කුඩු සල්ලි යන්නේ රාජපක්ෂගේ සාක්කුවටද?

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
කුඩු සල්ලි යන්නේ රාජපක්ෂගේ සාක්කුවටද?

20111016074957.png

DSGR107N-600x500.jpg
 
Last edited:
  • Like
Reactions: ruwanjrc

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
රජාගේ ගෝලයන් වන මර්වින් සහ දුමින්ද මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම දැන් පාලනය කරයි.
පසුගිය වසරේ ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විශේෂ කාර්යබලකාය මගින් ඝාතනය කරවා දේශපාලුවන් මෙම කුඩු ව්‍යාපාරය සියතට ගෙන ඇත.මේ අනුව මේ කුඩු සල්ලි අනිවාර්යෙන්ම රාජපක්ෂවරුන්ගේ සාක්කු වලට යන බවක් සිතේ.කුඩු මහින්ද කෙනෙක් පහල වී ඇති බව පසක් වේ.කොලොම්බියාවේ වගේ කුඩු රජෙක් අපට පහල වී ඇත.
එසේ නැත්නම් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණීය දන්ඩනය නියම කර කාර්යක්ෂම විශේෂ අධිකරන මගින් ඔවුන්ව පහසුවෙන් තුරන් කර ඇත.මෙය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි.කුඩු ජාවරම් කාරයන්ටවත් මරණ දඩුවම දෙන්න මුලු රටම කියද්දි දේශපාලුවන් එය වලක්වන්නේ ඇයි? හෙල කරුමය සිංහල තරුනයන් වනසන මේ කුඩු වලට එරෙහි නොවන්නේ ඇයි.මස් මාලු අරක්කු බොන්න එපා කියන හෙලකරුමයේ හොර ගනයන් කුඩු වෙනුවෙන් සටන් නොකරන්නේ මොකද?
 
  • Like
Reactions: westpra

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
මේ රට හරි මගට ගන්න පුලුවන් දේශපාලනඥයන් නැති ලංකාවක් බිහි කිරීම තුලින් පමනයි.ජනතාවට ඕන දෙය කරන්න නම් මේ හොර දේශපාලකයන් කියන එවුන් අයින් කරලා ජනතාව නායකයන් සහ ස්ථිර නිලධාරින් හෝ නියෝජිතයන් නැති මහජන සංවිධාන හරහා රටේ පාලනය කල යුතුයි.නැත්නම් ලෝකයේ යාචක දේශයක් වශයෙන් දිගටම ඉන්න වේවි.රටේ අනාගතය වෙනුවෙන් එක එක නායකයන් මත ‍රැ‍ඳෙන්න එපා.අපි අපිම මේ රට පාලනය කරන ක්‍රමයක් වෙනුවෙන් අරගලයක් කරමු.
 

Prapra

Active member
  • Mar 14, 2011
    164
    75
    28
    මේ රට හරි මගට ගන්න පුලුවන් දේශපාලනඥයන් නැති ලංකාවක් බිහි කිරීම තුලින් පමනයි.ජනතාවට ඕන දෙය කරන්න නම් මේ හොර දේශපාලකයන් කියන එවුන් අයින් කරලා ජනතාව නායකයන් සහ ස්ථිර නිලධාරින් හෝ නියෝජිතයන් නැති මහජන සංවිධාන හරහා රටේ පාලනය කල යුතුයි.නැත්නම් ලෝකයේ යාචක දේශයක් වශයෙන් දිගටම ඉන්න වේවි.රටේ අනාගතය වෙනුවෙන් එක එක නායකයන් මත ‍රැ‍ඳෙන්න එපා.අපි අපිම මේ රට පාලනය කරන ක්‍රමයක් වෙනුවෙන් අරගලයක් කරමු.

    MOKADA BAN UBAMA DALA UBAMA OKA BUMP DADA EDAGENA YANNE WEDAK NATHNAM KATA P*KE ATHULLA GANNA TRY KARAPAN PAKSHA BEDA NATHUWA ATHTA KATHA KARAPAN ELAKIRIYE KOLLO UBA WAGE JAN*I KARANNE NATHUWA:lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මෙහෙම ගියොත් කාට කාටත් කටවල් අර කියපු තැන අතුල්ල ගන්න වේවි.:shocked:
    කුඩුවලට කාගේ හරි ලොකු සපෝට් එකක් තියෙනවා.නැත්නම් මේක නවත්වන්න අපේ ආරක්ෂක අංශ වලට පුලුවන්.ලක්ෂ 2ක හමුදාවක් ඉන්නවා කිසිම යුද්ධයක් නැතිව.මේ අයගෙන් වැඩක් ගන්න බැරි ඇයි?හැබයි කුඩු බිස්නස් කාරයන්ට නොමිලේ සපෝට් කරන දේශපාලනඥයන් මේ රටේ නෑ.ඒක නිසා මේක ලොකු බිස්නස් එකක් බව පැහැදිලියි.
     
    • Like
    Reactions: Randir and rab

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    රේනෝට හා දිලිත්ට හමුදා ආරක්ෂාව

    2011 ඔක්තෝබර් 14 වෙනි සිකුරාදා, 09:52 සාමාන්‍ය

    Dilith_Renosilva.jpg

    භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් පසුව කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ සොයුරු රේනෝද සිල්වා ට සහ ට‍්‍රයි ඇඞ් ආයතනයේ ප‍්‍රධානී දිලිත් ජයවීර මහතාට විශේෂ හමුදා ආරක්ෂාවක් ලබා දීමට ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කර තිබේ.
    කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ පාතාල සාමාජිකයන් විසින් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමෙන් පසු මොවුන් දෙදෙනා භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට හිතවත් පාතාල කල්ලිවල ඉලක්කයක් වී ඇති බවට රාජ්‍ය බුද්ධි අංශ විසින් ලබා දී තිබූ තොරතුරු මත ආරක්ෂක ලේකම්වරයා මෙම පියවර ගෙන තිබේ.
    ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවි ආයුධ මෙරටට ගෙන්වීම හරහාත් වෙනත් ජාවාරම් හරහාත් උපයා ගෙන ඇති රුපියල් කෝටි ගණන් මුදල් මෙරට ආයෝජනය කොට ඇත්තේ රේනෝද සිල්වා සහ දිලිත් ජයවීර හරහා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
    එම ඇමතිවරයා සඳහන් කළ පරිදි ආරක්ෂ ලේකම්වරයා රේනෝද සිල්වා සහ දිලිත් ජයවීර හරහා මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ ආක‍්‍රමණය කර තිබේ. රේනෝද සිල්වා මහතා මීට සති කිහිපයකට පෙර ද ෆිනෑන්ස් සමාගමේ කොටස් පවා මිලදී ගනු ලැබූ අතර, රටේ ආර්ථික වශයෙන් තීරණාත්මක සමාගම් කිහිපයක කොටස් මිලදී ගනිමින් සිටි දිලිත් ජයවීර මහතා, නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පැවති කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා ගොඩනැගිලි සංකීර්ණයද පසුගිය දා මිලදී ගෙන තිබේ.
    මේ වන විට කොටස් වෙළෙඳ පොළ පාලනය කරන නිමල් පෙරේරා මහතාව ද දිනා ගැනීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර තිබේ. නිමල් පෙරේරා යනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන කැසිනෝ ව්‍යාපාරික හා ප‍්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මූල්‍ය උපදේශකයා වේ.
    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ සමීපතම ගෝලයෙකු වූ නිමල් පෙරේරා මහතාව ආරක්ෂක ලේකම්වරයා වෙත හඳුන්වා දී ඇත්තේ සම්බෝධි විහාරයේ විහාරාධිපති දරණාගම කුසලධම්ම හිමියන්ය.

     
    • Like
    Reactions: WICKILEAKS

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ගෝඨා, කුඩු ප‍්‍රබලයින් සමග සබඳතා පවත්වලා

    2011 ඔක්තෝබර් 18 වෙනි අඟහරුවාදා, 10:32 සාමාන්‍ය

    Gothapaya_Finger.jpg

    ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකාවට කුඩු ගෙන්වන ප‍්‍රධානම තැරැව්කරුවන් කිහිප දෙනෙකු සමගම සමීප සබඳතා පවත්වා ඇති බව මේ වනවිට හෙළිදරව් වී ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.
    කුඩු දුමින්ද මන්තී‍්‍රවරයා හා අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් මෙම කුඩු ව්‍යාපාරිකයින් කිහිපදෙනා ආරක්‍ෂක ලේකම්වරයාට හඳුන්වා දී තිබේ.
    ඔවුන් දෙදෙනා ආරක්‍ෂක ලේකම්වරයාට මෙම කුඩු ජාවාරම්කරුවන් හඳුන්වා දී ඇත්තේ පක්‍ෂයට ආධාර කරන ප‍්‍රබල ව්‍යාපාරිකයන් පිරිසක් බවට හඳුන්වා දෙමිනි. මෙම ව්‍යාපාරිකයන් කිහිපදෙනාට ලන්ඩනයේ හා සිංගප්පූරුවේද ව්‍යාපාර ඇතැයි කුඩු දුමින්ද මන්තී‍්‍රවරයා ආරක්‍ෂක ලේකම්වරයාට ප‍්‍රකාශ කර ඇත.
    ඒ අනුව, මෙම කුඩු ජාවාරම්කරුවන් කිහිපදෙනා පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද හමුවී රුපියල් කෝටි ගණනක මුදලක් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.
    ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස් විශේෂ කාර්ය බළකාය හරහා කොළඹ පාතාලයට හා කුඩු ජාවාරම්කාරයින්ට එරෙහි මෙහෙයුම් ආරම්භ කළ සෑම අවස්ථාවකදීම මෙම කුඩු ප‍්‍රබලයින් රටින් පිටව ගොස් තිබේ. එමෙන්ම, එම කුඩු ව්‍යාපාරිකයන් කිහිප දෙනා වරින් වර ආරක්‍ෂක ලේකම්වරයා හමුවීමට රැගෙන ගොස් ඇති කුඩු දුමින්ද මන්තී‍්‍රවරයා මොවුන්ගේ ව්‍යාපාරික කටයුතුවලට බාධා නොකරන්නැයි, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාටද ආරක්‍ෂක ලේකම්වරයා හරහා නියෝග කරවා තිබේ.
    භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමග ආරක්‍ෂක ලේකම්වරයා සමග ඇසුරු කළ ප‍්‍රබල පාතාල සාමාජිකයන් හතර දෙනෙකු මේ වනවිට අතුරුදහන්ව සිටී