පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා.

දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
කමක් නෑ කියලා යන්න කිව්වා.
මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ.
එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා.
මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.
“පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”