කෙල්ලෙක් ගේ දින පොතින් පාර්ට්
-------------------------------------------
අද පෙබරවාරි තුන් වෙනිදා පෝය.
උදේම නැගිටලා මිදුල අතුගෑවා.තත්තා කිව්වා අද වැස්සේ නැති උනොත් හෙට ඉදන් මට පියසේන කියලා කියන්න එපා කියලා මන් දිහා බලලා.
රෙදි ටිකක් හෝදලා අනිත් ටික ආපහු අදින්න තියා ගත්තා.එච්චරම කිලුටු නෑ. මල්ලිට ගණන් වගයක් කියලා දුන්නා.
ගෙදරින් බල කරපු නිසාම මාස ගාණකින් අද නා ගත්තා.නෑවහම හරි සනීපයි කියලා මල්ලි හැමදාම කියන කතාව අද ඇත්ත කියලා තේරුනා.
දවල් වෙනකොට අමිර් ඛාන්ගේ PK බැලුවා..හරිම දුකයි.පැයක් තනියෙන් ඇඩුවා..සුරේෂ් බයික් එකෙන් වැටුන දවසෙවත් මම මෙච්චර අඩලා නෑ.
දවල්ට ඉව්වා..පරිප්පුයි,සම්බෝලයි,වට්ටක්කයි..කෑම දැකපු තාත්තා මේකද බොල යහ පාලනේ කියලා නිදා ගත්තා නොකාම.හිතට හරි නෑ මගේ ඒ නිසා..මල්ලි බත් එක ටොමියට දැම්මා .ටොමියා ඉව කරලා යන හැටි දැක්කහම තාත්තා කෑවේ නැත්තේ හොද වෙලාවට කියලා හිතුනා.
අම්මා තාත්තට කොත්තමල්ලී වීදුරු දෙකක්ම හදලා දුන්නා. මල්ලි එතකොටම සුනිල් පෙරේරගේ යන සින්දුව වැඩි කරා "බොමු අපි කොත්ත මල්ලී මොකටද විස්කි බ්‍රෑන්ඩි කියලා".
සුරේෂ්ට කෝල් කරන්න දවස්ම ට්‍රයි කරා,ෆෝන් එක OFF. ඊයේ මට කිව්වා අම්මලා එක්ක අද සිල් ගන්න යනවා කියලා.පව් අසරණයා කකුල් රිදෙනවා ඇති එරමිණියා ගොතාගෙන ඉදලා කමක් නෑ හෙට හම්බ වෙනවනේ.
රෑට වට්ටක්කයි,සම්බෝලයි,පරිප්පුයි කාලා ඉක්මනට ඇදට ආවා.හෙට සුරේෂ් හම්බ වෙන්න යනවා..
අමත උනා හෙට 67 වෙනි නිදහස් උත්සවය..මගේ නිදහස උපරිම විදිමට හිතා ගත්තා.
සුරේෂ්ගේ දින පොතින්
------------------------
හෙන ගහපන් අද පෝය හෙට නිදහස් දිනය..බාර් වහලා යකෝ.වෙලාවට ඊයේ අජියගේ ගෙදර කර්පා වෙන්න ගහලා ආවේ..