කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්

obama2

Member
Apr 18, 2012
424
30
0
කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්

කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්

deepthi-kumara-450.jpg
ශ්‍රි ලංකා පෙර‍ටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමඟ m-girls වෙනුවෙන් කතා කරන්න හිතුවා.. ලිංගිකත්වය පිළිබඳව.

දීප්ති කුමාර ගුණරත්න යනු මේ රටේ සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රබලතම විවේචකයෙක්, න්‍යායදරයෙක් වගේම බොහෝ අයට කරදරයක් වෙච්ච දේශපාලනඥයෙක්.. ඔහුගේ හඬ අතිශය තියුණු මෙන්ම විවාදාපන්නයි.. නමුත් ඒ මැදිහත් වීම මේ භූමියේ සමාජ වෙනසක් වෙනුවෙන් වූ අරගලයේදී අත් හල නොහැකි විශාල වපසරියක්....


අද අපි කතා කරන්නේ ඇයි ලංකාව sex බලන රටවල් වලින් එක උණේ කියලනේ.. නේද?


ඔව්.. ඒත් අපි ඊට කලින් පැහැදිළි කරගමු ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා

ලිංගිකත්වය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ශරීර ගැන හදන භාෂාව. දැන් අපි මෙහෙම හිතමු. පරිසරය ගැන කතා කරන කොට පරිසරය ගැන භාෂාවක් හැදෙන්නේ. අන්න ඒ වගේ මිනිස්සු තමන්ගේ අනෙකගේ ශරීරය ගැන කතා කරද්දි ටික කාලයක් යනකොට හැදෙනවා යම්කිසි භාෂාවක්..හරියට ටැංකියකට වතුර පුරවනවා වගේ, ශරීරය ගැන කතා කරන කොට හැදෙන කතිකාවට තමයි කියන්නේ ලිංගිකත්වය කියලා.

deepthi-350-1200.jpg


මේ ළඟකදී ලෝක මට්ටමෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවුණා ලෝකේ වැඩිපුරම sex බලන රට ලංකාව කියලා.

තාක්ෂණිකව බැලුවොත් ඒ තොරතුර හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. මම ඒක නෙමෙයි විග්‍රහ කරන්නේ ඔයා අහන ප්‍රශ්නෙට විතරයි මම උත්තර දෙන්නේ. මොකද කවුරු හරි කිව්වොත් නැහැ ඕක ඔහොමම නෙමෙයි ලංකාව එක නෙමෙයි කියලා. කොහොම වුණත් තවත් කවුරු හරි කියනවනම් google search එකේ වැඩියෙන්ම Sex බලලා තියෙන්නේ ලංකාවේ අය කියලා ඒකේ පණිවිඩය තමයි Sex වලට ආසයි කියන එක. ඉතින් Sex වලට ආසයි කියන්නේ තමන් තව මනුෂ්‍යෙයකුට ආසයි කියන එක. ඒ වගේම එතැනින් අදහස් වන්නේ ගොඩාක් අය හිතනවා වගේ නරක දෙයක් නෙමෙයි මටනම් අදහස් වෙන්නේ. හොදයි කියන එක.

ඒ හොදයි කියන එක විග්‍රහ කරමු.

අපේ රටේ මිනිස්සු තමන් මේ ජීවත් වෙන සමාජය තුළ තව මනුෂ්‍යෙයක් ගැන උනන්දුයි කියන එකනේ මේකේ අදහස් වන්නේ. බොහෝ වෙලාවට අපි දන්නවා ගොඩාක් දියුණු රටවල සමහර වෙලාවට දැන් කැනඩාව වගේ රටක අපි හිතමු තට්ටු ගොඩනැගිල්ලක 70 වැනි තට්ටුවේ විතර ඉන්න කෙනෙක් බිමට බහින්නේ නැහැ මාස තුනක් විතර යනකන්. මොකද අවශ්‍යතාවයක් නැහැ. තව මිනිහෙක්ව ආශ්‍රය නොකර ඒ වගේ කෙනෙකකුට තමන්ගේ රැකියාව කරගෙන ඉන්න පුළුවන් මාස තුනක් අඩුම ගානේ. එහෙම තමයි හදලා තියෙන්නේ. අපිට බැහැ කියන එකනේ ඒකෙන් කියන්නේ. අපිට තව කෙනෙක් ගැන හොයන්න ඕන.ඒකනේ මේකෙ තියෙන අදහස.

ඒ නිසා මම හිතන්නේ මේක ගොඩාක් අයට පරස්පරව මේක සදාචාරාත්මක අදහහසක හැටියට වඩා පැහැදිළිවට මම sex කියන එක සම්බන්ධ කරන්නේ සදාචාරෙට නෙමෙයි. Freedom. මිනිසුන්ගේ ලිංගික දේවල් කතා කරන්න ඕන අපි නිදහස පිළිබද ප්‍රශ්නයක් විදියට.
ලංකාවේ ගොඩාක් අය sex කතා කරන්නේ සදාචාරය පිළිබද ප්‍රශ්නයක් හැටියට.


හරි, කොහොම වුණත් ලංකාවේ අය Sex බලනවා කියලා කියනවනේ. හැබැයි Sex කරන්න තියා ඒ ගැන කතා කරන්නවත් ලංකාවේ අය කැමැති නැහැ වගේ එකක් මට දැනෙනවා. මට දැනෙන මේ අවුල ගැන ටිකක් කතා කරමු නේද?

උදාහරණයක් හැටියට අපි මෙහෙම කියමු. පේන්න තියෙන මූලික ලක්ෂණයක් තමයි කවුරු හරි කෙනෙක් වැඩිපුර sex ගැනකතා කරනවානම් එයා බොහෝවිට ක්‍රියාකාරී ලෝකේ එහෙම නැති කෙනෙක් වෙන්න ඕන කියන එක.

දැන් හිමාෂි දන්නවා ඇති ලංකාවේ අන්තර් ජාලයට පිවිසෙන අය තමන්ගේ search වල මුල හරියේ දැනුම , ඥානය, විදේශ ප්‍රවෘත්ති ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඇති.
ඒත් ක්‍රමානුකූලව ටික දුරක් යද්දි ඒ history එක බැලුවම තේරෙනවා මග දුරකදී pornography වලට යනවා. මුල හරියේ BBC News, හරි ප්‍රභාකරන්ගේ පුතාගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. හැබැයි අගට යනකොට Site තියෙන්නේ pornography. ඒ වගේම අපි දන්නවා දැන් ඔයගොල්ලන්ගෙත් ඒ ප්‍රශ්නෙම වුණා.

ඔයගොල්ලන්ගේ Office එකේ computer වලත් pornography තිබුණා කියලා. මම කියන්නේ ලංකාවේ ඕනෑම Office එකක hard disk ගලවලා බලන්න පුළුවන්නම් ඒවායේ තියෙන්නෙත් ඕවා විතරම තමයි.
මොකද අපි එක්තරා වෙලාවකට පස්සේ කැමැති වෙන දේ තමයි pornography නිල් සිනමාව. ගොඩාක් මේවා කතා කරන අය සරලව කිව්වොත් මේවා සංවාදෙට මේවා ගේන අය ක්‍රියාවෙදි එහෙම නැහැ.


ඒ නිසා තමයි pornography කියන එක internet එකෙන් බලන්නේ. මේකේ හේතුව මේකයි. ඇත්තටම අද ගෑණියෙකුයි මිනිහෙකුයි ඇත්තට හම්බෙන එක හරි dangerous නේ මේකාලේ. ඒ ඇත්තට හම්බෙන එක dangerous කියලා කියන්නේ මෙයාගේ කෑලි තොරතුරු තරහා වුනොත් වෙන කෙනෙක් එක්ක කියන්න පුළුවන්.
යාළුවෙලා ඉන්න කාලේ කරපු දේවල් තව කෙනෙක් එක්ක කියන්න පුළුවන්. එතකොට මිනිස්සු බයයිනේ. Actual partner කෙනෙක් එක්ක sex කරනවට වඩා අපි නොහදුනන අපි වෙනුවෙන් sex කරන තැනකට යන්න පුළුවන්නම් අපිටත් ආරක්ෂාවක් තියෙනවානේ.


එතකොට අපි gap එකක් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම ලිංගික දේවල් වලට ඇතුල් වෙනවා නෙමෙයි මම වෙනුවෙන් නිල් සිනමාවේ නළුවෙක් හරි නිළියක් හරි ඒක කරනවා. මට තියෙන්නේ පුටුවට වෙලා වාඩිවෙලා මම වෙනුවෙන් ඒ ගන්න සතුට බෙදාගන්න. මම වෙනුවෙන් එයා සතුටුවෙනවා.
ඔය සමහරක් නාට්‍යවල තියෙන්නේ back ground music කියලා එකක්. කාගේ හරි දුකක් ආවාහම ඒ දුක ප්‍රකාශ කරන්නේ චරිතය නෙමෙයි back ground music එක. මේ වගේ පශ්චාත් නූතන යුගයක වෙලා තියෙන දේ තමයි අපි ඇත්තට විඳින්නෙ නැහැ. අපි වෙනුවෙන් අන්තර්ජාලට හරි ඒ යන්ත්‍රය හරි සතුටු වෙනවා.


ඉතින් මේක අවුලක් නේද?

ඔව්, මිනිස්සු මේවා බලන්නේ වල් හින්දා නෙමෙයි. තමන් වගේම ඇට ලේ මස් නහර වලින් හැදිච්ච අනෙකාට තියෙන බිය. එයා මොනවා කියයිද. මම අකර්මන්‍යයි කියයිද? දැන් සමහරක් ගෑණු බය නැහැනේ. ඉතින් කාටත් සුරක්ෂිත ලිංගික සබදතාවය බවට පත්වවෙලා තියෙන්නේ site එකකට ගියා clik කරලා ඉවර වෙලා කාගේ හරි ෆිල්ම් බැලුවා සතුටු වුණා.

හරි මිනිස්සුන්ගේ තියෙන ඒ මානසිකත්වය නැති කරන්න මොකක්ද කරන්න පුළුවන්.

ඒක නැති කරන්න ඕනෑනම් ඉතින් ධනවාදි ක්‍රමයට වඩා දියුණු සමාජ ක්‍රමයකට යන්න වෙනවා. මොකද මිනිසසු දුරස් වුණෙත් මිනිහෙක් තව එකෙක් දිහා පාරිභොගික භාණ්ඩයක් විදිහට බලගන්න ගත්තැයින්නේ. ඕක බිදිනවා කියන්නේ ඇත්ත පාර්ට්නර් කෙනෙක් හොයා ගන්න ඔන කියන එකනේ.
තිරයේ ඉන්න පාර්ට්නර් කෙනෙක් වෙනුවට මම මෙහෙම touch කලහම touch වෙන පාට්නර් කෙනෙක් හොයා ගන්න ඕන කියන එකනේ. ඉතින් එයාව හොයා ගන්නනම් අපිට මාකට් එක ගැන විවේචනයක් එන්න ඕන. ඒ විවේචනය ගේනකල් අපිට ආයෙම ඇත්ත පාට්නර් කෙනෙක් හම්බෙන්නේ නැහැ.
deepthi-kumara-475-.jpg


බාලවයස්කාර ළමයි ගැබ් ගන්නවා. rape වෙනවා ?

බටහිර රටවල් වල තියෙනවා casting කියලා නිල් සිනමාවෙම කොටසක්. බලන අය දන්නවා ඒක. දැන් මේක කිව්වම බලන අය දන්නෑ වගේ ඉදීවි. ඒ casting වල ඉන්නේ බොහෝ වෙලාවට අවුරුදු 18 වගේ බාල ගැහැණු ළමයි. ඒ ගැහැණු ළමයි බොහෝ අය නැගෙනහිර යුරෝපයේ. සමාජවාදය අයින් වෙලා ධනවාදයට ආපු සමාජයේ.
ඉතින් ඇහුවහම ඇයි මේවට එන්නේ කියලා ඒ අය කියන්නේ අපිට මේ සමාජයේ පිළිගැනිමක් නැහැ අන්‍යතාවයක් නැහැ කියන එක තමයි ඒ අය කියන්නේ. අපි කවුද කියන එකට ප්‍රශ්නයක්? දරුවෙක් වැඩෙන කොට සමාජයට ඒ දරුවා දෙමාපියන්ගෙන් ළග ඥාතීන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම කවුද කියන එක.


දෙමාපියන් උත්තර දෙනවා ඔයා මගේ පුතා. ඔයා තමයි ඉතින් මට ඉන්නේ වෙන කවුරුවත් නැ මේ ලෝකේ. මෙහෙම කියනවා. මේ උත්තරේ වැදගත්. ඒත් දැන් වෙන්නේ මොකක්ද? දෙමාපියෝ දෙන්නම වැඩ කරනවා. ඒ අය රස්සාවට ගිහින්. ළමයි බලා ගන්නේ වෙන කෙනෙක්. එයා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැ. ගුරුවරුන්ගෙන් ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. ඒහෙම නැති වුණහම වෙන්නේ අපේ අන්‍යතාවය ගොඩ නැගෙන කලාපය හිස්ව පවතිනවා. අන්න ඒ හිස්ව පවතින දේ කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි අපේ ශරීරය. එතකොට ගැහැණු ළමයි හිතනවා තමන්ගේ ශරීරය පාවිච්චි කරලා අනන්‍යතාවයක් හොයාගන්න.

ඒ නිසා නේද අද ගැහැණු ළමයි මනස දියුණු කර ගන්න උත්සහා කරන්නේ නැතුව ශරීරය හැඩ වැඩ කරන්න උත්සහා කරන්නේ.

මනුෂ්‍යා කියලා කියන්නේම මනස උසස් වූ කියන එකනේ.. ඒත් කවුද අද පොත් කියවන්න කැමැති අය ඉන්නේ. අදහස් වලින් ලෝකේ තේරුම් ගන්න කැමැති අය ඉන්නේ කවුද? අද අපේ ඇත්ත ජීවිතේ කියලා කියන්නේ මාකට් එක. අද කෙනෙක් ඔයා හරි ලස්සනයි කියලා කිව්වහම ඒකේ තියෙන්නේ අහවල් ෂැම්පු වර්ගය. එහෙමත් නැතිනම් ටී ෂර්ට් එකක්. මාකට් එක. එතකොට ඔයාට පැහැදිළිද අන්න එහෙම හිස් වෙච්ච අය මම ජීවත් වෙනවා කියලා කියන්න තමයි පච්ච කොටන්නේ, වේදනාවක් දෙන්නේ තමන්ගේ ශරීරයට. අන්න ඒ වේදනාව දැනෙන කොට එයාට හිතෙනවා මම ඉන්නවා කියලා.

පොඩි ළමයි ගැබ් ගන්නවා කියන එකටත් ඒකම තමයි උත්තරේ. තමන්ම අනන්‍යතාවයක් නැති සමාජයකදී අපි හිංසාවක් හරි පාවිච්චි කරලා ඒක ගොඩනගාගන්න උත්සහා කරනවා.

සරල උදාහරණයක් දෙන්නම්කෝ. මම ඉන්නවා මේසයක වාඩිවෙලා. ඔයා ඉන්නවා තව ටිකක් එහායින් තවත් මේසයක වාඩිවෙලා. මම ඔයා දිහා බලන්නේ නැහැ. එක්තරා වෙලාවකදී ඉවසලා ඉවසලා බැරිම තැන කඩදාසියක් ගුලි කරලා හරි මගේ ඔලුවට ගමනවා. ඒකෙන් කියැවෙන්නේ වයලන්ස් එකක් නෙමෙයි. ඒකෙන් කියන්නේ මාත් එක්ක කතා කරන්න කියලා. එතකොට ගැබ් ගැනීමක් නෙමෙයි මෙතෙන තියෙන්නේ...ආ...බලන්න මෙන්ම මෙහෙම එකක් වෙලානේ..කියලා කියලා.. ඒ ගැහැණු ළමයගේ පින්තූර පවා ප්‍රචාරය කරනවා.

දැන් ඔය නයි නළගන ඉන්නවානේ. සිහි බුද්ධිය ඇති කොයි කවුරුත් නයි නලගන ගැන කතා කරනවානේ. ඇයි එහෙම කතා කරන්නේ. මුකුත්ම නැති සමාජයක නයෙක් හරි ඇගේ දාගෙන ඉන්න කෙනෙක් ගැන කතා කලහම අපේ පාළුව තනිකම නැතිවෙනවා..
ඒකනේ මාධ්‍ය කරන්නේ මාධ්‍යකාරයෝ තමයි මේ වැඩේ නිර්මාතෘවරු. මේ හිස් කම පුපුරුවලා අලුත් සමාජයක් හදන්න නොදී නයි නලගනවල් බෙල්ල කා ගන්න දේවල් දාන්නේ මේ අයනේ.


ඔයා කියන්නේ මේ කියන්නේ ගැබ් ගැනීම් මේ හැම කාරණයක්ම සිදුවන්නේ තමන් කෙරෙහි අවධානය දිනා ගැනිමේ ප්‍රතිඵලයක් විදිහටද?

ඔව් අපි ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නැත්නම් කවුරුහරි පාරේ යනකොට ප්‍රසිද්ධ ස්ථනයකට ගලක් ගහනවා. පොලිසියෙන් ඒ මනුස්සයව අල්ලගෙන යනවා. නැත්තම් පාරේ මිනිස්සු එකතු වෙලා ඒ මිනිහට ගහනවා.. එතකොට පත්තරේක දානවා..දෙයියෝ සාක්කි. මෙන්ම මේ අහවල් තැනට ගලක් ගහලා කියලා. අන්න එතකොට පිස්සෙක් විදිහට හරි හොරෙක් විදිහට හරි අන්‍යතාවයක් තියෙවනානේ.
දැන් මට සතුටුයි.. හැම තැනම නිවුස් ගියා..ෂාහ් මම දැන් ජීවත් වෙනවා.

tribe-girl-475.jpg


හරි, මම ආපහු මගේ පරණ ප්‍රශ්නයටම ආවොත් මේ බාලවයස්කාර ළමයි ඔය කියන විදිහට ආකර්ශනටය දිනා ගන්න හරි මොකක් හරි නිසා ගැබ් ගන්නවා..දූෂණයට ලක්වෙනවා. ඉතින් මේ අර්බුධයට උත්තරයක් විසදුමක් නැද්ද?

ඒකට ආයෙම පරමාදර්ශ හදන්න වෙයි. මොකද අපි ඉන්න මේ සාම්ප්‍රදායික සමාජයක්. පරමාදර්ශය කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. වෙද මහත්තයා. බුද්ධිමතා ඉස්කෝලේ මහත්තා ඔය කට්ටියනේ.

දැන් මොකක්ද ඒගොල්ලෝ කරමින් ඉන්නේ. පරමාදර්ශදාලා ඒ අය හෙළුවෙන් දුවනවා. හෙළුවෙන් දුවන කොට පරමාදර්ශ නැහැ. ආයෙම ඇහුවොත් ඔයා ඒකට විසදුම කියලා මොකක්ද කියලා මට කියන්න තියෙන්නේ යළි පරමාදර්ශ හැදීම කියලා.

පරමාදර්ශ නැවත හදනවා කියන්නේ ඒක දේශපාලන ප්‍රශ්නයක්.

talkකළේ - හිමාෂි කරුණාරත්න

photoකාරයා - අජිත් සෙනෙවිරත්න













 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    වැදගත් ලිපියක් අර talkකලේ photoකලේ කියන කැලි නොතිබුනානම් වැඩිය හොදයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දීප්ති කුමරටපිස්සු මිනිහ කරන්නේ එකක් කියන්නේ එකක් මෙලිපිය නම් ටිකක් හොදයි. වැලේ වැල් නැතුව ඉන්න පෙරටුගාමියෝ මොකද දීප්ති කුමාරට සෙට් වෙලා???? කිසිම වැඩකට නැති අතිශෝක්තිය පමණක් තිබෙන ප්‍රයෝගික නොවන න්‍යායවල ඉල්ලිලා ඉන්න මිනිස්සුන්ට සමාජමය වෙනසක් කරන්න පුලුවන්ද<</?????? පොත් පත්තර දේශනා පුරවන්න නම් පුළුවන්
     

    obama2

    Member
    Apr 18, 2012
    424
    30
    0
    අනාගත මහා අන්ධබූත ජාතකය
    Posted on 01 April 2012.

    ජන අරගල ව්‍යාපාරය විසින් අප්‍රේල් මස 09 වන දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කරණු ලබන බවත් එතැන් පටන් සම්පූර්ණයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයෙන් වෙන්ව සිය දේශපාලනය ආරම්භ කරණු ලබන බවත් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වශයෙන් අප මේ සම්බන්ධයෙන් කුමන මතයක් දරන්නේ ද යන්න ගැන අපගේ ත්‍රිමාන පාඨකයන් විශාල පිරිසක් විමසනු ලැබූ නිසා අපි අපගේ මතය ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු. මේ සම්බන්ධයෙන් අපගේ මතය ඉදිරිපත් කරන්නට තරමක් ප්‍රමාද වූයේ මේ ගැන නිවරදි තොරතුරු සොයා ගෙන එය ඉදිරිපත් කිරීම කළයුතු වූ බැවිනි.

    අප දන්නා තරමින් ජන අරගල ව්‍යාපාරය මේ මොහොතේ සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය යැයි නම් කර ඇතැත් ඇත්ත වශයෙන්ම මේ නමින් පක්ෂය ලියාපදිංචි කරණු ලබයි ද නැතිනම් වෙනත් නමකින් වෙනත් පක්ෂයක් ආරම්භ කරනු ලබයි ද යන්න දන්නේ ජන අරගල ව්‍යාපාරයත් දෙවියන්වහන්සේත් පමණක් යැයි අපි විස්වාස කරමු. අපට ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් ලියන්නට හෝ සදහන් කරන්නට අවශ්‍යතාවයක් නැති අතර අපගේ දේශපාලනය තනිකරම න්‍යායන් මත පදනම්ව භාවිතයෙන් ක්‍රියාවට නංවනු ලබන සමාජ ව්‍යාරයක් වශයෙන් පමණක් හදුන්වන්ට කැමැත්තෙමු.
    මේ වන විටත් ජන අරගල ව්‍යාපරය සිය නව දේශපාලන පක්ෂය පිහිටු වීමේ දී මුහුණ පා සිටින අභ්‍යන්තර අර්බුදයන් කිහිපක් හා මේ වන විට ජන අරගල ව්‍යාපාරයේ නායකයන් යැයි කියන පිරිස් ්මුහුණ පා ඇතැයි අපට වාර්ථා වූ තොරතුරු කිහිපයක් මුලින්ම ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
    ජන අරගල ව්‍යාපාරය වශයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව තනිව දේශපාලනය කරන්නට කරළියට පැමිණි ජ.වි.පෙ වාම ප්‍රවණතාවයේ ජනප්‍රිය නායකයෙකු වන පුබුදු ජයගොඩ යනු කවරෙක්ද? ඔහු වැඩිපුරම ආශා කරන්නේ මොනවාටද? ඔහු ගේ අරමුණ කුමක්ද? යන්න මේ වන විටත් ලංකාවේ බහුතරයක් දෙනා නොදන්නා බව අපට විස්වාසය. පුබුදු ජයගොඩ හෙවත් ලසිත් සහෝදරයා වැඩිපුම ආශා කරන්නේ පෙරදිග දාර්ශණිකයෙකු වන්නටයි. ඔහු බුද්ධි පිපාසාවකින් පෙලෙන්නකු වන අතර දැනුම ඇති ඔිනෑම තැනකින් තමන්ට යමක් ගන්නට අවශ්‍ය නම් එය ඔහු සියුම් ආකාරයෙන් කරනු ලබයි. ඒ අර්ථයෙන් පුබුදු යනු බුද්ධිමතෙකු හා බුද්ධිමතෙකුට වඩා වැඩි බුද්ධිමතෙකු වන්නට පෙරුම් පුරන විප්ලවාදියෙකි.
    නමුත් ඔහුගේ භූමාකාව මේ මොහොතේ වැඩිපුරම සමාන වන්නේ විප්ලවාදියෙකුට වඩා ඉන්දියාවේ සමින්දාර්වරයෙකුට යැයි අපි කියන්නෙමු. මේ වන විටත් ඔහු ජන අරගලය නමින් ඔවුන් විසින්ම ගොඩනගා ගත් මාලිගයේ සමින්දාර්වරයෙකු වශයෙන් නිදහසේ වැතිර සිටියි. ඔහු ආශාකරන දෑ රග දක්වන්නට ප්‍රවෙිනි දාසයින් රැසක් ඔහු වටකොට සිටියි. මේ ප්‍රවෙිනි දාසයින් අතරින් ඔහුව වඩාත් තෘප්තියට පත් කරණු ලබන ප්‍රවෙිනි දාසයින් වන්නේ සුමිත් චාමින්ද සහ අමාරිස් අයියායි. සුමිත් සහ අමාරිස් අන්තෝනියෝ ග්‍රමිස්වි, මිචෙල් ෆුකෝ, ස්ලොවෝ සිසැක් ( ඔහුගේ හරි නම ජිජැක්ය) වැනි දාර්ශනිකයන්ගේ නමි කියන විට පවා මේ සමින්දාර්වරයාට නින්ද යියි. මේ සමින්දාර්වරයා මේ ප්‍රවෙිනි දාසයින්ගෙන් මෙැවනි ප්‍රශස්ති ගායනා කිරීම හැර වෙනත් සේවයක් ලබා ගන්නේ නැති අතර විශේෂයෙන් මේ අය දේශපාලනයට සම්බන්ධ නොකර ගන්නට වගබලා ගනී.
    එය ජන අරගලයම කියන පරිදි බාහුලා, සුමිත්ලා අපි සමිබන්ධකර ගෙන ඉන්නේ බහුජන සංවිධානයේ වැඩ වලට විතරයි. ඒ අය පක්ෂයට සම්බන්ධ නෑ සම්බන්ධ කර ගන්නෙත් නෑ. ඒ අනුව දේශපාලනික අනාථයින් බවට පත් වූ මේ ප්‍රවෙිනිදාසයින්ට ලසිත් සමින්දාර්වරයාට නින්ද යන ආකාරයෙන් දාර්ශණික නාටක රග දක්වන්නට සිදුව ඇත. ඉතින් ලසිත් නැතිනම් පුබුදු ජයගොඩ මේ නිසා මේ පෙරටුගාමී කියන නමට කැමතිය. එය පක්ෂයේ නම වියයුතු බවට ඔහු කැමැත්තෙන් පසුවන බව අපට වාර්ථාවේ.
    නමුත් චමීර කොස්වත්ත ඇතුලු පිරිස වඩාත් කැමැත්ත පලකර ඇත්තේ සමාජවාදී යන කෑල්ලටයි. ඔවුන්ගේ මතය අනුව මේ සමාජවාදී යන කෑල්ල ස්මතු වන ආකාරයෙන් පක්ෂයේ නම වෙනස් විය යුතුය. චමීර කොස්වත්ත ඇතුලු පිරිස නියෝජනය කරන්නේ රෝහණ විජෙවීර සහෝදරයා විසින් නිර්මාණය කළ ජාතිවාදයත් මාක්වාදයත් දෙමුහුන් කල මතය ජයග්‍රහනය කරවන්නටයි. මාක්ස්වාදය හා ජාතිවාදය දෙමුහුන් කිරීම මගින් බිහිවන්නේ නුහුගූණ දේශපාලන ගොන් නාමිබෙකු බව චමිර කොස්වත්ත දන්නේ නැත.

    රැළි මතින් ගමන් ගන්නා දේශපාලන පාරුවක් බදු මේ අයගේ දෙපසට වැනෙන ප්‍රතිපත්තීන් එක් පසකට ගන්නට වෙර වීරය යොදන්නට සිදුව ඇත්තේ කුමාර් මහත්මයාට, සේනාධීර මහත්මයාට සහ අශෝක මහත්මයාටයි. මේ අර්බුදයෙන් ගොඩ එන්නට වෙර දරණ ජන අරගල ව්‍යපාරය සිය පක්ෂයේ නම වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන්ම යොදයිද නැද්ද යන්න තවමත් තීරණය කරන්නට බැරිය. චමීර කොස්වත්ත නම් කියන්නේ ඔහුන් මේ නම දැමිමේ පොඩි ෂොක් එකක් දෙන්නට අවශ්‍ය වූ නිසා බවයි. අනෙක් අතට කුමන නමක් ඔහුන් විසින් දමනු ලැබුවද එය තීරණය කරන්නේ මතවාදී ප්‍රශ්ණ වලින් නොව මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ බලවේගයන්ගේ කැමැත්ත මතයි. හරියටම මේ මොහොතේ නිකම්ව බඩු මිල ඉහළ යන්නට ක්‍රමයක් නැත එයට හේතුවක් තිබිය යුතුය. මේ ආකාරයෙන් කල්පනා කරන විට ජන අරගල ව්‍යාපාරයේ අනාගත දේශපාලන තීරණය වන්නේ මේ වන විටත් පෝස්ටර් වට හයක් අලවනු ලැබූ පිරිස් වල කැමැත්ත අනුවය.
    අවසානයේ මේ අය උත්සහා කරන්නේ සියලු පාර්ශවයන් සහිත අමුතුම ආකාරයේ පක්ෂයක් නිර්මාණය කරන්නටයි. එම පක්ෂයට අනාගතයේ දී ආණ්ඩු පක්ෂයේ කොටසක්ද, සජිත් පාර්ශවයේ කොටසක්ද, ජෙනරාල්ගේ කොටසක්ද, ටී.එන්.ඒ කොටසක්ද, බාහුලාද සිරිතුංගලාද, එක්වනු ඇතැයි අපි විස්වාස කරන්නෙමු. මේ ආකාරයෙන් මේ දිනවල විවිධ පාර්ශවයන් සමග දේශපාලන සංසර්ගයේ යෙදෙමින් සිටින ජන අරගල ව්‍යපාරය බිහිකරන්නට යන දේශපාලන සත්වයා තේරුම් ගන්නට සක්‍රයාගේ ප්‍රත්‍රයා වන වයිමාටවත් පුලුවන් වෙයිද යන්න අපි නොදනිමු. මොවුන් සිහින මවන සැබෑ දේශප්‍රේමී අනාගත ලංකාව ගොඩ නැගීම යනු ලංකාවේ නූතන මහා අන්ධබූත ජාතකය වන බවනම් පැහැදිලිය​
    .​