කුහක මිනිසුන්

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,078
    1,906
    113
    මේ ගැන කියන්න ගොඩක් දේවල් තියනවා. මේ ලඟක දිත් කැම්පස් එක්සෑම් ඉවර වුණු ළමයෙක් ගේ කතාවක් ඇහුවා. පව්. ඒ ළමයා සෑහෙන මානසිකව වැටිලා. හැම විශ්ව විද්‍යාල කතිකාචාර්ය වරයා/වරියම මෙහෙම නැහැ. නියම කතිකාචාර්ය වරු/වරියන් හමුවෙලා තියෙනවා. නමුත් බහුතරයක් මටත් හිතෙන්නේ මෙහෙමයි.

     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,078
    1,906
    113
    මොකද්ද මචං ඒ කතාව
    අපටත් කියාහංකො
    ඔය වීඩියෝ එක බලලා ඕකුන්ට නම් ග්‍රීට් කරන්නෙ ම නෑ කියල හිතාගත්ත
    නෑ බන් කැම්පස් වල අකඩමික් ස්ටාෆ් එක ගැන කියන්නේ.. මම හිතන විදියට කැම්පස් ඉගෙන ගත්තු ගොඩක් අයට මේ සර් කියන අත්දෑකීම ඇති. අපේ කාලේත් එහෙමයි. මන් හිතන් හිටියේ දැන් ඒක නෑ අඩුයි කියලා.. නමුත් තාමත් එහෙමයි කියලා මල්ලි නංගිලා කියනවා.. සමහර අයගේ අත්දැකීම් කියද්දි පව් ඉතිං. මේ කේ 6:40 වගේ ඉඳන් තමා මේ විඩියේ එකේ ඉන්න සර් ඒ ගැන කියන්නේ. ලෝකේ කුහකම මිනිස්සු ඉන්නේ ලංකාවේ කැම්පස් ස්ටාෆ් එකේ කියලා.. අපේ කාලේත් සැහෙන අත්දැකීම් තිබ්බා.. යාළුවන්ට උනු දේවල් ගැන. කියන්න ගියොත් කෙලවරක් නෑ.. වැඩේ තියෙන්නේ ඉතාමත් හොඳ පිරිසකුත් ඉන්නවා.. අපිත් ඉතිං ඔය ඇතුලේ සිද්දි පිට අයත් එකක් හෝ ප්‍රසිද්ධියේ කියන්න අකමැති එකක් යුනි එකේ නමට හොඳ නැති වෙයි කියලයි.. ඒකේ උගන්නවන රත්තරං ගුරුවරු වගේ ආචාර්වරු හින්දයි. මේකේත් කියනවා ඒක සර් කෙනෙක් ගැන Prof. J K P ආරියත්න සර් ගැන. AL මැත්ස් සයන්ස් කරපු අයි අනිවා අහලා ඇති එතුමා ගැන.. අපේ කැම්පස් වලත් හිටියා ඒ වගේ සර්ලා මට මතකයි අපේ එකෙක් ජොබකට යනවා සමහර වෙලාවට ඌ නයිටුත් කරනවා.. ඉතිං මුට ලෙක් කට් වෙනවා.. ඇකා ඇන වෙලා.. හෙනට අවුලෙන් හිටියේ අපිත් හැම උදව්වක්ම කලා.. එක්කතරා සිදු වීමක් නිසා මේක අපේ ලෙක්චර් කෙනෙක් දැන ගන්නවා.. සර් පඩියෙන් මාස් පතා ගානක් පස්සේ සර් මූට දෙන්න ගත්තා.. ඒක ගැන දැනන් හිටියේ අපි 3 4 දෙනෙක් විතරයි.. සර් මෙයාට ජොබ් යන්න දුන්නේ නැහැ වියදම් කලා කොල්ලා සෙකන්ඩ් ලොවර් එකකුත් අරන් අවුට් උනේ.. ඒ අතරේ කුහක එවුන් හිටියා ලෙක්චර්ස්ලා කියන්නත් ලැජ්ජයි.. ළමයෙක්ට A දෙන්නේ නැහැ කවදාවත්.. වචනෙක වැරදක්කට එක කොල්ලෙක්ව අවු 3ක් රිපිට් කලා.. ඒ ලෙක්චර් ඒ සබ්ජෙක්ට් එකෙන් අයින් වෙනකම් ඉදලා සෙනට් දාලා 4 වෙනි පාරත් ඉල්ලා ලියලා තමා ඒ අයියා ගොඩ ගියේ පවු එක සබ්ජෙක්ට් එකක් නිසා අවුරුදු 4ක් වැඩි පුර ඉන්න වුනා ඒ අයියට.. ඔය වගේ සිද්ධි අනන්තව තියනවා බන්..