මේ සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (02) ප්‍රකාශ කළේය.
දැනට පවතින කෘත්‍රිම ඉන්ධන හිඟය හේතුවෙන් සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් තොග සැපයීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.අතිකාල සඳහා වන වියදම් අවම කිරීම සඳහා පසුගිය මාස හතර තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තය ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවූ බව ද අමාත්‍යවරයා කීවේය.
මිල අඩුවීමක් අපේක්ෂාවෙන් පසුගිය සෙනසුරාදා සිට ඉන්ධන පිරවුම්හල් ඇනවුම් නොකිරීම, අවම තොග පවත්වා නොගැනීම, මිල සංශෝධනයෙන් පසු පාරිභෝගිකයන්ගේ ක්ෂණික ඉල්ලුම ඉහළ යාම සහ ඉන්ධන කෝටා වැඩිකිරීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල්වල හිඟයක් ඇතිවී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
- https://lankasara.com/si/පුවත්/කෘතිම-ඉන්ධන-හිඟය-මගහැරීම/