ඒක තමා මාත් කියන්නේ.. රැල්ල පටන් ගත්තා වගේම ඒක ගොඩ ගලලයි නවතින්න ඕනා... නැත්නම් හැමෝගෙම මහන්සිය, කාලය අපරාදේ. නිකන් ත්රෙඩ් එකක් දාගන පන දාගන, වැඩ පාලු කරගන ත්රෙඩ් එක බම්ප් කරලා වැඩේ කොට උඩ යනවා නම් හරියන්නේ නෑ.. වැඩේ පටං අරන් ඉවර කරලා ඒකෙ පින්තුර, විස්තර එහෙම බෙදාගත්තට පස්සේ තමා සක්සස් කියල පෙරේරම කිවනේ.. අපිත් කැමතියි අනිත් අය ගමන් ගිහින් ඒ විස්තර පින්තුර අපි එක්ක බෙදාගන්නවට.. මොකද මෙහෙම දෙයක් කරන්න ඕන කියල අපි අදහස් කලෙත් මිගාරගේ පරණ ත්රෙඩ් එකක් දැකලා.
කොරහේ කිඹුල්ලු දකින්න එපා කිවේ වැඩේ අතරමග නොනවත්වා කොහොම හරි ඉවරයක් කරලා ත්රෙඩ් එකකුත් දැම්මම එකෙත් වැරදි දකින්න එපා කියල.. මොකද ගමන යන අදහස ඔලුවට ආව වෙලාවේ ඉඳලා ඒක ඉවර කරලා ත්රෙඩ් එක දානකල් ලොකු ප්රොසෙස් එකක් කාලයක් අයින් කරන්න ඕන කියල ට්රවලර්ලා අත්දැකීමෙන් දන්නවා ඇතිනේ.. මෙතන විශේෂත්වය තිබුනේ කවදාවත් දැකල, කතාබහ කරලා නැති පිරිසක් එකතු වුන එක.. මුනට මුණ හම්බෙනකල්ම විශ්වාස කරන්න බෑ වැඩේ සාර්ථකද අසාර්ථකද කියල.. ගැහැණු ළමයි ඉන්න නිසා ගමන එක දවසයි, ඒ වගේම රෑ වෙන්න කලින් ඉවර කරලා ආපු කට්ටිය ගෙවල් වලට යන්න ඕන.. කොල්ලෝ විතරක් ඉන්නවා වගේ නෙමේ.
මං එළකිරි එකට ඇක්ටිව් විදියට සම්බන්ද වෙන්න අරන් වැඩි කාලයක් නෑ ඒ කාලය තුල දැක්ක දේවල් වලිනුයි මේ ටික කිවේ.