කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්
කෙල්ලන්ට ඕනේ ඇඟ දීලා හරි ID එකක්
ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමඟ m-girls වෙනුවෙන් කතා කරන්න හිතුවා.. ලිංගිකත්වය පිළිබඳව.
දීප්ති කුමාර ගුණරත්න යනු මේ රටේ සංස්කෘතික ක්ෂේත්රයේ ප්රබලතම විවේචකයෙක්, න්යායදරයෙක් වගේම බොහෝ අයට කරදරයක් වෙච්ච දේශපාලනඥයෙක්.. ඔහුගේ හඬ අතිශය තියුණු මෙන්ම විවාදාපන්නයි.. නමුත් ඒ මැදිහත් වීම මේ භූමියේ සමාජ වෙනසක් වෙනුවෙන් වූ අරගලයේදී අත් හල නොහැකි විශාල වපසරියක්....
අද අපි කතා කරන්නේ ඇයි ලංකාව sex බලන රටවල් වලින් එක උණේ කියලනේ.. නේද?
ඔව්.. ඒත් අපි ඊට කලින් පැහැදිළි කරගමු ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියලා
ලිංගිකත්වය කියලා කියන්නේ මිනිස්සුන්ගේ ශරීර ගැන හදන භාෂාව. දැන් අපි මෙහෙම හිතමු. පරිසරය ගැන කතා කරන කොට පරිසරය ගැන භාෂාවක් හැදෙන්නේ. අන්න ඒ වගේ මිනිස්සු තමන්ගේ අනෙකගේ ශරීරය ගැන කතා කරද්දි ටික කාලයක් යනකොට හැදෙනවා යම්කිසි භාෂාවක්..හරියට ටැංකියකට වතුර පුරවනවා වගේ, ශරීරය ගැන කතා කරන කොට හැදෙන කතිකාවට තමයි කියන්නේ ලිංගිකත්වය කියලා.
මේ ළඟකදී ලෝක මට්ටමෙන් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවුණා ලෝකේ වැඩිපුරම sex බලන රට ලංකාව කියලා.
තාක්ෂණිකව බැලුවොත් ඒ තොරතුර හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ. මම ඒක නෙමෙයි විග්රහ කරන්නේ ඔයා අහන ප්‍රශ්නෙට විතරයි මම උත්තර දෙන්නේ. මොකද කවුරු හරි කිව්වොත් නැහැ ඕක ඔහොමම නෙමෙයි ලංකාව එක නෙමෙයි කියලා. කොහොම වුණත් තවත් කවුරු හරි කියනවනම් google search එකේ වැඩියෙන්ම Sex බලලා තියෙන්නේ ලංකාවේ අය කියලා ඒකේ පණිවිඩය තමයි Sex වලට ආසයි කියන එක. ඉතින් Sex වලට ආසයි කියන්නේ තමන් තව මනුෂ්‍යෙයකුට ආසයි කියන එක. ඒ වගේම එතැනින් අදහස් වන්නේ ගොඩාක් අය හිතනවා වගේ නරක දෙයක් නෙමෙයි මටනම් අදහස් වෙන්නේ. හොදයි කියන එක.
ඒ හොදයි කියන එක විග්රහ කරමු.
අපේ රටේ මිනිස්සු තමන් මේ ජීවත් වෙන සමාජය තුළ තව මනුෂ්‍යෙයක් ගැන උනන්දුයි කියන එකනේ මේකේ අදහස් වන්නේ. බොහෝ වෙලාවට අපි දන්නවා ගොඩාක් දියුණු රටවල සමහර වෙලාවට දැන් කැනඩාව වගේ රටක අපි හිතමු තට්ටු ගොඩනැගිල්ලක 70 වැනි තට්ටුවේ විතර ඉන්න කෙනෙක් බිමට බහින්නේ නැහැ මාස තුනක් විතර යනකන්. මොකද අවශ්‍යතාවයක් නැහැ. තව මිනිහෙක්ව ආශ්‍රය නොකර ඒ වගේ කෙනෙකකුට තමන්ගේ රැකියාව කරගෙන ඉන්න පුළුවන් මාස තුනක් අඩුම ගානේ. එහෙම තමයි හදලා තියෙන්නේ. අපිට බැහැ කියන එකනේ ඒකෙන් කියන්නේ. අපිට තව කෙනෙක් ගැන හොයන්න ඕන.ඒකනේ මේකෙ තියෙන අදහස.
ඒ නිසා මම හිතන්නේ මේක ගොඩාක් අයට පරස්පරව මේක සදාචාරාත්මක අදහහසක හැටියට වඩා පැහැදිළිවට මම sex කියන එක සම්බන්ධ කරන්නේ සදාචාරෙට නෙමෙයි. Freedom. මිනිසුන්ගේ ලිංගික දේවල් කතා කරන්න ඕන අපි නිදහස පිළිබද ප්‍රශ්නයක් විදියට.
ලංකාවේ ගොඩාක් අය sex කතා කරන්නේ සදාචාරය පිළිබද ප්‍රශ්නයක් හැටියට.
හරි, කොහොම වුණත් ලංකාවේ අය Sex බලනවා කියලා කියනවනේ. හැබැයි Sex කරන්න තියා ඒ ගැන කතා කරන්නවත් ලංකාවේ අය කැමැති නැහැ වගේ එකක් මට දැනෙනවා. මට දැනෙන මේ අවුල ගැන ටිකක් කතා කරමු නේද?
උදාහරණයක් හැටියට අපි මෙහෙම කියමු. පේන්න තියෙන මූලික ලක්ෂණයක් තමයි කවුරු හරි කෙනෙක් වැඩිපුර sex ගැනකතා කරනවානම් එයා බොහෝවිට ක්‍රියාකාරී ලෝකේ එහෙම නැති කෙනෙක් වෙන්න ඕන කියන එක.
දැන් හිමාෂි දන්නවා ඇති ලංකාවේ අන්තර් ජාලයට පිවිසෙන අය තමන්ගේ search වල මුල හරියේ දැනුම , ඥානය, විදේශ ප්රවෘත්ති ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඇති.
ඒත් ක්‍රමානුකූලව ටික දුරක් යද්දි ඒ history එක බැලුවම තේරෙනවා මග දුරකදී pornography වලට යනවා. මුල හරියේ BBC News, හරි ප්රභාකරන්ගේ පුතාගේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. හැබැයි අගට යනකොට Site තියෙන්නේ pornography. ඒ වගේම අපි දන්නවා දැන් ඔයගොල්ලන්ගෙත් ඒ ප්‍රශ්නෙම වුණා.
ඔයගොල්ලන්ගේ Office එකේ computer වලත් pornography තිබුණා කියලා. මම කියන්නේ ලංකාවේ ඕනෑම Office එකක hard disk ගලවලා බලන්න පුළුවන්නම් ඒවායේ තියෙන්නෙත් ඕවා විතරම තමයි.
මොකද අපි එක්තරා වෙලාවකට පස්සේ කැමැති වෙන දේ තමයි pornography නිල් සිනමාව. ගොඩාක් මේවා කතා කරන අය සරලව කිව්වොත් මේවා සංවාදෙට මේවා ගේන අය ක්‍රියාවෙදි එහෙම නැහැ.
ඒ නිසා තමයි pornography කියන එක internet එකෙන් බලන්නේ. මේකේ හේතුව මේකයි. ඇත්තටම අද ගෑණියෙකුයි මිනිහෙකුයි ඇත්තට හම්බෙන එක හරි dangerous නේ මේකාලේ. ඒ ඇත්තට හම්බෙන එක dangerous කියලා කියන්නේ මෙයාගේ කෑලි තොරතුරු තරහා වුනොත් වෙන කෙනෙක් එක්ක කියන්න පුළුවන්.
යාළුවෙලා ඉන්න කාලේ කරපු දේවල් තව කෙනෙක් එක්ක කියන්න පුළුවන්. එතකොට මිනිස්සු බයයිනේ. Actual partner කෙනෙක් එක්ක sex කරනවට වඩා අපි නොහදුනන අපි වෙනුවෙන් sex කරන තැනකට යන්න පුළුවන්නම් අපිටත් ආරක්ෂාවක් තියෙනවානේ.
එතකොට අපි gap එකක් තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මම ලිංගික දේවල් වලට ඇතුල් වෙනවා නෙමෙයි මම වෙනුවෙන් නිල් සිනමාවේ නළුවෙක් හරි නිළියක් හරි ඒක කරනවා. මට තියෙන්නේ පුටුවට වෙලා වාඩිවෙලා මම වෙනුවෙන් ඒ ගන්න සතුට බෙදාගන්න. මම වෙනුවෙන් එයා සතුටුවෙනවා.
ඔය සමහරක් නාට්‍යවල තියෙන්නේ back ground music කියලා එකක්. කාගේ හරි දුකක් ආවාහම ඒ දුක ප්‍රකාශ කරන්නේ චරිතය නෙමෙයි back ground music එක. මේ වගේ පශ්චාත් නූතන යුගයක වෙලා තියෙන දේ තමයි අපි ඇත්තට විඳින්නෙ නැහැ. අපි වෙනුවෙන් අන්තර්ජාලට හරි ඒ යන්ත්‍රය හරි සතුටු වෙනවා.
ඉතින් මේක අවුලක් නේද?
ඔව්, මිනිස්සු මේවා බලන්නේ වල් හින්දා නෙමෙයි. තමන් වගේම ඇට ලේ මස් නහර වලින් හැදිච්ච අනෙකාට තියෙන බිය. එයා මොනවා කියයිද. මම අකර්මන්‍යයි කියයිද? දැන් සමහරක් ගෑණු බය නැහැනේ. ඉතින් කාටත් සුරක්ෂිත ලිංගික සබදතාවය බවට පත්වවෙලා තියෙන්නේ site එකකට ගියා clik කරලා ඉවර වෙලා කාගේ හරි ෆිල්ම් බැලුවා සතුටු වුණා.
හරි මිනිස්සුන්ගේ තියෙන ඒ මානසිකත්වය නැති කරන්න මොකක්ද කරන්න පුළුවන්.
ඒක නැති කරන්න ඕනෑනම් ඉතින් ධනවාදි ක්‍රමයට වඩා දියුණු සමාජ ක්‍රමයකට යන්න වෙනවා. මොකද මිනිසසු දුරස් වුණෙත් මිනිහෙක් තව එකෙක් දිහා පාරිභොගික භාණ්ඩයක් විදිහට බලගන්න ගත්තැයින්නේ. ඕක බිදිනවා කියන්නේ ඇත්ත පාර්ට්නර් කෙනෙක් හොයා ගන්න ඔන කියන එකනේ.
තිරයේ ඉන්න පාර්ට්නර් කෙනෙක් වෙනුවට මම මෙහෙම touch කලහම touch වෙන පාට්නර් කෙනෙක් හොයා ගන්න ඕන කියන එකනේ. ඉතින් එයාව හොයා ගන්නනම් අපිට මාකට් එක ගැන විවේචනයක් එන්න ඕන. ඒ විවේචනය ගේනකල් අපිට ආයෙම ඇත්ත පාට්නර් කෙනෙක් හම්බෙන්නේ නැහැ.
බාලවයස්කාර ළමයි ගැබ් ගන්නවා. rape වෙනවා ?
බටහිර රටවල් වල තියෙනවා casting කියලා නිල් සිනමාවෙම කොටසක්. බලන අය දන්නවා ඒක. දැන් මේක කිව්වම බලන අය දන්නෑ වගේ ඉදීවි. ඒ casting වල ඉන්නේ බොහෝ වෙලාවට අවුරුදු 18 වගේ බාල ගැහැණු ළමයි. ඒ ගැහැණු ළමයි බොහෝ අය නැගෙනහිර යුරෝපයේ. සමාජවාදය අයින් වෙලා ධනවාදයට ආපු සමාජයේ.
ඉතින් ඇහුවහම ඇයි මේවට එන්නේ කියලා ඒ අය කියන්නේ අපිට මේ සමාජයේ පිළිගැනිමක් නැහැ අන්‍යතාවයක් නැහැ කියන එක තමයි ඒ අය කියන්නේ. අපි කවුද කියන එකට ප්‍රශ්නයක්? දරුවෙක් වැඩෙන කොට සමාජයට ඒ දරුවා දෙමාපියන්ගෙන් ළග ඥාතීන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි මම කවුද කියන එක.
දෙමාපියන් උත්තර දෙනවා ඔයා මගේ පුතා. ඔයා තමයි ඉතින් මට ඉන්නේ වෙන කවුරුවත් නැ මේ ලෝකේ. මෙහෙම කියනවා. මේ උත්තරේ වැදගත්. ඒත් දැන් වෙන්නේ මොකක්ද? දෙමාපියෝ දෙන්නම වැඩ කරනවා. ඒ අය රස්සාවට ගිහින්. ළමයි බලා ගන්නේ වෙන කෙනෙක්. එයා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැ. ගුරුවරුන්ගෙන් ඇහුවත් උත්තර දෙන්නේ නැහැ. ඒහෙම නැති වුණහම වෙන්නේ අපේ අන්‍යතාවය ගොඩ නැගෙන කලාපය හිස්ව පවතිනවා. අන්න ඒ හිස්ව පවතින දේ කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි අපේ ශරීරය. එතකොට ගැහැණු ළමයි හිතනවා තමන්ගේ ශරීරය පාවිච්චි කරලා අනන්‍යතාවයක් හොයාගන්න.
ඒ නිසා නේද අද ගැහැණු ළමයි මනස දියුණු කර ගන්න උත්සහා කරන්නේ නැතුව ශරීරය හැඩ වැඩ කරන්න උත්සහා කරන්නේ.
මනුෂ්‍යා කියලා කියන්නේම මනස උසස් වූ කියන එකනේ.. ඒත් කවුද අද පොත් කියවන්න කැමැති අය ඉන්නේ. අදහස් වලින් ලෝකේ තේරුම් ගන්න කැමැති අය ඉන්නේ කවුද? අද අපේ ඇත්ත ජීවිතේ කියලා කියන්නේ මාකට් එක. අද කෙනෙක් ඔයා හරි ලස්සනයි කියලා කිව්වහම ඒකේ තියෙන්නේ අහවල් ෂැම්පු වර්ගය. එහෙමත් නැතිනම් ටී ෂර්ට් එකක්. මාකට් එක. එතකොට ඔයාට පැහැදිළිද අන්න එහෙම හිස් වෙච්ච අය මම ජීවත් වෙනවා කියලා කියන්න තමයි පච්ච කොටන්නේ, වේදනාවක් දෙන්නේ තමන්ගේ ශරීරයට. අන්න ඒ වේදනාව දැනෙන කොට එයාට හිතෙනවා මම ඉන්නවා කියලා.
පොඩි ළමයි ගැබ් ගන්නවා කියන එකටත් ඒකම තමයි උත්තරේ. තමන්ම අනන්‍යතාවයක් නැති සමාජයකදී අපි හිංසාවක් හරි පාවිච්චි කරලා ඒක ගොඩනගාගන්න උත්සහා කරනවා.
සරල උදාහරණයක් දෙන්නම්කෝ. මම ඉන්නවා මේසයක වාඩිවෙලා. ඔයා ඉන්නවා තව ටිකක් එහායින් තවත් මේසයක වාඩිවෙලා. මම ඔයා දිහා බලන්නේ නැහැ. එක්තරා වෙලාවකදී ඉවසලා ඉවසලා බැරිම තැන කඩදාසියක් ගුලි කරලා හරි මගේ ඔලුවට ගමනවා. ඒකෙන් කියැවෙන්නේ වයලන්ස් එකක් නෙමෙයි. ඒකෙන් කියන්නේ මාත් එක්ක කතා කරන්න කියලා. එතකොට ගැබ් ගැනීමක් නෙමෙයි මෙතෙන තියෙන්නේ...ආ...බලන්න මෙන්ම මෙහෙම එකක් වෙලානේ..කියලා කියලා.. ඒ ගැහැණු ළමයගේ පින්තූර පවා ප්‍රචාරය කරනවා.
දැන් ඔය නයි නළගන ඉන්නවානේ. සිහි බුද්ධිය ඇති කොයි කවුරුත් නයි නලගන ගැන කතා කරනවානේ. ඇයි එහෙම කතා කරන්නේ. මුකුත්ම නැති සමාජයක නයෙක් හරි ඇගේ දාගෙන ඉන්න කෙනෙක් ගැන කතා කලහම අපේ පාළුව තනිකම නැතිවෙනවා..
ඒකනේ මාධ්‍ය කරන්නේ මාධ්‍යකාරයෝ තමයි මේ වැඩේ නිර්මාතෘවරු. මේ හිස් කම පුපුරුවලා අලුත් සමාජයක් හදන්න නොදී නයි නලගනවල් බෙල්ල කා ගන්න දේවල් දාන්නේ මේ අයනේ.
ඔයා කියන්නේ මේ කියන්නේ ගැබ් ගැනීම් මේ හැම කාරණයක්ම සිදුවන්නේ තමන් කෙරෙහි අවධානය දිනා ගැනිමේ ප්‍රතිඵලයක් විදිහටද?
ඔව් අපි ගැන කිසිකෙනෙක් කතා කරන්නේ නැත්නම් කවුරුහරි පාරේ යනකොට ප්‍රසිද්ධ ස්ථනයකට ගලක් ගහනවා. පොලිසියෙන් ඒ මනුස්සයව අල්ලගෙන යනවා. නැත්තම් පාරේ මිනිස්සු එකතු වෙලා ඒ මිනිහට ගහනවා.. එතකොට පත්තරේක දානවා..දෙයියෝ සාක්කි. මෙන්ම මේ අහවල් තැනට ගලක් ගහලා කියලා. අන්න එතකොට පිස්සෙක් විදිහට හරි හොරෙක් විදිහට හරි අන්‍යතාවයක් තියෙවනානේ.
දැන් මට සතුටුයි.. හැම තැනම නිවුස් ගියා..ෂාහ් මම දැන් ජීවත් වෙනවා.
හරි, මම ආපහු මගේ පරණ ප්‍රශ්නයටම ආවොත් මේ බාලවයස්කාර ළමයි ඔය කියන විදිහට ආකර්ශනටය දිනා ගන්න හරි මොකක් හරි නිසා ගැබ් ගන්නවා..දූෂණයට ලක්වෙනවා. ඉතින් මේ අර්බුධයට උත්තරයක් විසදුමක් නැද්ද?
ඒකට ආයෙම පරමාදර්ශ හදන්න වෙයි. මොකද අපි ඉන්න මේ සාම්ප්‍රදායික සමාජයක්. පරමාදර්ශය කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. වෙද මහත්තයා. බුද්ධිමතා ඉස්කෝලේ මහත්තා ඔය කට්ටියනේ.
දැන් මොකක්ද ඒගොල්ලෝ කරමින් ඉන්නේ. පරමාදර්ශදාලා ඒ අය හෙළුවෙන් දුවනවා. හෙළුවෙන් දුවන කොට පරමාදර්ශ නැහැ. ආයෙම ඇහුවොත් ඔයා ඒකට විසදුම කියලා මොකක්ද කියලා මට කියන්න තියෙන්නේ යළි පරමාදර්ශ හැදීම කියලා.
පරමාදර්ශ නැවත හදනවා කියන්නේ ඒක දේශපාලන ප්‍රශ්නයක්.
talkකළේ - හිමාෂි කරුණාරත්න
photoකාරයා - අජිත් සෙනෙවිරත්න