කෘෂිකාර්මික බදුසහන ලැබුන දුප්පත් ගොවිමහ&

athal eka

Member
Oct 29, 2018
418
32
0
කෘෂිකාර්මික බදුසහන ලැබුන දුප්පත් ගොවිමහ&

46516801_10217723537099531_3370610206990925824_n.jpg
 

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    hariyatama hari...goviyo higannu karanne menna me awajathakayo ban... okunta hena gahanwada yakoo agricultural items wala Tax eka adu karala eken aduma kana bath ekakata yana wiyadammawath adu karanna..nokdakinn
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    ගොවි ජනතාව ආදායම් බද්දෙන් නිදහස් කළා යැයි පවසමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නීතිවිරෝධී ආණ්ඩුවේ කුමන්ත්‍රණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගොවි ජනතාවට විහිළු සපයමින් සිටින බවත් අඩුම තරමේ තම අස්වැන්නට නිසි මිලක් නොමැතිව කන කර උකස් කර නිෂ්පාදන විදයම් පියවා ගන්නා ගොවි ජනතාව කිසි කලෙක බදු ගෙවීමට තරම් ආදායමක් හිමි නොවුණු බවද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

    ගොවියා ආදායම් බදුවලින් නිදහස් කරනවා යැයි නීතිවිරෝධී ආණ්ඩුවේ කුමන්ත්‍රණ අගමැතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අද (24) දඹුල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාමල් කරුණාරත්න මහතා මේ බව අවධාරණය කළේ ය.

    මෙම මාධ්‍ය හමුව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති, කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, සුසන්ත කුමාර නවරත්න මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික, කුරුණෑගල දිස්ත්‍රික් ගොවි නායක සංජීව කරුණාසාගර මහතා, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික කමිටු සාමාජික, මාතලේ දිස්ත්‍රික් ගොවි නායක, සුනිල් රණවීර මහතා, දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ ලේකම් තිලකරත්න මහතා ඇතුළු පිරිසක් එක්වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

    “මේ වනවිට රට යම් අරාජික තත්වයකට පත් වෙලා තිබෙනවා. සියළුම කාර්යයන් අකර්මන්‍ය තත්වයට පත්වෙලා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපේ රට සම්බන්දයෙන් අවධානය යොමුවෙලා තිබෙනවා. මේ වෙනකොට ආණ්ඩුවක් යැයි කියාගන්නා පිරිසක්, බහුතරයක් නැති කණ්ඩායමක්, ඊයෙත් මේක පාර්ලිමේන්තුව තුළ ප්‍රදර්ශනය වුනා., ආණ්ඩුවක් යැයි කියා ගනිමින් ඒගොල්ලෝ විවිධ මත පළ කරනවා.

    අගමැති කවුද කියල දැන් ජනතාවට හොයාගන්න බැහැ. ආණ්ඩුව කවුද කියල දැන් ජනතාවට හොයාගන්න බැහැ. මෙන්න මේ වාතාවරණය ඇතුළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමගේ ගම් ප්‍රදේශයේ රැස්වීමකදී ප්‍රකාශ කරනවා කෘෂිකර්මාන්තයෙන් ගොවිතැන් කරලා ආදායම් ගන්න ගොවීන් බද්දෙන් නිදහස් කරනවා කියලා. දැන් අපි අහන්න කැමතියි මහින්ද මහත්තයගෙන් එහෙම බදු ගෙවන ගොවියෝ ලංකාවේ කොච්චර ඉන්නවද? සාමාන්‍යයෙන් ඉලක්කමක් විදිහට ගත්තොත් කොච්චර ඉන්නවද? අපිට කියන්න වෙන්නේ මේක අහල ගොවියට පස්සපැත්තෙනුත් එක්ක හිනා යනවා.

    ගොවියගේ ලූණු ටික, අල ටික විකුණගන්න බැහැ. වී ටික විකුණ ගන්න බැහැ. එළවළු ටික විකුණ ගන්න බැහැ. නිෂ්පාදන වියදම වැඩියි. හැමතැනටම ණය වෙලා. කන කර උකස් තියලා, හීවල උකස් තියලා. වෙන්න පුළුවන් ජාති ඔක්කොම ගොවියට වෙලා.

    ඒ පරිසරය ඇතුළේ බදු ගෙවන්න තියා ගොවි කැඳ උගුරක් බොන්නේ බොහොම අමාරුවෙන්. තමුන්ගේ අස්වැන්න විකුණගන්න විදිහක් නැහැ. වහ බීල මැරෙනවා. මේ තමයි ගොවියගේ ජීවිත. මේ තත්වය තුළ ගොවි ජනතාව රවටන්න ලෑස්ති වෙන්න එපා කියන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයලට අපිට කියන්න තියෙන්නේ.

    ඒක නිසා මේ වාගේ ගොවියා රවටන ප්‍රකාශ කරන්න එපා. ඔබතුමා මීට කලින් කිව්වා පොහොර මිටිය රුපියල් 500 කරනවා කියලා. කරුණාකරලා කියන්න ඔබතුමා කියපු ඒ ගානට පොහොර මොන කඩේද තියෙන්නේ? පුළුවන්නම් අපිට පෙන්වන්න. දැන් මේවත් එක්ක මොකද්ද වෙන්නේ ? ගොවියො පොහොර ගන්න යනව කඩේට, ඒ මිලට පොහොර නැහැ. ආපහු එනවා. මේක තමයි තත්වය.

    ඒ විතරක් නෙවෙයි ගොවියා අල වික්කා. අල විකුණපු එකේ සල්ලි ටික තාම දුන්නේ නැහැ. රුපියල් කෝටි 18කට වැඩි ප්‍රමාණයක් ගොවියට අල විකුණපු එකේ සල්ලි ගන්න තියෙනවා. දඹුල්ලේ ලොකු ළූණු ගොවිය ගත්තොත් එහෙම ළූණු ගොවියට ළූණු ටික විකුනගන්න විදිහක් නැහැ. එතකොට එහෙම තියෙද්දි ගොවිය බද්දෙන් නිදහස් කරනව කිව්වම ගොවියට හතර හිනා. ඒක නිසා විහිළු සපයන්න එපා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.

    දැන් මේ සෙල්ලම් මඩුවක් වගේ කරලා සම්පූර්ණයෙන්ම රට අරාජික කරලා තියෙන්නේ. මහින්ද මහත්තයලා මොකද්ද මේ කරන්න ලෑස්ති වේනනේ? දැන් තමුන් ඊනියා ආණ්ඩුවක් අටවගෙන තියෙනවා. ලෝකෙ මේ ආණ්ඩුව පිළි අරගෙන නැහැ. කතානායකතුමා පිළි අරගෙන නැහැ. පාර්ලිමේන්තුව පිළි අරගෙන නැහැ. රටේ ජනතාවගේ පැත්තෙන් මේකට පිළි ගැනීමක් නැහැ. පොලිස්පතිතුමා කියනවා කියනවා මම ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමාගේ ඕඩර්ස් විතරයි කියලා. එහෙමනම් මේකෙන් අනියමින් කියන්නේ මොකද්ද? අනික් කිසි කෙනෙකුගේ ඕඩර්ස් මම පිළි ගන්නේ නැහැ. මේක තමයි රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙ.

    මේ තත්වය ඇතුළේ මේ ඊනියා ආණ්ඩුව තමුන්ගේ මේ ක්‍රියාවලිය සාධාරණීකරනය කරගන්න, ජනතාවගේ එක දාගන්න විවිධ හුදු ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරන්න පටන්ගෙන තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවගෙන් අපි ඉල්ලනව මේවට රැවටෙන්න එපා.

    අද වෙනකොට ගොවියගේ වන්දි මුදල් ගෙවන එක සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කරලා තියෙනවා. නතර වෙලා තියෙනවා. රක්ෂණ මුදල් ගෙවන එක නතර වෙලා තියෙනවා. කිරි ගොවියගේ මුදල් ගෙවන එක බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගොවියගෙ එළවළු ටික අස්වැන්න විකුණගන්න බැරිවෙලා තිබෙනවා. දැන් එළවළුවලට යම් මිලක් තිබෙනවා. හැබැයි මිලක් තිබුණට ගොවිය ලඟ එළවළු නැහැ. පොහොර ටික වෙලාවට ලැබෙන්නේ නැහැ. සෑම පැත්තකින්ම ගත්තොත් එහෙම ගොවි ජනතාවට බරපතල තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට බලපාල තියෙන හේතු කිහිපයක් තියෙනවා. ඒ හේතු අතරේ මේකට අළුතෙන් එකතුවෙලා තියෙනවා මෙන්න මේ රට ඇතුළේ තියෙන් දේශපාලන අරාජිකත්වය. ඒ නිසා කරුණාකරලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැම් අම්බරුවන්ට අපි කියන්නේ කරුණාකරලා තමුන්ගේ අම්බරුකම ප්‍රදර්ශනය කරන්නේ නැතුව, තමුන්ගේ ගොන් තක්කඩිකම් ප්‍රදර්ශනය කරන්නේ නැතුව මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා දෙන්න මැදිහත් වෙන්න.”