සවර්මා අයියාහ්.......................

(විහිලුවට හොදෙ..)
රිප්ලයි කොටන්න කම්මැලි උනත් මේකට කෙල්ලෙක් විදියට උත්තරයක් දෙන්නම්...
එත් ඉස්සල්ලාම තෙරුම් ගන්න මම කියන්නෙ දෙපැත්තෙම එ කියන්නෙ කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම වැරදි මට පෙන විදියට හොදෙ...
1.කෙල්ලො කැමති කෙලින් අහන කොල්ලන්ට..දැන් ඉන්න ටික්ටොක් කෙල්ලො ගැන නෙවෙයි හොදෙ කියන්නෙ..පොලවෙ පය ගහලා ඉන්න එවුන්..දැන් මගෙන් අහන්න එපා උන් කොහෙද ඉන්නෙ කියලා..හැබැයි ක්ලාස් වල fb එකෙ එහෙම නම් උන් ඉන්නවා ද කියලා මම විස්වාස කරන්නෙ නැ...
2.කෙල්ලෙක් ගෙ අහවල් එක නලලෙ තියලා තියෙන්නෙ කොල්ලොම තමා..කෙල්ලෙක් හිනාවෙලා කතා කල ගමන් එකි බඩුවක් ය..එකි ලැහැස්ති ඔනිම දෙකට කියලා එකිව ලෙබල් කරන්නෙ කොල්ලොම තමා..ඉතින් කෙල්ලෙක් විදියට එකි නැති ලොකු කමක් ඔලුවට අරන් ඉන්නවා..කොල්ලෙක් ට අත උස්සන එකට නම් මම කැමති නැ..එත් කෙල්ලෙක් ට කරදර කරන්න උත්සාහ කරන එකෙක්ට නම් සෙරෙප්පුව තමා ගන්න ඔනි..
3.කොල්ලො ඉන්නෙ කෙල්ලන්ට තමා..එ වගෙම කෙල්ලො ඉන්නෙත් කොල්ලන්ට..කෙල්ලො කියන්නත් මේ ලොකෙ වාසය කරන ජිවින් පිරිසක් මිස පිටසකවලින් ආපු උන් නෙවෙයි..කෙල්ලෙක් කොට සායක් ඇදගෙන පයින් ගියාම එක පොටො ගහලා ලග තියාගෙන ඉන්න මානසිකත්වය වෙනස් කරගන්න..
4.සංස්කෘතිය රැදෙන්නෙ කෙල්ලෙක්ගෙ ඇදුමෙ දිග පලලින් නෙවෙයි,එක ඇදුමක් විතරයි,එකිගෙ චරිතය ගැන දෙන සහතියක් නෙවෙයි කියන එක මත..
5.මම මේක කලිනුත් කිවිවා..කොල්ලො කොල්ලො සෙට් උනාම එකිනෙකා එක්ක කත බහ කරනවා.හිනා වෙනවා..එත් කෙල්ලෙක් කොල්ලො රැනක් එක්ක කතා බහ කරන කොට එකි හැමොගෙම සුරතලි කියලා ලෙබල් කරනවා...මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා fb එකෙ හැම එකා එක්කම කතා කරන කෙල්ලෙක් නොවි තමන්ගෙ මිනිහා/කොල්ලා එක්ක විතරක් හුරතල් වෙයං කියලා තියෙන..මේතන තව දෙයක් තියෙනවා..කෙල්ලෙක් හිනාවෙලා කතා කරන එක හුරතල් විමක් නෙවෙයි..ඉස්සල්ලාම කෙල්ලන්ටත් සාමාන්‍යය යාලුවෙක් විදියට කතා කරන්න..උබ බං බොලං කියලා..යමන් අඩියක් ගහන්න වගෙ එවා නෙවෙයි..සාමාන්‍යයෙන් අපි ටිකක් දන්න අදුනන කෙනෙක්ට වගෙ...
තව කොටන්න නම් පුළුවන්..එත් මහන්සි..පුළුවන් විදියට රිප්ලයි තියන්නම්...
එත් එක දෙයක් හොදට මතක තියාගන්න..
"කෙල්ලන්ගෙ අහවල් එක නලලෙ නම් තියෙන්නෙ,එක එතන තියලා තියෙන්නෙත් කොල්ලන් විසින්මයි.."