කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවේ කොහොමද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    ඔය කියන විදිහට උඹත් නිකන් රන්ජන් වගේ. රටේම ගෑනු උඹේ යාලුවෝ :lol:

    රන්ජන් කියන්නේ බඩු ඩීලර් කෙනෙක් බන්. :lol:
    නටබුන් වෙලා තියෙන ඒවා එලියට අරන් හොදට මොඩිෆයි කරලා ඇගේ පතේ දෑතේ වීරීයෙන් , පස්සේ බෙදා හරින් එක ඌ කරන්නේ. :lol:
    බලපන්කෝ උගේ පෙනුම හරකෙක් :lol: වගේ උනාට වැඩ සිංහයෙක් වගේනේ. :love2:


    අපි වගේ මල් වගේ ලමයි ගැන ඔහොම හිතන්න එපා බන් ආයේ.. :lol:
     
    • Haha
    Reactions: shadow134

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Yes 5i No 3කුයි ඇති කෙල්ලෙක් දා ගන්න....
    සිංදුවක් මිතුරේ 😊😁
     
    • Haha
    Reactions: Rahula Kasun

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    මගේ විදිහට ට්‍රයි කරපන් මචන්. කිසි වියදමක් යන්නේ නෑ ගෙදර ඉදන් පාර්ට් ටයිම් ජොබ් එකක් වගේ කරගෙන යන්න පුලුවන්. :lol:
    ලස්සන කැත අදාලම නෑ. :yes:
    උබ කොච්චර කැත උනත් උබ මාසය්ක් තුල කෙල්ලගේ හිත ඇතුලටම කිදා බැහැලා හිටියොත්
    උබලා හමුවෙන දවසට ඒකීට උබේ ආදරේ මිසක් ලස්සන කැතක් පේන්නේ නෑ.. :yes:

    ඒක මොලෙන් ගහන්න ඕනී ගේම් ඒකක්.:love:

    මට කෙල්ලෝ සෙට් වෙනවා. :love2:
    මට හිතෙන්නේ නෑ බන් කාවවත් රවට්ටන්න ගිහින් මීට් වෙලා. :baffled:
    ඒ නිසා ඔක්කොම යාලුවෝ විදිහට තියන් ඉන්නවා..
    හමුවෙලා තියෙන සමහර අයත් යාලුවෝ විදිහට ඉන්නවා. ;)
    ඒකත් නරක නෑ..
    Mask dan iddi keli talk karanne khmda bn. Corona nisa malliwa alut walakatawat obaganna widiyak ne bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    Mask dan iddi keli talk karanne khmda bn. Corona nisa malliwa alut walakatawat obaganna widiyak ne bn
    ඇයි බන් ඔය මාස්ක් එක නිසාම අදුරන්නේ නැති උන්ව වැරදිලා අදුරගෙන වගේ කතා කරන්න පුලුවන් හේතුවක් හදාගන්න පුලුවන් නේ. :rofl: :lol:
    මාස්ක් එක නිසා වෙන කෙනක් කියලා හිතල දකින දකින උන් එක්ක කතා කරපං..
     
    • Haha
    Reactions: inspiron and ACHIK

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    අපේ ගමෙන් යන ඔය ගලලා ටවුමට යන්න බෑ පාලම උඩින් වතුර දානවා. කොල්ලෝ ටික පාලම දෙපැත්තේ ලනුවක් බැදලා. ඒන පොඩි උන් තව තනියම ඒගොඩ වෙන්න බය අයව අල්ලගන ඒගොඩට මෙගොඩට ඒක්ක යනවා. දනිස්ස හරියට වගේ වතුර. අවුරුද්දක් විතර ටෝක් කරලා ටෝක් කරලා බෑම කියන කෙල්ලක් උන්නා. ඒ්කිත් ඒගොඩ වෙන්න ඇවිත් හිටියා. ඒ්කිගේ බෑග් ඒකත් අල්ලන් ඒ්කිවත් අල්ලන් පාලම මැද්දට ගියා. ගිහින් පාලම මැද්දේ ඉදන් ඇහුවා දැං ඔයා මොකද කියන්නේ. බෑ කීවොත් ඒහෙම මම ලනුව අතාරිනවා දෙන්නම ගහගන යන්න කියලා. -_- ඊට පස්සේ හා කීවා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    අපේ ගමෙන් යන ඔය ගලලා ටවුමට යන්න බෑ පාලම උඩින් වතුර දානවා. කොල්ලෝ ටික පාලම දෙපැත්තේ ලනුවක් බැදලා. ඒන පොඩි උන් තව තනියම ඒගොඩ වෙන්න බය අයව අල්ලගන ඒගොඩට මෙගොඩට ඒක්ක යනවා. දනිස්ස හරියට වගේ වතුර. අවුරුද්දක් විතර ටෝක් කරලා ටෝක් කරලා බෑම කියන කෙල්ලක් උන්නා. ඒ්කිත් ඒගොඩ වෙන්න ඇවිත් හිටියා. ඒ්කිගේ බෑග් ඒකත් අල්ලන් ඒ්කිවත් අල්ලන් පාලම මැද්දට ගියා. ගිහින් පාලම මැද්දේ ඉදන් ඇහුවා දැං ඔයා මොකද කියන්නේ. බෑ කීවොත් ඒහෙම මම ලනුව අතාරිනවා දෙන්නම ගහගන යන්න කියලා. -_- ඊට පස්සේ හා කීවා.
    wtf hutto
     
    • Haha
    Reactions: Rahula Kasun

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    ඇයි බන් ඔය මාස්ක් එක නිසාම අදුරන්නේ නැති උන්ව වැරදිලා අදුරගෙන වගේ කතා කරන්න පුලුවන් හේතුවක් හදාගන්න පුලුවන් නේ. :rofl: :lol:
    මාස්ක් එක නිසා වෙන කෙනක් කියලා හිතල දකින දකින උන් එක්ක කතා කරපං..
    Ow hebei kata pennahne bn kata karaddi
    Wede awl yaida kiala bayakut tino
    Muna pewnanam confident
     
    • Like
    Reactions: dilann

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    Adurnnti kellek direct talk krgnna trm hayyk na a nisa kellekge number eka pannala msg krna eka tmi method ek. hbi eka ptta easy me prashna 3 pannagttoth :rolleyes:
    1. who r u
    2. khmda mawa dnne
    3. number eka khenda
     
    • Love
    Reactions: Prime HD
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    අනේ මන්ද බං, මගෙ අත්දැකීම නම් අපි හෙන කාලයක් කොල්ලයි කෙල්ලයි විදිහට ආශ්‍රය කලා හැබැයි මම කෙල්ලගෙන් වත් කෙල්ල මගෙන් වත් අහල තිබ්බෙ නෑ. කාලයක් ගිහිනුයි අපිට ඒක මීටර් උනෙත්. මට හිතෙන විදිහට අහන්න හදිස්සි වෙන්න එපා. උබ පොඩ්ඩ පොඩ්ඩ ක්‍රියාවෙන් සමීපතමයෙක් වෙයන්. ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලයත් එක්ක කරන්න ඕන දෙයක්, කොහොම හරි අහන දවස වෙනකොට, "ඕක අහන්නත් දෙයක්ද" කියල හිතෙන තැනට පත් කරගනින්.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    අනේ මන්ද බං, මගෙ අත්දැකීම නම් අපි හෙන කාලයක් කොල්ලයි කෙල්ලයි විදිහට ආශ්‍රය කලා හැබැයි මම කෙල්ලගෙන් වත් කෙල්ල මගෙන් වත් අහල තිබ්බෙ නෑ. කාලයක් ගිහිනුයි අපිට ඒක මීටර් උනෙත්. මට හිතෙන විදිහට අහන්න හදිස්සි වෙන්න එපා. උබ පොඩ්ඩ පොඩ්ඩ ක්‍රියාවෙන් සමීපතමයෙක් වෙයන්. ඒක පොඩ්ඩ පොඩ්ඩ කාලයත් එක්ක කරන්න ඕන දෙයක්, කොහොම හරි අහන දවස වෙනකොට, "ඕක අහන්නත් දෙයක්ද" කියල හිතෙන තැනට පත් කරගනින්.
    කොහොමද එහෙම කාලයක් ගිහිල්ලා කෙල්ල කිව්වොත් කොල්ලෙක් ඉන්නවා කියලා
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    කොහොමද එහෙම කාලයක් ගිහිල්ලා කෙල්ල කිව්වොත් කොල්ලෙක් ඉන්නවා කියලා

    ඇත්තටම කෙල්ලට කොල්ලෙක් ඉන්නව නම් උඹ background එක හරියට study කරලා නෑ. කොල්ලෙක් නැතිව කෙල්ල "කොල්ලෙක් ඉන්නව" කියක කියනව නම් උඹ close වෙලා මදි.
    මේකෙ අහන්නෙ "කෙල්ලගෙන් ඇහුවෙ කොහොමද" කියන එක නිසයි මම කෙටි උත්තරයක් දුන්නෙ. ඇත්තටම බදින්න (ජීවන සහකාරියව ) නම් හොයන්නෙ තව study කරන්න දේවල් තියෙනවා.
    අපි බැදලා දැන් අවුරුදු 8ක්. මට ජීවිතෙ සිද්ධ උන හොදම දේ තමයි මගෙ වයිෆ් මගෙ ජීවිතේට හම්බ උන එක. Anyway මම මෙතන කමෙන්ට් කරන්න වයස වැඩිද දන්නෙ නෑ. randomly දැකලා comment කලෙ. නැතනම් ඇත්තටම මම මේවා කියවන එක විතරයි කරන්නෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    මට ජීවිතෙ සිද්ධ උන හොදම දේ තමයි මගෙ වයිෆ් මගෙ ජීවිතේට හම්බ උන එක.
    ගෑණියෙක් කරගහගත්ත එක තමයි උඹේ ජීවිතේ වෙච්ච හොඳම දේ? එහෙනම් ඉතින් නරකම දේගැන කතා නොකර ඉමු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ෆේස්බුක් එකට ගියා රික්වෙස්ට් එක දැම්මා :lol:
    මැසේන්ජර් ඕපන් කරා චැට් කරා :lol:
    මුලින් කඩ්ඩෙන් කොටලා ඊලගට සිංහලෙන්
    ඊට පස්සේ ඉදන් දිගටම සිංහල :lol:
    පිරිමි මායවන් සෙට් එකම දානවා වචන මාලාවකින් ප්‍රශ්න වැලක් හා ජිවීතයකට ගත හැකි මාර්ගෝපදේශය සමූහයක් ලෙස :ROFLMAO:
    ඊට පස්සේ කෙල්ලව ගයිඩ් කරනවා යාලුවෙක් මිතුරෙක් සහෝදරයෙක් පවුලේ කෙනෙක් ලෙස
    ඊට පස්සේ කෙලින්ම වට්සැප් එකට පියමන් කරනවා :lol:
    එතනින් වල් පල් ගොඩක් ඇදබානවා ගොසිප්ස් විදිහට
    ඊට පස්සේ ආදරවන්තයෙක් සතු ගුනාංග ටික පහදලා දීලා අපේ පැත්තට නම්ම ගන්නවා.
    අන්තිමට කුරුලු ජෝඩූවක් වෙනවා :love:
    පස්සේ බිත්තර දාන තත්වෙට හදලා ගන්නව පිලිවෙලක් උනොත් :D
    මේක වෙන්නේ කෙල්ලව හැබැහින් දැකල කතා කරලා තියෙන තත්වෙකදී ද?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :D ලස්සන මතක..
    මෙහෙමයි.. SLIIT ඉන්දෙද්දි 1st year එකේදි fedora දාගන්න ඕන වෙනව lap එකට programming පටන් ගන්න නිසා. ඉතින් සෙට් එකෙන්ම මමයි මගේ යාලුවො දෙතුන් දෙනයි විතරයි ඕක මුලදි හරියට දැම්මෙ dual boot විදියට :lol: මොකෝ පොඩ්ඩක් හරි එහාට මෙහාට වුනොත් windowsනුත් boot වෙන්නෙ නැතුව ගිහින් කෙල්ලො ගොඩකගෙ lap මුල ඉදන්ආයෙ os ගහන්න සෙට් වෙලා තිබ්බා වෙන උන් වගයක් ඕක කරන්න ගිහින් :lol:
    :D ඉතින් මමයි මගේ සගයො ටිකයි batch එකේ කෙල්ලොන්ගෙ අතරෙ ප්‍රසිද්ද වුනා ටෙක් ඩෑල් සෙට් එක විදියට :lol::lol:
    ඉතින් අපි සෙට් එක එකටමයි හිටියෙ cource එක පටන් ගත්ත දවසෙ ඉදන්. ඉතින් කෙල්ලො එනව අපිව හොයාගෙන linux os එකක් දාල දෙන්න අනේ පනේ කිය කිය :lol:
    ඔහොම යද්දි........... සෙමෙස්ටර් එක මැදදි කොල්ලුපිටි එකෙන් ආවා කෙල්ලො දෙන්නෙක් මාතර SLIIT batch එකට මාරු වෙලා.. general batch එකයි june intake එකයි කියල දෙකක්, ඕකෙ june එකේ ඩබලක් ආවෙ අපේ එකට. :D කෙල්ලගෙනම් ලොකුවට ලස්සනක් නෑ, හැබැයි මට ලස්සනයි. ඉතින්...
    මං යාලුවට සීන් එක කියල රබර් ඇහැ දාගෙන හිටියෙ ඒකි ආපු දවසෙ ඉදන් :D යාලුවනම් වැඩේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ කෙල්ල කලුයි මට ගැලපෙන්නෑ කියල :lol:

    ඉතින් කොහොමෙන් කොහොම හරි
    මුන් දෙන්නටත් fedora දාගන්න ඕන වෙලා මගේ යාලුවට තමා සම්බන්දීකරනය වෙලා තිබ්බෙ :D ඉතින් මූ මට හැරෙන තැපෑලෙන් ටෙක්ස් එකක් දාල කිවුව "අන්න උබේ වයිපරේ fedora දාල ඉල්ලනව මොකද කරන්නෙ ගේමක් ගහමුද කියල :lol:" කැරියා අදටත් මගේ හැම මගුලටම ඉන්නව එදා වගේම ලගින්....:love:

    :D ඉතින් මමයි ඌයි කතා වෙලා, ඒකිටයි ඒකිගෙ යාලුවටයි ලැප් දෙක අරන් එන්න කියල මගේ යාලුව fedora දානවා, කෙල්ලො දෙන්නා ලගට වෙලා බලන් ඉන්නවා, මං library එකට වෙලා ඉන්නව මිශන් එකේ මැදදි script එකට අනූව fedora දැම්මට පස්සේ boot screen එක load වෙන්න නැතුව අමාරුවෙ වැටෙන සීන් එකක් තමයි ඌයි මමයි plan කරල තිබ්බෙ :lol: ඊට පස්සෙ ඌ කෙල්ලො දෙන්නගෙ ඉස්සරහම මට කෝල් එකක් දීල උදවු ඉල්ලනව, මං ගිහින් හෙනම ගේමක් දීල boot loader එක ෆික්ස් කරල දෙන මෙගා නාටකේ තමයි ඌයි මමයි කතාකරගෙන කරේ :lol::rofl: එදා සීන් එක අදවගේ මතකයි තාමත්...

    :lol: කතා කරගත්තු විදියට යාලුව fedora දල ඉවරයි. හැබැයි boot loader එක අවුල්, ඉතින් කෙල්ලො දෙන්නත් බය වෙලා අනේ මේ යකා අපේ ලැප්ස් කෑවා වගේ සීන් එකේ ඉන්නෙ, එතකොටම මගේ සගයා මට කතා කරා, මචන් මෙහෙම සීන් එකක්, කවදාවත් වෙලා නෑ, ලොකු අවුලක්, පොඩ්ඩක් වරෙන්කො කෙල්ලෙක්ගෙ ලැප් එකක් boot වෙන්නෑ අනම්මනම් බයිලා ටික මූ දැන් හෙනම සීන් එකෙන් කියනව කෙල්ලො දෙන්නට ඇහෙන්න:lol::lol: මමත් ගියා කඩාගෙන... ගිහින් බැලුව මොකද සීන් එක, අරම වුනාද මෙහෙම වුනාද, ලිනක්ස් ඩිස්ට්‍රෝ එක අන් ටච් එකක්ද අනම්මනම් සැරම වචන සෙට් එකක් දාල අරූයි මමයි කෙල්ලො ෆුල් මවිතියට පත් කරල boot loader එක fixed කරල easybcd වලින් fedora එකටත් boot menu එකක් setup කරල කැරිම ගේමක් දුන්න වගේ වැඩේ ගොඩ දාල දුන්නා :lol::lol::D කෙල්ලන්ටත් හැපී.. මටත් හැපී යාලුවටත් සැරටම හැපී. :lol:

    එතනින් එහෙම මෙහෙම ඒකි එක්ක ෆිට් එක වැඩි වුනා ඒකිගෙයි මගෙයි, මට maths කියල දෙනව ඒකි, මම ලැප් එකේ අවුල් හදල දෙනව ඒකිගෙ.:D එහෙම එහෙම හෙමි හෙමින් ඉගෙන ගන්න සීන් එකෙන් වැඩේ ගොඩදාගත්තා.