තව දෙයක්
අනික මචන් තව දෙයක් කියන්ඩ ඕනි.මේක මට වෙච්ච දෙයක්. මම ඔය වගේ කෙල්ලෙකුට ට්‍රය් කරා ඒකිගේ ගෙදර අයයි අපේ ගෙදර අයයි අදුරනවා. ගෙවල් එක ලග,කෙල්ලත් ඔය උබට වගේම මටත් ලකුණු දුන්නා මමත් ඉතින් ෆුල් ට්‍රය් එකී වැඩකරන තැනට ගිහින් හවසට කාර් එකේ ඒකිව එක්ක එනවා ඒ තරමට හිතවත්.. කොල්ලෙක් ඉන්නවද ඔක්කොම මම හොයල බැලුවා අහු උනේ නෑ උබ හිතපන් කෙල්ලව හවසට ගිහින් එක්ක එන්ඩ තරම් හිතවත්නම්..එකී මාත් එක්ක කාර් එකෙත් එනවනම් කැමතිද අහන එක මොන කජ්ජක්ද කියල උබට හිතෙයි.මමත් හිතුවා කොල්ලෙක් ඉන්නවනම් මෙකි මාත් එක්ක කාර් එකේ එයිද.. කියලා. අන්තිමට මම කෙලින්ම ඇහුවා එතකොට මෙකි කියපි පොඩිකාලේ ඉදන් යාළුවෙච්ච කොල්ලෙක් ඉන්නවලු එක ගැන ගෙදරටවත් කියල නැතිලු.හොරෙන්ලු කරන්නේ.මාත් එක්ක මේ විදියට කාර් එකේ යන්න එහෙම ආවේ හිතවත්කමටලු.ඔන්න දැනගනින් කෙල්ලොන්ගේ හැටි.