කලින් දැම්ම මහත් වෙන්න ඕනෙද කියන ත්රෙඩ් එකේදී කෙට්ටු වෙන විදිහක් කියලා දෙන්න කියලා ලොකු ඉල්ලුමක් තිබ්බා. අපේ ගෙදර තිබ්බ පරන හා අලුත් වෙද පොත් වල ටිකක් හොයලා බලපුවම මේදය අඩු කරන බෙහෙත් වට්ටෝරු කීපයක් හම්බුනා.. ඉතින් දැන් අලුත් අවුරුද්දේ ගොඩක් තෙල් කෑම කාලා කට්ටියම මහත් වෙන නිසා මේවයින් එක වට්ටෝරුවක් තෝරගෙන පාවිච්චි කරන්න. දෙක තුනක් එක සැරේ කරන එක සුදුසු නෑ..
එහෙනම් පටන් ගමු...
01. රසකිඳ, කලාඳුරු අල, අරලු, බුලු, නෙල්ලි, යන මේවා එකප්රමානයට ගෙන. කුඩු කර. උණුවතුර අඬු කෝප්ප භාගයකට එයින් තේ හැඳි දෙකක් දමා ස්වල්ප වේලාවක් වසා තබා උදේ සවස පානය.
02. බෙලි මුල්, මිදි මුල්, තොටිල මුල්, ඇත්දෙමට මුල්, පලොල් මුල්, යන මේවා පෙර ලෙසම සාදා උදේ සවස පානය.
03. විඩංගාදී චූර්නය මීපැනි සමග මිශ්ර කර තේ හැඳි එකක ප්රමානය උදේ සවස කෑම.
04. මී පැණි බිංදු කීපයක් උනුවතුර සමග මිශ්ර කර උදේ හිස්බඩ පානය.
05. පාවට්ටා දලු යුෂ මේස හැඳි දෙකක් හිස් බඩ පානය.
06. වද කහ තේ හැඳි භාගයක් ඇල්දියට දමා හිස්බඩ පානය.
ඔබට දැනටමත් වෙනත් රෝග තිබේ නම් මේ බෙහෙත් කිරීමට පෙර වෙදමහත්මයෙකුගෙන් විමසන්න.

Last edited:

.. අපේ කිඹුල නම් ඕක විද්යාත්මකව විස්තර කරයි