇයි කාක්කෝ තට්ට කැඩිලා කියලා.

    කාක්කා කිව්වාලු ..

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා මම තට්ට කඩා ගත්තා කියලා.

    ඔන්න ඉතිං බෝ ගහ කොළ හලා ගත්තා ලු.

    ඔතනින් එනවලු ඇතෙක් වතුර බොන්ට ගඟට යන්ට.

    ඇතා බෝ ගහ දැකලා ඇහුවලු මේ මොකදෑ මේ කොළ හැලිලා කියලා.

    බෝ ගහ කිව්වලු උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා මම කොළ හලා ගත්තා කියලා.

    ඇතා දළ කඩා ගත්තාලු.

    ඔන්න ඇතා ගඟ ට ගියාපුවා ම ගඟ අහනවාලු මොකදෑ මේ දළ කැඩිලා ලියලා. එතකොට ඇතා කියනවලු …

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා මම දළ කඩා ගත්තා කියලා.

    ගඟ බොර වුනා.

    ඔන්න කෙල්ලක් එනවා ගඟෙන් වතුර ගෙනියන්ට. කෙල්ල එනකොට ගඟේ දිය බොර වෙලා. කෙල්ල ඇහුවලු කිරි අප්පේ මේ මොකෑ මේ ගඟ බොරවෙලා කියලා හිටං.

    ගඟ කියව්වලු මෙහෙම.

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. මම බොර වුනා කියලා.

    කෙල්ල කලේ බිඳ ගත්තා. ඔන්න ඉතිං කෙල්ල කලෙත් නැතුව දියත් නැතුව අඬ අඬා ගෙදර ගියා ලු. අම්මා අහනවලු කෝ බොල දිය? කලේට මොකෑ උනේ කියලා. කෙල්ල අඬ අඬා ම කිව්වලු.

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. මම කලේ බිඳ ගත්තා කියලා.

    අම්මා අත කපා ගත්තා.

    අතේ තුවාලේ දැකපු අප්පා ඇහුවා අඩේ! මේ මොකෑ මේ අත කැපිලා කියලා. අම්මා කිව්වා ලු

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා මම අත කපා ගත්තා කියලා.

    අප්පා කකුල කපා ගත්තා,

    ඒ කල්ලා නොණ්ඩි ඇන ඇන ගියා පන්සලට, එහෙ උන්න ගණේ ඇහුවා ලු අඩේ! මේ මොකෑ තයෙ කකුල කැපිලා කියල හිටං. අප්පා මෙහෙම කියව්වාලු

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා අම්මා අත කපා ගත්තා මම කකුල කපා ගත්තා කියලා.

    ගණේ තට්ටේ පලා ගත්තා ලු. ඕං ඇබිත්තයා ඇවිදින් දුම්ම්ල කුඩු ඩිංගක් දාලා හිටං අහපි මොකෑ මේ තට්ටෙට වෙච්ච් දේ කියලා.

    ඒ පාර ගණේ කියව්වා ලු

    බොල !

    උකුණයි ඉකිණියි හේනට ගියා ඉකිණි ලිපට වැටුනා උකුණා අඬනවා කාක්කා තට්ට කඩා ගත්තා බෝ ගහ කොළ හලා ගත්තා ඇතා දළ කඩා ගත්තා. ගඟ බොර වුනා. කෙල්ල කලේ බිඳ ගත්තා අම්මා අත කපා ගත්තා අප්පා කකුල කපා ගත්තා මම තට්ටේ පලා ගත්තා කියලා.

    ඇබිත්තයා හක් හක් හක් ගාලා හිනා උනා..!