මෙහෙමයි එහෙම එක පාරටම කිසිම කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ චිත්‍ර පටිවල වගේ දැක්ක ගමන්. දැක්ක ගමන් හිත ගියත් ඉදිරිපත් වෙන්නේ නෑ ගොඩක් කෙල්ලෝ තමන්ගේ හැගීම් ප්‍රකාශ කරන්න මොකද ලංකාවේ වගේ රටක එහෙම කියන්න ගියොත් දේශප්‍රේමීන් ටික මේ කෙල්ලොන්ව බඩු කියලා හංවඩු ගහන නිසා එතකොට පාරේ ගිහිල්ලත් ඉවරයි, එහෙම නැත්නම් අර කොල්ලා මේ කියන කෙල්ලව බඩුවක් කියලා හිතලා තමන්ගේ වාසියට පාවිච්චි කරලා විසි කරන්නත් බැරි නෑ. ලංකාවේ වගේ රටක කන්‍යා පටලය බලන ග්‍රෝතික මානසික මට්ටමක් තවමත් තියෙන නිසා එතකොට මේ කියන කෙල්ලට වෙන කොල්ලෙක් එක්කත් යන්න බැරි වෙනවා. ඉතින් මේ තත්වය නිසා කෙල්ලොන්ට දැඩි පීඩනයක් එනවා ඉතින් ඒ පීඩනය නිසා කෙල්ලොන්ට වෙනවා එක පාරක් නෙවෙයි 100 පාරක් හිතන්න කොල්ලෙක් එක්ක යාළු වෙන්න කලින්. එහෙම හිතන්නේ නැති අයත් ඉන්නවා නමුත් එහෙම හිතන්නේ නැති අයට අන්තිමට සමජයේ දැඩි ගැරහුම් වලට ලක්වෙලා නතර වෙන්නයි වෙන්නේ.
කොහොම හරි ,මුලින්ම යාළුවෙක් වශයෙන් කෙල්ලෙක්ව ආශ්‍රය කරලා බලන්න ඊට පස්සේ අදුන ගන්න කථා කරලා ටිකක් හොදට ඊට පස්සේ දෙන්නට දෙන්නා ගැලපෙනවා වගේ කියලා හිතනවා නම් අහලා බලන්න. අන්න ඒ විදියටයි අනුක්‍රමණයෙන් යන්න ඕනේ. එහෙම නැතුව එකපාරටම මට කැමතිද කියලා අහඹු ලෙස මිනිස්සුන්ගෙන් අහලා කැමත්ත ගන්න බෑ ඒ ක්‍රමය බටහිර හරි ගියත් ලංකාවේ හරි යන්නේ නෑ මොකද සංස්කෘතික රාමුව අස්සේ ගොඩක් මිනිස්සු හැංගිලා ඉන්නේ ඉතින් මිනිස්සුන්ගේ insecurity ගතිය වැඩියි. හැම තිස්සෙම අනෙකා දිහා සැකෙන් බලන්නේ ඒකට සමාජයත් හරිනම් වගකියන්න ඕනේ.
Internet එකේ වැඩි පුර ඉන්න නිසා ඕනේ නම් විදේශ රටක කෙල්ලෙක්ට වුනත් උත්සහා කරලා බලන්න පුලුවන්. නමුත් ඒකට English දැනගන්න එක වටිනවා අඩුම තරමේ වත්. මම දන්න යාළුවෙක් ඉන්නවා මධ්‍ය ප්‍රදේශ් වල ඉන්දියාවේ. එයාට අනුව ඒ පැත්තේ ඕන තරම් Single කෙල්ලෝ ඉන්නවලු. ඒ වගේම තමයි Latvia, Bela Russia, Philippine , South Korea, Brazil , Japan මේ වගේ රටවල වුනත් කෙනෙක් හොයාගන්න අමාරු නෑ ටිකක් උත්සහා කරොත්. මෙතනිනුත් ඉන්දියාවේ ,පීලිපීනයේ, ඉන්දුනීසියාවේ (මුස්ලිම් අයට පමණයි අනෙක් අයට අමාරු වෙන්න පුලුවන්) සහා ලතින් ඇමරිකාවේ රටවල (පේරු, බ්‍රසීලය, ආජර්ටිනාව) කෙල්ලෝ හොයාගන්න ලේසියි ලංකාවේ අයට මොකද දුඹුරු හමට මේ රටවල අය ගොඩක් කැමති නිසා. නමුත් ලතින් රටවල කෙල්ලෙක් හොයාගන්න ඕනේ නම් ලේසියෙන්ම ප්‍රතිග්‍රීසි සහා ස්ප්ඥ්ඥ භාෂාව දැනගන්න ඉන්න එක වටිනවා. අඩුම තරමේ ප්‍රතිග්‍රීසි භාෂාව වත් දන්නවා නම් වැඩේ ලේසි වේ මොකද ලතින් ඇමරිකාවේ ගොඩක් භාවිතා වෙන්නේ ප්‍රතිග්‍රීසි භාෂාව නිසා.
නමුත් මේ මොක කරන්නත් මුලින්ම Job එකක් තියෙන්න ඕනේ හොද අදයමක් සමග. ඒක නිසා තමන්ගේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගෙන ඉන්න විවාහ ජීවිතයක් ගැන හිතන්න කලින් නැත්නම් වෙන්නේ තමන්ට හම්බ වෙච්ච කෙනා දාලා යන තැනට වැඩ
සිද්ධ වෙන එකයි මොකද අද කාලේ ලූනු බතුයි කාලා පවුල් ගෙනියන බයිලා හරියන්නේ නෑ.