උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉන්නවා... උංගෙන් ඕනම උනොත් විතරක් උදව් ඉල්ලනවා... ගොඩක් වෙලාවට උං කරන්න පුලුවන් උදව් කරනවා... උදව් කරන්න බැරි උනා කියල උං එක්ක අවුල් යන්නෙ නෑ... මොකද උංටත් අපිට කිව්ව නැති ප්‍රශ්න තියෙන්න පුලුවන් නේ... උං උදව්වක් ඉල්ලුවොත් කරන්න පුලුවන් නම් කරනවා... බැරි නම් බෑ කියනවා... හරිම සරලයි...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    සල්ලි තමයි බං අවංක යාළුවා.. සල්ලි තියෙනවානම් කරන්න බැරි දෙයක් නැහැ. ඒ අතර එකෙක් දෙන්නෙක් ඉන්නවා හොද යාළුවෝ. හැබැයි බැදීම් වැඩි වෙන්න වෙන්න කව්රුත් තමන්ගේ සිමාවේ කොටුවෙනවා. සල්ලි වලට එහෙම නැහැ සිමා නැහැ. පුළුවන් තරම් හම්බ කරපන්.... හරි ක්‍රමේට

    wisdom
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,129
    113
    බොන්න විතරක් එන උන් යාළුවො නෙමෙයි 🙂

    අපි කොහොමත් හොඳම යාළුවෝ කියලා හිතන් ඉන්න උන්ට වඩා වෙනම පිරිසක් ඉන්නවා අපි වෙනුවෙන්
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    Dont Depend
    Dont Expect
    Dont Compare

    ඕව මගෙ විදිය සතුටින් ඉන්න. යාළුවන්ගෙන් මකුත්ම බලාපොරොත්තු වෙන්න එපා. උන්ව Compare කරන්නත් එපා. උදව් ගන්න එපා තමන්ගෙ වැඩේ තමන්ත කරගන්න. (බැරි නෑ උඹට කාගෙවත් උදව් ඕන නෑ තමන්ගෙ වැඩේ කරගන්න)
    ඇයි කියල නම් අහන්න එපා තමන්ගෙ අයිය අක්ක පව්ලෙ අය ඇර යාළුවන්ගෙන්නම් උදව් ගන්න එපා ඉල්ලන්නත් එපා. ඒත් යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් අනිව කරන්න.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    Dont Depend
    Dont Expect
    Dont Compare

    ඕව මගෙ විදිය සතුටින් ඉන්න. යාළුවන්ගෙන් මකුත්ම බලාපොරොත්තු වෙන්න එපා. උන්ව Compare කරන්නත් එපා. උදව් ගන්න එපා තමන්ගෙ වැඩේ තමන්ත කරගන්න. (බැරි නෑ උඹට කාගෙවත් උදව් ඕන නෑ තමන්ගෙ වැඩේ කරගන්න)
    ඇයි කියල නම් අහන්න එපා තමන්ගෙ අයිය අක්ක පව්ලෙ අය ඇර යාළුවන්ගෙන්නම් උදව් ගන්න එපා ඉල්ලන්නත් එපා. ඒත් යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් අනිව කරන්න.
    meka hariii
     
    • Like
    Reactions: RealityOfX

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Dont Depend
    Dont Expect
    Dont Compare

    ඕව මගෙ විදිය සතුටින් ඉන්න. යාළුවන්ගෙන් මකුත්ම බලාපොරොත්තු වෙන්න එපා. උන්ව Compare කරන්නත් එපා. උදව් ගන්න එපා තමන්ගෙ වැඩේ තමන්ත කරගන්න. (බැරි නෑ උඹට කාගෙවත් උදව් ඕන නෑ තමන්ගෙ වැඩේ කරගන්න)
    ඇයි කියල නම් අහන්න එපා තමන්ගෙ අයිය අක්ක පව්ලෙ අය ඇර යාළුවන්ගෙන්නම් උදව් ගන්න එපා ඉල්ලන්නත් එපා. ඒත් යාළුවෙක් උදව්වක් ඉල්ලුවොත් අනිව කරන්න.
    අනිවා මචන්. සමහර සිද්දි උනාම තේරෙන්නේ ඇත්තටම මිනිස්සු කව්ද කියලා. හැබැයි දන්නේ වත් නැති මිනිස්සු උදව් කරලා තියෙනවා සමහර වෙලාවට. ඒක නිසා මටත් පුළුවන් හැම වෙලාවකම පුළුවන් නම් විතරක් ඕනෙම කෙනෙක්ට උදව් කරනවා. බැරි නම් බැහැයි කියනවා කෙලින්ම.
     
    • Like
    Reactions: RealityOfX

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama godak dewal kara yaluwo wenuwen. Oya wagema wada wela thiyanawa. dan nam ehema unata ganakuth na. Hondama yaluwo kawuda kiala kalayak yanakota therenawa. Kagen wath kisi deyak balaporoththu wenna epa.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බොන්න ඉන්න උන් කවද්ද බන් යාළුවෝ උනේ… උන් ඉන්නේ බොන්න විතරයි…
    mamath meeka nam note karala thiyanawa
    mage massinaa kenek innawa ambaanaka bonawa
    porata mahaa loku yaaluwo godak innawa
    amooo uge yaaluwonge pampooriya koi welee beluwath
    serayak porata asaneepa welaa hospital hitiya
    balu ballek aawe ne dawas 3k hospital hitiyaa
     
    • Like
    Reactions: supun_sg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,182
    113
    Kotahena
    මම නම් අවස්ථාවාදී නෑදැයොන්වයි යාලුවොන්වයි අයින්ම කරලා තනියම ඉන්නනේ. අඩික් ගැහුවත් තනියම. Wife is best friend Ever
    Kimbi simba :lol:
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ohoma aduragatta eka gana sathutu weyan. nattam samahara unta oita eha dewal karamai aduragnna wenne yaluwo kauda kiyla.
    anthimata mona de unath inne gedra un tika vtarai ban. eka thama attha. samahara weleta ganith na.

    ohoma yaluwonwa danama ain karala dapan. attahatama wadak na.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..

    පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..

    දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.

    මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..

    uba me kiyanne atta katawakda ?
    ehemanam uba fail ban
    ohoma welawaka genna ganna ekek na kiyanne wadak na
    nari nawanna epa
    ekek kiyala tibba wage yam kisi waysakata awata passe bokke yaluwo na