රත්තරං;19461542 said:
මගේ එකත් ඒ අතින් සෝයි... මල පැන්නහම පතරංග ජාතකේ වගේ SMS එවනවා එහා කාමරේ ඉදන් මෙහා කාමරේට
"ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න. මම එන්නෑ.."
ඔන්න ඔහොම SMS තමා ටයිප් කරලා එවන්නේ. අව්ලක් නෑ මම ඕක උඩින් පල්ලෙන් කියවන්නේ මෙන්න මෙහෙම
"ඔයා මට ආදරේ නෑ. මම මෙච්චර දෙවල් කරලත් අගයක් නෑ. අද මගේ අතින්මයි බත් ඉව්වෙත්. නිකමටවත් කාලා රසයි කිව්වෙවත් නෑ. පොඩි දෙයක් උනත් බනින්න විතරයි දන්නේ. පොඩ්ඩ බැරි උනොත් අඩියක් පොලේ ගහලා කෑ ගහන්නේ. කවද හරි මටත් ගහල පන්නයි. මම මහ අවාසනාවන්ත කෙල්ලෙල්. දැන් නිදාගන්න... මම එන්නෑ.."
ඔයා කාලා පොඩි අඩියක් ගහලා නිදාගන්න....
ඉතින් මම සුන් ගාලා බත් කාලා 200ක් නමලා නිදාගන්නේ. පහුවෙනිදා උදේට එන්නේ SMS එකක් නෙමේ ඊමේල් එකක්.. ඒකත් කියවන්නේ ඔහොමම තමා
ඔන්න මගේ සාර්තක පවුල් ජීවිතේ රහස![]()




ඇනස්ලි බර්ටි පරාදයි යකෝ







