මෙය ආරම්භ වූයේ, හොංකොංහි ප්රජාතන්ත්රවාදය ස්ථාපනය කරන ලෙසට බල කරමින් පැවති විරෝධතාවකිනි.
ඒ, පසුගිය සැප්තැම්බර් 27 වන දා ය.
ඊට මුල් වූයේ යෝෂුවා වොං චී-ෆන්ග්, බෙනී තායි, ඇලෙක්ස් චෝව් සහ ලෙස්ටර් ෂම් යන පුද්ගලයින් සිව් දෙනෙකි.
සුළුවෙන් ඇරඹුණු එම විරෝධතා ක්‍රම ක්‍රමයෙන් දැවැන්ත උද්ඝෝෂණ සහ පෙළපාළි බවට හැරෙද්දී ඊට එරෙහිව හොංකොං පරිපාලකයින්ගේ ප්රතිවිරෝධය ද දැඩි විය.
එහි ප්‍රතිඵලය වූයේ, එම විරෝධතා සියල්ලට ගම්මිරිස් කුඩු ප්‍රහාර, කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදාගෙන විරෝධතා කරුවන් මර්දනය කිරීමට උත්සහ දැරීම ය.
විරෝධතා කරුවෝ ඊට කදිම විසඳුමක් සොයා ගත්හ.
ඒ, සෑම විරෝධතාවකට ම කුඩයක් රැගෙන සහභාගි වීම ය.
ඒ අනුව, විවිධ පැහැයෙන් යුත් කුඩ රැගත් පෙළපාළි කරුවෝ ගම්මිරිස් කුඩු ප්‍රහාර, කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාරවලින් බේරීම සඳහා කුඩ යොදා ගත්හ.
මෙය අධ්‍යයනය කළ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙසෙන Adam Cotton නමැත්තෙකු සිය Twitter වෙබ් පිටුවෙහි මෙය කුඩ විප්ලවය (The Umbrella Revolution) ලෙස හැඳින්වීය.
මේ වන විට කුඩ විප්ලවය දෙස ලෝකයේ ම අවධානය යොමුව තිබේ.
මෙි තියෙන්නේ විඩියෝව...
