වයස ප්රශ්ණයක් නෑ relationships එකකදි, ඒකට අදාළ වෙන්නේ දෙන්නා කොයිතරම් දුරට ගැලපෙනවද කියන එකයි. අනික ගෑණු වගේ නෙවෙයි පිරිමි ගොඩක් පරක්කු වෙලා පරිණත වෙන්නේ (mature) කෙල්ලෝ අඩු වයසකින්ම පරිණත වෙනවා. මේක නිසා ගොඩක් කෙල්ලෝ ටිකක් ලොකු කොල්ලන්ට කැමතියි මොකද තමන්ගේ වයසේ කොල්ලෝ හරියට මෝරලා නැති නිසා, නමුත් අවුරුදු 24 වගේ පැන්නම මේක ප්රශ්ණයක් නෑ.
කොහොම වුනත් දෙන්නට දෙන්නා ගැලපෙනවා නම්, දෙන්නාගේම අදහස් යම් තාක් හෝ සමාන නම්, දෙන්නාට දෙන්නා කැමති නම්, දෙන්නාට දෙන්නා ආදරය කරනවා නම්, වයස් පරතරය අවුරුදු 50 ක් වුනත් ප්රශ්නයක් නෑ. ඔය නාකි මිනිස්සු හොදට ,ආදරයෙන් ඉන්නේ තරුණ කෙල්ලොන්ව බැදලා, නාකි ගෑණු හොදට ,ආදරයෙන් ඉන්නේ තරුණ කොල්ලන්ව බැදලා, ගප්පියාගේ ගෑණිත් නාකිද කොහේද ටිකක් ලොල් (අර සුද්දි). ඔය උන් දෙන්නා හොදට ඉන්නේ.
සමහර කොල්ලෝ කැමති නෑ අක්කලව බදින්න, උන් හිතන්නේ ලොකු කෙල්ලෙක්ව බැන්දම ගෑණි ලොක්කා වෙයි කියලා ,ඒවා මෝඩ අදහස්, ලොකු කම ඔළුවේ පුරවගෙන ගෑණුන්ව පහත් කරලා හිතුවම හිතේ ඇතිවෙන insecurity එක නිසා ඇතිවෙන අදහස්, එහෙම එවුන් පොඩි කෙල්ලොන්ව බදින්නේ විවාහ වුනාට පස්සේ ගෙදර ලොක්කා වගේ ඉන්නයි ,මේ දේ සම්පූර්ණයෙන්ම වැරදියි, විවාහ වුනාට පස්සේ දෙන්නෙක්, එතන උස් පහත් කමක් තියෙන්න නරකයි, බිරිදයි සැමියයි දෙන්නම සමානයි. සමහර ගෙවල් වල ගෘහ මූලිකයා පිරිමියා, සමහර ගෙවල් වල ගෑණි, මෙහෙම ගෙවල් වල ආදරය කියලා දෙයක් නෑ ටිකක් කල් යනකොට මොකද එකිනෙකා බලන්නේ අනෙකාව පරයලා ගෙදර පාලනය කරන්නයි, නැතුව සාමදානෙන් ,සාමුහිකව ආදරයෙන් ගෙදර පාලනය කරන්න නෙවෙයි.
සමාන කිව්වම එතනින් අදහස් වෙන්නේ නෑ ,ගෑණු බර වැඩ කරන්න ඕනේ, පිරිමි උයන්න මහන්න ඕනේ කියලා. ගෑණු හිටගෙන චූ කරන්න ඕනේ, පිරිමියා ඉදගෙන චූ කරන්න ඕනේ කියලා.
සමාන කම කිව්වම එතන අදහස් වෙන්නේ අයීතින් අතින් සමාන කමයි. පිරිමියාට තියෙන අයිතිය, වරප්රසාද ගෑණිටත් තියෙන්න ඕනේ, සමහර ගෑණූ ඉන්නවා තමන්ගේ මිනිහව පහත් කරලා සලකන, ඒකත් වැරදියි.
සමහර අය ඉන්නවා ටිකක් ලොකු කෙල්ලෙක්ව බදින්න කැමති නෑ මොකද උන් හිතනවා කෙල්ලෝ ටිකක් වයසට ගියාම නාකි පෙනුම ඉක්මනින්ම ඇතිවෙනවා කියලා. ඒක වැරදියි, තරුණ කෙල්ලෝ ටිකක් cute නමුත් කෙල්ලෝ වයසට යනකොට තමයි sexy look එක එන්නේ, පියයුරු ලොකුවෙලා, නිතඹ ලොකු වෙලා ඉන්නේ, සමහර ගෑණු බැන්දම මහත් වෙන්නේ වයසේ ප්රශ්ණයක් නිසා නෙවෙයි, උන් බැන්දම පෙරේත කමට කකා ගෙදරට වෙල ඔහේ ඉන්න නිසයි, නැත්නම් exercise පාරක් කරලා ගත්තම කෙල්ලෝ වුනත් අවුරුදු 40 ගියත් හොද පෙනුම තියෙනවා.
ඉතින් ඔය වයස කියන පුහු අදහස් අයින් කරලා, තමන්ට ගැලපෙන කෙනෙක් බලලා බදින්න. අන්න ඒකයි වටින්නේ.