කුරුල්ලො එන ගස්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)

    chinchau thsmi hodama, muliu awuruddema gedi. bees, birds dekama enawa hamadama
    thawa abilla (malberry) hitawapan. ubalatath kanna puluwan, lesiyen pela wenawa
     
    • Love
    • Like
    Reactions: NRTG and Kolama

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි
    ඇයි ඒ කියලා දැනගන්න පුළුවන් ද ?
    ---------------------
    මම දෙළුම් ගහක කුරුල්ලන්ට කෑම දාන්න ලෑල්ලක් හයි කළා
    ඉතින් කුරුල්ලෝ ජාති මහා ගොඩක් ආවා
    පුසොත් ටික ටික එන්න ගත්ත
    උන්ට බත් දුන්නට කෑවේ නැ මාළු ඔලුවක් මස් කට්ටක් දුන්නම එක කෑවා
    හැබැයි උන්ට කන්න දුන්නේ නැතත් උන් ගියේ නෑ
    ටික ටික තේරුනේ මුන් ඇවිල්ල තියෙන්නේ කුරුල්ලෝ අල්ලන්න කියලා
    ----------
    ටික කාලෙකින් දෙළුම් ගහ මැරෙන්න පටන් ගත්තා
    බලපුවාම ගහ මුල ලොකු ගුල් ගොඩක් හාරලා මියෝ
    කෑම ලෑල්ලේ රැට ඉතුරු වෙන කෑම කන්න එන මියෝ
    ---
    අන්තිමට දෙලුම් ගහත් මැරිලම ගියා
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,029
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ ගෙදරට හැමදාම කොට්ටෝරුවෙක් එනවා. ඇවිත් ජනෙල්වලට කොටනවා ටික වෙලාවක්. ඊට පස්සේ යනවා.

    කොච්චි ගස්වල කරල් තියෙන දවස්වල දෙමලිච්චෝ එනවා.
    මල් ගස්වලට පැණි කුරුල්ලෝ එනවා.
    ගොලුබෙල්ලෝ අල්ලන්න ඇටිකුකුල්ලු එනවා.
    පරෙවියෝ ඇවිත් වහලෙයි බිත්තියයි අතර කූඩු හදනවා...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    බිංගිරිය හොඳ පැත්තක්, තාම නාගරීකරණය වෙලා නෑ, පරිසරය ලස්සනයි, මිනිස්සු හොඳයි, මං ඉන්නේ ඒ ආසන්න පනිරෙන්දාවේ.
    අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.

    පනිරෙන්දාවේ කැලේ තමයි කැලේ :D ඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.
     
    • Like
    Reactions: NRTG and Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Good thought. Where do you live?

    Thanks! About 5KM away from Kadawatha town machan.

    ඇයි ඒ කියලා දැනගන්න පුළුවන් ද ?

    නිකං බං. ආසාවට.

    වටේ වතුවල ඵල දරන ගස් තියනවාද?

    8ක සෙල්ලමක් දාන්න අමාරු නිසා කුරුලු පෙට්ටි තිබ්බොත් මොකද කැම දාලා.

    ara kama dana place haduwoth ewi neda

    බත් ලෑල්ලක් හැදුවා නම් කොණ්ඩයෝ එනවා ෂුවර්..

    බත් දාපන්. අපේ එකට නම් කාක්කො එන්න ගත්තා. උන් කනවට වැඩිය හීරවනවා. පිඟන් පොලේ ගහලා යන්නෙ. දැන් කෑම දෙන්නෑ වතුර විතරයි.

    කුරුළු ලෑල්ලක් දාපන් කෑම ටිකක් දාලා.. පැණි කුරුල්ලෝ එහෙම එනවා පැණි හැදෙන මල් තියන ගස් වලට..

    කෑම ලෑල්ලක් තියපන්.. උදේ ඉදලා කුරුල්ලෝ ඒකෙ.. අපේ නම් උදේ 6 ඉදලා වගේ ගිරව් සෙට් එකක් එනවා.. කෑම දානකම් උන්ගේ කෑගැහිල්ල. උන් කලා ගියාට පස්සේ ලේන්නු, ඊට පස්සේ තව පොඩි කුරුල්ලො ජතියක් එනවා.. හවසට කෑදැත්තෝ ආයෙමත් අර ගිරා සෙට් එක.. ඉදලා හිටලා වෙන වෙන කුරුල්ලෝ... ලොකුම කරදරේ හැබැයි රිලව්.. උන් ආවෝත් කෑම ලෑල්ලම විනාසයි

    ප.ලි : ජෑම් පේර ගහ්ක් හොදා, හොදම වැඩේ ලෑල්ලකට බත් ටිකක් දාලා ගහකින් තියෙන එක. හැබැයි උබ ඉන්නෙ නගරෙට ලග නම් කාක්කො එනවා. ගිරවු වගේ ගෙන්න ගන්න ඕනෙ නම් බිලිං, කාමරංකා, තව මල් ගහක් තියෙනවා කරල් හැදෙන ඒවගෙ ඇට කන්න එනවා 🥴🥴

    ගෙදර පැත්තක ලෑල්ලක් ගහල කෑම දෙන්න. ටික දවසක් ගිහින් පුරුදුවුනාම එක එක ජාතියෙ උං එනව කෑම කන්න.


    මම. සෑහෙන්න කාලෙක ඉදන් කුරුල්ලන්ට වතුරයි, පලතුරු එහෙම දෙනවා මචන්ලා. :rolleyes:



    හැමෝගෙම පිලිතුරුවලට ගොඩක් ස්තූතියි! :love:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    jam gas kiyala ekak tiye

    images


    onna oya gaha ban. patta hewani. kurullo enawa palathuru nisa
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,760
    113
    Kandy
    මිරිස් ටිකක් වවපන් ,ඇති වෙන්න කොණ්ඩ කුරුල්ලෝ එයි. :P දඹල මල් කන්නත් ඕකුත් එනවා. එපාම කරපු ජාතියක් ඉතින්.

    බත් ලෑල්ලක් හැදුවා නම් කොණ්ඩයෝ එනවා ෂුවර්.

    ගස් ලබු තියෙනවා නම් පලා කොට්ටෝරුවෝ කෑදැත්තෝ එහෙම එනවා.

    අපේ වත්තේ පොල් ගස්වල නම් ඇති වෙන්න වඩුකුරුල්ලෝ ඉන්නවා.

    අපේ ගෙදර නම් බත් කන්න කෑදැත්තෝත් එනවා. ඒමදිවට දැන් පරවියෝත් බෝ වෙලා.දෙමලිච්චෝ නම් දවසට සැරයක් එනවමයි.

    ගොලුබෙල්ලෝ වැඩි නම් ඇටිකුබ්බොත් ඉද හිට එයි.
    දෑකැත්තෝ බත් කනකොට සෝක් උඩ දාලා ගිලින්නේ
     
    • Like
    Reactions: Kolama and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෑකැත්තෝ බත් කනකොට සෝක් උඩ දාලා ගිලින්නේ
    අම්මෝ ඔව් බන්..උන්ට බත් කන්න වෙන විදියකුත් නෑනේ අර දෑකැත්ත වගේ හොටේ එක්ක.බත් උණ්ඩි තිබ්බොත් තමයි උඩ දාලා ගිලින්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,891
    113
    Mother Earth
    අපේ වත්තට එනවා දෙමළිච්චො. උන් කෑ ගහන්න ගත්තම පට්ට කරච්චලේ. පේර ගස් දෙකයි, අබ ගහයි, ඇබුල් පේර ගහයි, තියෙනවා. තව කුරුළු ලෑල්ලක් තියෙනවා. ඒකට තමයි කුරුල්ලො එන්නෙ.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    අපේ ගේ ඉස්සරහා දෙලුම් ගහක් තියේ ඒකෙ බට්ටිච්චො ඇවිල්ලා කූඩු හදාලා බිත්තර දානවා

    මෙන්න මේ පදුරක් තියේ ඒකට පැණි කුරුල්ලො එනවා පැනිබොන්න ආයෙ අශෝක ගස් තියේ ඒවට පැණි බොන්න එනවා ඉස්සර කුරුලු ලෑල්ලක් තීබ්බා ඒකට මයිනො දෙමලිච්චො එනවා පොල් ගස් වල රෑට මයිනො ඉන්නවා ඉදලා හිටලා පිලිහුඩුවෙක් ඇවිල්ල පොකුනෙන් කනයෙක් අල්ලං කාල යනවා කහ කුරුල්ලො එනවා කොට්ටෝරුවෝ පුවක්ගස් වල බෙණ හදනවා
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    අබ ගස් තරම් ලොකු වෙන්නෙ නැති, ගෙඩි එන හෝ එන්නෙ නැති, ඒවට කුරුල්ලො එන ගස් තියෙනවද මචන්ලා? :rolleyes:

    අපේ ඉඩම පර්චස් 8ක් විතර. ඉතින් ලොකු ගස් වවන්න ඉඩක් නෑ. ඒත් වත්තට තව වැඩිපුර කුරුල්ලො ටිකක් ගෙන්න ගන්න උවමනයි. පොඩ්ඩක් කියහල්ලකො. ;)
    pini jambu, pera, etc...
     
    • Love
    • Like
    Reactions: Kolama and NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපිත් කාලයක් හොරකැලේ වත්තේ හිටිය බං, මෙහෙ බිංගිරියේ ගෙදරත් දෙපැත්තේම තියෙන්නේ NLDB farm වල වතු තමයි. ඒ හරියේ මිනිස්සු අඩුයි. ඒ හින්ද මම O/L කරලත් ඉවර උනාම තමයි එහෙ ගෙදරට current එක හම්බුනේ.

    පනිරෙන්දාවේ කැලේ තමයි කැලේ :D ඉස්සර චුටි කාලේ ඉදන් මාරවිල යද්දී යන්නේ ඒ පාරේ විලත්තවින් දාල.
    Ai ehe dala ave?? Vavala ganak hoyanna barida??
     
    • Like
    Reactions: Kolama