කෙන්දර අවුලක්

new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මගෙ යාලුවෙක්ට පොඩි ප්‍රශ්නයක් ඇවිල්ල​. එය අවුරුදු 3ක ආදර සම්බන්ධයක් තියනවා. මේ දෙන්න ගැන මම හොදට දන්නවා. පට්ට මැචින් කපල් එක​. කවදාවත් නිකමටවත් දෙන්න තරහ වෙලා ඉදලා නැ. කොල්ලා නුවර කෙනෙක්. නුවර අය ජොතිෂ්‍ය විශ්වාස කරනවා උපරිමේට​. ඒ මදිවට කුලයත් එහෙමයි. මෙ දෙන්නගේ කේන්දර බලපු කෙනා කිය්ලා තියනවා මේ කසාදේ හරි යන්නෙ නැ කියලා. දෝෂ වගයක් තියනවලු. මුලදි ගෙදරින් කැමත්ත තිබුනත් දැන් කොල්ලගෙ ගෙදර අය කෙන්දර ප්‍රශ්නේ නිසා විරුද්ධයි. මම නම් කොල්ලට කිව්වා කෙන්දර විස්වාස නොකර කසාදබදින්න කියලා. බැදපු අය ඉන්නව නම් හොද අද්දහසක් කියලා යන්න​. කේන්දර ඇත්තද? පොරොඳම් කියන්නෙත් ඇත්තද​? අත්දැකීම් තියන අය කමෙන්ට් කරන්න​. අනිත් අයත් BUMP එකක් දාලා සප් එකක් දෙන්න​
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    ehenam bn oya kendara balala badina un devorce wenne... oya manasgatha ape hith wala bn thiyenne...
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    දූරං ගමං ඒක චරං
    අසරීරං ගුහාසයං
    යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
    මොක්ඛන්ති මාර බන්ධනා.........

    .......දුර ගමන් යන, තනිව හැසිරෙන, ගුහාවක වෙසෙන සිත දමනය කරගත් විට මාරයාගේ බැම්මෙනුත් නිදහස් වෙන්න පුළුවන්...... :):):)


    හිත ශක්තිමත් කරගන්නෙක තමයි වැදගත්ම දෙය... හිතින් වැටුනොත් ඔක්කොම ඉවරයි.... :):):)

    :yes::yes::yes::yes::yes::yes:


     

    වල්පාල

    Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    uba kendara wishwasa karanwa nam badinna epa... math mage affair 1ka nawattuwa.. oka wishwasayak hithe konaka hari thiyanwa nam kawadawath hodata enna ba.. podi deyak unoth hithai oya ara kendara match wenne nathi nisa une kiyala...

    Kellata godak adarei nam uba kendarath hodatama wishwasa karanawa nam badinna epa..
     

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඔය හැම දෙයක්ම සංස්කෘතියත් එක්ක ඉස්සරහට අාපු එකක් මිසක් ජිවිතයක් වෙනස් කරන්න , ජිවිතයකට බලපෑම් කරන්න පුලුවන් දේවල් නෙවෙයි.
    දැන්වත් ඔය හණමිටි අදහස් අත අැරලා දියුණු මානවයන් විදිහට හිතන්න කියපන්.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    dan ithin balala iwarane ban. dan kohoma hari bandath anthimata podi thuwalayak unath gedara un marenda hadanawa kendara galapune na arakai mekai kiyala.

    nobalama hitiyanan thama hodama
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    අම්මප මට මේ ගෝත්‍රික හැත්තව පේලියට තියල තඩි බාන්න හිතෙනවා. අපි සිංහල බෞද්ධ. බුදු හමුදුරුවොන්ටත් තිබ්බ කේන්දරේ බලල හරි පාර හොයාගෙන මැදුම් පිළිවෙතින් ගමන් කරන්න. එහෙම කරන්න බෑ බන්. මාරයාව බුදුරජාණන් වහන්සේගේ කාළෙම පිරිත් දේශනා වලින් පරද්දුව, වගේම ගිහියෝන්ට ඕවගේ තිරිසන් ධර්ම වලට යටත් නොවී ඉන්න විදිහ කියල දුන්න.
    අපේ සිංහල එවුන්ට කෙලියේ බුද්ධාගමෙන් ඈත් උන එක. නුවර මම දන්නා අයත් ඉන්නවා. දළදා වහන්සේ ඉස්සරහ ඉන්න හරකුත් කේන්දරේ බලනවා. එකයි කරුමේ. ඔය නුවරට තිරිහන් ධර්ම පැතිරුනේ ශ්‍රී වික්‍රම රාජසිංහ අර නායක්කාර(හරි නම මේකද කියල දන්නේ නෑ) ගෑනිව (හින්දු) බැන්දයින් පස්සේ උන්ගේ සංස්කෘතික රෙද්දවල් සිංහල එවුන් රෙද්ද අස්සේ දාගත්ත. උන්ගේ සාරි අපේ විදිහට කරලා ඔසරිය කියල ගෙන ඇඳගත්තා.
    මචන් මෙහෙමයි යාලුවට දැන් බදින්න එපා කියන්න. මොකද එයාගේ ඔලුවෙත්, උන්ගේ ගෙදර එවුන්ගේ ඔලුවෙත් දැන් ඕක වැඩ කරනවා. පොඩි දෙයක් උනත් කේන්දරේ අල්ලගනියි. කෙල්ල පවු. කොල්ල කොන්ද පන තියන එකෙක් නම් ගෙදර හෙන ගහපන් කියල බඳින්න කියන්න. බැඳලා දෙන්න වෙනම තැනකට යන්න, අර ගෙදර ඉන්න එපා.

     
    • Like
    Reactions: Yahapala_Naya

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මේක බලන අයට කියන්න තියෙන්නේ. අපේ මුළු පවුලම ඔය වගේ මගුල් කරන්න ගිහින් කෙලෝ ගෙන තියෙන්නේ. ඒ ගමෙනදී මම මුලින් කේන්දරේ කියන්නේ මොකක් කියල හොයල බැලුව. මේ මට තේරෙන විදිහට.
    ඕක අපි ඉපදෙන වෙලාව අරගෙන ඒ මොහෙතේ නැගෙනහිරට වෙන්න තියන ග්‍රහ චාරය අනුව කොටු දොළහක් ගහල අකුරු ටිකක් ගණිත කර්මයකට අනුව සකස් කරලා දානවා. එතකොට අර ගන්න වෙලාව කොපමණ නිවැරදිද කියන එක මත වෙලාව බලපානවා. නිකන් හිතන්න අපේම ගෙදර ඔරලෝසු කීයක් තිබ්බත් ඔය හැම එකේම පොඩි වෙනසක් තියනවා.
    ඇත්තටම ඔය කෙන්දරෙන් අපේ අනාගතේ තීරණය කරන්න පුලුවන්ද? බෑ. හැබැයි කෙනෙක් ගේ ජීවිතය පිළිබඳ අනුමානයන් කරන්න පුළුවන්. ඔය ජෝතිෂ්‍ය විද්‍යාවන් ඇත්තටම කියන්න පුළුවන් කෙනෙක් ගේ ග්‍රහ චාරය අනුව මෙවැනි ග්‍රහ පිහිටීම් අපුවාම අතීතයේදී මෙවැනි දේ වෙලා තියන නිසා මේ පුද්ගලයාටත් මෙවැනි දෙයක් වෙන්න පුළුවන් කියන එක. එක අනුමානයක් එත් සෑම පුද්ගලයෙක්ටම එකම දේ වෙන්නේ නෑ. කෙනෙක්ගේ අර සෙනසුරු කියන වෙලාවේදී නොයෙක් කරදර එනකොට තවකෙනෙක්ට හොදට සරු වෙනවා. කෙනෙක්ට Heart-Attack එන කොට ඒ සෙනසුරුම තියන තව කෙනෙක්ට ඒ කලේ ලොතරැයි ඇදෙන්න පුළුවන්. එක ඇහුවොත් ජෝතිෂ්‍ය කාරයෙක් ගෙන් කියයි ඒ කුසල් කරපු නිසා කියල ඒ මනුස්සය. එති ඕක එය කියන්න ඕනේ නැනේ. අපේ බුදු හාමුදුරුවෝ දේශනා කලානේ අපිට.
    මගේ අදහස බෞද්ධ වන අපි ඔය කේන්දර විශ්වාස කරන්න ඕනේ නෑ.
    මේ කියන්නේ ඔය සෙත් කවි කියගෙන් ඔය අදකාලේ බෞද්ධ දේවල් නමින් තියන දේවල් කරන්න නෙමෙයි. පැහැදිලි අරමුණු, සිතුවිලි සිහියට ගන්න. කුසලයේ පිහිටන්න. හොද වැඩ කරන්න. පුලුවන්නම් ඔය ආර්ය අෂ්ටන්ගික මාර්ගය ගැන පොඩ්ඩක් කියවන්න. ඒ ලඟට අර ඉගෙන ගෙන තියනවනේ ඉස්කෝල කලේ අටලෝ දහමක් ගැන. පොඩ්ඩක් නැවත ඒවා තේරුම් ගන්න. අටලෝ දහමට කම්පා වෙන්න එපා කියන්නේ. කරදර එනකොට ඒ මත්තේ අපේ සිත නතර උනොත් විසදුමක් එන්නේ නෑ. යම්දෙයක් නිසා සිත වේදනා වින්දිනවානම් ඒ වීඳවන්නේ අර කරණය සමග ගැටෙන සිත. අතීත සිදුවිමන් එක්ක ගැටෙන සිත. ඒ සිදුවීම දැන් සිදුවෙනවා කියල හිතාගෙන අපි විදවනවා. එත් වර්තමානයේ එහෙම දෙයක් නෑ. ඒවගේම තම තමාට ජයග්‍රහණ එනකොට, වාසනාව එනකොට එකට ඇල්ලෙන්නත් එපා. මොකද නැවත එදෙත් නැති විය හැකි නිසාත්, එම ජයග්‍රහණ වලින් ඔලුව උදුම්මා ගැනිමක් නොකළ යුත්තේ ඔතනට එන්න ගොඩක් විදෙව්ව නිසාත්.
    තමුන්ගේ ළමයට ඉගෙන ගන්න බැරි නම්, කම්මලිනම්, ඉගෙන ගැනීමට අගහිග කම් තියන පිරිසකට හෝ, ළමා නිවාසයක ලමුන්ට් හෝ ඉගෙනීමට උපකාර කරන්න. ඒවට තමුන්ගේ ලමයවත් එක්කගෙන යන්න. මොකද දරුවාගේ ආකල්පමය හෝ වෙනසක් ගන්න පුළුවන්.
    තමුන්ට ඉගෙන ගන්න බැරි නම් ඉගෙන ගන්න ඕනේ එත් ප්‍රෂ්න තියන කෙනෙක්ට උදව් කරන්න. තමුන්ට විවාහය හරි යන්නේ නැත්තම් විවාහයක් කරගැනීමට ආර්ථික වශයෙන් හෝ ප්‍රශ්න තියන කෙනෙක්ට පුළුවන් ආකාරයෙන් උදව්වක් කරන්න.
    ඒවගේ අපේ මේ සිංහල බෞද්ධ කියන ඇත්තෝ නමට බෞද්ධ. බුදුන් සරණ, ධර්මය සරණ, සංගයා(අද සඟුන් බොහෝ දෙනෙක් ධර්මයක් ප්‍රකාශ නොකරන බැවින් එහෙම ධර්මයක් දේශනා කරන අතලොස්ස ගැන කිව්වේ.) සරණ ගිය කෙනෙක්ට කිසිදෙකින් බලපෑම් කරගන්න බෑ.
    මේක ගොඩක් අය දන්නේ නැති දෙයක් බුදු හාමුදුරු දේශනා කලේ උන්වහනේසේ ගැන විශ්වාසය තියාගන්නවට වැඩ තමුන් ගැන විශ්වාසය තබාගන්න කියල.
    ඔබ සමාජයෙන් උදාහරණ ගන්න. ඔය කේන්දරේ තියෙද්දිත් කරදර වල වැටුණු අය නැද්ද සමාජයේ? එතකොට දැන් මේ 8 වෙනිදට සුනාමියේ කතාවක් ගෙනිච්චේ. මුල්ම සුනාමිය එනකොට 2004 ට කලින් එවුන් අයි සුනාමි ගැන කිව්වේ නැත්තේ. ඒ කලේ එහෙම එකක් ගැන දන්නේ නෑ.
    සියලුදේට මුල හිත. හිත හදන්නයි බුදු ධර්මය තියෙන්නේ. දුක අපේ එවුන් බුදු දහමෙන් ඈත්වීමයි.

    මගේ සටහන මෙයින් නිමයි;
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    තොපි ඔය කෙන්දර මඟුල් නම් නොබැලුවට කමක් නෑ නමුත් කුලය යනු ඉතා උතුම් දෙයක්. අඩු කුලේ එකෙක් බැඳලා අහුවෙනවා එහෙම නෙමෙයි ඕන්:angry::angry:
     
    Last edited:

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    wikaara anika Kandy unta oya lede thiyanawa oka maha unak kula mala bedei okai dekama thiyanawa

    ඇති යන්තම් කුලේ නම් අවුලක් නැ;ලු. නැත්නම් පොරොන්දම් බලන්න කලින්ම කසාදේ ඉවරයි