උඹට ඇත්තටම යාළුවෝ ඉන්නවද ?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    යාලුවෝ කියල ජාතියක් නෑ බ්‍රදර්! තමන්ට තමන් විතරයි අන්තිමට. අහන්න අකමැති ඇත්ත තමයි ඒ🥰
    ඔව් බන් ඒක ඇත්ත..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,133
    12,023
    113
    මචන් මේ long weekend එකේ උන සිද්දියක් නිසා , tread එකක් දාන්න හිතුනා..මේක උබලටත් වැදගත් වේවී. ජිවිතයේ ඇත්තටම අපිට ගොඩක් යාලුවෝ ඕනේ නෑ 5ක් වත් හිටියනම් හොදටම ඇති. බලපන් ඇත්තටම උබට හොදම යාලුවෙක් ඉන්නවද කියලා.. මම කතාව කියන්නම..

    පෙරේදා රෑ කෑම එකක් ගේන්න ගියා car එකේ. කඩේ ගාව නවත්තලා කෑම එකක් ගේන්න ගියා ඒකේ ඉවරයී කිව්වා, පෝය දවසේ නිසා කඩවල් වහල තිබ්බේ එකෙත් කෑම ඉවර වෙලා කිව්ව. ඇවිල්ලා car එක start කරන්න හැදුවා start වෙන්නේ නෑ. වදින්නෙම නෑ. automobile කරන මගේ හොදම යාලුවා කියලා හිතන් හිටපු එකාට call කලා ඌ කිව්ව battery බැහැලා ඇත්තේ කියලා වැඩි දුරක නෙමෙයි ගෙවල් ගාව ඉදන් අඩුම 3km වගේ ඇති,, මන් දන්නේ නැති නිසා ඌට එන්න කිව්වා ඌ එන්නම් කිය කිය හිටියා..මුලින් කකා ඉන්නේ කාලා ඉවර වෙලා එන්නම්, පස්සේ හොදටම වැස්ස එලියට බහින්නත් බෑ. දන්න එකෙක්ට කියලා මහ රැ ගරාජ් කරන මල්ලි කෙනෙක්ට call කරලා සීන් එක කිව්වා vehicle එකක් එවන්න එන්නම් කිව්වා හදලා දෙන්න.. ඉතින් බන් දන්න වාහනයක් තියෙන උන්ට call කරා (bike තියෙන උන්ට call කරේ නෑ වැස්සේ එන්න බැරි උනා) සමහර උන් trip ගිහින් , තව එකෙක් කෙලින්ම බෑ කිව්වා.. ඉතින් ආයේ අරූට call කරා ඌ කාලා ඉවර ඇති කියලා ඒ හු$$ එක්ක ගිය සතියෙත් බිව්වා තව උන් එක්ක.. ඌ ආවේ නෑ කියපන්කෝ.. අද වෙනකන් call එකක් දීලා ඇහුවේ නෑ "අඩෝ මොකෝ උනේ කියලා" මචන් එදා නම් යාලුවෝ එපාම උනා.. එකෙක් හොයා ගන්න බැරි උනා , pickme එකක් හරි දාලා අර මල්ලිව ගෙන්න ගන්න හැදුවේ සෙට් උනේ නෑ රෑ නිසා..

    දුකම සීන් එක කියන්නේ බන් පරක්කු නිසා ගෙදරට call කරලා විස්තරේ කිව්වා මහ වැස්සේ තාත්තා බන් තෙමි තෙමි ආවා.. එයා දන්නේත් නෑ වාහන ගැන. අන්තිමට බන් හිටියේ තාත්තා විතරයි පස්සේ මම night එක car එකේ ගහනවා කියලා තාත්තව යැව්වා..කාලාවත් නෑ කඩවලුත් නෑ, delivery උන් වැඩ නෑ පෝය නිසා.. හිටියා car එකේ.. පස්සේ අන්තිමට පාරට try එකක් දෙනවා කියලා බොනට් එක උස්සලා පොඩ්ඩක් බලන්න ගත්තා.. පස්සේ bike එකක කොල්ලෝ 3ක් පහු කරන් ගිහින් දැකලා හරවන් ආවා. වැස්සේ උනුත් ගිහින් කෑම ගේන්න.. එකෙක් බැහලා ආවා "අයියේ මොකෝ සීන් එක කියලා" car එක ලගදී paint කරන්න දාපු තැනක සෙට් උන එකෙක්..බැහලා ඇවිත් බැලුවා බැටරි බැහැලා ඒ නිසා 10min දෙන්න garage එකෙන් තව එකෙක් ගෙනත් ගහමු කියලා..උන් ගිහින් කිව්ව විදියට ආවා මහ වැස්සේ තෙමි තෙමි බන් උන් සෙට් එක හදලා දුන්නා..හදලා අයියේ අපි යන්නම් කියලා ගියා. car ට නගින්න බැරි වෙන්න මාත් තෙමිලා උනුත් තෙමිලා..මට සල්ලි හිතුනේ නෑ දෙන්න මොකද ඒක ඊට වඩා help එකක්..පස්සේ ලගදි ගිහින් garage එකේ උන්ව හම්බවෙලා lunch එකක් දුන්නා.

    මචන් ඔය සිද්දියෙන් ඇත්තටම යාලුවෝ කවුද කියලා තේරුනා..අන්තිමට ඕන වෙලාවට එකෙක් නෑ.. ගෙදර අය විතරයි ලග ඉන්නේ..මන් බොන්න එහෙම බන් සෑහෙන්න සල්ලි වියදම් කරලා ඇති කොල්ලො එක්ක සෙට් වෙන්න ගිහින්. ආයේ නම් බන් හොදට අදුනගන ඕන එකාට විතරක් සලකනවා..
    යාලුවෝ එහෙම නෑ..බන්...උඹට සල්ලි තියනවානම්
    උඹෙන් ගන්න පුලුවන්නම්
    එතන යාලුවෝ ඉන්නවා..

    හැබැයි මචෝ සමහර යාලුවෝ හරිම කලාතුරකින් සට් වෙනවා
    එවුන් හරිම කලාතුරකින් සෙට් වෙන්නේ

    මට අංශභාගය හැදෙන්න ආවා කාලයක්
    එතකොට මම අත ඇරලා දාපු යාලුවෝ
    දෙන්නෙක් ඇවිත් , මට සාත්තු කලා
    ඉස්පිරිතාලේ ආවා

    නැවතිලා හිටියේ නැතත්
    ඉස්පිරිතාලේ ඉදන් මාව බලන්න ඇවිත්
    සනීප වෙනකන් වගේ උදව්කලා

    මම සනීප වෙලා උට මං ගානේ ලොකු සිස්ටම් එකක්
    හදලා දුන්නා..උගේ බිස්නස් එකට
    සත පහක් වත් ගත්තේ නෑ

    ඉතින් අදටත් ඒ යාලුවා මම ගැන හොයලා බලනවා
    මම අනන්තවත් උට බැනලා හිතරිදෙන්න කතා කියලා ඇති
    ඒත් අදටත් උ හෙන බොක්කක්

    පට්ටම කල්‍යාණ මිතුරෙක්
    එහොම වුන් අඩුයි බන්


    yaluwo kiyala hathiyak na ban
    mama nam mage wada okkoma taniyema karaganne

    ubata focus karapan . ube value eka wadi nam minissu
    panala udawu karanne.
    මේක ඇත්ත !!
    ------ Post added on Jul 20, 2024 at 5:52 AM
     
    • Love
    Reactions: Feelix

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    බොන්න ඉන්න උන් කවද්ද බන් යාළුවෝ උනේ… උන් ඉන්නේ බොන්න විතරයි…

    බොන එක නැවැත්තුවම යාළුවොත් නැති වුණා​

    5/05/2024 11:00:00 AM

    gayan-perera-speaks

    ගයාන් පෙරේරා කියන්නේ මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ මුල් ඇදපු පුරුකක්. මුලින්ම රසිකයන් ගයාන්ව හදුනගන්නේ ඩැඩී සංගීත කණ්ඩායම හරහා. ඔහු සුනිල් පෙරේරා කියන අසහාය ගායකයාගේ පුත්‍රයා. නමුත් පසුකාලීනව ඔහු තම නිර්මාණ හරහා තමාටම වෙන්වූ අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් වෙනවා.

    ගයාන් කියන්නේ නිතරම ගීත කියන, නිතරම මාධ්‍ය හමුවේ පෙනී ඉන්න ගායකයෙක් නෙවෙයි. නමුත් ඔහු ඉඳලා හිටලා කරන එක නිර්මාණයක් වුණත් ලංකාවේ රැල්ලක් බවට පත් වෙනවා. කාලෙකට කලින් කරපු වරෙන් යන්න, මගේ මස්සිනා ගීත වගේම ඉතාම මෑතකදී කරපු පොඩ්ඩක් සයිකෝ ගීතයත් එයට හොඳ උදාහරණ.

    කොහොම නමුත් ගයාන්ගේ ‘පොඩ්ඩක් සයිකෝ’ ගීතය යූ – ටියුබ් ට්‍රෙන්ඩින් වීමත් සමඟම ටික් ටොක් වැනි වෙනත් සමාජ මාධ්‍ය හරහාත් මේ ගීතයට ලැබෙන්නේ විශාල ප්‍රතිචාරයක්. මේ අසීමිත රසික ප්‍රතිචාර හමුවේ ගයාන් පෙරේරා මේ දිනවල නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිනවා.

    එහෙම පෙනී හිටපු එක්තරා වැඩසටහනකදී ගයාන් හරි අපූරු කතාවක් කියනවා. එතැනදී ඔහු සඳහන් කරනවා, ඔහු වැරැදි පුරුදු නැවැත්තුවාම ඔහු වටේ සිටි මිත්‍රයෝ බොහෝමයක් ඔහුගෙන් අෑත් වුණා කියලා. ඔහුගේ මේ ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වීමත් එක්ක ඒකට අති විශාල රසික අවධානයකුත් හිමි වෙනවා.

    පහතින් තියෙන්නේ ගයාන් ඒ වැඩසටහනට ඇවිත් ඒ සම්බන්ධයෙන් පළ කළ සම්පූර්ණ අදහස?

    “මම බොන එක නැවැත්තුවා. එහෙම වුණාට පස්සේ මට දැන් යාළුවො ඇත්තටම නැත්තේ මම වැඩිය බොන්නේ නැහැ. වැඩිය නෙවෙයි මම කොහෙත්ම බොන්නේ නැහැ. මම බීම නැවැත්තුවාට පස්සේ යාළුවෝ ඔක්කොම නැති වුණා. මම ගැරන්ට් කරනවා බොන එවුන්ට ඇත්තමයි, බීම නැවැත්තුවාට පස්සේ ඉන්න යාළුවෝ බාගෙට බාගයක් නැති වෙනවා. බොන එකයි තව මොනා හරි වස විස ගහනවා නම් ඒවා නවත්තපු ගමන් නැති වෙනවා. මම නැවැත්තුවා ඒක. නවත්තලා දැන්, ඔව් අවුරුදු විසි තුනේදී හතරෙදි විතර නැවැත්තුවේ.
    කලින්ම නැවැත්තුවා. ඒකට මම සන්තෝසයි. ඒකට මොකක් හෝ පිනක් කරලා ඇති පෙර භවයක. ඇත්තටම අපේ තාත්තලා දැක්කා මස්සිනා අනම් මනම් එළියට දැම්මට පස්සේ අපිට කිසි කන්ට්‍රෝල් එකක් නැහැ කියලා. ඇත්තටම අපේ සාර්ථකත්වය එන වෙලාව හොඳ වෙලාවක් වෙන්නත් පුළුවන් නරක වෙලාවක් වෙන්නත් පුළුවන්. අපි මස්සිනා එළියට දාපු වෙලාව එච්චර හොඳ වෙලාවක් නෙවෙයි. ඒ කියන්නේ අපි මනසින් දියුණු තැනක, පරිණත වෙල හිටපු තැනක නෙවෙයි අපිට හරි ගියේය.

    සමහර මිනිස්සු කටු කාලා, දේවල් වෙලා, තව ජීවිතයේ අත්දැකීම් ලබලා පරිණත වෙලා සාර්ථකත්වය ළං වෙන කොට එයාලා, සල්ලි පාවිච්චි කරන විධිය දන්නවා, මිනිස්සු කවුද ආශ්‍රය කරන්න ඕනෑ, නොකරන්න ඕනෑ කියන එක දන්නවා. නමුත් අපි මස්සිනා එළියට දැම්මේ මට අවුරුදු විස්සක් හෝ විසි එකක් වගේ කාලෙදි. ඒ කියන්නේ එතකොට ජීවිතයේ හැම දෙයක්ම ඒ සාර්ථකත්වයට සපෝර්ට් කරන්න අවශ්‍ය විධියට සැකසිලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ මගේ පවුල් පසුබිමද හැමදේම, ගෙවල්වලත් තිබෙනවනේ පොඩි පොඩි ප්‍රශ්න තේරුණානේ. එතකොට අපේ අම්මලා, තාත්තා

    එක්ක අපි පොඩ්ඩක්, ඒ තරුණ වයස එක්ක සමහර වෙලාවට තිබෙනවානේ රෙබලියස් ගතියක්. ෆුල් රෙබලින් හරිද, අපිට හිතෙන්නේ මේ ගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. අම්මලා, තාත්තලාට මොනවද තේරෙන්නේ, මේක තමයි අලුත්ම සීන් එක. මියුසික් ගහලා, කොල්ලෝ එක්ක ගිහිල්ලා, අනම් මනම් වස විස ගහලා මේක තමයි ලයිෆ් එක කියලා. නෑ ඒ ගොල්ලෝ කියන එක අපිට එවෙලේ ඔළුවට ගියේ නැහැ.අපි වටේ හිටියා නයි සෙට් එකක්. සර්පයෝ අම්බානකට හිටියා. අපි හිතුවේ සර්පයෝ තමයි අපේ යාළුවෝ කියලා. අම්මලා අපිට කියනකොට අපිට අම්මලා තාත්තලා සර්පයෝ වගේ පේනවා ඒ වෙලාවට.

    ඉතිං මොකක් හරි අර මම කිව්වා වගේ, අම්මලා තාත්තලා දැන ගත්තා, නෑ මේක හරියන්නේ නෑ කියලා. අපේ තාත්තා ඇත්තටම මට පහු කාලීනව කිව්වේ ඒගොල්ලෝ හුඟක් අපේ ජීවිත වෙනස් වෙන්න කියලා. වටේ හිටපු සර්පයෝ ටික හැලෙන්න කියලා අපිට නොදැනුවත්ව ඒගොල්ලෝ ගිහිල්ලා කරලා තිබුණා පින්කම් ගොඩක්.


    මම හිතන්නේ ඒවගෙන් පස්සේ හිටපු සර්පයෝ සෙට් එකම මම හලලා දැම්මා. ඕවර් නයිට් මම කිව්වා නෑ අදින් පස්සේ මම බොන්නේ නෑ කියලා. පෝස්ට් යනකොට මම දකිනවා මම අරවා ගහලා වගේ, මේවා ගහලා වගේ, මුගේ බොරු අනම් මනම්. අවංකවම නැහැ. ඒ කියන්නේ මගේ බොන පාට තියෙනවා. ඒත් මම බොන්නේ නැහැ.

    මෙහෙමයි බොන්න බැරුව නෙවෙයි. අපි සංගීතකාරයෝනේ යන යන තැන බොන්න නෙවෙයි. බුදු අම්මේ හම්බෙන වස විස ඔක්කොම හම්බෙනවා. නමුත් ඒක අවශ්‍ය නැහැ මට. මාව මේ ට්‍රේඩ් එකේ දන්න කට්ටිය දන්නවා. මට ඒක ඕනෑ නැහැ.

    ඒක නැතිව මම මාර ආතල් එකේ ඉන්නේ. මගේ ආතල් එක තියෙන්නේ මියුසික් හදන එකයි, ඒ කියන්නේ සින්දු ලියන එක, තනු නිර්මාණය කරන එක, සින්දු හදන එකයි, ප්‍රඩියුස් කරන එකයි, මම ජිම් යන එක කැමැතිම දෙයක්. මට මේ කාලයකට යන්න බැරි වුණා. මාස දෙකක් විතර මට මිස් වුණා. මට සයිකෝලොජිකලි හෙනම අමාරුයි. මාව දකින දකින ගානට පොඩි ඩිප්ප්‍රෙෂන් සීන් එක්ක තියනවා මට. ඒක මම සෑහෙන්න ආසාවෙන්

    කරන එකක්. මම ජිම් එකට යනකොට, මම දන්නවා ජිම් එකට එන අනිත් කට්ටියටත් එහෙමයි. දැන් ඇත්තටම ජිම් එකට යන එක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා හොඳ ට්‍රෙන්ඩ්. ජිම් එකට යන එකෙන් ඇඟ විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. ජිම් එකට යන එකෙන් අපි ජීවිතය දකින විධිය සෑහෙන්න වෙනස් වෙනවා. ඒක මාර ඩිසිප්ලින් එකක් ජිම් එකට යන එක. ඒකෙන් අනෙක්් ඒවා හුඟක් හැදෙනවා. ඒක නැති වුණ ගමන් මට නිකන් අර, මට ජිම් එකට යන්න බැරි වුණු ගමන්.

    මගේ ලයිෆ් එකේ තියෙනවා ස්ට්‍රක්චර් එකක්. මම ජිම් එකට යන්න ඕනි. හැමදාම ගිහින් විනාඩි 25ක් දුවන්න ඕනි. දුවලා ඉවරවෙලා මේ ටික කරන්න ඕනි. ඇඟේ දාඩිය ටිකක් යන්න ඕනි. වතුර ටිකක් පෙවෙන්න ඕනි. ඊට පස්සේ ස්ටූඩියෝ එකට යන්න ඕනි. ගිහිල්ලා ඉවර වෙලා මොනාද තියෙන මියුසික් වැඩ ටිකක් ඒවා බලන්න ඕනි කියලා.

    ජිම් එකට ගියේ නැති වුණාම, වෙලාවට නැඟිටගන්න බැහැ. හරියට කෑමක් කැවෙන්නේ නැහැ. එතකොට මම ඒක ගැන හිතනවා. එක්කෝ ඊට පස්සේ තියන දහ ජරාව ඔක්කොම කනවා.
    ට්‍රැක් එක පැන්න ගමන් යනවා වෙනම අතකට. ඔය ටික තමයි. ඇත්තටම මම හුඟක් වෙලාවක් ඕක කඩාගන්නේ නැතිව කරන්න බලනවා. නමුත් සමහර වෙලාවට වැඩත් එක්ක ඒවා කැඩෙනවා.”

    ඔන්න ඔය විධියට තමයි ගයාන් තමන්ගේ වැරැදි පුරුදු නවත්තපු හැටි ගැන වගේම ඒත් එක්කම ඔහුගේ ජීවිතයට වුණු වෙනස්කම් ගැන විවෘතව කතා කරලා තිබුණේ.

    ඇත්තටම අපි කෙනක්ගේ බාහිර ස්වරූපය දිහා බලලා එළැඹෙන නිගමන කොයි තරම් දුරට නිවැරැදිද කියලා ආයෙත් වරක් හිතන්න පොලඹවන්න ගයාන්ගේ මේ ස්වයං ප්‍රකාශයට පුළුවන්කමක් තිබෙනවා. ඒ වගේම නිවාඩුවක් ලැබුණු වෙලාවක පාඩුවේ හිතලා බලන්න, ඔයාලගේ ජීවිතවල ඉන්න මිත්‍රයොත් ගයාන් කියපු අය වගේද කියලා. උත්තරේ ඔව් නම් ඔයාලටත් ගයාන් ගත්ත ක්‍රියාමාර්ගය ගන්න පුළුවන් වේවි."
    (Akshi Mapa Weerasinghe)