මචං මම ටිකක් මහතයි. සාමාන්‍යෙයන් බැලුවාම ටයර් එහෙම පේන මට්ටමක් තියෙනවා. ඉතින් මම ඉක්මන් එකේ සර්ච් කරනකොට මේ ඇඩ් එක දැක්කා. ඉතින් ඒක දැක්කාම ඒ නම ගහලා මම යූ ට්‍යුබ් සර්ච් කරලා බැලුවා මොකක්ද ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක කියලා. බැලින්නම් හුඟ දෙනෙක් කෙට්ටු වෙලා ඒ වගේම හොඳත් කියනවා. ඊට පස්සෙ මම සයිට් එකේ දීලා තියෙන නම්බරේට කතාකලා. පොර කියනවා ඒක අර මම යූ ට්‍යුබ් ගිහින් බලපු අයගෙ ප්‍රොඩක්ට් එක නෙමෙයිලු දෙන්නෙ. ඒ විදිහටම ලංකාවේ හදලා විකුණනවාලු. අඩුම තරමෙ මෙයාලට ලංකාවෙ වෙබ් අඩවියක් වත් නැහැ. ඒත් ගොඩක් ලංකාවේ විකුණුම් වෙබ් අඩවි වල දාලා තියෙනවා. ඉතින් මම අහන්නේ ඔයාලා මේක ගැන මුකුත් දන්නවා නම් අනේ මට ටිකක් කියන්නකෝ මොනවාද මේකෙන් වෙන්නේ. කිසිම ප්‍රශ්නයක් නැද්ද පාවිච්ඡි කලාට කියලා...
මෙන්න ලින්ක් එක
http://ikman.lk/en/ad/natural-weight-loss-supplement-garcenea-for-sale-colombo



