ජෑම් ගස් වලට කුරුල්ලො ගොඩක් එනවා, ගහ මාස හය හතක් යද්දි ගෙඩි හැදෙන තරමට විසාල ගහක් හැදෙනවා, හෙවනටත් හොඳයි. ගහ මුල් කාලෙ වටේ අතු කපලා කෙලින් හැදෙන්න දීල , අඩි 6-7ක් විතර ගියාම වටේ අතු හැදෙන්න දුන්නම ඒ ටික ලස්සනට වටේට හැදිලා ලස්සන ගහක් වෙනවා.
හැබැයි අනිවාර්යෙන් ජෑම් ගස් ගේ ලගටම වෙන්න හිටවන්න නං එපා, ගහට වඩා ලොකු මුල් හැදෙනවා ඒව පොලවෙ ගොඩක්ම උඩින් වගේ යන්නෙ ඒක නිසා ගහ ලඟ තියන පේමන්ට් වගේ ඒව උඩට ඉස්සිලා පුපුරනවා. පේමන්ට් එක යටින් පොලව කොන්ක්රීට් කරලා තිබ්බට වැඩක් නැහැ ඒකට කම්බි එහෙම දාන්නෙ නැහැනේ ඒක නිසා පුපුරනවා. අපේ අම්මලගෙ ගෙදර එක තැනක එහෙම වෙලා පොලව සේරම කඩලා අර මුල් අයින් කරලා ආයෙත් පේමන්ට් එක දැම්මා. ඒ ජෑම් ගහ තිබුනෙ පේමන්ට් එකට අඩි 8ක් වගේ දුරින්, මිදුලට හෙවන වැටෙන්න කියලා හිටවපු ගහක්.
තව ජෑම් ගහට මම හිතන්නෙ වටේ තින පෝර එහෙම සේරම ඇදලා ගන්නවා, තනකොල ගස් පවා හරි අඩුවෙන් හැදෙන්නෙ ජෑම් ගහ යට, ඒක නිසා වෙන මල්ගස් හරි වටින කියන ගස් තියන තැන් වල හිටවනවා නං පොඩ්ඩක් හිතලා හිටවන්න
ගෙදර වැඩිය ඉඩ නැත්තං ගහ ටිකක් ලොකු වේගෙන යද්දි ගේ පැත්තට සහ තාප්ප වගේ ඒව තියන පැත්තට හරහට කානුවක් කපලා ඒ පැත්තට යන මුල් කපල අයින් කරන්න වගේ දෙයක් කරන්න වෙයි.