මචන් මම පහුගිය අවුරුද්දේ උන සිද්ධියක් මචන්ලා.
මේකයි සිද්දිය
මම ගිය අවුරුද්දේ අලුතතෙන් ජොබ් ට්‍රේනින් එකකට ගියා. මාත් එකක් තව සෙට් එකක් හිටියා. එතනින් ගෑණු ලමයෙක් හිටියා. එයා තමා ඉස්සරහ සිද්දියට මූලික වෙන්නේ. කොහොම හරි මුලින්ම එහෙම විශේෂ යාලුකමක් තිබ්බේ නෑ. සෙට් එකේ නිසා කතා බහ කලා විතරයි. පස්සේ වැඩ කරන් යද්දි නිතරම එයා එක්ක වැඩ කරන්න වෙන නිසා ෆෝන් නම්බර් එහෙමත් දුන්නා එයාට පස්සේ ඒ ගෑනු ලමයගේ ලැප් එකේ කී බෝඩ් එකේ අවුලක් ඇවිල්ලා මම දන්න කෙනෙක්ට කියලා ඉක්මනට හදලා දුන්නා. එහෙම ටික දවසක් යද්දි එයා මාත් එක්ක ෆිට් උනා තවත්.
පස්සේ මගේ විස්තර එහෙමත් අහද්දි මට කෙල්ලෙක් නෑ කිව්වම එයාටත් කවුරුත් නෑ කිව්වා. පස්සේ මට දැනුනා මට මෙයා කැමැත්තෙන් ඉන්න බව. කතාව දිග වෙන නිසා කෙටියෙන් කියන්නම්. පස්සේ මෙයාව මට සෙට් උනා. ටික කාලයක් හොදින් ගෙවිලා ගියා කාලය. ඒත් පස්සේ මට සැකයක් ආවා මෙයා වෙනදට වඩා ඔන්ලයින් ඉන්නවා. ඇහුවම එක එක උත්තර දෙනවා . ඒත් මම ලොකුවට හිතුවේ නෑ.
ටික දවසකට පස්සේ අපේ ඔෆිස් එක ගාවට කවුද කොල්ලෙක් ඇවිත් මාව අහලා විස්තර අහලා ගිහිල්ලා. මම එදා ෆීල්ඩ් එකේ වැඩ වලට එලියට ගිහින්. ආවම සිද්දිය කිව්වා හිටුපු අය. මම හිතුවේ මොකක් හරි වැඩකට මාව හොයලා කියලා. මම කෙල්ලට කිව්වම එයා ඒ ගැන ඇහුවා දිගට. මොන වගේ කෙනෙක්ද අනන්මනං. මට වෙනසක් පෙනුනේ නෑ ඒත්.
පහුවෙනදා වෙනදට වඩා කතාබහ අඩු උනා. ඊට දවස් කිහිපයකට පස්සේ කෙල්ල කියනවා අපි මේ සම්බන්ධය නවත්තමු ගෙදරින් කැමති නෑ කියලා. මමත් අහගෙන හිටියා කියන දේවල්. යන්න හදන අය තියා ගන්න බැරි නිසා සම්බන්ධය නැවැත්තුවා.
පස්සේ මම වටෙන් හොයලා බලපුවම මාව එදා හොයන් ඇවිල්ලා තියෙන්නේ කෙල්ලගේ කලින් කොල්ලා. කෙල්ල මට කලින් කොල්ලෙක් ගැන කිව්වේ නැ. ඒත් සිද්දිය අවුල් වෙලා අහු වෙන නිසා එයා ඊට කලින් සම්බණ්දය නැවැත්තුවා. ඒ කොල්ලා ඇත්තටම මට වඩා ලස්සන, වාහනයක් තියෙන, ජොබ් එකත් මට වඩා හොද එකෙක්. මට හිතා ගන්න බෑ ඇයි ඒ කෙල්ල ඌ ඉන්නකොට මටත් කැමති උනේ කියලා. මම ලොකුවට ඔලුවට ගත්තේ නැති නිසා මට අවුලක් උනේ නෑ.
උන් දෙන්නා ආපහු සෙට් වෙලා ඉන්නවලු දැනුත්. ඒත් ඒ ගැන ඒකී කියන්නේ නැ.
පස්සේ මම සිද්දිය දන්න බව ඒකිට දැනුනට පස්සේ අවුලෙන් හිටියා . ඒත් එකට වැඩ කරන නිසා හිනා වෙලා කතා බහ කරල ඉන්නවා. මට ගානක් නෑ. ඒත් මම වෙන කෙල්ලො එක්ක කතා කරනවට ඒකි කැමති නෑ කියලා තේරෙනවා මූඩ් එකෙන්. මට උදේට කෑමත් ගෙනල්ලා දෙනවා සමහර දවසට.
කෙල්ලො නම් අමුතු ජාතියක් බන්... උබලට වෙලා නැද්ද මචන් මෙහෙම සිද්ධි

.